ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි. එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...
ස්තූතියි
ReplyDelete:)
DeleteBoho pin sir
ReplyDeleteThank you tekcroach......👍👍👍👍👍
ReplyDeletethanks.. puluwannam youtube channel ekak patan ganna...
ReplyDeleteචැනල් එකක් නම් අවුරුදු ගණනකට පෙර හැදුවා... වීඩියෝත් දුසිමක් විතර හැදුවා... එහෙත් පස්සේ එම අදහස මා අත්හැර දැමුවා විවිධ හේතු නිසා... බොහෝ දෙනාට එවැනි දේ කරන්නේ ආර්ථික වාසි ලබා ගැනීමට බැවින් එම දේ තුල පහසුවෙන් කාලය යෙදවීමට ඔවුන්ට හැකියාව ඇත. එහෙත් මා සෑම දෙයක්ම (කාලය, ශ්‍රමය, හා මුදල්) මගේ අතින් දරමින් සිදු කරන නිසා, මට ඒ දේට යොමු වීමේ අපහසුතාවක් තිබේ.
Deleteඔබ මේ කරන සමාජ සේවාවට ඔබට බෙහෙවින්ම ගරු කරනව ගුරුතුමනි ඔබේ ලිපි සෑහෙන ප්‍රමාණයක් මම මේ වෙද්දී කියවල තියෙනවා මට සෑහෙන දැනුම් සම්භාරයක් ඒ තුළින් ලැබුණා. ඒ වෙනුවෙන් ණයගැතියි ඔබට... ස්තූතියි
ReplyDeleteසතුටුයි ලක්මාල් ඔබට මා ලියපුවා ප්‍රයෝජනවත් වීම ගැන... ඔබත් හැකි පමන දැනුම අන්‍යයන්ට බෙදා දී හා රටේ මැතිවරණයකදී පක්ෂ, ජාති, ආගම් ආදි බෙදීම්වලින් තොරව වඩා යහපත් නියෝජිතයන් පත් කිරීමෙන් ඔබට යම් ණයගැති බවක් දැනේ නම් ඉන් නිදහස් වියද හැකිය. :)
Deleteබොහොම ස්තූතියි ජයවේවා
ReplyDelete👌👌❤️
ReplyDelete