Skip to main content

රනිල්ගේ සදාතනික නිධානය (Ranil's Perpetual Treasury)

මේ වන විට ලංකාවේ මෙතෙක් සිදු කළ විශාලතම සාපරාධි වංචාව ගැන සියලු කරුණු හෙලි වී හමාරය. මේ සමඟ මට දේශපාලනික හා නෛතික වශයෙන් මතු වූ ගැටලුවක් ඇත. එනම්, ලංකාවේ පුරවැසියකුද නොවන පරයෙකු වන අර්ජුන මහෙන්ද්‍රන් ලංකාවේ ඉහලතම හා වැදගත්ම මූල්‍ය සංස්ථාව වන මහා බැංකුවේ අධිපති කළේ එවක හා දැනුදු අගමැත්තා වන පරයන්ට ගැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික මැදිහත් වීම මතය. රනිල් විසින් අර්ජුන වෙනුවෙන් පෞද්ගලිකව වගකීම ගන්නා බවට සහතික වී තිබේ. දැන් එම වගවීම හා වගකීම රනිල් විසින් කෙසේ ඉටු කරන්නේද යන්න අපි මඟ බලා හිඳිමු.

දැන් රනිල් වහම අගමැතිකමින් ඉල්ලා අස්විය යුතුය. ඌ ඉල්ලා අස් නොවේ නම්, ජනපති විසින් ඌව ඉවත් කළ යුතුය හරියටම විජේදාසව ඉවත් කළා වගේ. එහෙත් නපුංසක ජනපති රනිල්ගේ කීමට තම ගැහැනිව දික් කසාද කර දැමුවත් රනිල්ව අත් හරින්නේ නැති බව නම් ස්ථිරය. එතරම් මෛත්‍රී රනිල්ට "ලොල්ය".

මේ සම්බන්දයෙන් රනිල් ඉල්ලා අස්වෙනවා තියා එම මහා වංචාව සම්බන්දයෙන් තවමත් බැංකු මංකොල්ලකරුවන් ආරක්ෂා කරමින් සිටී. මෙතරම් කාලකන්නි වනචර සාපරාධින්ව රටේ දෙවැනි පුරවැසියා විසින් නිර්භයව ආරක්ෂා කරමින් සිටීමම රටේ නීතියේ ආධිපත්‍යය කොතරම් වලපල්ලට ගොස් ඇත්දැයි පෙන්වා දෙයි. සමහරවිට සොත්ති උපාලි සීසන් 2 රනිල් විසින් රඟ දක්වනවා විය හැකිය.

වරදේ ස්වභාවය හා බැරෑරුම්කම සලකන විට අගමැති ඉල්ලා අස්වීම පමණක් වුවද ප්‍රමාණවත් නැතැයි මාගේ හැඟීම වේ. අපරාධ චෝදනාවෙන් කොටසක් ඔහුටත් එල්ල කර ඌටත් නීතිය ක්‍රියාත්මක විය යුතුය. දැනටත් දේශපාලුවන්ගේ වගවීම් හා වගකීම් ගැන ඉතා පහල ඇගයීමක් බුද්ධිමත් හා සෙසු ජනයාට ඇත. මෙම සිද්ධිය සම්බන්දයෙන් අගමැති තමන්ගේ වගකීම ප්‍රදර්ශනය නොකරයි නම් හෝ ජනපතියා හා නීතිය විසින් රනිල් ඇතුලු වංචනිකයන්ව ආරක්ෂා කරයි නම්, ඉන් අනියමින් කියන්නේ නීතියේ ආධිපත්‍යය හා යුක්තිය සමාදානයේ සතපා ඇති බවයි. එසේ නම්, සන්නද්ධ අරගලයකින් හෝ මේ දූෂිතයන් පලවා හැරීම සිදු කළ යුතුය.

Comments

  1. සුපුරුදු ලෙසින් ඔබේ අැනෝ කොමෙන්ටුව
    මෙන්න අර්ධ ශූන්‍ය ලන්තයේ අද පුවත් සිරස්තල...

    ෴ අගමැති රනිල් මෝදි හමු වීමට ඉන්දියාවට යන බව දැන එරට බැංකු වල ආරක්ෂාව තර කෙරෙයි. මෝදිගේ පසුම්බිය රනිල්ගේ බෑගයේ තිබී හමුවෙයි.

    ෴ හොරු අල්ලන්න පත් කළ කමිටුවේ සාමාජිකයන් හොරුන්ව ආරක්ෂා කිරීමට පොත් එළිදක්වයි. (කෝප් කමිටුවේ)

    ෴ හොරකම් කරන්න අමාරු නිසා බඩ වියත රැක ගැනීමට රනිල් විසින් හොරකම් කරන්න උගන්වන ටියුෂන් පවත්වයි. පලමු සිසුවා බවට මෝදි පත් වේ යැයි බියෙන් ඉන්දියානු බුද්ධි අංශ කලබලයට...

    ReplyDelete
    Replies
    1. hahaha...

      ලංකාවේ මෙවන් දූෂිතයන් ගැන ඇත්තටම සිනාසෙන්නද අඬන්නද උන්ව මරා දමන්නද ඕන කියා සිතා ගත නොහැකිය...

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...