Skip to main content

අත්‍යවශ්‍යම ඉංග්‍රිසි වචන 5000 pdf

https://tekcroach.blogspot.com/2018/10/1.html  හා https://tekcroach.blogspot.com/2018/10/2.html  යන පෝස්ට් දෙක ඔස්සේ ඉංග්‍රිසි භාෂාවෙහි වැඩියෙන්ම යෙදෙන වචන 5000 සිංහල තේරුම්ද සහිතව මා පළ කළා. එය පහසුවෙන් කියවීමට pdf වශයෙන් සකස් කර පහත අමුණා ඇත (කැමති කෙනෙකුට එය කුඩා පොත් පිංචක් වශයෙන් ප්‍රින්ට් කර ගැනීමට හැකි වන පරිදි සකසා ඇත).

https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3

Comments

  1. Thank you tekcroach......👍👍👍👍👍

    ReplyDelete
  2. thanks.. puluwannam youtube channel ekak patan ganna...

    ReplyDelete
    Replies
    1. චැනල් එකක් නම් අවුරුදු ගණනකට පෙර හැදුවා... වීඩියෝත් දුසිමක් විතර හැදුවා... එහෙත් පස්සේ එම අදහස මා අත්හැර දැමුවා විවිධ හේතු නිසා... බොහෝ දෙනාට එවැනි දේ කරන්නේ ආර්ථික වාසි ලබා ගැනීමට බැවින් එම දේ තුල පහසුවෙන් කාලය යෙදවීමට ඔවුන්ට හැකියාව ඇත. එහෙත් මා සෑම දෙයක්ම (කාලය, ශ්‍රමය, හා මුදල්) මගේ අතින් දරමින් සිදු කරන නිසා, මට ඒ දේට යොමු වීමේ අපහසුතාවක් තිබේ.

      Delete
  3. ඔබ මේ කරන සමාජ සේවාවට ඔබට බෙහෙවින්ම ගරු කරනව ගුරුතුමනි ඔබේ ලිපි සෑහෙන ප්‍රමාණයක් මම මේ වෙද්දී කියවල තියෙනවා මට සෑහෙන දැනුම් සම්භාරයක් ඒ තුළින් ලැබුණා. ඒ වෙනුවෙන් ණයගැතියි ඔබට... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සතුටුයි ලක්මාල් ඔබට මා ලියපුවා ප්‍රයෝජනවත් වීම ගැන... ඔබත් හැකි පමන දැනුම අන්‍යයන්ට බෙදා දී හා රටේ මැතිවරණයකදී පක්ෂ, ජාති, ආගම් ආදි බෙදීම්වලින් තොරව වඩා යහපත් නියෝජිතයන් පත් කිරීමෙන් ඔබට යම් ණයගැති බවක් දැනේ නම් ඉන් නිදහස් වියද හැකිය. :)

      Delete
  4. බොහොම ස්තූතියි ජයවේවා

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...