Skip to main content

English Grammar Cheatsheet

ඉංග්‍රිසි භාෂාවේ ව්‍යාකරණය ඉගෙන ගැනීමට පිටු 6ක කෙටිසටහන් (cheatsheet). මීට පෙර ව්‍යාකරණය ඉගෙන ගත් පසු මෙය නිතර ළඟ තබා ගනිමින් පරිශීලනය කළ හැකිය. පහත ලින්ක් එක මත ක්ලික් කර ඩවුන්ලෝඩ් කර ගන්න.

https://drive.google.com/open?id=1XbLODdCSae900fhSReZqINA8VJ2nVsXO





Comments

  1. "පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි"

    ReplyDelete
    Replies
    1. ආත්මාර්ථකාමින් වුව ඉන් පල ලැබ ගන්නේ නම් ඉනිදු ලොව ලස්සන වේ

      Delete
  2. මම විශුවල් බේසික් වලින් ෆ්‍රැක්ටල් මෘදුකාංගයක් හැදුවා.
    මම හිතන හැටියට මේකෙන් manderbrolt මෝස්තරය හතරවෙනි මානයක් ඔස්සේ පෙති කපා බැලූවිට පෙනෙන ආකාරය දැක්වෙනවා.
    https://www.dropbox.com/s/667s0x1hod4kf74/Buddhabrot.7z

    ReplyDelete
    Replies
    1. ඒක ඩවුන්ලෝඩ් කරල රන් කළාට රන් වෙන්නේ නැත... සමහරවිට රන්ටයිම් ලයිබ්රරි ෆයිල්ස් මගේ පරිගනකයේ නැතිව ඇති... කෙසේ වෙතත් ඔබ කළ දේ අගය කිරීමට වටී :) මා සිතන්නේ ඔබ කියන්න ඇත්තේ සිව් වැනි මානයේ ත්‍රිමාන (හෝ ද්විමාන?) ප්‍රක්ෂේපනය විය යුතුයි...

      Delete
  3. හරිම ප්‍රයෝජනවත්... මම ඒක ප්‍රින්ට් කරගත්තා. හැබැයි පොඩි වරදක් තිබෙනවා. 4 වන පිටුවේ පහළ තියෙන අනාගත කාල කර්තෘ-කර්ම කාරක වගුවේ පර්ෆෙක් ටෙන්ස් කර්ම කාරක වාක්‍ය will have been played ලෙස වෙනස් විය යුතුය කියා මා සිතනවා.

    දැන් ප්‍රින්ට් කරගන්නත් මාර ගාණක් යනවා... (දෙපැත්තම රැ. 5 ක්?). ඔබේ ඔක්කොම පොත් ටක මම කියවලා තියෙනවා. ඒවා නම් අති විශිෂ්ටයි. ^_^ කියන්න වචන නෑ. ගැඹූරු කරුණු ඉතා සරලව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම ප්‍රින්ට් කරන්න ගියොත් රැ. 10,000 ක් වත් යයි :'( ඒවායේ.doc ටයිප් එකේ ඒවා එවන්න පුළුවන්නම් ලොකූ දෙයක්. (adalananee15@gmail.com) එතකොට මට අනවශ්‍ය කොටස් අයින් කරලා අත්‍යාවශ්‍ය ටික ගාණට වෙන් කරගන්න පුළුවන් වෙයි. (නැත්නම් එක්කෝ නොකා නොබී ප්‍රින්ට් කරන්න වෙන්නේ ; නැතිනම් අැස් 2 ට සැප තමයි)

    මම freelancer.com එකේ ලියාපදිංචි වුණා. ඒකෙ ගනුදෙනුවකට bid කරන්න ගියාම "your email address is not verified" කියලා වැටෙනව. අැයි එ්?

    ReplyDelete
    Replies
    1. ඔව්... මාත් ඔබ කියූ පසුවයි එය දැක්කේ. එය නිවැරදි කර නැවත මා ෆයිල් එක අප්ලෝඩ් කළා. වරද පෙන්වා දුන්නට ස්තූතියි...

      බුද්ධිමය දේපල ගැටලු ඇති විය හැකි බැවින් එඩිට් කළ හැකි ෆයිල් මට ලබා දිය නොහැකිය.

      ඔබ එහි ලියාපදිංචි වන විට ඊමේල් ලිපිනය ලබා දෙනවානෙ. මා සිතන්නේ ඔබේ එම ඊමේල් ලිපිනයට ඔවුන් යම් ඊමේලයක් එවා ඇති. ඒ තුල ක්ලික් කළ හැකි ලින්ක් එකකුත් ඇති. එය ක්ලික් කර එම ඊමේලය තමන්ගේ බව ඔප්පු (verify) කරන්න. සාමාන්‍යයෙන් එම ලින්ක් එක පැය 24ක් හෝ 48 ක් වැනි කාලයක් තුල වලංගු වේ. එම කාලය ඉක්මවා ඇත්නම්, නැවත වෙරිෆයි කරන ලෙස ෆ්‍රීලාන්සර් සයිට් එකේ සෙටිං සදන්න. එවිට නැවත ඔබේ ඊමේල් ලිපිනයට අර වගේ වෙරිෆයි ලින්ක් එකක් සහිත ඊමේලයක් ඒවි. එය දවසක් ඇතුලත ක්ලික් කරන්න. මට ඇත්තටම දැන් ෆ්‍රීලාන්සර් වෙබ්සයිට් එකේ සෙටිංස් මතක නැත. ඔබ ගොස් කියවා බලන්න. මා මෙම පිලිතුරත් ලබා දුන්නේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියා පිලිවෙළ අනුව සිදුවන දේය.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...