Skip to main content

දැන් අපි මොකද කරන්න ඕන?

නීති රාමු, සංකල්ප, දේශපාලන විද්‍යා කෝන ඔස්සේ අද රටේ පවතින තත්වයට විසඳුම් යෝජනා කරනවා බොහෝ දෙනා. ඒවා දෙස බලන විට, ඔවුන් ගතානුගතික හෝ තමන්ගේ සැඟවුනු දේශපාලන බල තන්හාව මුල් කරගෙන සිටින බව පැහැදිලියි. 

අවශ්‍යයෙන්ම උසස් සංකල්ප, දියුනු දේශපාලන භාවිතාවන්, ගැඹුරු ආර්ථික සැලසුම් හා ඒ ඔස්සේ ප්‍රමුඛතා පදනම මත සිදු කල හැකි කටයුතු තිබිය යුතුය. එහෙත් මේ මොහොත ලංකාව තුල අතිශය තීරනාත්මක වන්නේ ජනයා විඳිමින් සිටින හා රට වැටී තිබෙන දරුනු අගාධය නිසාම නොවේ, රටේ අන්සතු කල නොහැකි ස්වාධිපත්‍ය බලය විශාල ලෙස පුරවැසියා වෙත කේන්ද්‍ර වෙමින් පැවතීමයි. ඉතිං, රටට අත්‍යවශ්‍ය සමාජ ආර්ථික දේශපාලන සංශෝධන ඇති කර දියුනු ජනරජයක් බිහි කිරීමට හොඳම අවස්ථාව මෙයයි. 

හරියට එය කාන්තාවක් අතිශය වේදනාවක් ඉවසා දරුවකු ප්‍රසූත කරනවා බඳුය. එහෙත් මේ සිදුවන දේ දෙස බලන විට, ගැහැනිය ප්‍රසූත කරන්නට යන්නේ මල දරු උපතක් දැයි දෙගෙඩියාවක් මතු වෙනවා.

ඒ නිසා, නැවත නැවතත්, නැවත නැවතත් අවධාරනය කරන්නේ මෙය ජනතා විප්ලවයක් ලෙස පටන් ගත්තා ආකාරයටම ජනතා විප්ලවයක් ලෙසම අවසන්ද කල යුතු වෙනවා. එහෙත් අනේක දුක් ගැහැට විඳ මෙම අරගලයේ අවසන් සටන කරන්නට පාර්ලිමේන්තුවේ 225 දෙනාට භාර කිරීම තරම් මෝඩ තකතීරු අමනකමක් තවත් නැත. 

පාමයන් යනු ජනතාවගේ නියෝජිතයන්ය. ඉතිං, ජනතාව දැන් තම බලය තමන් විසින්ම මෙහෙයවීමට ඉල්ලා සිටින විට, පාමයන් මහේශාක්‍ය දෙවිවරු මෙන් පාර්ලිමේන්තුව තුල රඟන්නේ නැතිව ගෙවල්වලට යා යුතුය. උන් කටයුතු කරන්නේ උන් රජවරු කියාය. බලය එන්නේ උන්ගේ පරම්පරාවලින් කියාය. උන් ජනතාවගේ සේවකයන් බව උන්ට අමතකය. නීතිය ගැන පාරම්බාන එවුන්ට එම සරල සිද්ධාන්තය අමතකය. උන් එච්චරට ගතානුගතිකය.

ඔය පාර්ලිමේන්තුව තුල හොඳ අය ටිකක් සිටිය හැකිය. ඔවුන් එසේ සිටියදිත් රට අගාධයට ගිය හැටි සිහි කර ගත යුතුයි. එනිසා, මේ මොහොත ගෙවා දමා ජනයා සන්සුන් වූ විට, නැවත ඕකුන් පරන විදියටම රට කාබාසිනියා කරනු ඇත. සමහරවිට මුහුනු කිහිපයක් එහාට මෙහාට වුවත්, නැවත් අපව පාලනය කිරීමට එනු ඇත්තේ උන්ගේම සනුහරේ එවුන්ය මොකද සිස්ටම් එකේ වරදක් තිබේ. එම සිස්ටම් එකේ වරද මුන් කිසිදා සාදන්නේ නැත. උන් දුන් උතුම් අතීත පොරොන්දු ගැන සිහි කර බලන්න. මුන්ගේ පොරොන්දු සත පහකට විශ්වාස නොකල යුතුය.

එනිසා, ජනතා අරගලය ජනතා විප්ලවලයක් ලෙසම අවසන් කල යුතුය. ඒ සඳහා කඩිනමින් පහත ක්‍රියාවන් සිදු කල යුතුය.

1. රට පුරා ස්ථාන දහස් ගනනක පැවැත්වෙන සියලු උද්ඝෝෂන දැන් කොළඹට ආ යුතුය. අරලිය ගහ මැදුර හා ජනපති නිල නිවස හා ජනපති ලේකම් කාර්යාලය යන එම මුලු ප්‍රදේශයම මිනිස් හිස්වලින් වැසී යා යුතුය. පහසුවෙන්ම මිනිසුන් ලක්ෂ 20ක් මේ මොහොතේ එසේ ගෙන ආ හැකියි. සමහරවිට එය ලක්ෂ 30ක් හෝ ඊටත් වැඩි විය හැකියි මොකද සමස්ථ රටවැසියාටම රට වෙනස් කිරීමට හැඟීමක් ඇති නිසා, සියල්ලන්ම ගෙන ඒමට හැකියාවක් පවතිනවා.

2. ජන අරගලය මිනිසුන් අතරින් පැන නැංග එකක් නිසා, තනි සංවිධානාත්මක ස්වරූපයක් එහි නොවීම දුර්වලතාවක් මේ මොහොතේ. එනිසා, වහම රටටම පිලිගත හැකි උගත් බුද්ධිමත් දේශයට ආදරය කරන කන්ඩායමක් මෙම අවසන් අධියරයේදී නායකත්වය ගත යුතුයි. හැබැයි එම නායකත්වය අරගලය පාවා නොදෙන එවුන් විය යුතුය. පාවාදෙන්නේ නම්, උනුත් ඉවත් කල යුතුයි එසැනින්.

3. රටට අවශ්‍ය සියලුම ආකාරයේ සංශෝධන සාරාංශ වශයෙන් හෝ ලේකන ගත කල යුතුය. සෝෂල් මීඩියා හරහා ඒවා හෙලි දැක්විය යුතුය. විප්ලවයෙන් පසු රට කරගෙන යන ආකාරය රටට ගෙන එන සංශෝධන දැන් හෙලි දැක්විය යුතුය. එම සංශෝධන තුල රට තුල දේශපාලන බලය බෙදා හරින ක්‍රමය, දූෂනයට වැට බඳින ආකාරයේ පාලන ක්‍රමය, ඵලදායිතාව වැඩි වන රාජ්‍ය සේවය (විශේෂයෙන් විද්‍යුත් රාජ්‍ය ක්‍රමය), බලය බෙදාහැරීම, පරිසර විනාශය නැති කිරීම හා විනාශ වී ඇති පරිසරය නැවත වැඩිදියුනු කිරීම, දැනට පවතින අර්බුදවලට තිබෙන කෙටි කාලීන විසඳුම් ආදිය ඇතුලත් විය යුතුය. විශේෂයෙන් විද්‍යුත් රාජ්‍ය ඉතා වේගයෙන් හා ඉතා අඩු වියදමින් සිදු කරන ආකාර ගැන අපටත් සැලසුම් ඇත.

4. ජනපති ඇතුලු සමස්ථ පාලක පක්ෂයෙ දේශපාලුවන් දැනටත් බලය අත් නොහැර සිටින එකම කාරනය හමුදාව පොලිසිය උන් සතු වීමයි. එනිසා හමුදාව හෝ අඩුම ගානේ පොලිසිය (හෝ STF එක) ජනතා අරගලයට විරුද්ධ නොවන තැනකට පත් වූ සැනෙන් රාජපක්කලාගේ සාදය හමාර වනු ඇත.

එහෙත් හමුදාව පහසුවෙන් එවැනි ස්ථාවරයකට එන්නේ නැත. අපි කවුරුත් දන්නවා හමුදා සෙබලා හා පොලිස් නිලධාරියාද ජනතා අරගලයට කැමතියි. එහෙත් ඔවුන්ගේ සාම්ප්‍රදායික විනය ඔවුන්ව බැඳ තබා තිබෙනවා. මා විශ්වාස කරනවා ඔවුන්ව අරගලයට කැඳවා ගත හැකියි. ඒ සඳහා තැන තැන පොඩි පොඩි උද්ඝෝෂන වෙනුවට මෙතෙක් ඉතිහාසය තුල දකින්නට ලැබෙන විශාලතම ජනගඟ කොළඹ වැටලිය යුතුයි. එක තැනකට රැස් විය යුතුයි.

ඉන්පසු හමුදාවේ සහය ඇතිව හෝ නැතිව දූෂිත ජනපති, අගමැති ඇතුලු කන්ඩායම සිර අඩස්සියට පත් කල යුතුයි. හමුදාපති හෝ පොලිස්පති එවැනි ජනගඟක් පාලනය කිරීමට උන්ඩය භාවිතා නොකරනු ඇත. බැරිවෙලාවත් උන්ඩය තෝරා ගන්නේ නම්, ඌ උග්‍ර මානසික රෝගියකු විය යුතුයි.

මෙවැනි ජන ගඟක් සමග රටම පිලිගත් විද්වතුන් එම සටනේ පෙරමුනේ සිට නායකත්වය දිය යුතුයි. එවිට හමුදාවටත් තේරුම් යනවා තමන් ආරක්ෂා කල යුත්තේ කුමන පිලද වග. එසේ ජනතාවට සහය දක්වන ආරක්ෂක භටයන්ව ජනතා ආන්ඩුව පත් වූ විගස ජාතික වීරයන් සේ සලකා (ගැසට් කර) ඔවුන්ට ගරුබුහුමන් දක්වන බවත් ඔවුන්ව ආරක්ෂා කරන බවත් සපත කල යුතුයි. වැඩිය ඕන නැහැ; හමුදා පොලිස් සෙබලුන් එක සියයක් ජනතාව පැත්තට මාරු වෙනවා නම්, එය ගඟක් ගලන්නා සේ ඉතිරි හමුදා සෙබලුනුත් මාරු වනු ඇත. ඇත්තටම දහස් ගනනක් ඒම අවශ්‍යත් නැත. හමුදාවේ එක සියයයක් දෙසියයක් මාරු වුවත් ප්‍රමානවත් වෙනවා. මෙහිදී ඉතා දක්ෂ ලේ උනු කල හැකි ලෙස කතා කල හැකි කතිකයන් සිටිය යුතුය. නූතන කැප්පෙටිපොලලා බිහි කල හැකිය.

5. ඉන්පසු හමුදාවේ හා/හෝ පොලිසියෙ සහය ලැබීමෙන් අනතුරුව, සියලු දූෂිත දේශපාලුවන් හා දූෂිත නිලදාරින් අත්අඩංගුවට ගත යුතුය. වහම ජනතාව අතරින් බුද්ධිමතුන් පිරිසක් රටේ පාලනය තමන් බාර ගන්නා බවට ප්‍රකාශ කල යුතුය.

6. මා තවත් යෝජනවාක් කරනවා. මා දන්නවා මෙය සමහරකු තරයේම ප්‍රතික්ෂේප කරාවි. එහෙත් රාජපක්කවරු හා උන්ගේ සනුහරේ එවුන් මංකොල්ල කාපු ධනයක් තිබෙනවා. ඒවා වහම රටට නැවත හිමි කර දිය යුතුය. එම ධනය රට තුල ඉඩකඩම් වශයෙනුත්, රුපියල් වශයෙනුත්, විදේශ මුදල් (ඩොලර්) ලෙස විදෙස් රටවල බැංකුවල තැන්පතු වශයෙනුත් තිබෙනවා. මේ සියල්ල ක්ෂණිකව ලබා ගත යුතුය.

එහෙත් එය දැනට පවතින ඕලාරික නීතියෙන් බැරිය. කලු සල්ලි සුදු කරන හැටි මාත් කාලයක් තිස්සේ අධ්‍යනය කර තිබෙන අතර, ඒවා ඇත්තටම නීතිය මඟින් අල්ලා ගැනීම සිහිනයක්. කට්ටිය හිතං හිටියට එවුන්ට නීතිය ක්‍රියාත්මක කර එම ධනය අත්පත් කර ගන්නට, එය දවස් සිහිනයකි.

එහෙත් එම ධනය ලබා ගත හැකියි සමහරවිට පැය ගනනකින්. මෙම ක්‍රමය මට ප්‍රසිද්ධියේ කිව නොහැකිය. එහෙත් කල හැකියි. රටට අවශ්‍ය ඩොලර් බිලියන ගනනක් (අඩුම ගනනේ බිලියන 6ක් වත්) ඉන් ක්ෂනිකව ලබා ගත හැකියි. එම මුදලින් රටට අවශ්‍ය ඉන්දන හා පොහොර ගෙන්වා දැනට පවතින උද්දමනකාරි තත්වය වහම සමනය කල හැකියි.

7. රටට අවශ්‍ය නව ජනතාවාදි ව්‍යවස්ථාවක් මාසයක් දෙකක් ඇතුලත ගෙන ආ යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුව අවශ්‍ය නොවේ. ජනතා මන්ඩපයක් තුල සාකචඡා කල හැකියි. ජනතා නායකයන් විසින් පලමුව ව්‍යවස්ථා සැකිල්ලක් (ඩ්‍රාෆ්ට් එකක්) හෙලි දැක්විය යුතුය. අප සතුවත් එවැනි ඩ්‍රාෆ්ට් ඇත. මෙමඟින් අප රට බැඳ තබා ඇති ඉන්දු ලංකා ගිවිසුම් වැනි ගිවිසුම් නොසලකා වැඩ කල යුතුය. එසේ කල හැකිය. රටට මෙයින්ම ඇති වන සෙත අතිවිශාලය. ලංකාව තවත් රටක ප්‍රාන්තයක් හෝ ගුබ්බෑයමක් නොවේ.

8. ඉන්පසු රටට අවශ්‍ය ප්‍රතිසංස්කරන සියල්ල සිදු කර, අවසානයේ නව ව්‍යවස්ථාවට අනුව රටේ භාරකාරත්වය පවරන මැතිවරනයක් පවත්වා රට නැවත සාමාන්‍ය පීල්ලට දැමිය යුතුය.

ඇත්තටම, කල හැකි හා කල යුතු දේ බොහෝ ඇත. ක්‍රීඩා, කෘෂිකර්මය, අධ්‍යාපනය, තාක්ෂනය, රාජ්‍ය සේවය, සමාජ දේශපාලනය ආදි නොයෙක් පැතිකඩවල කල යුතු සංශෝධන සිය දහස් ගනනක් අප සතුවත් තිබේ. එවැනි තවත් පිරිස් රට පුරා සිටී. පලමුව මේ මොහොත අනවශ්‍ය විදියට ගිලිහී  යන්නට නොදී පාලනය ජනතාව අතට ගැනීම අනිවාර්ය වේ. ජනතාව පාලනය අතට ගැනීම අරාජිකත්වයක් නොවේ. එය වැරදි අදහසකි. නායකත්වය ජනතාව අතට ගැනීම යනු ජනතාව අතරින් බුද්ධිමතුන් හා හොඳ හැඟීමක් හැකියාවක් ඇති පිරිසක් අතට බලය ගැනීමයි ජනතාව වෙනුවෙන් නිශ්චිත වැඩ කොටසක් ඉටු කිරීම වෙනුවෙන්.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...