Skip to main content

සිල් රෙදි හොරු හා සිවුරු හොරු

කහ පාට කසාවතක් පොරවා ගත් පලියට කඳ බඩ තිබෙන ඕනෑම ගොනෙකුට ගෞරවනීය බුද්ධ පුත්‍රයකු විය නොහැකිය. කොටින්ම බුදු දහම තුල කහපාට චීවරය හුදෙක් විලි වසා ගැනීමේ ක්‍රමයක් විනා විදර්ශනා මාවතේ අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය සාධකයක් නොවේ. බුද්ධ කාලයේ සිට දැනුදු චීවරය දරන ශ්‍රමනයන්, අනගාරිකයන් ආදියද සිටී. ඒ සියල්ලන්ම පොදුවේ චීවරධාරින් වේ. සිවුර නොව එම සිවුර තුල සිටින පුද්ගලයාවයි අප ගෞරව කරන්නේ හෝ හෙලා දකින්නේ.

බුදු දහම හා නිවන් මඟ පසෙකලා දේශපාලනය ආගම කර ගෙන දහමට පටහැනිව ක්‍රියා කරන කාලකන්නි මුඩ්ඩපබ්බජිතයන්ට අඩුම ගානේ හාමුදුරුවරුවරුන් නොකියා චීවරධාරි යැයි වචනයෙන් හැඳින්වීමම පැසසිය යුතු තත්වයක් බව තමන්ගේ බූදලය සේ බුදු දහම කොටස් කර ගෙන සිටින හා එ් තුලින් සුඛෝපභෝගි ජීවත ගත කරන ඒරියා මැනේජර්ලා බදු නිකාය නායකයන්ට නොතේරේ.

දශක ගණනාවක සිට සිවුරු දරා සිටින දූෂිතයන් හා අපරාධකරුවන්ට චීවරධාරියා යන නමින් ආමන්ත්‍රණය කර තිබේ. උදාහරණයක් ලෙස, බණ්ඩාරනායක අගමැතිට වෙඩි තිබ්බේ අහවල් චීවරධාරියා කියායි අපද කුඩා කල ඉගෙන ගත්තේ. යම් අපරාධමය කටයුත්තකට වැරදිකරුවන් වූ විටද එවුන්ට හාමුදුරුවන් නොකියා චීවරධාරියා යැයි පවසන සම්ප්‍රදායක් ඇත. ඒ කිසිවක් නිසා නොව, බුදු දහමට සිදුවනවා යැයි සිතන අවනම්බුව අවම කිරීමටයි. දැනුදු අධිකරණයෙන් දඬුවම් ලබා දුන් දූෂිතයන් ආරක්ෂා කරන, පාහරයන් වෙනුවෙන් කඩේ යන, වැරදි ආකාරවලින් වරප්‍රසාද ලබා සිටි වනචර කාලකන්නි චීවරධාරින් අතලොස්සට චීවරධාරි යන වචනයද ගරුතර වැඩිය.

ඔය මහා ලොකු සංඝ නායකයන් කළ යුත්තේ සංඝ සමාජය දූෂිතයන්ගෙන් පිරිසිදු කර ගැනීමයි. දහාජරා වැඩ කුමක් කළත් අද එවුන්ට සිවුර දරා ගෙන සිටිය හැකි මුක්තියක් තිබේ. තිරස්චීන යැයි බුදු හිමියන් විසින් සම්මත සියල්ල කරන වනචරයන් අද සිවුරු දරාගෙන පමණක් නොව, විවිධ තානාත්තරද නායක පට්ටම්ද ලබා වැජඹේ. අස්ගිරි නායකයන්ට අනුන්ගේ ඇසේ පොල් කෙන්ද පෙනුනත් තමන්ගේ ඇසේ තිබෙන පොල් පරාල නොපෙනේ. ඇත්තෙන්ම මෙවැනි තත්වයන් නිසා දවසින් දවස සංඝයා කෙරෙහි කලකිරෙන අය එකා බැඟින් හෝ වැඩි වෙනවා මිස ඊට පැහැදෙන්නේ නැත.

බුදු දහම කෙලසන්නේ තමන්ට අකැප හෝ අදාල නැති ගිහි වැඩ කරපින්නාගෙන නමට පමණක් සිවුරු දරා සිටින චීවරධාරින් හා උන්ව ආරක්ෂා කරන සමාජයේ ඉහල වරප්‍රසාද විඳින නායක යැයි කියා ගන්නා අය මිස වෙනත් එවුන් නොවේ. සමහරවිට බුදු රඳුන් විසින්ම දේශනා කරන ලද පරිදි බුදු දහම කෙලෙසන කාලකන්නි ටික  දැන් බිහි වෙමින් පවතින බව පෙනේ. මෙවුන් ගිහියන් නොව, විවිධ මුහුනුවරින් සිටින චීවරධාරින් හා නායක පට්ටම් දරන (සමහර) සංඝයාම වේ. බුදු දහම දේශපාලනය හෝ අවුරුදු දහස් හෝ කෝටි ගණනක වුව සම්ප්‍රදායන් හෝ විසින් කිසිසේත් සංස්කරණය විය නොහැකිය. එනිසා, බුදු දහමින් පිට අනවශ්‍ය ජඩ වැඩකටයුතු කරන කිසිවෙකුට අප ගරු කළ යුතු නැත ඒකා කසාවත පොරවන් මොන නායක තනතුරු දැරුවත්.

රටේ නීතියට අනුව නිල උසාවියකින් වැරදි කරුවන් බවට පත් කළ එවුන්ට සහය පිනිස සල්ලි හිඟා කමින් යන "සංඝයා" පෙලක් අද දක්නට ලැබුණි. බුදු දහමට මෙය ඉතා විශාල අපහසයකි; කලු පැල්ලමකි. එවන් බරපතල වැරද්දක් වැලැක්වීමට මහා ලොකු අස්ගිරි නායකයන්ට හැකිද? එම හිඟමනේ යවපු සංඝයා අතර හයක් හතරක් නොතේරෙන සාමනේර හිමිවරුන්ද සිටි බව දැකීමෙන් මහත් දුකක්ද ඇති විය. සිවුරු දරා සිටියත් නොසිටියත් ඒ අය ළමුන් වේ. ඒ අහිංසකයන් හැර අනෙක් එවුන් කම්බ හොරු වේ; හිටපු රජාගේ උපදේශවරුද, උගේ පස්ස සෝදපු එවුන්ද වේ. ඒ කාලයේ සිට අවකල් ක්‍රියාවලට චෝදනා ලැබූ එවුන් චීවරධාරි ටික එකවර මාර්ගපල ලාභින් සේ සලකන්නට ඔලුවක් තිබෙන අයට නොහැකිය.

සිවුර යනු ඕනෑම වනචර ක්‍රියාවක් නිදොස් කළ හැකි මායා බලයක් නොවේ. නැවත කියන්නේ අපට අඳින ඇඳුමෙන් වැඩක් නැත. පුද්ගලයා කරන ක්‍රියාව පමණයි සලකන්නේ. එවැනි දූෂිතයන් සිවුරු දරා සිටී නම්, උන්ගේ සිවුරු ගැලවීම ඒරියාමැනේජර්ලාගේ (නිකාය නායකයන්ගේ) අත්‍යන්ත වගකීම වේ. උන්ට මුක්තිය ලබා දෙන්නේ නම්, උන්ගේ ක්‍රියාවන්ට නඟන චෝදනා, ගැරහීම්, අපහස, උපහසද අසාගෙන සිටිය යුතුය. අප ආගමික පරිපාලන කටයුතු විවේචනය කරන්නට ගියේ නැත. ගිහියන්ට අයත් දේශපාලන කරුණු ගැනයි මේ සියල්ල පැනනැඟී ඇත්තේ.

Comments

  1. Metanata adala nati prasnayak meka.. pitiduwe siridamma himi aka Samanthrabadra himi kyanna se unnasse rahatpala labagena etda?natnam tarkanaye saha danume anubawayen ese ragadakwaida?

    ReplyDelete
    Replies
    1. karmaya, punarbawa, maargapala, deviyan aadi siyalla hudu pralaapa pamani. enisa samanthabhadra pamanak nowa wenath onema keneku uwada thaman rahath yeyi kiya sitinne nam eya musawaki.

      eya rangapaanawada (rawatanawada), ehema nathinam thaman maanasika vyadiyakin pelemin thaman rawatee sitinawada kiya maa danne netha. dewa waram thiyenawa yai kiyaa ganna ewunda watenne me ganayatama thamai. ekko un minisunwa rawatanawa, nathinam unta manasika vyadiyak thiyenawa.

      danuma kiyana eka ithin buddimathekutath thiyenna puluwan amu pissekutath thiyenna puluwan. eheth tharkaya thiyenne buddimathekuta witharai. enisa samanthabadrata tharkana hakiyawa thiye yai maa sithanne natha.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...