Skip to main content

අත්‍යවශ්‍යම ඉංග්‍රිසි වචන 5000 pdf

https://tekcroach.blogspot.com/2018/10/1.html  හා https://tekcroach.blogspot.com/2018/10/2.html  යන පෝස්ට් දෙක ඔස්සේ ඉංග්‍රිසි භාෂාවෙහි වැඩියෙන්ම යෙදෙන වචන 5000 සිංහල තේරුම්ද සහිතව මා පළ කළා. එය පහසුවෙන් කියවීමට pdf වශයෙන් සකස් කර පහත අමුණා ඇත (කැමති කෙනෙකුට එය කුඩා පොත් පිංචක් වශයෙන් ප්‍රින්ට් කර ගැනීමට හැකි වන පරිදි සකසා ඇත).

https://drive.google.com/open?id=1U-hpmBLvIFoWBW7zkRT7QPpPPbahfy_3

Comments

  1. Thank you tekcroach......👍👍👍👍👍

    ReplyDelete
  2. thanks.. puluwannam youtube channel ekak patan ganna...

    ReplyDelete
    Replies
    1. චැනල් එකක් නම් අවුරුදු ගණනකට පෙර හැදුවා... වීඩියෝත් දුසිමක් විතර හැදුවා... එහෙත් පස්සේ එම අදහස මා අත්හැර දැමුවා විවිධ හේතු නිසා... බොහෝ දෙනාට එවැනි දේ කරන්නේ ආර්ථික වාසි ලබා ගැනීමට බැවින් එම දේ තුල පහසුවෙන් කාලය යෙදවීමට ඔවුන්ට හැකියාව ඇත. එහෙත් මා සෑම දෙයක්ම (කාලය, ශ්‍රමය, හා මුදල්) මගේ අතින් දරමින් සිදු කරන නිසා, මට ඒ දේට යොමු වීමේ අපහසුතාවක් තිබේ.

      Delete
  3. ඔබ මේ කරන සමාජ සේවාවට ඔබට බෙහෙවින්ම ගරු කරනව ගුරුතුමනි ඔබේ ලිපි සෑහෙන ප්‍රමාණයක් මම මේ වෙද්දී කියවල තියෙනවා මට සෑහෙන දැනුම් සම්භාරයක් ඒ තුළින් ලැබුණා. ඒ වෙනුවෙන් ණයගැතියි ඔබට... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. සතුටුයි ලක්මාල් ඔබට මා ලියපුවා ප්‍රයෝජනවත් වීම ගැන... ඔබත් හැකි පමන දැනුම අන්‍යයන්ට බෙදා දී හා රටේ මැතිවරණයකදී පක්ෂ, ජාති, ආගම් ආදි බෙදීම්වලින් තොරව වඩා යහපත් නියෝජිතයන් පත් කිරීමෙන් ඔබට යම් ණයගැති බවක් දැනේ නම් ඉන් නිදහස් වියද හැකිය. :)

      Delete
  4. බොහොම ස්තූතියි ජයවේවා

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...