Skip to main content

බ්ලොගර් කෙනෙකුගේ දොලදුක (හෝ විලාපය) ...

මා මෙම බ්ලොග් එක පටන් ගෙන දැනට වසර ගණනාවක් වුවත්, එහි නිතිපතා බ්ලොග් පෝස්ට් පළ කරමින් සක්‍රිය වන්නට පටන් ගත්තේ ගිය අවුරුද්දේ සිටයි. මේ වෙන විට ඉතා දිගු ලිපි 200කට අධික ප්‍රමාණයක් මා මෙහි පළ කර ඇත. ඒ අතරින් සාතිශය බහුතරය මාගේ පොත්වල අන්තර්ගතයන්මයි. තවද, ඒ සියලු ලිපි මා pdf ෆෝමැට් එකෙන්ද ඊ-බුක් වශයෙන් ඉදිරිපත් කර ඇත. මේ සියලු වැඩකටයුතුවලට මා විශාල වෙහෙසක් මෙන්ම කාලයක්ද වැය කර ඇත. කොතරම් අපහසුතා ආවද ඉදිරියටද මා සිතාගෙන සිටින සියල්ලම නිමවෙන තෙක් මෙම බ්ලොග් එක දිගටම කරගෙන යනවා.

එහෙත් මා පසුගිය දවස්වල මාගේ බ්ලොග් එකේ හැසිරීම ගැන විශ්ලේෂණයක් සිදු කළා (ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් හා ගූගල් ඇනලිටික්ස් සහයෙන්). එහිදී මට දකින්නට ලැබුණේ සාමාන්‍යයෙන් බ්ලොගර් කෙනෙකු විසින් නොකළ යුතු දේවල් මා කර ඇති බවයි. ඉන් එකක් නම් බ්ලොග් පෝස්ට් ගණනාවකට පසු එය ඊපොතක් වශයෙන් pdf ෆයිල් එකක් සාදා ඩවුන්ලෝඩ් කර ගැනීමට සැලැස්සීම නිසා විසිටර් කෙනෙකු විසින් බ්ලොග් පිටුවල රැඳී සිටින කාලය ඉතා අඩුය (මොකද අවසාන pdf ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නට සිටින නිසා). එනිසාම, ලිපිවල අන්තර්ගතය පිළිබඳ වැඩිපුර සාකච්ඡාවක් (කමෙන්ට් කිරීම්) පවා සිදු නොවේ. එක් අතකින් අධ්‍යාපනික හා ශාස්ත්‍රිය දේවල් ගැන සාධනීය සාකච්ඡා සිදු නොකිරීම සිංහලයන්ගේ එක්තරා පුරුද්දකි (ලෝකයේ වෙනත් ජාතින් වෙබ්පිටුවල කරන සාකච්ඡාවල ප්‍රමාණය බැලුවහම අප ගැන ලැජ්ජා හිතෙන තරම්ය). එනිසා, මා මෙතැන් සිට පළ කරන පාඩම් මාලා කිසිවක් pdf ෆෝමැට් එකෙන් ඉදිරි පත් කරන්නේ නැත.

අධ්‍යාපන හා විද්‍යා සන්නිවේදකයෙක් ලෙස කටයුතු කරන අරමුණින් මා මෙම බ්ලොග් එකේ ලිව්වත්, දැන් මට සිතෙන්නේ ඊට අමතරව බ්ලොගර් කෙනෙකුගේ මානසිකත්වයද මා තුල කිඳා බැස ඇති බවයි. එනිසා බ්ලොගර් කෙනෙකුගේ යම් යම් "ආශාවන්" ප්‍රමාණයක් මටත් දැනේ. වැඩිපුර විසිටර්ස්ලා පැමිණීම, ඔවුන් වැඩිපුර කාලයක් බ්ලොග් පිටුවල රැඳීම ආදී දේවල් ඒ අතර වේ. සිංහලෙන් මහ ශබ්දෙට ලොකු ලොකු කියමන් සහිත්ව ඇරඹි බොහෝ බ්ලොග් අඩවි මුල් අවස්ථාවේදීම (පෝස්ට් කිහිපයකට පසුව) අතරමඟ නතර වීමට හේතුද බොහෝවිට ඉහත ආශාවන් සංතෘප්ත නොවීමයි. (එහෙත් එකදු කෙනෙකු නොආවත් මා නම් සිතා සිටින සියලු දේවල් මා බ්ලොග් එකේ කරගෙන යනවා). එසේ වුවත්, පෙර කියූ දේවල් ලබා ගැනීමටත් කටයුතු කිරීම වරදක් නොවේ යැයි සිතෙනවා.

එහි එක් පියවරක් ලෙස, ඊබුක් (pdf files) අලුතින් ඉදිරිපත් නොකරනු ඇත. පෞද්ගලික මට්ටමින් හෝ pdf ෆයිල් මාගෙන් ඉල්ලා නොසිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැනට පළ කළ ඊබුක් එලෙසම ඉදිරියටත් පවතීවි. :)

Comments

  1. //එනිසා බ්ලොගර් කෙනෙකුගේ යම් යම් "ආශාවන්" ප්‍රමාණයක් මටත් දැනේ. වැඩිපුර විසිටර්ස්ලා පැමිණීම, ඔවුන් වැඩිපුර කාලයක් බ්ලොග් පිටුවල රැඳීම ආදී දේවල් ඒ අතර වේ//

    අනිත් අයත් ඔයාව එහෙම වෙන තැන්වල දකින්න ආසයි

    ReplyDelete
    Replies
    1. ඔව්... බ්ලොග් (හා වෙනත්) ලියන අය ඉන්නවා. ඒවා කියවන අයත් ඉන්නවා. ඉතිං, ලියන කෙනෙකු වශයෙන් මා කැමතියි මා ලියන දේවල් වැඩිපුර දෙනෙක් කියවනවා නම්. :)

      Delete
    2. ඇත්තටම මට ගැටලුවක් වූයේ මා ඉතා දිගු ලිපි ලිව්වත් (සාමාන්‍යයෙන් එවැනි ලිපියක් කියවන්නට පැය භාගයකට වැඩිය ගත වේ යැයි මා සිතනවා), එම පිටුවල රැඳී සිටින කාලය (ඇවරේජ් එක) විනාඩි කිහිපයකි. ඊට ලොකුම හේතුව pdf ෆයිල් පළ කිරීමයි. එහිම ප්‍රතිපලයක් ලෙස, බොහෝ දෙනෙකුට ඇති වන ප්‍රශ්න අසන්නේ පෞද්ගලික මට්ටමෙන්. එහෙත් ඒවා කාටත් පේන්න (අඩුම ගානේ anonymous විදියට හරි) කමෙන්ට් විදියට ලියනවා නම්, තව දන්න අයට ඊට පිළිතුරු සපයන්නත් පහසුයි (මොකද මා පමණක් නොවෙයි මේ විෂයන් ගැන දන්නේ; සමහරවිට මටත් ඒගොල්ලන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබේවි). ඉංග්‍රිසි වෙබ් අඩවිවල මෙය බහුලව සිදු වෙනවා. මා කියන්නේ නැහැ හැම විසිටර්ම මොනා මොනා හරි ලියන්න ඕන කියල... එහෙත් විෂය ගැන උනන්දු හා ගැටලු තිබෙන අයට එසේ කළ හැකියි (මගේ බ්ලොග් එකේ පමණක් නොව; වෙනත් ඕනෑම තැනක වුවද එය කළ යුතුයි).

      Delete
  2. Apoi mama poth kiyawala iwarai ehenam ada idan..

    ReplyDelete
  3. Mama wadakaranne ship ekaka eke internet card eke 25mb thiyenne 8doller wenawa card eka godak wela internet giyoth card eka iwara wenawa..nadda mokawath wisadumak mekata..

    ReplyDelete
    Replies
    1. :( man hithanne online pdf converters thiyenawa. padamwala link eka enter kalama pdf files hadala denawa ewayen. (sorry for late reply. mage lap eka kaduna nisa pahu giya sathi dekema internet awe na).

      Delete
  4. ඇත්ත තමා, ඔයාගේ බ්ලොග් එක හරිම අහම්බෙන් හම්බුනේ වෙන දෙයක් හොයනකොට google එකේ, මට හිතෙන්නේ මේක ගැන දන්න අය අඩුයි

    ReplyDelete
    Replies
    1. ඔව්... මාගේ බ්ලොග් එක ගැන දන්න අය එතරම් නැතිව ඇති කියා මටත් සිතෙනවා.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...