Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

දැන් අපි මොකද කරන්න ඕන?

නීති රාමු, සංකල්ප, දේශපාලන විද්‍යා කෝන ඔස්සේ අද රටේ පවතින තත්වයට විසඳුම් යෝජනා කරනවා බොහෝ දෙනා. ඒවා දෙස බලන විට, ඔවුන් ගතානුගතික හෝ තමන්ගේ සැඟවුනු දේශපාලන බල තන්හාව මුල් කරගෙන සිටින බව පැහැදිලියි. 

අවශ්‍යයෙන්ම උසස් සංකල්ප, දියුනු දේශපාලන භාවිතාවන්, ගැඹුරු ආර්ථික සැලසුම් හා ඒ ඔස්සේ ප්‍රමුඛතා පදනම මත සිදු කල හැකි කටයුතු තිබිය යුතුය. එහෙත් මේ මොහොත ලංකාව තුල අතිශය තීරනාත්මක වන්නේ ජනයා විඳිමින් සිටින හා රට වැටී තිබෙන දරුනු අගාධය නිසාම නොවේ, රටේ අන්සතු කල නොහැකි ස්වාධිපත්‍ය බලය විශාල ලෙස පුරවැසියා වෙත කේන්ද්‍ර වෙමින් පැවතීමයි. ඉතිං, රටට අත්‍යවශ්‍ය සමාජ ආර්ථික දේශපාලන සංශෝධන ඇති කර දියුනු ජනරජයක් බිහි කිරීමට හොඳම අවස්ථාව මෙයයි. 

හරියට එය කාන්තාවක් අතිශය වේදනාවක් ඉවසා දරුවකු ප්‍රසූත කරනවා බඳුය. එහෙත් මේ සිදුවන දේ දෙස බලන විට, ගැහැනිය ප්‍රසූත කරන්නට යන්නේ මල දරු උපතක් දැයි දෙගෙඩියාවක් මතු වෙනවා.

ඒ නිසා, නැවත නැවතත්, නැවත නැවතත් අවධාරනය කරන්නේ මෙය ජනතා විප්ලවයක් ලෙස පටන් ගත්තා ආකාරයටම ජනතා විප්ලවයක් ලෙසම අවසන්ද කල යුතු වෙනවා. එහෙත් අනේක දුක් ගැහැට විඳ මෙම අරගලයේ අවසන් සටන කරන්නට පාර්ලිමේන්තුවේ 225 දෙනාට භාර කිරීම තරම් මෝඩ තකතීරු අමනකමක් තවත් නැත. 

පාමයන් යනු ජනතාවගේ නියෝජිතයන්ය. ඉතිං, ජනතාව දැන් තම බලය තමන් විසින්ම මෙහෙයවීමට ඉල්ලා සිටින විට, පාමයන් මහේශාක්‍ය දෙවිවරු මෙන් පාර්ලිමේන්තුව තුල රඟන්නේ නැතිව ගෙවල්වලට යා යුතුය. උන් කටයුතු කරන්නේ උන් රජවරු කියාය. බලය එන්නේ උන්ගේ පරම්පරාවලින් කියාය. උන් ජනතාවගේ සේවකයන් බව උන්ට අමතකය. නීතිය ගැන පාරම්බාන එවුන්ට එම සරල සිද්ධාන්තය අමතකය. උන් එච්චරට ගතානුගතිකය.

ඔය පාර්ලිමේන්තුව තුල හොඳ අය ටිකක් සිටිය හැකිය. ඔවුන් එසේ සිටියදිත් රට අගාධයට ගිය හැටි සිහි කර ගත යුතුයි. එනිසා, මේ මොහොත ගෙවා දමා ජනයා සන්සුන් වූ විට, නැවත ඕකුන් පරන විදියටම රට කාබාසිනියා කරනු ඇත. සමහරවිට මුහුනු කිහිපයක් එහාට මෙහාට වුවත්, නැවත් අපව පාලනය කිරීමට එනු ඇත්තේ උන්ගේම සනුහරේ එවුන්ය මොකද සිස්ටම් එකේ වරදක් තිබේ. එම සිස්ටම් එකේ වරද මුන් කිසිදා සාදන්නේ නැත. උන් දුන් උතුම් අතීත පොරොන්දු ගැන සිහි කර බලන්න. මුන්ගේ පොරොන්දු සත පහකට විශ්වාස නොකල යුතුය.

එනිසා, ජනතා අරගලය ජනතා විප්ලවලයක් ලෙසම අවසන් කල යුතුය. ඒ සඳහා කඩිනමින් පහත ක්‍රියාවන් සිදු කල යුතුය.

1. රට පුරා ස්ථාන දහස් ගනනක පැවැත්වෙන සියලු උද්ඝෝෂන දැන් කොළඹට ආ යුතුය. අරලිය ගහ මැදුර හා ජනපති නිල නිවස හා ජනපති ලේකම් කාර්යාලය යන එම මුලු ප්‍රදේශයම මිනිස් හිස්වලින් වැසී යා යුතුය. පහසුවෙන්ම මිනිසුන් ලක්ෂ 20ක් මේ මොහොතේ එසේ ගෙන ආ හැකියි. සමහරවිට එය ලක්ෂ 30ක් හෝ ඊටත් වැඩි විය හැකියි මොකද සමස්ථ රටවැසියාටම රට වෙනස් කිරීමට හැඟීමක් ඇති නිසා, සියල්ලන්ම ගෙන ඒමට හැකියාවක් පවතිනවා.

2. ජන අරගලය මිනිසුන් අතරින් පැන නැංග එකක් නිසා, තනි සංවිධානාත්මක ස්වරූපයක් එහි නොවීම දුර්වලතාවක් මේ මොහොතේ. එනිසා, වහම රටටම පිලිගත හැකි උගත් බුද්ධිමත් දේශයට ආදරය කරන කන්ඩායමක් මෙම අවසන් අධියරයේදී නායකත්වය ගත යුතුයි. හැබැයි එම නායකත්වය අරගලය පාවා නොදෙන එවුන් විය යුතුය. පාවාදෙන්නේ නම්, උනුත් ඉවත් කල යුතුයි එසැනින්.

3. රටට අවශ්‍ය සියලුම ආකාරයේ සංශෝධන සාරාංශ වශයෙන් හෝ ලේකන ගත කල යුතුය. සෝෂල් මීඩියා හරහා ඒවා හෙලි දැක්විය යුතුය. විප්ලවයෙන් පසු රට කරගෙන යන ආකාරය රටට ගෙන එන සංශෝධන දැන් හෙලි දැක්විය යුතුය. එම සංශෝධන තුල රට තුල දේශපාලන බලය බෙදා හරින ක්‍රමය, දූෂනයට වැට බඳින ආකාරයේ පාලන ක්‍රමය, ඵලදායිතාව වැඩි වන රාජ්‍ය සේවය (විශේෂයෙන් විද්‍යුත් රාජ්‍ය ක්‍රමය), බලය බෙදාහැරීම, පරිසර විනාශය නැති කිරීම හා විනාශ වී ඇති පරිසරය නැවත වැඩිදියුනු කිරීම, දැනට පවතින අර්බුදවලට තිබෙන කෙටි කාලීන විසඳුම් ආදිය ඇතුලත් විය යුතුය. විශේෂයෙන් විද්‍යුත් රාජ්‍ය ඉතා වේගයෙන් හා ඉතා අඩු වියදමින් සිදු කරන ආකාර ගැන අපටත් සැලසුම් ඇත.

4. ජනපති ඇතුලු සමස්ථ පාලක පක්ෂයෙ දේශපාලුවන් දැනටත් බලය අත් නොහැර සිටින එකම කාරනය හමුදාව පොලිසිය උන් සතු වීමයි. එනිසා හමුදාව හෝ අඩුම ගානේ පොලිසිය (හෝ STF එක) ජනතා අරගලයට විරුද්ධ නොවන තැනකට පත් වූ සැනෙන් රාජපක්කලාගේ සාදය හමාර වනු ඇත.

එහෙත් හමුදාව පහසුවෙන් එවැනි ස්ථාවරයකට එන්නේ නැත. අපි කවුරුත් දන්නවා හමුදා සෙබලා හා පොලිස් නිලධාරියාද ජනතා අරගලයට කැමතියි. එහෙත් ඔවුන්ගේ සාම්ප්‍රදායික විනය ඔවුන්ව බැඳ තබා තිබෙනවා. මා විශ්වාස කරනවා ඔවුන්ව අරගලයට කැඳවා ගත හැකියි. ඒ සඳහා තැන තැන පොඩි පොඩි උද්ඝෝෂන වෙනුවට මෙතෙක් ඉතිහාසය තුල දකින්නට ලැබෙන විශාලතම ජනගඟ කොළඹ වැටලිය යුතුයි. එක තැනකට රැස් විය යුතුයි.

ඉන්පසු හමුදාවේ සහය ඇතිව හෝ නැතිව දූෂිත ජනපති, අගමැති ඇතුලු කන්ඩායම සිර අඩස්සියට පත් කල යුතුයි. හමුදාපති හෝ පොලිස්පති එවැනි ජනගඟක් පාලනය කිරීමට උන්ඩය භාවිතා නොකරනු ඇත. බැරිවෙලාවත් උන්ඩය තෝරා ගන්නේ නම්, ඌ උග්‍ර මානසික රෝගියකු විය යුතුයි.

මෙවැනි ජන ගඟක් සමග රටම පිලිගත් විද්වතුන් එම සටනේ පෙරමුනේ සිට නායකත්වය දිය යුතුයි. එවිට හමුදාවටත් තේරුම් යනවා තමන් ආරක්ෂා කල යුත්තේ කුමන පිලද වග. එසේ ජනතාවට සහය දක්වන ආරක්ෂක භටයන්ව ජනතා ආන්ඩුව පත් වූ විගස ජාතික වීරයන් සේ සලකා (ගැසට් කර) ඔවුන්ට ගරුබුහුමන් දක්වන බවත් ඔවුන්ව ආරක්ෂා කරන බවත් සපත කල යුතුයි. වැඩිය ඕන නැහැ; හමුදා පොලිස් සෙබලුන් එක සියයක් ජනතාව පැත්තට මාරු වෙනවා නම්, එය ගඟක් ගලන්නා සේ ඉතිරි හමුදා සෙබලුනුත් මාරු වනු ඇත. ඇත්තටම දහස් ගනනක් ඒම අවශ්‍යත් නැත. හමුදාවේ එක සියයයක් දෙසියයක් මාරු වුවත් ප්‍රමානවත් වෙනවා. මෙහිදී ඉතා දක්ෂ ලේ උනු කල හැකි ලෙස කතා කල හැකි කතිකයන් සිටිය යුතුය. නූතන කැප්පෙටිපොලලා බිහි කල හැකිය.

5. ඉන්පසු හමුදාවේ හා/හෝ පොලිසියෙ සහය ලැබීමෙන් අනතුරුව, සියලු දූෂිත දේශපාලුවන් හා දූෂිත නිලදාරින් අත්අඩංගුවට ගත යුතුය. වහම ජනතාව අතරින් බුද්ධිමතුන් පිරිසක් රටේ පාලනය තමන් බාර ගන්නා බවට ප්‍රකාශ කල යුතුය.

6. මා තවත් යෝජනවාක් කරනවා. මා දන්නවා මෙය සමහරකු තරයේම ප්‍රතික්ෂේප කරාවි. එහෙත් රාජපක්කවරු හා උන්ගේ සනුහරේ එවුන් මංකොල්ල කාපු ධනයක් තිබෙනවා. ඒවා වහම රටට නැවත හිමි කර දිය යුතුය. එම ධනය රට තුල ඉඩකඩම් වශයෙනුත්, රුපියල් වශයෙනුත්, විදේශ මුදල් (ඩොලර්) ලෙස විදෙස් රටවල බැංකුවල තැන්පතු වශයෙනුත් තිබෙනවා. මේ සියල්ල ක්ෂණිකව ලබා ගත යුතුය.

එහෙත් එය දැනට පවතින ඕලාරික නීතියෙන් බැරිය. කලු සල්ලි සුදු කරන හැටි මාත් කාලයක් තිස්සේ අධ්‍යනය කර තිබෙන අතර, ඒවා ඇත්තටම නීතිය මඟින් අල්ලා ගැනීම සිහිනයක්. කට්ටිය හිතං හිටියට එවුන්ට නීතිය ක්‍රියාත්මක කර එම ධනය අත්පත් කර ගන්නට, එය දවස් සිහිනයකි.

එහෙත් එම ධනය ලබා ගත හැකියි සමහරවිට පැය ගනනකින්. මෙම ක්‍රමය මට ප්‍රසිද්ධියේ කිව නොහැකිය. එහෙත් කල හැකියි. රටට අවශ්‍ය ඩොලර් බිලියන ගනනක් (අඩුම ගනනේ බිලියන 6ක් වත්) ඉන් ක්ෂනිකව ලබා ගත හැකියි. එම මුදලින් රටට අවශ්‍ය ඉන්දන හා පොහොර ගෙන්වා දැනට පවතින උද්දමනකාරි තත්වය වහම සමනය කල හැකියි.

7. රටට අවශ්‍ය නව ජනතාවාදි ව්‍යවස්ථාවක් මාසයක් දෙකක් ඇතුලත ගෙන ආ යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුව අවශ්‍ය නොවේ. ජනතා මන්ඩපයක් තුල සාකචඡා කල හැකියි. ජනතා නායකයන් විසින් පලමුව ව්‍යවස්ථා සැකිල්ලක් (ඩ්‍රාෆ්ට් එකක්) හෙලි දැක්විය යුතුය. අප සතුවත් එවැනි ඩ්‍රාෆ්ට් ඇත. මෙමඟින් අප රට බැඳ තබා ඇති ඉන්දු ලංකා ගිවිසුම් වැනි ගිවිසුම් නොසලකා වැඩ කල යුතුය. එසේ කල හැකිය. රටට මෙයින්ම ඇති වන සෙත අතිවිශාලය. ලංකාව තවත් රටක ප්‍රාන්තයක් හෝ ගුබ්බෑයමක් නොවේ.

8. ඉන්පසු රටට අවශ්‍ය ප්‍රතිසංස්කරන සියල්ල සිදු කර, අවසානයේ නව ව්‍යවස්ථාවට අනුව රටේ භාරකාරත්වය පවරන මැතිවරනයක් පවත්වා රට නැවත සාමාන්‍ය පීල්ලට දැමිය යුතුය.

ඇත්තටම, කල හැකි හා කල යුතු දේ බොහෝ ඇත. ක්‍රීඩා, කෘෂිකර්මය, අධ්‍යාපනය, තාක්ෂනය, රාජ්‍ය සේවය, සමාජ දේශපාලනය ආදි නොයෙක් පැතිකඩවල කල යුතු සංශෝධන සිය දහස් ගනනක් අප සතුවත් තිබේ. එවැනි තවත් පිරිස් රට පුරා සිටී. පලමුව මේ මොහොත අනවශ්‍ය විදියට ගිලිහී  යන්නට නොදී පාලනය ජනතාව අතට ගැනීම අනිවාර්ය වේ. ජනතාව පාලනය අතට ගැනීම අරාජිකත්වයක් නොවේ. එය වැරදි අදහසකි. නායකත්වය ජනතාව අතට ගැනීම යනු ජනතාව අතරින් බුද්ධිමතුන් හා හොඳ හැඟීමක් හැකියාවක් ඇති පිරිසක් අතට බලය ගැනීමයි ජනතාව වෙනුවෙන් නිශ්චිත වැඩ කොටසක් ඉටු කිරීම වෙනුවෙන්.