Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1


ලොවපුරා චන්ද්‍රිකා මඟින් රූපවාහිනි සේවා (satellite tv) නැරඹීම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත; එලෙසම චන්ද්‍රිකා රේඩියෝද (satellite radio) ඇත. ශ්‍රී ලංකාවේද එම සේවාව නීත්‍යානුකූලව දැනට ඩයලොග් ටෙලිවිෂන් සමාගම, ඩිෂ් ටීවී ලංකා සමාගම, එම්ටීවී චැනල් සමාගම, සැටිස් ඒජන්සි සමාගම, යූඑස් සර්විස් කේබල් සමාගම යන සමාගම් පහ මඟින් සැපයේ. සැටලයිට් සන්නිවේදනය මෙන්ම පොදුවේ සියලු විද්‍යුත් සන්නිවේදනයන් (telecommunication) ගැන නියාමන අධිකාරිය වන ශ්‍රී ලංකා විදුලිසන්දේශ නියාමන කොමිසමේ වෙබ් අඩවිය තුල මේ සියලු නිල විස්තර බලා ගත හැකිය. 
 
මීටත් අමතරව ඉංදියාව වැනි ලංකාවට ආසන්න රටවල සිට ක්‍රියාත්මක වන චන්ද්‍රිකා රූපවාහිනි සේවා සපයන සමාගම්වලින්ද සමහරුන් ලංකාවේ සිට එම සේවාවන් ලබා ගනී (මෙවිට ක්‍රෙඩිට්කාඩ් මඟින් ගෙවීම් කළ හැකි අතර, ඉංදියාවේ එම සමාගම්වලින් මෙරට සිට එම සේවා ලබා ගන්නා අයට එම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය චන්ද්‍රිකා උපකරණද විවිධ නීති විරෝධි ක්‍රමවලින් ලබා ගත හැකිය). ඇත්තටම රට තුල අදාල අනුමත සමාගම් වලින් හැරෙන්නට වෙනත් දේශීය හෝ විදේශීය ආයතනයකින් මෙම සේවා ලබා ගැනීම නීත්‍යානුකූල නැත. එසේ වුවත්, තවමත් ලංකාවේ නීත්‍යානුකූල චන්ද්‍රිකා සේවාවල මාසික ගාස්තු අධික නිසා, නීත්‍යානුකූල නොවන ලාභ ක්‍රමවලට නිරායාසයෙන්ම සමහරුන් පෙළඹේ. මා විස්තර කරන්නට යන්නේද “නොමිලේ” චන්ද්‍රිකා රූපවාහිනි නැරඹීමට ක්‍රමයකි (සාමාන්‍යයෙන් අධික මුදලක් ගෙවා ලබා ගත යුතු චැනල් නොමිලේ බැලීමට හැකි ක්‍රමයකි). එයද නීත්‍යානුකූල නැත!
 
චන්ද්‍රිකා තාක්ෂණය ගැන සිංහල පාඨකයන් (ආධුනික මෙන්ම වෘත්තික) අතර ඇත්තේ වැරදි විද්‍යාත්මක/තාක්ෂනික දැනුමකි. උදාහරණයක් ලෙස, චන්ද්‍රිකාවක් පොලොවට නොවැටී අභ්‍යවකාශයේ කරකැවෙමින් පවතින්නේ එම චන්ද්‍රිකාව පෘථිවි ගුරුත්වය නැති ඉහල උසකින් තැබීම නිසා යැයි බොහෝ දෙනෙකු විශ්වාස කරයි (කුමාරසිංහ රේඩියෝ ආයතනය විසින් ප්‍රකාශිත සැටලයිට් ටෙලිවිෂන් 1 නම් ග්‍රන්ථයේද තිබෙන්නේ එලෙසය); විද්‍යාව ගැන ඇති අල්ප දැනුම නිසා ඇති කර ගත් ඉතාම වැරදි අදහසකි එය. මේ ආදි තවත් කරුණු ගැනද කතා කරමින් චන්ද්‍රිකා ගැන න්‍යායාත්මක පැතිකඩ ගැන මා පලමුව විස්තර කරන්නම්.
 
චන්ද්‍රිකා යන්නෙහි වචනාර්ථ තේරුම වන්නේ “කුඩා චන්ද්‍රයා” යන්නයි. තාක්ෂණික/විද්‍යාත්මක පැත්තෙන් සලකන කළ, චන්ද්‍රිකාවක් යනු යම් ග්‍රහාවස්තුවක් වටා එය අත් නොහැරමින් පරිභ්‍රමණය වන (වටේ කරකැවෙන) ඕනෑම වස්තුවකි. ඒ අනුව සඳ යනු පෘථිවියේ චන්ද්‍රිකාවකි. පෘථිවිය යනු සූර්යාගේ චන්ද්‍රිකාවකි. අගහරු ග්‍රහයාට සඳවල් දෙකක්ද, තවත් ග්‍රහයන්ට සඳවල් දුසිම් ගණන්ද ඇත. මිනිසුන් විසින් නිර්මාණය නොකරපු නිසා ඒවා ස්වාභාවික චන්ද්‍රිකා (natural satellite) යැයි කියන අතර, මිනිසා සාදා යවන ඒවා කෘත්‍රිම චන්ද්‍රිකා (artificial satellite) ලෙස හැඳින්වේ.
 
අහසේ දිස්වන විවිධ ග්‍රහවස්තුන් ගැන ආදි මානවයා බොහෝ දේවල් සිතා බලා ඇතිවාට සැකයක් නැත. එනිසා චන්ද්‍රිකා ගැන මිනිසාට යම් දැනුමක් හැඟීමක් ඇති වන්නට ඇත්තේ වසර දහස් ගණනක සිට විය හැකිය. එසේ වුවත්, මිනිසාගේ විවිධ ප්‍රයෝජන සඳහා කෘත්‍රිම චන්ද්‍රිකා භාවිතා කිරීමට ඇති හැකියාව ගැන විධිමත් ලෙස ලොවට ඉදිරිපත් වූයේ මෑත කාලයකදීය. ඒ ආතර් සී ක්ලාර්ක් විසිනි. එනිසා එතුමා චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින් වේ.
 
සියලුම චන්ද්‍රිකා රඳවන්නේ අභ්‍යවකාශයේ (space) වේ. ඊට හේතුව චන්ද්‍රිකා ගමන් කළ යුත්තේ රික්තයක් හරහාය. එසේ නොවුණොත්, අවකාශයේ ඇති වාත අංශු චන්ද්‍රිකාවේ හැප්පී, එම ඝර්ෂණ බලය නිසා චන්ද්‍රිකාවේ ගමන ක්‍රමක්‍රමයෙන් මන්දගාමී කර පොලොව මතට කඩා වැටේ. එසේ නොවැටී සිටීමට නම් ඝර්ෂණයට ප්‍රතිවිරුද්ධ බලයක් චන්ද්‍රිකාව විසින් සැපයිය යුතු වේ. ඒ සඳහා ඉන්ධන දහනය කිරීමට සිදු වේ (පොලොව මත ධාවන සියලු වාහනවලට ඉන්ධන අවශ්‍ය වන්නේ එම වාහනවලට පාරෙන් හා වායුගෝලයෙන් ඇති වන ඝර්ෂණය මැඬලීමට තමයි). පොලොව මත තිබෙන වාහනවලට ඉන්ධන ඉවර වෙන්නට ඉවර වෙන්නට නැවත නැවත තෙල් ගැසිය හැකි වුවත්, අභ්‍යවාකශයේ ඇති වස්තුන්ට එසේ නැවත නැවත තෙල් ගැසීමට බැරිය. එනිසා චන්ද්‍රිකාවලට තෙල් ගසා දුවවීමට බැරිය. එබැවින් සියලුම චන්ද්‍රිකා පවතින්නේ රික්තයකයි. පොලොව සලකන විට, වායුගෝලයේ කිලෝමීටර් 100ක් පමන ඉහලට ගිය විට වායුගෝලය කොතරම් තුනීද යත් ඉතා අල්ප වාත අංශු එහි ඇත. තව තවත් උඩට යන විට තව තවත් වායුගෝලය තුනී වෙයි (දළ වශයෙන් කිලෝමීටර් 1000ක් විතර යනකල් පෘථිවි වායුගෝලය ක්‍රමයෙන් තුනී වෙමින් පවතී). ප්‍රායෝගිකව පොලොම මතුපිට සිට කිලෝමීටර් 100ක උසින් අභ්‍යවකාශය පටන් ගනී.
 
චන්ද්‍රිකා ඔබේ අත්ල මත තැබිය හැකි තරමේ ඉතා කුඩා සයිස් එකේ සිට බස් රථයක් තරම් විශාලද විය හැකිය. ඒ අනුව pico-satellite, nano-satellite, mini-satellite, satellite ආදි ලෙස ඉතාම කුඩා සයිස් එකේ සිට ක්‍රමයෙන් විශාලත්වය (හා බර) වැඩි වන අනුපිලිවලට එම චන්ද්‍රිකා වර්ග හැඳින් වේ. චන්ද්‍රිකාවේ විශාලත්වය වැඩි වන විට ඉන් කළ හැකි කාර්ය ප්‍රමාණය වැඩි වන අතර, එය සැදීම, ගුවන් ගත කිරීම, හා නඩත්තුවද වියදම් සහගත වේ. 
 
චන්ද්‍රිකාව සක්‍රිය ලෙස වැඩ කරන විට ඒ සඳහා විදුලි බලය අවශ්‍ය වේ. ඒ සඳහා සූර්ය පැනල (solar panels) භාවිතා වේ. චන්ද්‍රිකාව පොලොව වට කරකැවෙන නිසා, ඊට හැමවිට සුර්යාලෝකය ලැබෙන්නේ නැත (පොලොවට මුවා වෙන විට). එනිසා බැටරිද චන්ද්‍රිකාවල ඇත (සුර්යාලෝකය නැති විට ක්‍රියාත්මක වීමට). කෙසේ වෙතත්, සූර්ය පැනලයකින් ලබා ගත හැක්කේ කුඩා විදුලි බලයකි. එනිසා, චන්ද්‍රිකාවකට ඇත්තටම වැඩ කිරීමට සිදු වන්නේ ඉතා කුඩා විදුලි බලයකින් පමනි. ඒ නිසාමයි චන්ද්‍රිකාවකින් එන සංඥා ඉතාම දුර්වලව පවතින්නේ.
 
දැන් බලමු චන්ද්‍රිකාවක් ඇත්තටම කොහොමද පොලොවට නොවැටී හෝ පොලොවෙන් ගැලවී නොගොස් දිගින් දිගටම පොලොව වටේ කරකැවෙමින් පවතින්නේ කියා. 
 
ඔබ දන්නවා පොලොව මත සිට යමක් උඩ විසි කළොත් බිමට වැටේ. ඊට හේතුව පොලොවේ ඇති ගුරුත්වාකර්ශන බලය (gravitational force) විසින් පොලව දෙසට ද්‍රව්‍ය ඇද ගැනීමයි. ඒ අනුව පොලොවේ සිට කිලෝමීටර් 400ක් උඩින් හෝ 4000ක් උඩින් හෝ 40,000ක් උඩින් හෝ යම් වස්තුවක් තිබුණත් එය පොලොව දෙසට අනිවාර්යෙන්ම ඇද ගන්නවාමයි. 
  

එලෙසම පොලොවේ සිට කිලෝමීටර් ලක්ෂ හෝ කෝටි ගණනක් උඩින් තිබුණත් එම වස්තුව පොලොවට ඇද ගැනීමට හැකියි. එහෙත් මෙහිදී වෙනත් ගැටලුවක් තිබේ. අභ්‍යවකාශයේ තිබෙන්නේ පෘථිවිය විතරක් නොවෙයිනෙ. සඳ, අගහරු වැනි තවත් ග්‍රහයන්, සූර්යා හා තවත් තරුද පවතී. ඉතිං, ඔබ යම් වස්තුවක් පොලොවෙන් ඈතින් තබන්නට තබන්නට එම වස්තුව සඳ, අගහරු, සූර්යා වැනි වෙනත් ආකාශ වස්තුවක ගුරුත්වාකර්ෂනයට නතු විය හැකිය (ඔබේ නිවසේ පුටුවක් ක්‍රමයෙන් ඔබේ වත්තේ ඈතින් ඈතට තල්ලු කරගෙන යන විට එක මොහොතකදී අල්ලපු වත්තට එය තල්ලු වන්නා සේ). එවිට, පොලොවට එම වස්තුව වැටෙනවා වෙනුවට අදාල වෙනත් ආකාශ වස්තුව මතට එය වැටේවි. ඇත්තටම සඳට හෝ අගහරුට පොලොවේ සිට අභ්‍යවකාශ යානා යවන විට, එම යානා සඳ හෝ අගහරු මතට ගොඩ බහිනවා කියන්නේ ඒක තමයි.
 

මේ අනුව අප පෘථිවිය ආසන්නයේ යවන චන්ද්‍රිකාද අනිවාර්යෙන්ම පොලොවට වැටිය යුතුය. එහෙත් එසේ වැටෙන්නේ නැහැනෙ. ඊට හේතුවක් ඇත. ඔබ යවන වස්තුව නිශ්චලව ගිහින් තැබුවොත් තමයි එලෙස වැටෙන්නේ. එහෙත් ඔබ යවන වස්තුව අවශ්‍ය තරම් වේගයකින් (velocity) ගමන් කරන ලෙස අභ්‍යවකාශයේ රඳවන්නේ නම් චන්ද්‍රිකාව නොවැටෙනු ඇත. ඊට හේතුව අප විද්‍යාව තුල කේන්ද්‍රාපසාරි බලය (centrifugal force) ලෙස හඳුන්වන අමුතු බලයක් ක්‍රියාත්මක වීමයි.
  
ඕනෑම දෙයක් තමා වටේ කරකැවෙන හෙවත් භ්‍රමණය වන විට (rotation) හෝ රවුමට ගමන් කරන හෙවත් පරිභ්‍රමණය වන  විට (revolution) එම වස්තුවේ මැද/අක්ෂය සිට අරීයව පිටතට සිටින සේ තල්ලුවීමක්/බලයක් ඇති වන අතර එය තමයි කේන්ද්‍රාපසාරි බලය කියන්නේ.





ඔබ වාහනයකින් යන විට වංගුවක් ගන්නා විට, ඔබව එක් පැත්තකට තල්ලු වෙනවා නේද? එය සිදු වන්නෙත් මෙම කේන්ද්‍රාපසාරි බලය ඇති වීම නිසා තමයි. කෙලින් නොවන (වංගු) චලනයක් සිදු වන හැමවිටම තල්ලු වන ගතිය ඔබට ඕනෑ තරම් දැනී ඇති. මේ සියල්ලම කේන්ද්‍රාපසාරි බලය නිසා තමයි.
 




මෙම කේන්ද්‍රාපසාරි බලය ක්‍රමයෙන් වැඩි වෙනවා වස්තුව භ්‍රමනය හෝ පරිභ්‍රමනය වන වේගය වැඩි වන විට. ඒ කියන්නේ. චන්ද්‍රිකාව අභ්‍යවකාශයේ රඳවන මොහොතේදී අප විසින් චන්ද්‍රිකාව යම් වේගයකින් ගමන් කරන විදියටයි තබන්නේ. එමඟින් අපට හැකියාව ලැබෙනවා අපට අවශ්‍ය ප්‍රමාණයට කේන්ද්‍රාපසාරි බලය සෙට් කර ගන්නට.
 
ඉතිං, චන්ද්‍රිකාවට දැන් එකිනෙකට විරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වන බල දෙකක් පවතී - පොලොව දෙසට පවතින ගුරුත්වාකර්ශන බලය හා පොලොවෙන් ඉවතට පවතින කේන්ද්‍රාපසාරි බලය. මෙම බල දෙක එකිනෙකට සමාන වන විට තමයි චන්ද්‍රිකාව දිගින් දිගටම කරකැවෙමින් පවතින්නේ. එවිට බල දෙක එකිනෙකට කැපී උදාසීන වී යයි හෙවත් බල සමතුලිත වෙයි (ඔබේ මේසය මත තිබෙන පොතකට වම් අතින් දකුනු අත පැත්තට යම් බලයක් යොදා, ඊට සමාන බලයක් දකුනු අතින් වම් අත පැත්තට යෙදුවොත් පොත චලනය නොවන්නේද බල සමතුලිත වීම නිසාය). කේන්ද්‍රාපසාරි බලය ගුරුත්වාකර්ශන බලයට වඩා වැඩි වුවොත්, චන්ද්‍රිකාව පොලොවෙන් තවත් ඈත් වන අතර, ගුරුත්වාකර්ශන බලය කේන්ද්‍රාපසාරි බලයට වඩා වැඩි වුවොත් එය පොලොව දෙසට කඩා වැටෙනු ඇත.
 





සටහන
කෙනෙකුට ආශාවක් ඇත් නම් මේවා ගණනය කරන හැටි දැන ගන්නට මා එය කෙටියෙන් පෙන්වන්නම්. ඇත්තටම මේවා ඉතාම සරල සූත්‍ර වේ.
 

ඕනෑම වස්තු දෙකක් අතර ගුරුත්වාකර්ශන බලයක් ඇති වේ. පොලොව, සඳ, ඉර වැනි විශාල වස්තුන් විසින් පමනක් නොව, ඔබ, කුරුමිනියා, කුඩා සීනි කැටයක් වැනි කුඩා දේක වුවත් ගුරුත්වාකර්ශන බලයක් තිබේ. ගුරුත්වාකර්ශන බලය වැඩි වන්නේ වස්තුවේ “බර” (mass) වැඩි වන විටයි. එහෙත් කුඩා වස්තුන්ගෙන් ඇති වන එම බලය ඉතාම කුඩා නිසා එය ශූන්‍ය ලෙස ගනී. යම් වස්තු දෙකක් අතර ඇති වන ගුරුත්වාකර්ශන බලය පහත සරල සූත්‍රයෙන් ගණනය කළ හැකියි.
  

උදාහරණයක් ලෙස ගණනය කිරීමක් කර බලමු. පොලොවේ බර 6 x 1024 kg ලෙස සොයා ඇත. පොලොවේ අරය 6400km ලෙසද සොයා ගෙන ඇත. ඉතිං පොලොව මතුපිට (එනම් පොලව මතුපිටට ආසන්නව) සිටින කිලෝග්‍රෑම් 76ක් බර ඇති මා සිටී. එවිට පොලොවත් මාත් අතර ඇති වන ගුරුත්වාකර්ශන බලය (එය අප පවසන්නේ පොලොව විසින් මා වෙත ඇති කරන ගුරුත්වාකර්ශන බලය ලෙසය) පහත ආකාරයට ගණනය කරමු. බලය මනින ඒකකය නිව්ටන් (N) වේ.
 

Fg = Gm1m2/r2
     = (6.67x10-11) x (6x1024kg) x (76kg) / (6,400,000 m)2 = 743N
 

ඉහත ගණනය කිරීම අනුව මා පොලොව මතම සිට ගෙන සිටියත්, ඊට වඩා උසක් ඇති පොල් ගහක් උඩ සිටියත් තට්ටු 100ක් උස බිල්ඩිමක සිටියත් ඉහත අගයම ලැබෙනු ඇත. ඊට හේතුව පොලොවේ අරය ඉතා විශාල නිසා, පොලොව මතු පිට සිට කිලෝමීටර් ගණනාවක් උඩට ගියත් එම වෙනස පොලොවේ අරයට සාපේක්ෂව කුඩා නිසාය. බොරු නම් මේ එක් එක් අවස්ථාව සඳහා ඉහත සූත්‍රය යොදා එම බලයන් ගණනය කර බලන්න; ආසන්න වශයෙන් එකම පිලිතුර ලැබෙන බව පෙනේවි.
 

එලෙසම ඕනෑම වෘත්ත චලිතයකදී ඇති වන කේන්ද්‍රාපසාරි බලය සෙවීමට පහත සූත්‍රය යොදා ගත හැකිය.
 


උදාහරණයක් බලමු. කිලෝග්‍රෑම් 76ක් බර ඔබ පැයට කිලෝමීටර් 50කින් (එනම් තත්පරයට මීටර් 13.9) අරය මීටර් 10ක් ඇති වංගුවක් ගන්නා විට, ඔබට ඇති වන කේන්ද්‍රාපසාරි බලය සොයමු. හැමවිටම මෙම සූත්‍රවලට සම්මත ඒකකයන්ගෙන් අගයන් ඇතුලු කළ යුතු වේ.
 

FC = mv2 /r = 76kg x (13.9)2 / 10 =  1468N
 

දැන් ඔබට යම් චන්ද්‍රිකාවක් යවන්නට අවශ්‍ය යැයි සිතමු. එම චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 100ක් නම් හා එය පොලොව මතුපිට සිට කිලෝමීටර් 1000ක් උඩින් රැඳවීමට අවශ්‍ය යැයිද සිතමු. මෙවිට, එම උසේදී චන්ද්‍රිකාවට දැනෙන බලය ගණනය කරමු පලමුවෙන්ම.



උදාහරණයක් බලමු. කිලෝග්‍රෑම් 76ක් බර ඔබ පැයට කිලෝමීටර් 50කින් (එනම් තත්පරයට මීටර් 13.9) අරය මීටර් 10ක් ඇති වංගුවක් ගන්නා විට, ඔබට ඇති වන කේන්ද්‍රාපසාරි බලය සොයමු. හැමවිටම මෙම සූත්‍රවලට සම්මත ඒකකයන්ගෙන් අගයන් ඇතුලු කළ යුතු වේ.
 

FC = mv2 /r = 76kg x (13.9)2 / 10 =  1468N
 

දැන් ඔබට යම් චන්ද්‍රිකාවක් යවන්නට අවශ්‍ය යැයි සිතමු. එම චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 100ක් නම් හා එය පොලොව මතුපිට සිට කිලෝමීටර් 1000ක් උඩින් රැඳවීමට අවශ්‍ය යැයිද සිතමු. මෙවිට, එම උසේදී චන්ද්‍රිකාවට දැනෙන බලය ගණනය කරමු පලමුවෙන්ම. මෙහිදී හැමවිටම වස්තුන්ගේ කේන්ද්‍රයේ සිට දුර මැනිය යුතු නිසා පොලොවේ අරයට චන්ද්‍රිකාව පොලොවේ සිට ඇති උසත් එකතු කරන්නට සිදු වේ.
 

Fg = Gm1m2/r2
     = (6.67x10-11) x (6x1024kg) x (100kg) / (6,400,000 + 1,000,000m)2 = 731N


දැන් එම උසේදී චන්ද්‍රිකාව රැඳවීමට නම් චන්ද්‍රිකාවට නිව්ටන් 731 ක කේන්ද්‍රාපසාරි බලයක් තිබිය යුතුය. දැන් කේන්ද්‍රාපසාරි බලය සොයන සූත්‍රයට යොදා ගෙන සුලු කරන විට වේගයක් ලැබේ පහත ආකාරයට.


FC = mv2 /r

731N= 100kg  x V2 / 7,400,000

V2 = 731 x 7,400,000 /100= 54,094,000

V = 7,355ms-1



අභ්‍යවකාශයේ විශේෂිත චන්ද්‍රිකාවක් ඇත. එය දළ වශයෙන් කිලෝමීටර් 400ක් උඩින් ඇත. එය පොලොව වටා එක් රවුමක් ගැසීමට දළ වශයෙන් පැය එකයි භාගයක් ගත කරයි. මෙම චන්ද්‍රිකාව හඳුන්වන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station – ISS) කියාය. එහි මිනිසුන්ද රැඳී සිටි. විවිධ පර්යේෂණ ඒ තුල සිදු වේ. ඒ තුල සිටින විද්‍යාඥයන් පාවි පාවී සිටිනු ඔබ වීඩියෝවල දැක ඇත. ඔබ දැන් ඊට හේතුව දනී (එනම් බල සමතුලිත වීම නිසා). එහෙත් සමහරුන් කියන්නේ ගගනගාමීන් පාවී පාවී සිටින්නේ ගුරුත්වාකර්ශනයක් නැති නිසා බවයි. එහෙත් එය වැරදි බව දැන් ඔබ හොඳටම දන්නවා. ගුරුත්වකර්ශනයට විරුද්ධව කේන්ද්‍රාපාසරි බලයක් ක්‍රියාත්ම වීම නිසයි එය සිදු වන්නේ. එනිසා එවැනි අවස්ථාව “ශූන්‍ය ගුරුත්වය” (zero gravity) ලෙස නොව “ක්ෂුද්‍ර ගුරුත්වය” (microgravity) ලෙස හඳුන්වයි.
 
ඉහත උදාහරණය අනුව, ඒ කියන්නේ ඔබේ චන්ද්‍රිකාව කිලෝමීටර් 1000ක් උසට රොක්ට් එකක් මඟින් රැගෙන ගොස් එම වේගයෙන් අත්හැරිය යුතුය. දැන් ඔබට තේරෙනවා ඇති ඇයි සෑම චන්ද්‍රිකාවක්ම පොලොව වටා අනිවාර්යෙන්ම කැරකි කැරකි තිබිය යුත්තේ කියා. ඒ විතරක්ද නොවේ, ඇයි සඳ පොලොව වටේ කරකැවෙන්නේ, ඇයි පෘථිවිය ඇතුලු අනෙක් ග්‍රහයන් ඉර වටේ කරකැවෙන්නේ කියාද දැන් එලෙසම වටහ ගන්න. කාලාන්තරයක් තිස්සේ ස්ථිරවම අභ්‍යවකාශයේ රැඳී පවතින අභ්‍යවකාශ වස්තුන් එසේ ස්ථාවරව සිටින්නේ ඔවුන් සතු මෙවැනි සුදුසු වේගයකින් කරකැවෙන ස්වභාව නිසාය. ඉහත ආකාරයට යම් චන්ද්‍රිකාවක් පොලොව වටා යම් ස්ථිර ගමන් මාර්ගයක රඳවයි. එම ගමන් මාර්ගය චන්ද්‍රිකාවේ කක්ෂය (orbit) කියා පවසනවා.  

චන්ද්‍රිකා කක්ෂ වර්ග කිහිපයක්ද ඇත. උස අනුව පහත ආකාරයට ඒවා නම් කෙරේ. සාමාන්‍යයෙන් කක්ෂයක් වෘත්තාකාර වේ. එහෙත් HEO යන කක්ෂය ඉලිප්සාකාර වේ. හැමවිටම චන්ද්‍රිකාව පොලොව හරි මැදි කොට ගමන් කළ යුතුම නැත. පහත රූපයේ HEO කක්ෂයේ එය පැහැදිලි වේ. එහිදී ඉල්ප්සාකාර ගමන් මාර්ගයේ එක් අවස්ථාවකදී පොලාවට ආසන්නයෙන් ගමන් කරන අතර, තවත් අවස්ථාවකදී දුරින් ගමන් කරයි. ළං අවස්ථාව perigee ලෙසද, දුර අවස්ථාව apogee ලෙසද හැඳින්වේ.



චන්ද්‍රිකාව ගමන් කරන විදිය අනුවත් කක්ෂ පහත ආකාරයට නම් කෙරේ. මෙවන් කක්ෂයක චන්ද්‍රිකාවක් පෘථිව කරකැවෙන දිශාවටම කැරකැවිය හැකිය. එහෙමත් නැතිනම් පොලොව කරකැවෙන පැත්තට විරුද්ධ පැත්තට චන්ද්‍රිකාව කරකැවිය හැකිය; මෙවිට චන්ද්‍රිකාවට ඉතාම අඩු කාලයකින් පොලව වටේ රවුමක් ගැසිය හැකිය.



චන්ද්‍රිකාවක් එලෙස කක්ෂයක රැඳ වූ පසු ඉන්දන දහනයක් නොකර කාලාන්තරයක් පුරාවට එකම නිශ්චිත ගමන් මාර්ගයේ ගමන් කරාවි යැයි අප විශ්වාස කරනවා. එහෙත් එහි ගමනට යම් යම් බාධා ඇත. සූර්යාගේ සිට නිරන්තරයෙන්ම අංශු අභ්‍යවකාශයට මුදා හැරෙන අතර, පොලව දෙසටද එම අංශු පැමිනිය හැකිය (මේවා සූර්ය සුලං - solarwinds යැයි පවසනවා). එම අංශු චන්ද්‍රිකාවල හැප්පේ. එවිට චන්ද්‍රිකාවේ ගමන මන්දගාමී වේ. මෙවිට වේගය අඩු වීම නිසා චන්ද්‍රිකාවට දැනෙන කේන්ද්‍රාපසාරි බලය අඩු වී පොලොවට චන්ද්‍රිකාව ක්‍රමයෙන් කඩා වැටේවි. තවද, චන්ද්‍රයාගේ හා සූර්යාගේ ගුරුත්වාකරශනයද සියුම්ව දැනේ. ටිකෙන් ටික එවිට චන්ද්‍රිකාවේ වේගය වෙනස් වේ. මෙවැනි හේතු නිසා ඇත්තටම චන්ද්‍රිකාව දිගින් දිගමට එකම ආකාරයට ගමන් කළ නොහැකිය. මෙනිසා, චන්ද්‍රිකාවක ගමන් මාර්ගය ගැන අඛණ්ඩව විශේෂිත උපකරණ මඟින් ගණනය කර සොයා ගනී. එලෙස ගමන් මඟ වෙනස් වීමක් දුටු විට, චන්ද්‍රිකාවේ ගබඩා කර තිබෙන ඉන්ධන දහනය කර නැවත චන්ද්‍රිකාව නිවැරදි ගමන් මඟට ගනී. මෙලෙස චන්ද්‍රිකාවක ගබඩා කර තිබෙන ඉන්දන බොහොම ටික ටික දහනය සිදු වී යම් දවසක තෙල් ටැංකිය හිස් වේ. එවිට, තවදුරටත් චන්ද්‍රිකාව පොලොවේ සිට පාලනය කිරීමට අපහසු වේ. එය තමයි චන්ද්‍රිකාවක අභාවය ලෙස සලකන්නේ. එනිසයි අප යවන සෑම චන්ද්‍රිකාවකම යම් ආයු කාලයක් පවතින්නේ (දළ වශයෙන් අවුරුදු 10ක්).
 

පොලොව මත ඕනෑම ලක්ෂ්‍යක්/ස්ථානයක් ඉතාම නිවැරදිව කිව හැකිය. ඒ සඳහා අක්ෂාංශක (latitude) හා දේශාංශක (longitude) ලෙස පොලොව මතුපිට සිරස් අතටත් තිරස් අතටත් රේඛා සටහන් කර ඇත.
මේ අතරින් පොලොව හරියටම දෙකට බෙදන අක්ෂාංශකය සමකය (equator) වේ. සමකය අක්ෂාංශක 0 ලෙස සලකන අතර, ඊට උඩට අක්ෂාංශක 90ක් (මේවා උතුරු අක්ෂාංශක ලෙස හැඳින්වේ) හා සමකයෙන් යටට අක්ෂාංශක 90ක් (මේවා දකුණු අක්ෂාංශක නම් වේ) වන සේ අක්ෂාංශක සටහන් කෙරේ. මෙවිට, උතුරු ධ්‍රැවය උතුරු අක්ෂාංශක 90 වන සේද, දකුනු ධ්‍රැවය දකුනු අක්ෂාංශක 90 වන සේද පිහිටයි. ඒ අනුව සමස්ථ පෘථිවියටම අක්ෂාංශක ඇත්තේ අංශක 180කි.
 

එලෙසම, සමස්ථ පෘථිවියම දේශාංශක 360කට බෙදා ඇත. එම දේශාංශක අතරින් දේශාංශක 0 යන්න ග්‍රින්ච් රේඛාව (Greenwich line) හෙවත් prime meridian ලෙස හැඳින් වේ (එය එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා යන බැවින් එම නම ලැබී ඇත). එම ග්‍රිනිච් රේඛාවට දකුණු පැත්තේ ඇති දේශාංශක 180  නැගෙනහිර දේශාංශක ලෙසද, ග්‍රිනිච් රේඛාවට වම් පැත්තට වන්නට ඇති දේශාංශක 180 බටහිර දේශාංශක ලෙසත් හැඳින්වේ. පැතිලි ලෝක සිතියමක් ගත් විට අක්ෂාංශක හා දේශාංශක පහත ආකාරයට සලකුනු කෙරේ.
 


අක්ෂාංශක හා දේශාංශක අංශක (degree) වලින් මනින අතර, ඒවා විශාල අගයන් වේ (දළ වශයෙන් පෘථිවිය මත දේශාංශක දෙකක් අතර දුර කිලෝමීටර් 111ක් පමන වේ). ඒ නිසා අක්ෂාංශක හා දේශාංශක නැවත කුඩා කොටස් 60කට බෙදෙන අතර, මෙම කුඩා ඒකක කලා (minute) ලෙස හැඳින්වේ. ඒ අනුව අක්ෂාංශක හෝ දේශාංශක දෙකක් (එනම් අංශකයක්) කලා 60කට බෙදේ. කලා දෙකක් අතර දුරද විශාල වේ (111/60 = කිලෝමීටර් 1.85ක් පමන). එනිසා කලාවද නැවත ඊටත් වඩා කුඩා කොටස් වන විකලා (second) 60කට බෙදේ (මෙවිට විකලා දෙකක් අතර දුර 1850/60 = මීටර් 31ක් පමන වේ). අංශක, කලා, විකලා අගයන් දැක්වීමට කෙටි සංඛේත ක්‍රමයක් ඇති අතර පහත රූපයේ එම සංඛේතද දක්වා ඇත. මෙලෙස degree minute second ලෙස අගයන් දක්වන විට එම නිරූපන ක්‍රමයට DMS යැයි කියනවා.

 
ඉහත ක්‍රමයේදී කුඩාම මිනුම වන විකලා දෙකක් අතර දුර වන මීටර් තිස් ගනනක් යනුද තරමක විශාල දුරක් වන අතර, ඊට වඩා කුඩා අගයන් දැක්වීමට අවශ්‍ය නම් සාමාන්‍ය දශම ක්‍රමයද යොදා ගෙන විකලා අගය පහත ආකාරයට ලිවිය හැකි වේ.




පිහිටුමක් පෙන්වීමට ඉහත DMS ක්‍රමය හැරුනු විට කලා හා විකලා කොටස් නැතිව කෙලින්ම අංශක අගය දශම ආකාරයෙන් දක්වන ක්‍රමයක්ද ඇත. එය Decimal Degree (DD) ක්‍රමය ලෙස හැඳින් වේ. පහත දැක්වෙන්නේ DMS ක්‍රමයට දී ඇති අගයක් DD ක්‍රමයට හරවන ආකාරයයි. පලමුව විකලා කොටස 60න් බෙදන්න (මෙම උදාහරණයේදී 45 අගය 60න් බෙදූ විට 0.75 ලැබේ). මෙවිට ලැබෙන අගය කලා කොටසට එකතු කරන්න (මෙවිට 30.75 ලැබේ). දැන් මෙම කලා අගයත් 60න් බෙදන්න (30.75 යන්න 60න් බෙදූ විට 0.5125 ලැබේ). දැන් එම අගය අංශකයට එකතු කරන්න. දැන් අවසාන වශයෙන් අපට ලැබී තිබෙන්නේ DD ක්‍රමයට ලියූ අක්ෂාංශක හෝ දේශාංශක අගයකි.



තවද, DD ක්‍රමයට දී ඇති පිහිටුමක් DMS ක්‍රමයට පත් කළ හැකියි ඉහත පෙන්වා ඇති ගණනය කිරීම ආපස්සට සිදු කිරීමෙන්. ඒ අනුව 120.5125º යන අගයේ අංශක කොටස අමුතුවෙන් සෙවීමට නැත; එය 120 º වේ. ඉන්පසු දශම කොටස ගෙන 60න් ගුන කරන්න (0.5125 x 60 = 30.75'). එම ලැබෙන පිලිතුරේ දශම තිතට වම් පැත්තේ ඇති සංඛ්‍යාව කලා අගය වේ. එවිට එහි ඉතිරි දශම කොටස ගෙන 60න් ගුන කළ විට විකලා අගය ලැබේ (0.75 x 60 = 45''). ඒ අනුව අවසාන වශයෙන් එම පිහිටුම 120º 30' 45'' ලෙස ලැබී තිබෙනවා.
 
මේ අනුව, පොලොව මත ඔබ සිටගෙන සිටින ස්ථානය හරියටම ටක්කෙටම අක්ෂාංශක හා දේශාංශක අගයන් යුගලයක් මඟින් දැක්විය හැකි බව පෙනේ. ගූගල් මැප්ද, ජීපීඑස් තාක්ෂනයද යොදා ගන්නේ මෙම ක්‍රමයයි. උදාහරණයක් ලෙස අපේ ගමේ පංසලේ අක්ෂාංශක හා දේශාංශක 7.0660N, 80.0173E වේ. සැටලයිට් ටීවී ටියුන් කිරීමේදී අක්ෂාංශක හා දේශාංශක දැනුමක් අවශ්‍ය වන අතර, ඔබ සැටලයිට් ඩිෂ් එක සවි කරන ස්ථානයේ එම අගයන් දැනගෙන සිටිය යුතු වේ. 
 
දළ වශයෙන් ලංකාවේ අක්ෂාංශක හා දේශාංශක වනුයේ උතුරු අක්ෂාංශක 7 හා නැගෙනහිර දේශාංශක 80 වේ (7N, 80E).
 
තමන් සිටිනා ස්ථානයේ අක්ෂාංශක හා දේශාංශක හරියටම පහසුවෙන්ම දැන ගත හැකියි. මේ සඳහා GPS (Global Positioning System) උපාංගයක් හෝ එම පහසුකම තිබෙන ස්මාට් ෆෝන් එකක් අවශ්‍ය වේ. ඉන්පසු, අදාල ස්ථානයට ගොස් එම උපකරණය සක්‍රිය කර එහි පෙන්වන අක්ෂාංශක හා දේශාංශක සටහන් කර තබා ගන්න. ඇත්තටම GPS යනු යම් ස්ථානයක පිහිටුම හෙවත් අක්ෂාංශක හා දේශාංශක ලබා දෙන ඇමරිකානු රජයේ චන්ද්‍රිකා සේවයකි. එය නොමිලේ මුලු ලෝකයටම ලබා දේ. තවද, යුරෝපය, රුසියාව, චීනය වැනි රටවල්ද එවැනිම සේවාවන් ලබා දෙන චන්ද්‍රිකා පිහිටුවා ඇත (යුරෝපය පවත්වාගෙන යන සේවාව Galileo ලෙසද, චීනය ලබා දෙන සේවය Beidou ලෙසද, රුසියාව ලබා දෙන සේවය GLONASS ලෙසද හැඳින් වේ). ඇත්තටම මෙම සේවාවන්ට කියන පොදු වචනය වන්නේ GNSS (Global Navigation Satellite System) වේ. දැන් තිබෙන අලුත් ස්මාට් ෆෝන්වල මෙම ජීඑන්එස්එස් සේවා සියල්ලම සපෝට් කෙරේ. එනිසා ඉතා පහසුවෙන් තමන්ගේ පොලොව මත පිහිටුම සොයා ගත හැකිය.
 
අහසේ තිබෙන වස්තුන්ගේ පිහිටීමද ඉතාම නිවැරදිව දැක්වීමට අක්ෂාංශක දේශාංශක වැනිම ක්‍රමවේදයක් (තාරකා විද්‍යාවේදී) පවතී (Right Ascension, Declination ක්‍රමය). එහෙත් අපගේ අවධානය යොමු වන්නේ සැටලයිට් ටීවී ගැන නිසා ඊට අදාල කොටස පමනක් සලකා බලමු. සැටලයිට් ටීවීවලදී සාමාන්‍ය ජනයාටත් වඩාත් පහසුවක් වනු පිනිස තාරකා විද්‍යාවේ යොදා ගන්නා ක්‍රමවේදය වෙනුවට පොලොව මත භාවිතා කළ ක්‍රමයම භාවිතා කෙරේ. 
 
එනම්, ඔබ පොලොව මත සිට එක එල්ලේ උඩ බලන විට අහසේද පොලොවේ දේශාංශකයම පවතී යනුවෙන් සිතන්න. උදාහරණයක් ලෙස, ඔබ සිටින්නේ 80.0173E යන දේශාංශකය මත නම්, ඔබ එතැන සිට ඉහලට බලන විට ඔබට අහසේද දක්නට ලැබෙන්නේ 80.0173E දේශාංශයම තමයි. මෙහිදී අප අක්ෂාංශක අගය ගැන අමුතුවෙන් සිතන්නේ නැත මොකද සැටලයිට් ටීවී සේවා සපයන සියලුම චන්ද්‍රිකා පිහිටන්නේ පොලොවේ සමකයට සමපාත වන ලෙසය. සියලුම සැටලයිට් ටීවී පහසුකම සපයන චන්ද්‍රිකා පිහිටන්නේ 0 වැනි අක්ෂාංශකයේ බැවින් මෙම සියලු චන්ද්‍රිකාවල පිහිටුම 23W, 130E ආදි ලෙස සටහන් කර තිබෙනු දක්නට ලැබේවි. මෙනිසා අපට ටීවී සේවා සපයන චන්ද්‍රිකාවල පිහිටුම පොලොවේ සාමාන්‍ය අක්ෂාංශක දේශාංශක මැප් එක මතම සටහන් කිරීමට හැකියාවද ලැබේ. 
 
පහත රූපයේ කොලපාට ඉර සමකය වන අතර, ටීවී සේවා සපයන සියලු චන්ද්‍රිකා රදවන්නේ මෙම රේඛාවට ඉහල අහසේ බව දැන් ඔබ දන්නවා. උදාහරණයක් ලෙස, දම්පාටින් දක්වා තිබෙන්නේ එවැනි චන්ද්‍රිකාවකි. එහි පිහිටුමේ දේශාංශකය නැගෙනහිර දේශාංශක 60 බව පෙනේ. ලංකාව දළ වශයෙන් පිහිටන්නේ නැගෙනහිර දේශාංශක 81 බැවින් එම චන්ද්‍රිකාව ලංකාවට බටහිර පැත්තෙන් පිහිටන බව රූපයෙන්ද පැහැදිලි වේ. තවද, ලංකාව සමකයකට මඳක් ඉහලින් පිහිටා තිබෙන නිසා, සියලු ටීවී චන්ද්‍රිකා පිහිටන්නේ ලංකාවට තරමක් පහලින් (දකුනු දිශාවට බරව) වේ. එනිසයි සැටලයිට් ඩිෂ් සවි කරන විට, තරමක් දකුණු දිශාව පැත්තට ඒවා හරවන්නේ.
  




ඉතිරි කොටස ඉදිරියේ...