Skip to main content

බ්ලොගර් කෙනෙකුගේ දොලදුක (හෝ විලාපය) ...

මා මෙම බ්ලොග් එක පටන් ගෙන දැනට වසර ගණනාවක් වුවත්, එහි නිතිපතා බ්ලොග් පෝස්ට් පළ කරමින් සක්‍රිය වන්නට පටන් ගත්තේ ගිය අවුරුද්දේ සිටයි. මේ වෙන විට ඉතා දිගු ලිපි 200කට අධික ප්‍රමාණයක් මා මෙහි පළ කර ඇත. ඒ අතරින් සාතිශය බහුතරය මාගේ පොත්වල අන්තර්ගතයන්මයි. තවද, ඒ සියලු ලිපි මා pdf ෆෝමැට් එකෙන්ද ඊ-බුක් වශයෙන් ඉදිරිපත් කර ඇත. මේ සියලු වැඩකටයුතුවලට මා විශාල වෙහෙසක් මෙන්ම කාලයක්ද වැය කර ඇත. කොතරම් අපහසුතා ආවද ඉදිරියටද මා සිතාගෙන සිටින සියල්ලම නිමවෙන තෙක් මෙම බ්ලොග් එක දිගටම කරගෙන යනවා.

එහෙත් මා පසුගිය දවස්වල මාගේ බ්ලොග් එකේ හැසිරීම ගැන විශ්ලේෂණයක් සිදු කළා (ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් හා ගූගල් ඇනලිටික්ස් සහයෙන්). එහිදී මට දකින්නට ලැබුණේ සාමාන්‍යයෙන් බ්ලොගර් කෙනෙකු විසින් නොකළ යුතු දේවල් මා කර ඇති බවයි. ඉන් එකක් නම් බ්ලොග් පෝස්ට් ගණනාවකට පසු එය ඊපොතක් වශයෙන් pdf ෆයිල් එකක් සාදා ඩවුන්ලෝඩ් කර ගැනීමට සැලැස්සීම නිසා විසිටර් කෙනෙකු විසින් බ්ලොග් පිටුවල රැඳී සිටින කාලය ඉතා අඩුය (මොකද අවසාන pdf ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නට සිටින නිසා). එනිසාම, ලිපිවල අන්තර්ගතය පිළිබඳ වැඩිපුර සාකච්ඡාවක් (කමෙන්ට් කිරීම්) පවා සිදු නොවේ. එක් අතකින් අධ්‍යාපනික හා ශාස්ත්‍රිය දේවල් ගැන සාධනීය සාකච්ඡා සිදු නොකිරීම සිංහලයන්ගේ එක්තරා පුරුද්දකි (ලෝකයේ වෙනත් ජාතින් වෙබ්පිටුවල කරන සාකච්ඡාවල ප්‍රමාණය බැලුවහම අප ගැන ලැජ්ජා හිතෙන තරම්ය). එනිසා, මා මෙතැන් සිට පළ කරන පාඩම් මාලා කිසිවක් pdf ෆෝමැට් එකෙන් ඉදිරි පත් කරන්නේ නැත.

අධ්‍යාපන හා විද්‍යා සන්නිවේදකයෙක් ලෙස කටයුතු කරන අරමුණින් මා මෙම බ්ලොග් එකේ ලිව්වත්, දැන් මට සිතෙන්නේ ඊට අමතරව බ්ලොගර් කෙනෙකුගේ මානසිකත්වයද මා තුල කිඳා බැස ඇති බවයි. එනිසා බ්ලොගර් කෙනෙකුගේ යම් යම් "ආශාවන්" ප්‍රමාණයක් මටත් දැනේ. වැඩිපුර විසිටර්ස්ලා පැමිණීම, ඔවුන් වැඩිපුර කාලයක් බ්ලොග් පිටුවල රැඳීම ආදී දේවල් ඒ අතර වේ. සිංහලෙන් මහ ශබ්දෙට ලොකු ලොකු කියමන් සහිත්ව ඇරඹි බොහෝ බ්ලොග් අඩවි මුල් අවස්ථාවේදීම (පෝස්ට් කිහිපයකට පසුව) අතරමඟ නතර වීමට හේතුද බොහෝවිට ඉහත ආශාවන් සංතෘප්ත නොවීමයි. (එහෙත් එකදු කෙනෙකු නොආවත් මා නම් සිතා සිටින සියලු දේවල් මා බ්ලොග් එකේ කරගෙන යනවා). එසේ වුවත්, පෙර කියූ දේවල් ලබා ගැනීමටත් කටයුතු කිරීම වරදක් නොවේ යැයි සිතෙනවා.

එහි එක් පියවරක් ලෙස, ඊබුක් (pdf files) අලුතින් ඉදිරිපත් නොකරනු ඇත. පෞද්ගලික මට්ටමින් හෝ pdf ෆයිල් මාගෙන් ඉල්ලා නොසිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැනට පළ කළ ඊබුක් එලෙසම ඉදිරියටත් පවතීවි. :)

Comments

  1. //එනිසා බ්ලොගර් කෙනෙකුගේ යම් යම් "ආශාවන්" ප්‍රමාණයක් මටත් දැනේ. වැඩිපුර විසිටර්ස්ලා පැමිණීම, ඔවුන් වැඩිපුර කාලයක් බ්ලොග් පිටුවල රැඳීම ආදී දේවල් ඒ අතර වේ//

    අනිත් අයත් ඔයාව එහෙම වෙන තැන්වල දකින්න ආසයි

    ReplyDelete
    Replies
    1. ඔව්... බ්ලොග් (හා වෙනත්) ලියන අය ඉන්නවා. ඒවා කියවන අයත් ඉන්නවා. ඉතිං, ලියන කෙනෙකු වශයෙන් මා කැමතියි මා ලියන දේවල් වැඩිපුර දෙනෙක් කියවනවා නම්. :)

      Delete
    2. ඇත්තටම මට ගැටලුවක් වූයේ මා ඉතා දිගු ලිපි ලිව්වත් (සාමාන්‍යයෙන් එවැනි ලිපියක් කියවන්නට පැය භාගයකට වැඩිය ගත වේ යැයි මා සිතනවා), එම පිටුවල රැඳී සිටින කාලය (ඇවරේජ් එක) විනාඩි කිහිපයකි. ඊට ලොකුම හේතුව pdf ෆයිල් පළ කිරීමයි. එහිම ප්‍රතිපලයක් ලෙස, බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්න අසන්නේ පෞද්ගලික මට්ටමෙන්. එහෙත් ඒවා කාටත් පේන්න (අඩුම ගානේ anonymous විදියට හරි) කමෙන්ට් විදියට ලියනවා නම්, තව දන්න අයට ඊට පිළිතුරු සපයන්නත් පහසුයි (මොකද මා පමණක් නොවෙයි මේ විෂයන් ගැන දන්නේ; සමහරවිට මටත් ඒගොල්ලන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබේවි). ඉංග්‍රිසි වෙබ් අඩවිවල මෙය බහුලව සිදු වෙනවා. මා කියන්නේ නැහැ හැම විසිටර්ම මොනා මොනා හරි ලියන්න ඕන කියල... එහෙත් විෂය ගැන උනන්දු හා ගැටලු තිබෙන අයට එසේ කළ හැකියි (මගේ බ්ලොග් එකේ පමණක් නොව; වෙනත් ඕනෑම තැනක වුවද එය කළ යුතුයි).

      Delete
  2. Apoi mama poth kiyawala iwarai ehenam ada idan..

    ReplyDelete
  3. Mama wadakaranne ship ekaka eke internet card eke 25mb thiyenne 8doller wenawa card eka godak wela internet giyoth card eka iwara wenawa..nadda mokawath wisadumak mekata..

    ReplyDelete
    Replies
    1. :( man hithanne online pdf converters thiyenawa. padamwala link eka enter kalama pdf files hadala denawa ewayen. (sorry for late reply. mage lap eka kaduna nisa pahu giya sathi dekema internet awe na).

      Delete
  4. ඇත්ත තමා, ඔයාගේ බ්ලොග් එක හරිම අහම්බෙන් හම්බුනේ වෙන දෙයක් හොයනකොට google එකේ, මට හිතෙන්නේ මේක ගැන දන්න අය අඩුයි

    ReplyDelete
    Replies
    1. ඔව්... මාගේ බ්ලොග් එක ගැන දන්න අය එතරම් නැතිව ඇති කියා මටත් සිතෙනවා.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...