Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

c හා c++ ප්‍රෝග්‍රැමිං - 7

ඉහත සාකච්ඡා කළ කරුණු ඉදිරියේදී උදාහරණවලදී ප්‍රායෝගිකවම ඔබට සිදුකර බලාගත හැකියි. දැන් අප සලකා බලමු උදාහරණවල නිතරම දක්නට ලැබෙන printf() හා scanf() යන කමාන්ඩ් දෙක ගැන කෙටියෙන්. ඇත්තටම මෙම කමාන්ඩ් දෙක ප්‍රායෝගික "සත්‍ය" GUI ප්‍රෝග්‍රෑම්වලදී එතරම්ම වැදගත් නොවුණත්, කොන්සෝල් ප්‍රෝග්‍රෑම්වලදී නැතිවම බැරිය. මෙම කමාන්ඩ් දෙක ෆන්ක්ෂන් (function) ලෙසයි හැඳින්විය යුත්තේ (තව මොහොතකින් ෆන්ක්ෂන් ගැන කතා සාකච්ඡා කෙරේ).

printf() යන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ එහි වරහන තුළ ලියා ඇති යමක් තිරයේ දිස් කිරීම බව ඔබට දැනටමත් අවබෝධවී ඇති. එහි සරලතම ආකාරය නම්, ඔබ යම් ප්‍රකාශනයක් වරහන තුළ උදෘත ඇතුලේ ලිවීමයි (පහත ස්ටේට්මන්ට් එක බලන්න).

printf(“This is just a sample text.”);

නිකංම ප්‍රකාශයක් සමග එස්කේප් කෝඩ්/සීක්වන්ස් අවශ්‍ය නම් ලිවිය හැකියි. ඔබ මීට පෙර දැක්කා \n යන එස්කේප් කෝඩ් එක. ඊට අමතරව තවත් එස්කේප් කෝඩ් කිහිපයක් ඇති අතර ඒවා පහත දැක්වේ.

එස්කේප් කෝඩ් එක
එහි තේරුම
\f
Form feed - ඊළඟ පිටුවට යෑම
\n
New line - ඊළඟ පේලියට යෑම
\r
Carriage return - ඉන්න පේලියේම මුලට යෑම
\t
Tab - ටැබ් ස්පේස් එකක් තැබීම
\\
Backslash - බැක්ස්ලෑෂ් අකුර දිස් කිරීම
\’
Single quote - තනි උඩුකොමාව දිස් කිරීම
\”
Double quote - ද්විත්ව උඩුකොමාව දිස් කිරීම
\b
Backspace - බැක්ස්පේස් එක ක්‍රියාත්මක කිරීම
\nnn
Octal number - ඔක්ටල් නිරූපණ ක්‍රමයෙන් ඉලක්කමක් පෙන්වීම

උදාහරණයක් ලෙස ඔබ මීට කලින් ලියපු hello_world.c ප්‍රෝග්‍රෑම් එකේ printf() ස්ටේමන්ට් එක printf(“Hello \r you\n”); ලෙස සකසා කම්පයිල් කර බලන්න. ඔබට එය රන් කරන විට තිරයේ පෙනේවි youlo යන වචනය. එසේ වීමට හේතුව සිතාගත හැකියි නේද? ප්‍රෝග්‍රෑම් එක රන් වී printf() කමාන්ඩ් එක රන් වන විට, පළමුව Hello යන වචනය ලියයි. ඉන්පසුව \r යන්න හමු වේ. එහි ප්‍රතිපලයක් ලෙස ඊළඟ වචනය/අකුරු ලියවෙන්නේ නැවතත් එම පේලියේම මුල සිටයි. ඉතිං \r ට පසුව ඇති you යන වචනය Hello යන්න උඩින් ලියැවේ. එවිට you යන්නෙහි ඇති අකුරු 3 විසින් Hello යන්නෙහි මුල් අකුරු 3 ඉවත් වේ. ඉතිරි අකුරු වන lo එලෙසම පවතීවි. එහෙත් you වෙනුවට දිගු වචනයක් තබුණේ නම්, පරණ අකුරු කිසිවක් නොපෙනෙනු ඇත (you වෙනුවට දිගු වචනයක් ලියා ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කර බලන්න).

ඉහත hello_world ෆයිල් එකේම \r වෙනුවට \t, \f, \b යන එස්කේප් කෝඩ් ආදේශකර බලන්න. ඒවායෙන් සිදුවන දේ ඔබටම බලා ගත හැකියි. තවද, \” යන්න ලියූ විට ද්විත්ව උඩුකොමාවක් දිස් වේවි. ඔබ අසාවි ඉතිං අමුතුවෙන් බැක්ස්ලෑෂ් එකක් මොකටද නිකංම ද්විත්ව උඩුකොමාව ලිව්ව නම් හරිනෙ කියා මොකද ? යන්න දර්ශනය කිරීමට \? ලෙස නොලියා නිකංම ? ලෙසනෙ ලියන්නෙ. නැත. නිකංම ද්විත්ව උඩු කොමාවක් printf() තුල ලිවිය නොහැකියි. ඊට හේතුව දැනටමත් ද්විත්ව උඩුකොමාව විශේෂ රාජකාරියක් වෙනුවෙන් printf() භාවිතා කරනවානෙ (එනම් ඔබ ලියන සියලු දේ () තුළ ලියන්නේ " “ තුලයි). ඉතිං \ යන්නෙන් තමයි එම විශේෂ රාජකාරිය ඉස්මතු නොකර නිකංම එය දර්ශනය කරන ලෙස කම්පයිලරයට කියා සිටින්නේ. එලෙසමයි \\ යන්නත්. දැනටමත් \ යන්න එස්කේප් කෝඩ් ලිවීමේ රාජකාරිය කරන නිසා, ඔබට \ යන්න සංඛේතයක් ලෙස තිරයේ දර්ශනය කිරීමට අවශ්‍ය නම් \\ ලෙස ලිවිය යුතු වෙනවා. එලෙසම \’ ගැනත් සිතන්න.

printf() ෆන්ක්ෂන් එක තුළ ලිවිය හැක්කේ එක් " “ පමණයි. එම උදෘතය තුළ ඔබට ඕනෑ තරම් දේවල් ලිවිය හැකියි. ඒ අනුව, printf(“one string”, “another string”); ලෙස කොමා යොදා ලිවිය නොහැකියි. එහෙත් අවශ්‍ය නම්, printf(“one string” “another string”); ලෙස කොමා නොයොදා " “ කිහිපයක් ලිවිය හැකියි. තවද, හැමවිටම printf() අපේක්ෂා කරන්නේ අක්ෂර (string) නම් දත්ත වර්ගයයි (මෙය සී හි සම්මත දත්ත වර්ගයක් නොවන අතර ඒ ගැන අප තවම සලකා බලා නැති බවද සිහි තබා ගන්න; එහෙත් නමින්ම කියවෙන පරිදි මෙම දත්ත වර්ගය අකුරු හා ඉලක්කම් නියෝජනය කරන බව තේරුම් ගන්න). එනිසා පහත ආකාරයෙන් printf() ෆන්ක්ෂන් එකක් ලිවිය නොහැකියි.

#include <stdio.h>

int main()
{
int myvar = 20;
printf(myvar);
return 0;
}

ඔබ ඉහත ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරන විට එරර් මතු වේවි (එනම්, කම්පයිල් නොවේවි). ඊට හේතුව printf() තුල අපේක්ෂා කරන්නේ ස්ට්‍රිං දත්ත වර්ගය වුවත් ඔබ ඊට ලබා දී තිබෙන්නේ char දත්ත වර්ගයයි. එසේනම්, කොහොමද ඔබේ ප්‍රෝග්‍රෑම් එක තුල තිබෙන වේරියබල් එකක ගබඩා වී තිබෙන දත්තයක් තිරයේ දිස් කරන්නේ? එය printf() මඟින්ම සිදු කිරීමට උපක්‍රමයක් සලසා දී ඇත. උදාහරණයක් ලෙස, ඉහත කෝඩිං එක පහත ආකාරයට වෙනස් කළ යුතු වේ.

#include <stdio.h>

int main()
{
int myvar = 20;
printf("%d", myvar);
return 0;
}
කුමක්ද සිදු කළ වෙනස්කම? printf() එකේ සුපුරුදු ලෙස " “ තුල යමක් ලියා ඇත. ඊට අමතරව කොමාවක් යොදා වේරියබල් එකේ නම ලියා ඇත. මෙහිදී " “ තුළ ඔබට කැමති ප්‍රකාශයක් ලිවිය හැකියි. එහෙත් එම ප්‍රකාශය තුළ යම් තැනකට ඔබේ වේරියබල් එකක ඇති දත්තයද ඇතුලු කිරීමට අවශ්‍ය නම් %d වැනි කොටසක් අදාල තැන ලිවිය යුතුය. ඉන්පසු එම අදාල වේරියබල් එක තමයි කොමාවෙන් පසුව ලියන්නෙත්. ඉහත උදාහරණයේදී " “ තුළ නිකංම %d යන්න ලියා ඇත. එහි තේරුම කොමාවෙන් පසුව ලියා ඇති myvar යන ඉන්ටීජර් ඩේටා ටයිප් වේරියබල් එකේ දත්තය උකහා ගෙන %d වෙනුටද දර්ශනය කරන්න කියාය. මේ ආකාරයට වේරියබල් එකක් නොව ඕනෑම ගණනක් දර්ශනය කළ හැකියි. උදාහරණයක් ලෙස පහත ප්‍රෝග්‍රෑම් එක රන් කර බලන්න.

#include <stdio.h>

int main()
{
int vwidth = 20, vheight = 30, vdepth = 10;
printf("The height is %d, the width is %d, the depth is %d", vheight, vwidth, vdepth);
return 0;
}

මෙහිදී vwidth, vheight, vdepth ලෙස ඉන්ටීජර් ටයිප් වේරියබල් 3ක් සාදා ඊට යම් යම් අගයන්ද ලබා දී ඇත. ඉන්පසු printf() ෆන්ක්ෂන් එක තුළ එම දත්තයන් 3 දර්ශනය කරනවා දිගු ප්‍රකාශනයක් ලෙස. මෙහිදී පළමුවෙන්ම හමුවන %d යන්නට පළමුවෙන්ම ඇති vheight යන්න ආදේශ වේ. මේ ආකාරයට පිළිවෙලින් ඇති %d වලට පිළිවෙලින් ඒ දක්වා ඇති වේරියබල් ආදේශ වේ. එහි ප්‍රතිපලයක් ලෙස, ඉහත ප්‍රකාශය The height is 30, the width is 20, the depth is 10 ලෙස දර්ශනය වේවි.

ඇත්තටම %d ට අමතරව %u, %f, %c ලෙස තවත් ඒවා 3ක් තිබෙනවා. මේවා format specifiers හෝ conversion specifier ලෙස හැඳින්වෙනවා. දර්ශනය කරන දත්ත වර්ගය අනුව යෙදිය යුතු ස්පෙසිෆයර් එක වෙනස් වෙනවා. short, int, long යන ඒවා සඳහා %d යෙදිය හැකිය. float හා double සඳහා %f යෙදිය හැකියි. unsigned short, unsigned int, unsigned long සඳහා %u යෙදිය හැකි අතර, char සඳහා %c යෙදිය හැකියි. පහත උදාහරණය බලන්න.

#include <stdio.h>

int main()
{
int myvar = 20;
char mychar = ‘z’;
float myfloat = 200.13;
printf("The char is %c, the integer is %d, and the float is %f", mychar, myvar, myfloat);
return 0;
}

scanf() ෆන්ක්ෂන් එකෙන් කරන්නේ කීබෝඩ් එකෙන් ඇතුලු කරන දත්ත වේරියබල්වලට ගබඩා කර ගැනීමයි. පළමුව අවශ්‍ය කරන වේරියබල් ටික ඩික්ලෙයාර් කළ යුතුයි. ඉන්පසුව පහත දැක්වෙන පරිදි scanf() ෆන්ක්ෂන් එක ලිවිය යුතුයි. එනම්, පළමුව සුදුසු ස්පෙසිෆයර් එකක් " “ තුළ ලියා, කොමාවකට පසුව & සමග අදාල වේරියබල් එකේ නම ලිවිය යුතුය. එවිට, ඔබට කීබෝඩ් එකේ දත්තය ඇතුලු කිරීමට අවස්ථාවක් ලැබෙන අතර, එසේ ඇතුලු කරන දත්තය අදාල වේරියබල් එකේ ගබඩා වේ.

int myInt;
scanf(“%d”, &myInt);

ඔබට අවශ්‍ය නම්, එකවර දත්තයන් කිහිපයක් ලබා ගෙන වේරියබල් කිහිපයකට එකවර ඒවා ගබඩා කරන ලෙසද ඉහත කෝඩිං එක වෙනස් කළ හැකියි. පහත උදාහරණය බලන්න. මෙවිට කීබෝඩ් එකෙන් දත්තයන් ඇතුලු කරන විට පළමුව පළමු දත්තය ලියා හිස්තැනක් තියා (එනම් ස්පේස් කී එක ප්‍රෙස්කර) ඊළඟ දත්තය ලියා ආදී ලෙස හිස් තැන් තිය තියා අදාල දත්තයන් ටික ඇතුලු කළ යුතුය. මෙවිට ඔබ වැඩිපුර දත්තයන් ඇතුලු කළත් ඉන් ගැටලුවක් වෙන්නේ නැහැ මොකද ප්‍රෝග්‍රෑම් එක විසින් උකහා ගන්නේ ඊට අවශ්‍ය කරන දත්ත ටික පමණයි. ඔබට ඇතුලු කරන්නට තිබෙන්නේ දත්තයන් 2ක් නම් (පහත උදාහරණයේදී මෙන්), එහෙත් ඔබ දත්තයන් 10ක් ඇතුලු කළත්, ප්‍රෝග්‍රෑම් එක විසින් ලබා ගන්නේ මුල්ම දත්තයන් දෙක පමණි (අනෙක් වැඩිපුර දත්තයන් නිකංම නොසලකා හැරේ).

#include <stdio.h>

int main() {
int num1, num2;
printf("Enter two numbers: ");
scanf("%d \n %d",&num1,&num2);
printf("The product of two numbers is %d \n", num1*num2);
}

ඊටත් වඩා දත්තයන් ඇතුලු කිරීමට හොඳම ක්‍රමය තමයි, එක් එක් දත්තය ඇතුලු කර එන්ටර් කී එක එබීම. එනම්, පළමු දත්තය ඇතුලු කර එන්ටර් කරන්න; දෙවැනි දත්තය ඇතුලු කර එනටර් කරන්න; මේ ආදි ලෙස දිගටම කරන්න. මෙහිදී ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය දත්ත ගණන ඇතුලු කරන තෙක් ඔබට දත්ත ඇතුලු කිරීමට අවස්ථාව ලබා දේ. ඊට අවශ්‍ය අවසාන දත්තයද ලැබුණු පසුව ඉබේම ඔබට දත්ත ඇතුලු කිරීමට අවස්ථාව අවසාන කරනවා. මෙහි ඇති වාසිය එයයි (එනම්, බොරුවට ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය ප්‍රමාණයට වඩා දත්ත ඇතුලු කිරීමට ඇති අවස්ථාව අහිමි වීම).


Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,