තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...
එල්එන්බී
එකේ එෆ් කනෙක්ටරයෙන් පිටවන විද්‍යුත් සංඥාව සැටලයිට් රිසීවරය කරා කේබලයක් මඟින්
ගෙන යා යුතුය. මෙම කේබලය coaxial
cable වේ. ඊට එම නම ලැබී තිබෙන්නේ කේබලයේ මැද
තනි තඹ කම්බියකුත් එම කම්බිය වටා පරිවාරකයකුත්, නැවත එම පරිවාරකයට පිටින් ඒ වටා තඹ
කම්බි දැලකුත් (braid) තිබෙන නිසාය. සංඥා ගමන්
කරන්නේ මැද කම්බිය දිගේය. පිටත තිබෙන තඹ දැල සාමාන්‍යයෙන් භූගත (ground/earth)
කෙරේ.
විදුලි
සංඥා ගෙන යන සෑම වර්ගයේම කේබලයක මූලික ලාක්ෂණික ගතිගුණයක් තිබෙනවා characteristic impedance (Z0)
යනුවෙන්.
සාමාන්‍ය ටීවීවල හා සැටලයිට් ටීවීවල යොදා ගන්නා කේබල්වල එම අගය ඔම් 75 විය යුතුය.
මෙම ඕම් අගය කේබලයේ සාමාන්‍ය ප්‍රතිරෝධය (resistance)
නොවේ; එනිසා එය මල්ටිමීටරයකින් මැනගත නොහැකිය.
මෙම කැරක්ටරිස්ටික් ඉම්පීඩන්ස් අගය තීරණය වන්නේ කේබලය නිෂ්පාදනය
කරන විදිය අනුවය (එනම් මැද තඹ කම්බියේ විශ්කම්භය, එම කම්බියේ සිට ඊට පිටින් ඇති තඹ
දැලට ඇති දුර, තඹ කම්බිය හා තඹ දැල අතර යොදා ඇති පරිවාරක ද්‍රව්‍ය, ආදිය අනුව).
එනිසා අඩියක් දිග කේබලයක වුවත්, එම කේබලයේම කිලෝමීටරයක දිගක් වුවත් කැරක්ටරිස්ටික්
ඉම්පීඩන්ස් අගය එකම වේ. මෙම අගය වෙනස් වන්නේ කේබල් වර්ගයම වෙනස් කිරීමෙනි; ඕම් 50
කොඇක්සියල් කේබල්ද ඇත (ආධුනික ගුවන් විදුලි ශිල්පයේදී භාවිතා වන්නේ ඕම් පනහේ
කේබල්ය).
කැරක්ටරිස්ටික්
ඉම්පීඩන්ස් අගය එකම වුවද, කොලිටි කිහිපයකින්ම එකම කේබල් වර්ගයත් ඇත. සාමාන්‍යයෙන්
මෙහිදී කොලිටිය කියා මූලිකව අදහස් වන්නේ කේබලය විසින් සංඥා විදුලියට ඇති කරන ප්‍රතිරෝධයයි.
හැකි තරම් මෙම ප්‍රතිරෝධය අඩු විය යුතුය; එවිටයි සංඥා දුර්වල නොවී කේබලය දිගේ ගමන්
කරන්නේ. මෙම (සාමාන්‍ය) ප්‍රතිරෝධි අගය නම් මල්ටිමීටරයකින් පහසුවෙන්ම මැනිය හැකිය.
කේබලයේ දිග වැඩි වන්නට වන්නට මෙම ප්‍රතිරෝධි අගය වැඩි වේ; එනම් සංඥා තව තවත්
දුර්වල/හායනය වේ. එනිසයි හැකි තරම් දුර අඩුවෙන් මෙම කේබලය තැබිය යුත්තේ. සාමාන්‍යයෙන්
කේබලයේ මැද ඇති තඹ කම්බියේ ඝනකම වැඩි වන්නට වන්නට කොලිටියද වැඩි වේ. තඹ කම්බි දැලේ
ඝනකම වැඩි වන විටත්, කොලිටිය වැඩි වේ. ඊට අමතරව, කේබලයේ පිටතම ඇති පීවීසී ආවරණයද
හොඳින් ඝනකම් වීම හොඳය.
කොඇක්සියල්
කේබලයක කොලිටිය තීරණය කරන තවත් සාධකයක් වන්නේ එම කේබලය විසින් ගමන් කළ හැකි විද්‍යුත්
සංඥාවේ උපරිම සංඛ්‍යාතයයි. කේබලයට ඉතා ඉහල සංඛ්‍යාතයන් ගමන් කරවිය හැකි නම් එය ඉතා
හොඳ කේබලයකි. සැටලයිට් ටීවී සඳහා භාවිතා වන්නේ අඩුම ගානේ මෙගාහර්ට්ස් 2150 ක සංඥා
සංඛ්‍යාතයක් පහසුවෙන්ම රැගෙන යා හැකි කේබලයකි මොකද එල්එන්බී එකේ සිට එන්නේ
මෙගාහර්ට්ස් 950ත් 2150ත් අතර සංඥානෙ. එච්චර විශාල සංඛ්‍යාතයක් ගෙන යෑම සඳහා සාදා
නැති කේබලයක් නිකමට හෝ භාවිතා කළහොත් සංඥාව ඉතා දුර්වල වේවි.
මීට
අමතරව, කේබලයට රත්විය හැකි උපරිම උෂ්නත්වය, ඒ හරහා පැවතිය හැකි උපරිම වෝල්ටියතාව
ආදි කරුණුද කොලිටියට බලපායි. එහෙත් සැටලයිට් ටීවීවලදී අපට මෙම ලක්ෂණ එතරම් වැදගත්
නැත.
කොඇක්සියල්
කේබල් වර්ග හැඳින්වීමට අප විවිධ කේත අංක ලබා දී තිබේ. RG යන අක්ෂර දෙකෙන්
පටන් ගන්නා කේත කා අතරත් ප්‍රචලිතය. ටීවී එකට සාමාන්‍ය ඇන්ටනාව සවි කරන කොඇක්සියල්
කේබලයද ඕම් 75 වුවත්, සැටලයිට් ටීවී වලදී යොදා ගත යුතු කේබලය ඊට වඩා කොලිටි වැඩි
විය යුතුය. කොඇක්සියල් කේබල් වර්ග කිහිපයක් පහත වගුවේ දැක්වෙන අතර, සැටලයිට් ටීවී
සඳහා යොදා ගත යුත්තේ RG6 හෝ ඊට වඩා හොඳ කේබලයකි.
එම
වගුව කියවා තේරුම් ගන්නා හැටි බලමු. මෙම වගුව අනුව RG6 කේබලයේ කැරක්ටරිස්ටික්
ඉම්පීඩන්ස් අගය 76 (එය 75ට බොහෝ ආසන්න නිසා 75 ලෙසම ගන්නවා) වේ. අඩි 100ක කේබල්
දුරකදී ඩෙසිබල් 5.6ක සංඥා දුර්වල වීමක් සිදු වේ (මෙම අගය සංඥා සංඛ්‍යාතය
මෙගාහර්ට්ස් 400දී පර්යේෂණතාමක්ව සොයා දක්වා ඇති අතර, සංඛ්‍යාතය තව තවත් වැඩි වන
විට මෙම සංඥා දුර්වල වීම තව තවත් වැඩි වේවි). මෙම කේබලය උපරිමව සෙල්සියස් අංශක 80ක්
දක්වා රශ්නයක් දරා ගනී; ඊට වඩා රත් වීම සුදුසු නැත. කේබලයේ ඝනකම/විශ්කම්භය අඟල්
0.332 කි. තවද, මෙම කේබලය ඔතන විට (කේබලය දිග වැඩි නිසා හෝ යම් තැනකින් නමා යැවිය
යුතු විටදී) එම ඔතන රවුමේ (loop)
අරය අඩුම වශයෙන් අඟල් 1.65ක්වත් විය යුතුය (මා නම් සාමාන්‍යයෙන්
අඩුම ගානේ අඩි භාගයක්වත් රවුමේ අරය තිබෙන සේයි නවන්නේ).
ඉහත
වගුවේ සටහන් කර නැති වුවත් RG7යන කේබලය RG6 කේබලයට වඩා හොඳයි; එහි සංඥා
දුර්වල වීම අඩි 100කට ඩෙසිබල් 4.5ක් පමන වේ; කැරක්ටරිස්ටක් ඉම්පීඩන්ස් අගය ඕම් 75
වේ. RG11/U කේබලය ඒ කේබල් දෙකටම
වඩා හොඳයි; එය අඩි 100කට ඩෙසිබල් 3.6ක් පමන වේ. QR-320
යන කේබලය මේ සියල්ලටම වඩා හොඳය; එය අඩි 100කට ඩෙසියල් 3.4කි.
කොඇක්සියල්
කේබල්වල හොඳ ලක්ෂණයක් ඇත. එනම්, එම කේබලයේ මැද කම්බිය හරහා ගමන් කරන සංඥාවෙන්
පිටතට අනවශ්‍ය සංඥා (රේඩියෝ තරංග) පිට නොවේ; එලෙස මැද කම්බියෙන් පිට වන සංඥා කම්බි
දැල විසින් උරා ගෙන භූගත කෙරේ (උදාසීන කර දමයි). එමඟින් අවට ඇති වෙනත් විදුලි
උපකරණවලට බාධා (interference) ඇති නොවේ.
එලෙසම, අවට පරිසරයේ ඇති රේඩියෝ තරංගවලටද නොහැකි වෙනවා මැද කම්බිය
වෙතට ගමන් කිරීමට; කම්බි දැල විසින් එම සංඥාද උදාසීන කර දමයි. එමඟින් මැද කම්බිය
දිගේ ගමන් කරන සංඥාවලට පිටත සිට ඉන්ටර්ෆරන්ස් (බාධා) ඇති නොවේ. එබැවින්, වටේට ඇති
කම්බි දැල ගොරෝසු වැඩි වන තරමට (එනම් සිහින් කම්බි ගණන වැඩි වීම) මෙම අනවශ්‍ය ඝෝෂා
උදාසීන කිරීම හොඳින් සිදු වේ. මේ නිසා සැටලයිට් ටීවීවල තිබෙන දුර්වල සංඥා සන්නයනය
කිරීමට ඇති ඉතා හොඳම ක්‍රමය කොඇක්සියල් කේබල් වේ.
විවිධ
හේතු නිසා අවට පරිසරයේ විවිධාකාරයේ රේඩියෝ තරංග ඇත. සමහර ඒවා අප විසින් ඕනකමින්ම
නිපදවන ඒවාය (එෆ්එම් රේඩියෝ, ජංගම දුරකතන, ටීවී, මයික්‍රොවේව් උදුන් ආදියෙන්
නිපදවේ). සමහර ඒවා අපගේ ඕනකම නැතිව ඉබේම නිපදවේ (අකුනු ගසන විට, අහල පහල විදුලි
ස්විච ඔන් ඕෆ් කරන විට, වාහනවල එන්ජින් ක්‍රියාකාරි වන විට ආදියෙන් නිපදවේ). අප
නිතර අත්දැක තිබෙන එකක්නේ ස්පීකර් එකක් ළඟ මොබයිල් ෆෝන් තිබෙන විට, නිතරම
“කීන්..... කීන්...” ශබ්දය ස්පීකරයෙන් ඇසෙනවා. එලෙසම සමහර අවස්ථාවලදී මොබයිල් ෆෝන්
එක ටීවී එක ළඟ තිබෙන විටත් ටීවී එක ගැස්සෙමින් ඉරි යනවා. අකුනු ගසන විටත් එසේ
වෙනවා. මේව තමයි සංඥාවට ඇති වන බලපෑම් කියන්නේ (එනම් සංඥාව විකෘති වීම).
කොඇක්සියල්
කේබලයක දෙපැත්තේ coaxial
connector
සවි කළ යුතුය. සෑම කනෙක්ටරයක්ම male (පිරිමි) හා female
(ගැහැනු) ලෙස දෙවර්ගයකින් පැමිනේ.
මේල් කනෙක්ටරයේ හැමවිටම සංඥා රැගෙන යන කම්බි කැබැල්ලක් ඉදිරියට ඇවිත්
ඇත (එය පුරුෂ ලිංගයකට උපමා කර තිබෙන නිසයි පිරිමි කනෙක්ටර්
කියා හඳුන්වන්නේ). එලෙසම, ෆීමේල් කනෙක්ටරයේ සිහින්
සිඳුරක් (ස්ත්‍රී ලිංගයක්) තිබේ මේල් කනෙක්ටරයේ කම්බි කෑල්ල ඇතුලට ගන්න. හැමවිටම
පාහේ ෆීමේල් කනෙක්ටරය උපකරණයට සම්බන්ද කර ඇත; එනිසා කේබලයට සවි කිරීමට සිදු වන්නේ
මේල් කනෙක්ටරයයි.
මේ
කනෙක්ටර් සෑමවිටම වාගේ සාදන්නේ තඹ (copper) ලෝහයෙනි. තඹ යනු රිදී (silver) ලෝහයට
පසුව ඇති ඉතා හොඳින්ම විදුලිය ගමන් කරවන ලෝහයයි. එහෙත් තරමක් මිල අධික කනෙක්ටර් රිදී
ආලේප (silver-plated) හෝ රන් ආලේප (gold-plated) කර ඇත. මෙවිට වැඩි කාලයක් භාවිතා
කිරීමට හැකියාව මෙන්ම මල නොබැදී තිබීමටද උදව් වේ (තඹ ලෝහය යකඩ මෙන් මල බැඳී
දිරාපත් නොවුණත්, තඹද යම් මලකඩ කෑමකට ලක් වී එහි ඇති විදුලිය ගෙන යෑමේ හැකියාව අඩු
කරයි; රිදී හා රන් එසේවත් මල නොබැඳේ).
අධිසංඛ්‍යාත
සංඥා සඳහා නිපදවා තිබෙන සමහර මිල අධික කේබල්වල මැද තඹ කම්බියද රිදී ආලේප කර ඇත.
කනෙක්ටර් හා වයර් එලෙස රිදී ආලේප කිරීමට ප්‍රධාන හේතුවක් තිබේ. මීට පෙර අප
දැනගත්තා සංඛ්‍යාතය වැඩි වන විට සංඥා සන්නායක කම්බියේ මතුපිටට වන්නට ගමන් කරන බව
(එය චර්මීය ආචරණය වේ). ඉතිං, තඹ කම්බිය මත රිදී ආලේප කර ඇති විට, අධිසංඛ්‍යාත සංඥා
දැන් ගමන් කරන්නේ එම තුනී රිදී ආලේපය තුලින්ය. රිදී යනු ලොව තිබෙන හොඳම විදුලි
සන්නායක ද්‍රව්‍ය නිසා සංඥා දුර්වල වීම ඉතාම අඩුවෙන් තමයි සිදු වන්නේ.
පෙර
විස්තර කළ පරිදි විවිධ මහතවල්වලින් කොඇක්සියල් කේබල් ඇත. ඉතිං, ඒ එක් එක් සයිස්
එකට ගැලපෙන ප්‍රමාණවලින් කනෙක්ටර්ද තිබිය යුතුය. තවද, විවිධ හැඩවලින් (ඒ හැඩවලට N type, F type, BNC, SMA ආදි ලෙස විවිධ නම්ද ඇත) කනෙක්ටර් ඇත.
කේබලයට
මෙන්ම කනෙක්ටරයේද විවිධ කොලිටි ඇත. විශේෂයෙන්ම සෑම කනෙක්ටරයකටම සපෝට් කළ හැකි
උපරිම සංඛ්‍යාතයක් ඇත. එලෙසම, සෑම කනෙක්ටරයකටත් ඉම්පීඩන්ස් අගයක් ඇත. ඒ අනුව ඒ ඒ
කොඇක්සියල් කේබලයට ගැලපෙන කොඇක්සියල් කනෙක්ටරයක් යොදා ගත යුතුය. උදාහරණයක් ලෙස, RG6 කේබලය සමඟ සැටලයිට්
ටීවී සඳහා ගත යුත්තේ F type connector වේ; එහි ඉම්පීඩන්ස් අගයත් ඕම්
75ක් වන අතර, ගිගාහර්ටිස් දෙකක් පමන දක්වා සංඛ්‍යාතයන්ට පහසුවෙන් යෑමට ඉඩ දේ.
කේබල්
එක දිගේ එන සංඥාව ඊළඟට satellite
receiver එක තුලට ඇතුලු කෙරේ. කෙටියෙන් sat receiver හෝ නිකංම රිසීවර්
එක යනුවෙන් හඳුන්වන එයම Integrated Receiver/Decoder (IRD) ලෙසද, set-top box (STB) ලෙසද හැඳින්වේ. ඇත්තටම IRD හා STB යන
වචන දෙක සැටලයිට් රිසීවර්වලට අමතරව සැටලයිට් රිසීවරයක රාජකාරියම සිදු කරන වෙනත් උපකරණ
සඳහාද භාවිතා වේ (උදාහරණයක් ලෙස, පොලොවේ පිහිටි ටවර් එකක සිට ඩිජිටල් ආකාරයට ටීවී සංඥා විසුරුවා හරින විට,
එම සංඥා ලබා ගැනීමට භාවිතා කරන උපාංගයද මෙම IRD හෝ STB ලෙස හැඳින්වේ). අද වන විට, සමහර සැටලයිට් රිසීවරය තුලම තවත් අමතර හැකියාවන් (features)
ඇතුලත් කර ඇත.
රිසීවරයෙන්
කරන්නේ ඩිෂ් එකෙන් අල්ලා ගෙන පහල සංඛ්‍යාතයකට එල්එන්බී එක මඟින් පරිවර්තනය කර
කේබල් එක දිගේ එවන සංඥාව රූපවාහිනි යන්ත්‍රයෙන් රූප හා ශබ්ද නැරඹිය/ඇසිය හැකි
ආකාරයකට පත් කිරීමයි. ඇත්තටම රිසීවරයෙන් සිදු කරන්නේ බරපතල සංකීර්ණ ක්‍රියාවලියකි.
රූපවාහිනි
තාක්ෂණයද අද දියුණු වී ඇත. ඉස්සර පැවති “බණ්ඩිය” විශාල රූපවාහිනි CRT (Cathode Ray Tube) තාක්ෂණය යොදා ගත්තේය. අදද මෙවැනි රූපවාහිනි ලංකාවේ
බහුලව ඇත. මෙම සීආර්ටී රූපවාහිනිය සම්පූර්ණයෙන්ම analog තාක්ෂණය
මත ක්‍රියාත්මක වේ; එනම් ඊට ග්‍රහනය කළ හැක්කේ ඇනලොග් සංඥා වන අතර, එම රූපවාහිනි
පරිපථයද/සමස්ථ ක්‍රියාකාරිත්වයද ඇනලොග් වේ. ඊට අමතරව LCD (Liquid
Crystal Display) තාක්ෂනය යොදා ගන්නා සිහින් රූපවාහිනිද අද ප්‍රචලිතව
ඇත. ලංකාවේ භාවිතා වන එල්සීඩී ටීවීද සීආර්ටී ටීවී මෙන්ම ග්‍රහනය කරන්නේ ඇනලොග්
සංඥා වුවත්, එහි අභ්‍යන්තර පරිපථ ක්‍රියාකාරිත්වය digital වේ. LED TV යනුවෙන්ද ටීවී වර්ගයක් ඇතත්,
ඇත්තටම එයත් එල්සීඩී ටීවී තාක්ෂනයම තමයි; එකම වෙනස සාමාන්‍ය එල්සීඩී ටීවීවල අභ්‍යන්තරයේ
භාවිතා වන backlight නමින් හැඳින්වෙන බල්බය සඳහා භාවිතා වන්නේ
විදුලිය වැඩියෙන් වැයවන සාමාන්‍ය බල්බයක් නොව විදුලිය බොහොම අඩුවෙන් වැය වන
LED බල්බ වැලකි. මෙමඟින් විදුලිය ඉතා විශාල
ලෙස ඉතිරි වේ. තවද, අද වන විට පරිගනක තාක්ෂණයද ටීවීවලට
පැමින ඇති අතර, smart TV යනුවෙන්ද ටීවී වර්ගයක් ඇත. මෙයද එල්ඊඩී ටීවී එකක් වන අතර,
සාමාන්‍ය එල්ඊඩී ටීවී එකක නැති බොහෝ හැකියාවන් ඇත (අන්තර්ජාලයට සම්බන්ද වීමට වැනි
හැකියාවන්). මේ කුමන ආකාරයක ටීවී එකක් වුවද සැටලයිට් ටීවී බැලීමට යොදා ගත හැකිය.
රේඩියෝ
තරංග මඟින් ටීවී සංඥා විසුරුවා හැර එය රූපවාහිනියකින් නැරඹීමට යම් සම්මත තාක්ෂණික
ක්‍රමවේදයක් (ප්‍රමිතියක් - standard)
ඇත. ඇත්තටම එලෙස එක ප්‍රමිතියක් නොව,
ලොවපුරා ප්‍රමිති දෙක තුනක්ම ඇත. ලංකාවේ භාවිතා වන්නේ PAL යන ප්‍රමිතියයි. ඇමරිකාවේ NTSC නම් ප්‍රමිතියද
ප්‍රංශය වැනි රටවල SECAM නම් ප්‍රමිතියද භාවිතා වේ. බොහෝ
ටීවීවල පැල් හා එන්ටීඑස්සී යන ප්‍රමිති දෙකම සපෝට් කරයි.
පැල්,
සීකෑම් හා එන්ටීඑස්සී යන ප්‍රමිති තුනම ඇනලොග් සංඥා සඳහා සැකසූ ඒවා වේ. දැන් දැන්
සමස්ථ ලෝකයම ඩිජිටල්කරණයට ලක් වෙමින් තිබෙන නිසා, රූපවාහිනි තාක්ෂණයද ඩිජිටල්
වෙමින් පවතී. ලංකාවේද ඉතාම නුදුරේදී ඩිජිටල් ටීවීවලට මාරු වීමට නියමිතය. මෙවිට
පැල්, එන්ටීඑස්සී ප්‍රමිති අදාල නොවේ. ඒ වෙනුවට DVB-T, DVB-T2, ISDB වැනි ප්‍රමිතින්
තිබේ. මේ අතරින් DVB-T2 හා ISDB ක්‍රම දෙක ඉතා හොඳ අතර, ලංකා ආණ්ඩුව මුලින් තීරණය
කර තිබුණේද DVB-T2 ක්‍රමයට යෑමටයි. එහෙත් මේ වන විට ISDB ක්‍රමයට යෑමට ආණ්ඩුව
තීරණය කර ඇත. ලංකාවේ භාවිතා වන බොහෝ නූතන ටීවී යන්ත්‍ර ඩිජිටල් තාක්ෂනය සපෝට්
කළත්, ඒවා එක්කෝ DVB-T1 නැතහොත් DVB-T2 යන ප්‍රමිතය සපෝට් කරයි. මේ ගැන තවත්
විස්තරයක් මේ ලිපි පෙලෙහි අවසානයේ සටහන් කරන්නම්.
සැටලයිට්
ටීවීවල ඇනලොග් පැල් හෝ එන්ටීඑස්සී ප්‍රමිතින්වත්, ඩිජිටල් DVB-T1, DVB-T2, ISDB ප්‍රමිතින්වත්
භාවිතා නොවේ. එනිසයි අපට බැරි එල්එන්බී එකේ සිට එන කේබලය කෙලින්ම ටීවී එකට
කෙනෙක්ට් කිරීමට. සැටලයිට් ටීවී සඳහා භාවිතා වන ප්‍රමිතින් වන්නේ DVB-S1 හෝ DVB-S2
යන ප්‍රමිතින්ය. මෙනිසයි, සැටලයිට් රිසීවරයක් භාවිතා කිරීමට සිදු වන්නේ. ඒ කියන්නේ
සියලු සැට් රිසීවර් DVB-S1
හා DVB-S2 යන ප්‍රමිතින් සපෝට් කරයි. (DVB යනු Digital Video Broadcasting යන්නයි). සැටලයිට් රිසීවරය satellite
decoder ලෙසද හැඳින්වෙනවා මොකද decoder යනු යම් සම්මත/ප්‍රමිති
ක්‍රමයකින් පවතින සංඥාවක් තවත් සම්මත/ප්‍රමිති සංඥාවකට හරවන උපාංගයට කියන පොදු
නමයි.
රිසීවරයෙන්
පිටවන සංඥා ඊළඟට ඇතුලු වන්නේ ටීවී එක තුලටයි. රිසීවරය හා රූපවාහිනිය කනෙක්ට් කරන
ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ.
අලුත්
ටීවීවල HDMI
(High Definition Multimedia Interface) යන නමින් හැඳින්වෙන port එකක්
හෝ කිහිපයක් ඇත. මෙම පෝට් හරහා ඩිජිටල් ආකාරයට සංඥා එහා මෙහා යයි. බොහෝ සැට්
රිසීවර්වලද එච්ඩීඑම්අයි පෝට් එකක් ඇත. මෙවිට HDMI cable එකකින් රිසීවරය හා ටීවී එක කනෙක්ට්
කළ හැකිය. කඩවල එච්ඩීඑම්අයි කේබල් විවිධ දිගවලින් විවිධ මිල
ගණන්වලට ඇති අතර, අනවශ්ය තරම් දිග
කේබල් නොගත යුතු අතර, විශාල මිලකට “සුපිරි” යැයි කියනා කේබල්ද අවශ්‍ය නොවේ.
පරන
ටීවීවල එච්ඩීඑම්අයි පෝට් නැත. ඒ වෙනුවට AV port (Audio Video Port) එකක් හෝ
කිහිපයක් ඇත. සාමාන්‍යයෙන් රතු-සුදු-කහ වර්ණයෙන් සිඳුරු/ජැක් 3ක් මෙහි ඇත. මෙහි
එක් ජැක් එකක් වීඩියෝ සංඥා සඳහාද, අනෙක් ජැක් දෙක ශබ්ද/ඕඩියෝ සංඥා සඳහාද ඇත.
මෙහිදී ඕඩියෝ සඳහා ජැක් දෙකක් තිබෙන්නේ ස්ටීරියෝ ක්‍රමයට ශබ්ද යැවිය හැකි නිසාය
(එනම් left channel හා right channel ලෙස ශබ්ද මාර්ග දෙකක් ඇත). අලුත් ටීවීවලද
සාමාන්‍යයෙන් ඒවී පෝට් එකක් තිබේ. එලෙසම පරන රිසීවර්වල තිබුනේ ඒවී පෝට් පමනි; අලුත්
රිසීවර්වල තිබෙන්නේ එච්ඩීඑම්අයි පෝට් එකක් පමනි. එහෙත් සමහර අලුත් රිසීවර්වල ඒවී
පෝට් එකක් හා එච්ඩීඑම්අයි පෝට් එකක්ද තිබේ (මෙවැනි රිසීවරයක් වඩා සුදුසුය); ඉහත
රූපයේ ඇති රිසීවරය එවැන්නකි. ඉතිං, රිසීවරයේ හා ටීවී එකේ ඒවී පෝට්වල ජැක් තුන
හරියට කනෙක්ට් කරන්න AV cable එකක් මඟින්. ඉහත
රූපයේ ටීවී එකේ ඒවී පෝට් 2ක් ඇත.
රිසීවරය
සමඟ remote
controller එකක් ලැබෙන අතර, බොහෝ රිසීවර්වල සියලුම සෙටිංස් සෑදිය හැක්කේ මෙම
රිමෝට් කන්ට්‍රෝලර් එකෙන්ය. එනිසා එය පරිස්සමින් තබා ගැනීම වැදගත් වේ. රිසීවරයක්
කුමන හෝ හේතුවක් නිසා හෝ ඉඳහිට වැඩ නොකරන තත්වයට පත් වන විට, එය අත්ලේ ගසා හදන්නට
යන්න එපා. ඉක්මනින්ම එය විනාශ වී යෑමට එය හේතුවකි. සමහරවිට බැට්රි ඩිස්චාජ් වී හෝ
බැටරි එහෙට මෙහෙට ගොස් තිබිය හැකියි; පලමුව ඒ ගැන සොයා බලන්න තට්ටු කරන්නට පෙර.
සැටලයිට්
එක මඟින් ටීවී චැනල් මෙන්ම රේඩියෝ චැනල්ද එවිය හැකිය. තවද, එම චැනල් නොමිලේම බැලිය
හැකි පරිදි මෙන්ම නොමිලේ බැලිය නොහැකි ආකාරයෙන් සම්ප්‍රේෂනය කළ හැකියි. කිසිදු
මුදල් ගෙවීමක් සිදු නොකර ඕනෑම කෙනෙකුට බැලිය හැකි චැනල් FTA (Free-To-Air) ලෙස හැඳින්වේ.
වෙළඳපොලෝ මිලදී ගැනීමට තිබෙනවා FTA receiver ලෙස සැටලයිට් රිසීවර්. එෆ්ටීඒ රිසීවරුත්
සාමාන්‍ය රිසීවරයකි. එහෙත් එම රිසීවරයෙන් බැලිය හැක්කේ අර නොමිලේ ලබා දෙන චැනල්
(එනම් එෆ්ටීඒ චැනල්) පමනි.
හොඳ/ප්‍රයෝජනවත්
චැනල් සියල්ලම මුදල් ගෙවා (subscription) බැලිය යුතු ඒවාය. ඒවා FTA receiver එකකින් බැලිය
නොහැකිය. මෙම චැනල් premium channels හෝ pay-per-view channels ලෙස හැඳින්වේ.
මෙහිදීත් fta channels වලදී මෙන්ම චන්ද්‍රිකාවේ
සිට රේඩියෝ සංඥා මඟින් පේඩ් චැනල්ස් විසුරුවා හැරේ. ඒවා රිසීවරයෙන්ද ග්‍රහනය කර
ගනී සුපුරුදු ලෙසම. එහෙත් එම චැනල් බැලිය නොහැකි වන ලෙස “විච්චූරණයක්” කර ඇත. එනම්
එක්තරා ප්‍රමිතියක් අනුව (විද්‍යාවක් අනුව) එම සංඥා නිකංම තේරුම් ගැනීමට නොහැකි වන
පරිදි “අංජබජල්” කර ඇත. චැනල්/සංඥා encrypt කරනවා හෝ
scramble කරනවා කියන්නේ එයයි.
චැනල්
එන්ක්‍රිප්ට්/ස්ක්‍රැම්බල් කර ඇති නිසා, දැන් සාමාන්‍ය රිසීවරයකට බැහැ එම චැනල්වල
ඇති රූපවාහිනි සංඥා උකහා ගන්නට. එහෙත් එම සංඥාවලට කර ඇති ව්ච්චූරණය ඉවත් කළ හැකියි.
ඒ සඳහා රහස්‍ය කේතයක් අවශ්‍ය කෙරේ. එම රහස්‍ය කේතය ලබා දෙන්නේ මාසිකව නියමිත
ගාස්තු ගෙවන පාරිභෝගිකයන්ටයි (subscribers). පාරිභෝගිකයාට එම කේතය ලැබෙන්නේ අර ෆෝන්වල භාවිතා වන ආකාරයේම SIM
කාඩ් එකක් හරහාය. ඒ අනුව, මුදල් ගෙවා එම සිම්පත ගෙන තමන්ගේ රිසීවරයට ඇතුලු කළ යුතුය. එනිසා, මෙවැනි ප්‍රිමියම් චැනල් බැලීමට අවශ්ය කරන්නේ ඒ සඳහාම විශේෂිතව සෑදූ රිසීවර් වන අතර, ඊට සිමිපතක් ඇතුලු
කිරීමට සිදුරක්ද (slot) ඇත. මෙම
විශේෂිත රිසීවර් සැටලයිට් ටෙලිවිෂන් සේවාව ලබා දෙන ආයතන විසින් සාමාන්‍යයෙන් ලබා
දේ (උදා: ඩයලොක්, ඩිෂ්ටීවී ලංකා).
මෙවැනි
රිසීවර විසින්ද පෙර පරිදිම සංඥා ග්‍රහනය කර ගනී. එෆ්ටීඒ චැනල් නම්, සිම් එකේ අවශ්‍යතාවක්
නැතිවම නිකංම ටීවී එකෙන් දර්ශන පෙන්වාවි. එහෙත් එන්ක්‍රිප්ට් කරපු චැනල්වලදී, අර
සිම් එකෙන් රහස් කේතය රිසීවරය විසින් ගෙන “විච්චූරණය” ඉවත් කර සාමාන්‍ය සංඥා බවට
පත් කරයි (මෙම ක්‍රියාව decrypt හෙවත් descramble
ලෙස හැඳන්වේ). එවිට, ටීවී එකට හැකි
වෙනවා ඒවා දර්ශන කරන්නට.
අපට
නම් ඉහත කතා කළ දෙයාකාරයේම සැටලයිට් රිසීවර්වලින් ප්‍රයෝජනයක් නැත. මා මෙහිදී
පෙන්වන්නට හදන්නේ සල්ලි ගෙවා ලබා ගත යුතු චැනල් සියල්ලම සල්ලි නොගෙවා බලන ක්‍රමයයි.
අනිවාර්යෙන්ම මෙය නීතී විරෝධි වන අතර, අධ්‍යාපනික
අරමුණකින් පමනක් මම මෙම තොරතුරු ඉදිරිපත් කරමි.
මේ
සඳහා අවශ්‍ය කරන්නේ IKS
(Internet Key Sharing)
හෙවත් Card Sharing හෙවත් CW Sharing (Control
Word Sharing) පහසුකම (feature) සහිත
රිසීවරයකි. රුපියල් 4000කට පමන මෙවැනි රිසීවරයක් මිලදී ගත හැකිය. IKS යන තාක්ෂණය යටතේ ක්‍රම ගණනාවක් තිබෙන අතර, cccam යන ක්‍රමය ඒ අතර ප්‍රමුඛ
වේ. එනිසාම බොහෝ අය IKS ට සමාන පදයක් ලෙස cccam සලකයි (උදාහරණ ලෙස, සියලුම දත්
බෙහෙත්වලට “සිග්නල්” කියන්නා සේ; සියලුම පැරසිටමෝල්වලට “පැනඩෝල්” කියන්නා සේ);
නමුත් එසේ සමාන ලෙස සිතීම වැරදිය.
මෙහි
ක්‍රියාකාරිත්වය ඉතා සරලව මෙසේ විස්තර කළ හැකිය. සුපුරුදු ලෙසම රිසීවරය විසින්
සැටලයිට් සංඥා අල්ලා ගනී. ඒ අතර එෆ්ටීඒ චැනල් ඇතොත්, සාමාන්‍ය රිසීවරයක් සේ ක්‍රියා
කර එම චැනල් දර්ශනය කරාවි. එහෙත් ස්ක්‍රැම්බල් කරපු චැනල් ඇති විට IKS ක්‍රියාකාරිත්වය
සක්‍රිය වේ. ඒ සඳහා රිසීවරය අනිවාර්යෙන්ම අන්තර්ජාලයට (Internet) සම්බන්ද වී
තිබිය යුතුය. අර ස්ක්‍රැම්බල් කර ඇති චැනල් ඩිස්ක්‍රැම්බල්
කිරීමට අවශ්‍ය රහස් කේත රිසීවරය ලබා ගන්නේ අන්තර්ජාලය හරහාය. ඉතිං, IKS සෙටිංස්
සකසා තිබියද යුතු වෙනවා එම රහස්‍ය කේතය ලබා ගැනීමට (මේ ගැන විස්තරාත්මකව පසුව
බලමු).