Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...

සිල් රෙදි හොරු හා සිවුරු හොරු

කහ පාට කසාවතක් පොරවා ගත් පලියට කඳ බඩ තිබෙන ඕනෑම ගොනෙකුට ගෞරවනීය බුද්ධ පුත්‍රයකු විය නොහැකිය. කොටින්ම බුදු දහම තුල කහපාට චීවරය හුදෙක් විලි වසා ගැනීමේ ක්‍රමයක් විනා විදර්ශනා මාවතේ අත්‍යවශ්‍ය හෝ අවශ්‍ය සාධකයක් නොවේ. බුද්ධ කාලයේ සිට දැනුදු චීවරය දරන ශ්‍රමනයන්, අනගාරිකයන් ආදියද සිටී. ඒ සියල්ලන්ම පොදුවේ චීවරධාරින් වේ. සිවුර නොව එම සිවුර තුල සිටින පුද්ගලයාවයි අප ගෞරව කරන්නේ හෝ හෙලා දකින්නේ.

බුදු දහම හා නිවන් මඟ පසෙකලා දේශපාලනය ආගම කර ගෙන දහමට පටහැනිව ක්‍රියා කරන කාලකන්නි මුඩ්ඩපබ්බජිතයන්ට අඩුම ගානේ හාමුදුරුවරුවරුන් නොකියා චීවරධාරි යැයි වචනයෙන් හැඳින්වීමම පැසසිය යුතු තත්වයක් බව තමන්ගේ බූදලය සේ බුදු දහම කොටස් කර ගෙන සිටින හා එ් තුලින් සුඛෝපභෝගි ජීවත ගත කරන ඒරියා මැනේජර්ලා බදු නිකාය නායකයන්ට නොතේරේ.

දශක ගණනාවක සිට සිවුරු දරා සිටින දූෂිතයන් හා අපරාධකරුවන්ට චීවරධාරියා යන නමින් ආමන්ත්‍රණය කර තිබේ. උදාහරණයක් ලෙස, බණ්ඩාරනායක අගමැතිට වෙඩි තිබ්බේ අහවල් චීවරධාරියා කියායි අපද කුඩා කල ඉගෙන ගත්තේ. යම් අපරාධමය කටයුත්තකට වැරදිකරුවන් වූ විටද එවුන්ට හාමුදුරුවන් නොකියා චීවරධාරියා යැයි පවසන සම්ප්‍රදායක් ඇත. ඒ කිසිවක් නිසා නොව, බුදු දහමට සිදුවනවා යැයි සිතන අවනම්බුව අවම කිරීමටයි. දැනුදු අධිකරණයෙන් දඬුවම් ලබා දුන් දූෂිතයන් ආරක්ෂා කරන, පාහරයන් වෙනුවෙන් කඩේ යන, වැරදි ආකාරවලින් වරප්‍රසාද ලබා සිටි වනචර කාලකන්නි චීවරධාරින් අතලොස්සට චීවරධාරි යන වචනයද ගරුතර වැඩිය.

ඔය මහා ලොකු සංඝ නායකයන් කළ යුත්තේ සංඝ සමාජය දූෂිතයන්ගෙන් පිරිසිදු කර ගැනීමයි. දහාජරා වැඩ කුමක් කළත් අද එවුන්ට සිවුර දරා ගෙන සිටිය හැකි මුක්තියක් තිබේ. තිරස්චීන යැයි බුදු හිමියන් විසින් සම්මත සියල්ල කරන වනචරයන් අද සිවුරු දරාගෙන පමණක් නොව, විවිධ තානාත්තරද නායක පට්ටම්ද ලබා වැජඹේ. අස්ගිරි නායකයන්ට අනුන්ගේ ඇසේ පොල් කෙන්ද පෙනුනත් තමන්ගේ ඇසේ තිබෙන පොල් පරාල නොපෙනේ. ඇත්තෙන්ම මෙවැනි තත්වයන් නිසා දවසින් දවස සංඝයා කෙරෙහි කලකිරෙන අය එකා බැඟින් හෝ වැඩි වෙනවා මිස ඊට පැහැදෙන්නේ නැත.

බුදු දහම කෙලසන්නේ තමන්ට අකැප හෝ අදාල නැති ගිහි වැඩ කරපින්නාගෙන නමට පමණක් සිවුරු දරා සිටින චීවරධාරින් හා උන්ව ආරක්ෂා කරන සමාජයේ ඉහල වරප්‍රසාද විඳින නායක යැයි කියා ගන්නා අය මිස වෙනත් එවුන් නොවේ. සමහරවිට බුදු රඳුන් විසින්ම දේශනා කරන ලද පරිදි බුදු දහම කෙලෙසන කාලකන්නි ටික  දැන් බිහි වෙමින් පවතින බව පෙනේ. මෙවුන් ගිහියන් නොව, විවිධ මුහුනුවරින් සිටින චීවරධාරින් හා නායක පට්ටම් දරන (සමහර) සංඝයාම වේ. බුදු දහම දේශපාලනය හෝ අවුරුදු දහස් හෝ කෝටි ගණනක වුව සම්ප්‍රදායන් හෝ විසින් කිසිසේත් සංස්කරණය විය නොහැකිය. එනිසා, බුදු දහමින් පිට අනවශ්‍ය ජඩ වැඩකටයුතු කරන කිසිවෙකුට අප ගරු කළ යුතු නැත ඒකා කසාවත පොරවන් මොන නායක තනතුරු දැරුවත්.

රටේ නීතියට අනුව නිල උසාවියකින් වැරදි කරුවන් බවට පත් කළ එවුන්ට සහය පිනිස සල්ලි හිඟා කමින් යන "සංඝයා" පෙලක් අද දක්නට ලැබුණි. බුදු දහමට මෙය ඉතා විශාල අපහසයකි; කලු පැල්ලමකි. එවන් බරපතල වැරද්දක් වැලැක්වීමට මහා ලොකු අස්ගිරි නායකයන්ට හැකිද? එම හිඟමනේ යවපු සංඝයා අතර හයක් හතරක් නොතේරෙන සාමනේර හිමිවරුන්ද සිටි බව දැකීමෙන් මහත් දුකක්ද ඇති විය. සිවුරු දරා සිටියත් නොසිටියත් ඒ අය ළමුන් වේ. ඒ අහිංසකයන් හැර අනෙක් එවුන් කම්බ හොරු වේ; හිටපු රජාගේ උපදේශවරුද, උගේ පස්ස සෝදපු එවුන්ද වේ. ඒ කාලයේ සිට අවකල් ක්‍රියාවලට චෝදනා ලැබූ එවුන් චීවරධාරි ටික එකවර මාර්ගපල ලාභින් සේ සලකන්නට ඔලුවක් තිබෙන අයට නොහැකිය.

සිවුර යනු ඕනෑම වනචර ක්‍රියාවක් නිදොස් කළ හැකි මායා බලයක් නොවේ. නැවත කියන්නේ අපට අඳින ඇඳුමෙන් වැඩක් නැත. පුද්ගලයා කරන ක්‍රියාව පමණයි සලකන්නේ. එවැනි දූෂිතයන් සිවුරු දරා සිටී නම්, උන්ගේ සිවුරු ගැලවීම ඒරියාමැනේජර්ලාගේ (නිකාය නායකයන්ගේ) අත්‍යන්ත වගකීම වේ. උන්ට මුක්තිය ලබා දෙන්නේ නම්, උන්ගේ ක්‍රියාවන්ට නඟන චෝදනා, ගැරහීම්, අපහස, උපහසද අසාගෙන සිටිය යුතුය. අප ආගමික පරිපාලන කටයුතු විවේචනය කරන්නට ගියේ නැත. ගිහියන්ට අයත් දේශපාලන කරුණු ගැනයි මේ සියල්ල පැනනැඟී ඇත්තේ.