විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ . මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...
"පරාර්ථකාමී මිනිසුන් ලෝකය තවත් ලස්සන කරයි"
ReplyDeleteආත්මාර්ථකාමින් වුව ඉන් පල ලැබ ගන්නේ නම් ඉනිදු ලොව ලස්සන වේ
Deleteමම විශුවල් බේසික් වලින් ෆ්‍රැක්ටල් මෘදුකාංගයක් හැදුවා.
ReplyDeleteමම හිතන හැටියට මේකෙන් manderbrolt මෝස්තරය හතරවෙනි මානයක් ඔස්සේ පෙති කපා බැලූවිට පෙනෙන ආකාරය දැක්වෙනවා.
https://www.dropbox.com/s/667s0x1hod4kf74/Buddhabrot.7z
ඒක ඩවුන්ලෝඩ් කරල රන් කළාට රන් වෙන්නේ නැත... සමහරවිට රන්ටයිම් ලයිබ්රරි ෆයිල්ස් මගේ පරිගනකයේ නැතිව ඇති... කෙසේ වෙතත් ඔබ කළ දේ අගය කිරීමට වටී :) මා සිතන්නේ ඔබ කියන්න ඇත්තේ සිව් වැනි මානයේ ත්‍රිමාන (හෝ ද්විමාන?) ප්‍රක්ෂේපනය විය යුතුයි...
Deleteහරිම ප්‍රයෝජනවත්... මම ඒක ප්‍රින්ට් කරගත්තා. හැබැයි පොඩි වරදක් තිබෙනවා. 4 වන පිටුවේ පහළ තියෙන අනාගත කාල කර්තෘ-කර්ම කාරක වගුවේ පර්ෆෙක් ටෙන්ස් කර්ම කාරක වාක්‍ය will have been played ලෙස වෙනස් විය යුතුය කියා මා සිතනවා.
ReplyDeleteදැන් ප්‍රින්ට් කරගන්නත් මාර ගාණක් යනවා... (දෙපැත්තම රැ. 5 ක්?). ඔබේ ඔක්කොම පොත් ටක මම කියවලා තියෙනවා. ඒවා නම් අති විශිෂ්ටයි. ^_^ කියන්න වචන නෑ. ගැඹූරු කරුණු ඉතා සරලව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම ප්‍රින්ට් කරන්න ගියොත් රැ. 10,000 ක් වත් යයි :'( ඒවායේ.doc ටයිප් එකේ ඒවා එවන්න පුළුවන්නම් ලොකූ දෙයක්. (adalananee15@gmail.com) එතකොට මට අනවශ්‍ය කොටස් අයින් කරලා අත්‍යාවශ්‍ය ටික ගාණට වෙන් කරගන්න පුළුවන් වෙයි. (නැත්නම් එක්කෝ නොකා නොබී ප්‍රින්ට් කරන්න වෙන්නේ ; නැතිනම් අැස් 2 ට සැප තමයි)
මම freelancer.com එකේ ලියාපදිංචි වුණා. ඒකෙ ගනුදෙනුවකට bid කරන්න ගියාම "your email address is not verified" කියලා වැටෙනව. අැයි එ්?
ඔව්... මාත් ඔබ කියූ පසුවයි එය දැක්කේ. එය නිවැරදි කර නැවත මා ෆයිල් එක අප්ලෝඩ් කළා. වරද පෙන්වා දුන්නට ස්තූතියි...
Deleteබුද්ධිමය දේපල ගැටලු ඇති විය හැකි බැවින් එඩිට් කළ හැකි ෆයිල් මට ලබා දිය නොහැකිය.
ඔබ එහි ලියාපදිංචි වන විට ඊමේල් ලිපිනය ලබා දෙනවානෙ. මා සිතන්නේ ඔබේ එම ඊමේල් ලිපිනයට ඔවුන් යම් ඊමේලයක් එවා ඇති. ඒ තුල ක්ලික් කළ හැකි ලින්ක් එකකුත් ඇති. එය ක්ලික් කර එම ඊමේලය තමන්ගේ බව ඔප්පු (verify) කරන්න. සාමාන්‍යයෙන් එම ලින්ක් එක පැය 24ක් හෝ 48 ක් වැනි කාලයක් තුල වලංගු වේ. එම කාලය ඉක්මවා ඇත්නම්, නැවත වෙරිෆයි කරන ලෙස ෆ්‍රීලාන්සර් සයිට් එකේ සෙටිං සදන්න. එවිට නැවත ඔබේ ඊමේල් ලිපිනයට අර වගේ වෙරිෆයි ලින්ක් එකක් සහිත ඊමේලයක් ඒවි. එය දවසක් ඇතුලත ක්ලික් කරන්න. මට ඇත්තටම දැන් ෆ්‍රීලාන්සර් වෙබ්සයිට් එකේ සෙටිංස් මතක නැත. ඔබ ගොස් කියවා බලන්න. මා මෙම පිලිතුරත් ලබා දුන්නේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියා පිලිවෙළ අනුව සිදුවන දේය.