Skip to main content

වන්දිභට්ටයන්ගේ වැමෑරීම

සරත් ෆොන්සේකා යනු යම් කලකට පෙර රටේ වීරයෙකි. එහෙත් මේ වන විට වෛරයෙන් හා මානසික ව්‍යාධිවලින් විකෘති මානසිකත්වයෙන් පෙලෙන කලවැද්දෙක් බවට පත්ව ඇත. ඔහු කැමැත්තෙන් දේශපාලනයෙන් විශ්‍රාම නොයන්නේ නම් ඇමතිකම ගලවා පැත්තකට කර තැබිය යුතුය. ඇමතිවරුන්ට කෝටි ගණන් වටිනා වාහන හා කාර්යාල අත්‍යවශ්‍ය බව විලි ලැජ්ජා නැතිව පවසන ඌ තමන්ට ලැබුණු ඇමතිකමින් හා කෝටි ගණන් ජනතා මුදලින් නඩත්තු වන වරප්‍රසාද යොදා පකිස් බූරුවෙකුටවත් වැඩක් වෙනවා අප දැක නැත.

එහෙත් උෟ විසින් ජගත් ජයසූරියට සිදු කරන යුධ අපරාද චෝදනා නිකංම අහක නොදා රට තුල විභාග කළ යුතුය. එම චෝදනා ඔප්පු වුවොත් ජයසූරියට අදාල දඬුවම් දිය යුතු අතර, චෝදනා සාවද්‍ය නම් කලවැද්දාව හිරේට දැමිය යුතුය. ත්‍රස්තවාදින්ව මැරීමට මිස ඒ අස්සේ අහිංසකයන්ට හිරිහැර කිරීමට කාටත් බලයක් නැත. බොරු ජාතික, ආගමික හැඟීමක් ආරූඪ කරගෙන සොයන්නේ බලන්නේ නැතිව යුද අපරාද සිදු වුණා හෝ නැතැයි කීමම  විහිලුවකි.

රතුපස්වලදී හමුදාව විසින් සිදු කළ ව්‍යසනය මා ඇසින්ම දැක්කෙමි. අමු තුච්ඡ තිරිසනුන් සේ හමුදාව එතැන හැසිරිණි. එය යුද අපරාදයක් නොවුණත් සහසික අපරාදයකි (ඊට දඬුවම් දෙන තුරුත් අප නොඉවසිල්ලෙන් බලා සිටිමු). එදා සිට මා ඇතුලු එම ප්‍රදේශයේ ඉතා විශාල පිරිසක් කියන්නට වූයේ සිංහලයන්ට මෙලෙස සැලකුවා නම්, යුද්දෙ අස්සේ දෙමල අයට කෙසේ සලකන්නට ඇත්දැයි කියාය. එනිසා යුද්ධ කාලයේදී යුද අපරාද ඇති වන්නට ඇතැයි සැකයක් ඇත. එය විමර්ෂනය කළ යුතුය.

නිකරුනේ අසාධාරණයකට ලක් වූ කොන්දක් තිබෙන එකෙකුට තමන්ට සාධාරණය ඉටු වෙන තුරු නිවනක් නැත.  එනිසා එම ප්‍රදේශවල වෙසෙන දෙමල ජනයාට එම සැනසිල්ල ලබා දෙන තුරු සත්‍ය ලෙසම මහා පොලොවේ සංහිඳියාව ඇති කළ නොහැකිය. එය තමයි මානුසික ස්වභාවය. එය වීරවංශ, ඇල්ලේ ගුණවංශ ආදි එක එක ජාතිවාදින්ගේ මෝල් මානසිකත්වයෙන් කියන ප්‍රකාශ හා මතවාදවලින් සමනය නොවේ. අපරාද කර නැතිනම් බය වන්නට දෙයක් නැත. අපරාද කර ඇත්නම් දඬුවම් දිය හැකිය. ඒ දෙකම යුක්ති සහගතය. බැරිවෙලාවත් දේශිය වශයෙන් එය සිදු කරන්නේ නැතිනම්, විදේශීය බලහත්කාරය මැද වුවද එය සිදු වනු ඒකාන්තය. එවිට කටමැත දොඩවන එවුන්ට නැට්ට පස්සෙ ගහගෙන නිවටයන් ඒ දෙස බලා සිටීම හැර වෙන කරන්නට දෙයක්ද නැත.

රාජපක්කගේ ජඩවැඩ ත්‍රස්තවාදය හමුවේ මුඛයෙන් තියා අධෝමුඛයෙනුත් ශබ්ද නඟන්නට බිය වූ පරයන් අද තිබෙන නිදහස (මේ ලැබී තිබෙන නිදහස ගැන ඇත්තටම අපට සතුටුය) තුල පුවත් සාකච්ඡා සිදු කරයි. රාජපක්ක සමයේ දවසක් මාධ්‍යවේදියෙකු එක්තරා කලාකරුවෙකුගෙන් ඇසුවේ රටේ සිදුවන අක්‍රමිකතා ගැන ඔබතුමා සිතන්නේ කුමක්ද කියාය. එවිට බොහෝම ශාන්තිවාදි විලාසයක් පෙන්නූ ඔහු පැවසුවේ තම තමන්ගේ සිත පාලනය කරගෙන එවැනි දේවලින් කිපෙන්නේ නැතිව සිටීමට උත්සහ කළ යුතු බවයි. එසේ කියා අර කිසිදු ජඩකමක් ගැන එක වචනයකුදු පැවසුවේ නැත. ඒ කාලයේ එම අසාධාරණවලට එරෙහිව ඔහු වචනයකුදු කියනු අප දැක නැත. එහෙත් ඊයේ මා ඔහුව දැක්කේ ඇල්ලේ ගුණවංශව රැක ගැනීමට හා ජාතිය රැක ගැනීමට සටන් පෙරමුණක සිටිනවා. එම කලාකරුවා වෙන කවුරුවත් නොව, රෝහන බැද්දගේය.

ෆොන්සේකාගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ඇල්ලේ ගුණවංශ නම් චීවරධාරියා කියා සිටින්නේ ලබන පාර තමනුත් දේශපාලන වේදිකාවේ සිටින බවයි. සමහරවිට ඔහු සිතනවා විය හැකියි එය මහා ලොකු දෙයක් කියා. අපට නම් එය කෙල පිඩක් තරම්වත් වැදගත් කමක් නැත. තමන්ව මහා ලොකු කෙරුමන්ලා කියා සිතන් සිටි හැමෝම එකම රාජපක්ක වේදිකාව මත සිටියදී තමයි එම කඳවුර පරාද වූයේ. එදත් ඔය මහාලොකු ගුනවංශ සිටියේ එම වේදිකාවේ තමයි.

රාජපක්කගේ අධම පාලනය තුල රටේ මුදලින් වරප්‍රසාද ලැබූ චීවරදාරින්, කලාකරුවන්, හා වෘත්තිකයන් දෙකොට්ඨාශයක් සිටියා. එක් කණ්ඩායමක් ඒවා භුක්ති විඳිමින් ප්‍රසිද්ධියේම රාජපක්ක වන්දනාවේ නියැලුණා. තවත් කණ්ඩායමක් රාජපක්කයන්ට ළැඳියාවක් තිබෙන බව නොපෙන්වා ශාන්තිවාදින් සේ සැඟව සිටියා. අර චිත්‍රපටවල කුඩු ව්‍යාපාරිකයන්, ගණිකා මඩම් පවත්වාගෙන යන අය, ත්‍රස්තවාදී නායකයන් සමාජය ඉදිරියේ සුදු ඇඳුම් ඇඟගෙන ගුණවත් අය සේ පෙනී සිටින්නා සේ මෙවුන් සමාජයේ සැඟව සිටියා. රාජපක්කට බය නැතිව තමන්ගේ ජඩකම පවත්වාගෙන යෑමට ඇත්තටම ශක්තිය ලැබුණේ මෙවුන්ගෙන්ය. අද මෙම දෙකොට්ඨාශයම සමාජයට නිරාවරණය වෙමන් පවතිනවා. කෙලෙහි ගුණ දක්වන්නට උන්ට වරප්‍රසාද ලබා දුන් හාම්පුතාලා විසින් අද ඔවුන්ටත් බල කෙරෙනවා. දැන් ඉතිං වමාරන්න උන්ටත් සිදු වී තිබෙනවා. රට, දැය, ආගම, රණවිරුවා යන බෝඩ් එල්ලාගෙන එය සිදු කරනවා.

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

Let's Learn Sinhalese in English 16

Let’s learn how to work with numbers now. First memorize the following Sinhala words/sounds for numbers. There are nice and easy patterns just like in English. Only “eka siyaya” is slightly different because instead of “ek-“, it has “eka” (but still “ek-“ in prefix form is as same as “eka” both having the meaning of “one”).   1 - eka 2 - dheka 3 - thuna 4 - hathara 5 - paha 6 - haya 7 - hatha 8 - ata 9 – navaya /namaya 10 - dhahaya 11 - ekolaha 12 - dholaha 13 - dhahathuna 14 - dhahahathara 15 - pahalava 16 - dhahasaya 17 - dhahahatha 18 – dhaha-ata 19 - dhahanavaya 20 – vissa         (“ visi -”) 21 – visi-eka 22 – visi-dheka 23 – visi-thuna 24 – visi-hathara 25 – visi-paha 26 – visi-haya 27 – visi-hatha 28 – visi-ata 29 – visi-navaya 30 – thiha    ...