Skip to main content

අපේ කාලයේ අනේපිඬු සිටුවරු

ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස සටහන් කළ හැකි නඩු තීන්දුවක් ලෙස සිල් රෙදි හොරු දෙදෙනා වන හිටපු ජනපති ලේකම් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති හා මහින්ද රාජපක්කගේ ඥාති ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට ලබා දුන් දඬුවම සැලකිය හැකිය. මේ ගැන අපත් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. කෙසේ වෙතත් ලබා දුන් දඬුවම ලිහිල් වැඩි යැයිද සිතේ.

මුං දෙදෙනා ජනතා මුදල් ජනාධිපති මැතිවරණයේදී හිටපු කුපාඩි වනචර රජා වන මහින්ද පර්සි රාජපක්කට වාසි සැලසෙන පරිදි අවභාවිතා කර ඇත. එය එසේ මෙසේ ගණනක් නොව, රුපියල් ලක්ෂ හයදහකි. උසාවිය නිවැරදි ලෙසම එය මැතිවරණ අල්ලසක් හා රාජ්‍ය දේපල අවභාවිතයක් ලෙස සලකා නඩු තීන්දු ලබා දීම ප්‍රසංසනීය වේ.

එහෙත් අද වන විට එම දඬුවම කනපිට හරවන්නට රාජපක්කගේ හොර නඩය ක්‍රියාන්විත අරඹා ඇත. රාජපක්ක ලොල්ලෙකු වන රියර් අඩ්මිරාල් සරත් වීරසේකර පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛතාව ලබා දීම යන ව්‍යවස්ථාව ක්‍රියාවට නැඟීමක් ලෙස සිල් රෙදි බෙදීම සැලකිය යුතු බවකි. මෙම දඬුවමින් රාජ්‍ය ආයතන බුදු දහමට කරන අනුග්‍රහයන් නැවතී යෑමට ඉඩ ඇති බව ඒකා දොඩවයි. තවත් මුඩ්ඩපබ්බජිතයන් කිහිප දෙනෙකුද එවැනිම මත දක්වනු පෙනුනි. සිල් රෙදි හොරු දෙන්නා මුංට අනුව මහා ධනපති හා දානපති අනේපිඬු සිටුවරුය. උන්ගේ පෞද්ගලික මුදලින් අසූ කෙලක් වියදම් කර සිල් රෙදි බැරි නම් යට ඇඳුම් බෙදා දුන්නත් අපට කම් නැත. එහෙත් මේ රෙදි හොරුන් දානපති වී තිබෙන්නේ අපේ මුදල් වියදම් කරමින්ය.

බුදු දහමට ඇත්තටම නිගරු කරන්නේ වීරසේකර හා අර චීවරදාරින් වැනි තුච්ඡයන්ය. තමාගේ එකා හොරකම් කරන විට එය දානයක් සේ (අසාරය සාරය ලෙස) දකින එවුන් මිච්ඡා සංකප්පයෙන් ජීවත් වන පාපතරයන්ය. උන් අර පෙදෙසේ මේ පෙදෙසේ ආදි ලෙස සංඝනායක පදවි දැරූ පලියට එම සත්‍ය වෙනස් නොවේ. මුංගේ වාසියට අර තරම් වටිනා දහමත් වෛශ්‍යා වෘත්තියේ යොදවන්නේ මුන්ය. බුද්ධ රුවක් රෙද්දක ප්‍රින්ට් කර තිබෙන විටත් නීතිය ක්‍රියාත්මක වන රටේ හරි නම් මෙලෙස අමු අමුවේ බුදු දහම විකෘති කරන, බුදු දහම අනාචාරයේ යොදවන, වනචර ක්‍රියාවන් බුදු දහමින් විසුද්ධිකරණය කරන මෙවන් අධමයන්ට නීතිය ක්‍රියාත්වක කළ යුතු වේ.

තවද රාජපක්ක හා අගමැත්තා අතර හමුවක් ඊයේ පවත්වා තිබේ. එහිදී අගමැත්තාද මෙම දඬුවම ගැන මවිතයට පත් වූ බව රාජපක්ක කියයි. ඊට අගමැත්තා දෙන පිලිතුර කුමක්දැයි බලා සිටිමු. සංචාරක ඇමති ජෝන් බාස්ද වීරතුංගට සුදු හුනු ගානු මාධ්‍ය ඔස්සේ දැකිය හැකිය. රාජපක්ක කාලේ උ සමඟ රට සවාරිවලට ජෝන් බාස්ව එක්කං ගිහිපු එකට කරන කල ගුණ සැලකීමක් ලෙස එය සැලකිය හැකිය. හැම එකාම බලන්නේ තමන්ට සිදු වූ වාසි අවාසි මිස, සාධාරණත්වය හා රට ගැන නොවේ.

ඊයේ බරපතල වැඩ සහිතව හිරේට යවපු රෙදි හොරු දෙන්නා අද බන්ධනාගාර රෝහලේ ලැඟුම් ගෙන ඇත. හෙට ජාතික රෝහලේ ගෙවන වාට්ටුවටත්, අනිද්දා පෞද්ගලික රෝහලකත් ඇඩ්මිට් කළොත් එහි පුදුම වන්නට දෙයක්ද නැත. උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන කාලකන්නි නිළධාරින් සිටින රටක සිටීමේ ප්‍රතිපලය එයයි. අනුපාතයක් හෝ ප්‍රතිශතයක් ලෙස ගත් විට වනචර ප්‍රභූන් බන්දනාගාර ගත වන විට රෝහල් ගත වීම හා සාමාන්‍ය ජනයා එලෙස බන්දනාගාර ගත වීමෙන් රෝහල්ගත වීම ගැන බැලූ විට ඕනෑම කෙනෙකුට මෙතැන ඇති වංචාව පෙනේ. නීතිය ක්‍රියාත්මක වීමේදිත් නීතිය හා මූලික මිනිස් අයිතිවාසිකම් (සැමෝටම එක සැලකිලි ලැබීම) කැඩෙන රටකි ලංකාව.

මෙනිසා වටිනා උසාවි තීන්දුවක් ආරක්ෂා කිරීමට හා අර කියූ ජාතියේ රටේ පවට උපන් කාලකන්නින්ගේ හා හොරුන්ගේ ක්‍රියාන්විත ආපස්ස හරවන අරගලයක් දැන් සිවිල් සමාජය තුල ඇති විය යුතුය. නැතිනම්, ප්‍රායෝගික තලයේදී වැරදි කිරීමට රාජ්‍ය නිලධාරින් බිය නොවනු ඇත. හැකි ඉක්මනින් අනෙක් දූෂිතයන්ටද මෙලෙසම නීතිය ක්‍රියාත්මක කරවීමට බලපෑම දැඩි කළ යුතුය. එසේ නැති වුවොත්, දෙපැත්තේම හොරු තම තමන්ව ආරක්ෂා කර ගැනීමට ඩීල් දමනු ඇත. දැනටමත් ඩීල් ආරම්භ වී ඇති බව පෙනේ. මහාබැංකු බැඳුම්කර හොරුන්ට රාජපක්ක හොරු හිලව් වී යෑමට ඉඩ ඇත.

දැන්වත් ජනපති පඹයාට අර පිනෝකියෝට මෙන් පන ඒවා යැයි ප්‍රාර්ථනා කරමු. එසේ නොවුණොත් ඉතිහාසයේ මෙම වකවානුව හොරු දැක දැකත් හිටං හිටපු නපුංසක ජනපතියෙක් සිටි කාලයක් සේ සටහන් වනු ඇත.

Comments

  1. These two puppets simply follow the orders from the top. I (kind of)feel sorry for them. In the other hand, they deserve to be behind bars, because they accept the responsibility for their actions, rather than dobbing in the person(s) who gave them orders.

    ReplyDelete
    Replies
    1. well, simply calling these bastards "puppets" is kind of vindicating them for their bastardry... rather they (specially Weeratunga) are masterminds behind all sorts of white-collar frauds that occured throughtout the past rogue regime of Rajapakkas which could possibly amount to trillions of rupees of tax payers' money. You may remember another related criminal in the name Weeratunga who was then the ambassador to Russia.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...