Skip to main content

ජනතා ආන්ඩුවක් ඇති කරමු

රටේ පවතින ජනතා සටන දැන් දැන් වෙනතකට යොමු වන බවක් පෙනෙනවා. එය වහම නිවැරදි ට්‍රැක් එකට නැවත ගෙන ආ යුතුයි.

සති ගනනාවක් තිස්සේ පැවති ජනතා උද්ඝෝසන උත්කර්ෂයට පැමිනෙමින් සිටින මොහොතක, මහා නායක හිමිවරුන්ද ඇතුලුව තවත් සමහර අය අන්තර්පාලන ආන්ඩුවක් හෝ එවැනි අටමගලයකට යා යුතු බව පවසනවා. එය නොවෙයි ජනතා අභිලාෂය. 

ව්‍යවස්ථානුකූලව හෝ පවතින නීතියට අනුව වැඩ කරන්නැයි කියන එකෙන් අනියමින් කියවෙන්නේම නැවතත් සිටිනා පාලකයන්ම එම තනතුරුවල සිටිය යුතු බවයි.

අන්තර්පාලන ආන්ඩුවට පවතින ව්‍යවස්ථාව අනුව පත්වන්නේ අනිවාර්යෙන්ම දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රින්ගෙන් පිරිසක්ම වේ. එය කිසිසේත් වෙනස් කල නොහැකියි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් පාර්ලිමේන්තු තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කර ගත්තත් එය වෙනස් කල නොහැකියි මොකද ඊට ජනමත විචාරනයක් අවශ්‍ය වේ. 

ජනමත විචාරනයක් මෙම අවස්ථාවේ කල හැකි නම් මහා මැතිවරනයක් වුවද කල හැකියිනෙ. එනිසා, අන්තර්පාලන යෝජනාව පිලිගත නොහැකියි.

මා යෝජනා කරන විසඳුමක් තිබේ. මා සිතන පරිදි පොදු ජනයාගේ අවශ්‍යතාවත් එයමයි. එනම්, මේ ජනතා උද්ඝෝෂනය ජනතා විප්ලවයක් ලෙස පිලිගෙන, ත්‍රිවිධ හමුදාවද ඊට අවනත විය යුතුයි. දැනට සිටින පාලකයන් හා දූෂිත අයුරින් ක්‍රියා කල ඉහල මට්ටමේ රාජ්‍ය නිලධාරින් තාවකාලිකව හෝ නිවාස අඩස්සියට පත් කල යුතුය.

විප්ලවයක් සිදු වූ පසු, රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දිය හැකියි පාර්ලිමේන්තුව හරහා නොගොස් ඍජුවම ජනතා විචාරනයක් හරහා. එමඟින් චීනය, ඉන්දියාව, ඇමරිකාව, යුරෝපා සංගම් වැනි විදෙස් බලපෑම්වලින් තොරවද එම කටයුත්ත උගතුන් බුද්ධිමතුන් රටට අවශ්‍යම පරිදි එය සිදු කල හැකියි.

විප්ලවයෙන් පසු ජනතාව විසින්ම පිලිගත් දූෂන භීෂන චෝදනා නැති පිරිසක් භාරකාර ආණ්ඩුවක් ලෙස පත් කර ගත හැකිය. එම පිරිස විශ්ව විද්‍යාල ප්‍රජාවෙන්, වෙනත් වෘත්තික ප්‍රජාවෙන් හා පොදු ජනතාව අතරින් තෝරා ගත් හැකිය.

එක එකාගේ දේශපාලන න්‍යායන්ට හසු නොවෙමු. සුද්දාගෙන් නිදහස ලැබූ පසු ජනතාව ඇත්තටම තම බලය හඳුනාගත් අවස්ථාව මෙය වේ. එය අපතේ යැව්වොත් එය ලෝක අපරාදයකි. නැවත පරන අවජාතක දේශපාලුවන් තව මාස කිහිපයකින් පාලනය අතට ගන්න ඉඩ තියෙනවා.

එනිසා, ජනපති, අගමැති ඇතුලු මුලු ආන්ඩුවම ඉවත් කල යුතුයි (බලෙන්). විප්ලවයක් ලෙස පිලිගන්නේ නම්, “අරක කරන්න බැහැ මේක කරන්න බැහැ නීතියට අනුව“ වැනි පුස් වැකි අවලංගු වේ. ජනතාවගෙන් පිරිසක් තෝරා ගෙන භාරකාර ජනතා රජයක් බිහි කල යුතුය. ඉන් අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දී, ප්‍රජාතන්ත්‍රවාදි ඡන්දයකින් නව ආන්ඩුවක් බිහි කල යුතුය.

 

Comments

  1. සිංහල දේශපාලකයෝ විතරක් නෙමෙයි හොරු.
    රිෂාද් බදියුදීන්, රවුෆ් හකීම්, තොන්ඩමන් පවුල
    උනුත් හොරු.

    ReplyDelete
    Replies
    1. හොරාගේ ජාතිය, ආගම, කුලය ආදි පස්මහා බැලුම් අවශ්‍ය නැහැ. මොකා වුනත් රට කෑව නම්, ඌව උල තියන්න ඕන. එච්චරයිනෙ.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

Quantum ( ක්වන්ටම්) යන වචනය අන්තර්ජාලයෙ හා වෙනත් ලිපි තුල නොයෙකුත් ක්ෂේත්‍රවල යොදා ගනු ලබන බව පෙනෙනවා. ක්වන්ටම් න්‍යායන් ඔස්සේ ආගමික සිද්ධාන්ත සාධනය කරන අය, යන්ත්‍රමන්ත්‍ර ආදිය ඔප්පු කරන්න උත්සහ කරන අය පවා ඒ අතර සිටී. ඊටත් අමතරව, විද්‍යා ප්‍රබන්ද හා බැලූබැල්මට විද්‍යාත්මක දේවල් යැයි සිතෙන නමුත් තවමත් විද්‍යාත්මක නොවන බොහෝ දෑ ක්වන්ටම් යන ලේබලය යටතේ විස්තර කර ඇත. උදාහරණයක් ලෙස, ලංකාවේ සිටින ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන පවා සිත යනු ක්වන්ටම් සංසිද්ධියක් යැයි නිතරම පවසනු මා අසා ඇත. එහෙත් විද්‍යා සමාජය තුල සිත යනු හරියටම කුමක්දැයි නිර්වචනය කර නොමැති අතර එය කිසිසේත් ක්වන්ටම් මඟින් තවමත් පැහැදිලි කරද නැත. එය ඔහුගේ හා ඔහුගේ පිරිවරේ මතය පමනි. ඉතිං, මේ සියලු අනවශ්‍ය හා අවිද්‍යාත්මක දේවල් බැහැර කර ගත් විට, ඇත්ත ක්වන්ටම් විද්‍යාව හමු වේ. ඒ හැරත් මේ සියලු මනස්ගාත සමඟ ක්වන්ටම් විද්‍යාව අධ්‍යනය කිරීම ඇරඹිය නොහැකිය.   විද්‍යාව (science) යනු තත්කාලයේ (ඒ කියන්නේ කතා කරන මොහොත වන විට) විද්‍යා සමාජය විසින් සම්මත විද්‍යාත්මක පර්යේෂන ක්‍රමවේද (scientific method) ඔස්සේ ඔප්...