Skip to main content

අවසන් වතාවටත් සයිටම්

සයිටම් අර්බුදය ගැන මේ වන විට මාද පෝස්ට් කිහිපයක් පළ කර ඇත. අවසන් වරටත් ඒ ගැන යමක් ලියා තබන්නට සිතුණි. ඇත්තටම සමාජ, දේශපාලය, ආර්ථික, ලෝක ප්‍රවණතා ආදි ලෙස අනේකවිධ ඉතා බැරෑරුම් ගැටලු ගැන රාජ්‍යයේත්, ආණ්ඩුවෙත්, විද්‍යාර්ථින්ගෙත් අවධානය යොමු විය යුතුව තිබුණත්, ලංකාවේ කරුමක්කාර කාලකන්නින් දැන් වසර ගණනාවක් තිස්සේ රටේ වෙනත් වැදගත් ගැටලු නැතිවා සේ එක් ආයතනයක් ජාතික ගැටලුවක් කරගෙන සිටීම කොතරම් නූගත්කමක්ද?

රට තුල පෞද්ගලික අංශය මේ වන විට ඉතා ශක්තිමත්ය. පෞද්ගලික රෝහල් ඕනෑ තරම් තිබේ; හැම දොස්තරයෙකුම පෞද්ගලික සායන පවත්වාගෙන යයි. පෞද්ගලික පාසල් තිබේ; පාසල් යන සෑම ළමයකුම මුදල් ගෙවා ටියුෂන්ද යයි. මේ ආදී වශයෙන් රජයක් විසින් පවත්වාගෙන යා යුතු සේවා කිහිපයක් හැරෙන්නට (හැඳුනුම්පත් ලබා දීම, පාස්පෝට් ලබා දීම වැනි) අන් සියලු සේවා මුදල් ගෙවා ලබා ගත හැකි මට්ටමට රට පත්ව ඇත. තවද, පිටරට ගොස් මුදල් ගෙවා වෛද්‍ය උපාධිද ලබා ලංකාවේ වෛද්‍යවරුන් විය හැකියි. තත්වය එසේ තිබියදී රට තුල මුදල් ගෙවා වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට ඇති ශුද්ධමය වූ නොහැකියාව කුමක්ද?

කෙනෙකු තර්ක කරන්නේ වෛද්‍යවරුන් මිනිස් ජීවිතත් සමඟ ඍජුවම කටයුතු කරන නිසා වෛද්‍යවරුන් බිහිකිරීම රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි. මොලේ තිබෙන ඕනම කෙනෙකුට තේරෙනවා සිවිල් ඉංජිනේරුවන්ද, තවත් වෙනත් වෘත්තිකයන්ගේද තත්වය එයමයි. එනම්, සිවිල් ඉංජිනේරුවකු කළ ඉදිකිරීමක් කඩා වැටීමෙන් එකවර මිනිස් ජීවිත සිය ගණනින් හෝ දහස් ගණනින් විනාශ විය හැකිය. එහෙත් කිසිවෙකු පෙලපාලි යන්නේ නැත්තේ ඇයි ඉංජිනේරුවේදයන්ද රජය විසින් පමණක් ඉගැන්විය යුතුය කියා?

ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක රජයෙන් කරන දේකට වඩා විශ්වාසයක් පෞද්ගලික අංශය කෙරෙහි තැබිය හැකිය. ලෝකයේ අන් තැන්වලත් විශ්වාසදායි ලෙස පෞද්ගලික අංශ වෛද්‍ය අධ්‍යාපනය ලබා දේ. එම රටවල ඒවා ලාභ ලබන ආයතන වශයෙන්ද ලාභ නොලබන ආයතන වශයෙන්ද පවත්වාගෙන යන්නේ යන ගැටලුව දැන් ලංකාවට වලංගු නොවන්නේ සයිටම් වෛද්‍ය පීඨයද ලාභ නොලබන තත්වයට පත් කිරීමට රජය එකඟ වී ඇති නිසාය. ඇත්ත වශයෙන්ම සිදු විය යුත්තේද එයයි. මීට බොහෝ කාලයකට පෙර මෙම තීරණය ගැනීමට අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන නපුංසක ජනපතියා හා නපුංසක අගමැත්තා ප්‍රමුඛ කයිවාරු ආණ්ඩුවට බැරි වුණේ සුපුරුදු දේශපාලන බෙලහීනතාව නිසාය. මහා බැංකු මංකොල්ලය හා අනෙක් බොහෝ ගැටලුවලදීද ජනපති හැසිරී තිබෙන්නේ එලෙසය.

මහින්ද රාජපක්ක හා උගේ පාර්ලිමේන්තු පොදු විපක්ෂ හොර හා මැර කල්ලිය ගැන මා මෙහිදී කතා නොකරන්නේ උන් නිකංම නගර සෝභිනියන්ගේ තත්වයට පත්ව ඇති කිසිම වැදගම්මකට නැති එවුන් ටිකක් නිසාය. 

දැන් වෙදහොරුන්ගේ සංගමය නිහඬ වී ඇත. ප්‍රෝඩාව දිගටම කරගෙන යා නොහැකි බවත්, දිගටම නිතර නිතර ස්ට්‍රයික් කරන්නට යෑමෙන් තමන්ටද ප්‍රයිවට් ක්ලිනික්වලින් ලැබෙන ආදායම අඩු වීමත්, තවදුරටත් පොදු ජනයාගේ ඉවසීමේ රතු කට්ට පැන ගුටිකන තත්වයක් ඇති වී තිබෙන නිසාය. කෙසේ වෙතත්, මොන හේතුවක් නිසා හෝ උන් මෙම මෝඩ සටනින් ඉවත් වීම රට වැසියන්ට අස්වැසිල්ලකි.

එහෙත් මේ වන විට වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් යැයි කියා ගන්නා කාලකන්නින් පිරිසක් ඉස්මතුව ඇත. මෙම සයිටම් ගැටලුවේදී උන්ට තිබෙන රුදාව මට තවමත් වටහා ගැනීමට නොහැකිය. තම වෛද්‍ය සිසු දූපුතුන් දේශනවලට සහභාගී නොවීම නම් උන්ට තිබෙන ගැටලුව ඊට කළ යුත්තේ තම දරුවන්ට තරවටු කර බාප්පොච්චිලා අම්මණ්ඩිලා මෙන් නොහැසිරෙන ලෙස අවවාද කොට දේශනවලට සහභාගී කරවීමයි. එහෙත් කාගේ හෝ බළල් අතක් වශයෙන් උන්ද මෙම මෝඩ සටනේ දැන් පෙරමුණු ගෙන ඇත.

හරිනම් උපවාස කළ යුත්තේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුලු වීමට ලකුණක් දෙකක් අඩු වීම නිසා එම වරප්‍රසාදය අහිමි වෙච්ච ළමුන්ගේ දෙමාපියන්ය. තමන්ගේ දරුවන් දැනටමත් එම වරප්‍රසාදය හිමි කරගත් දෙමාපියන්ට සයිටම් ගැටලුවේදී ඇති කැසිල්ල තේරුම්ගත නොහැකිය. එනිසා රජය උන්ව සතපහකට නොසලකා කටයුතු කළ යුතුය.

රජය දැන් අරන් තිබෙන ස්ථාවරය යහපත්ය. ලාබ නොලබන ආයතනයක් වශයෙන් සයිටම් වහම ස්ථාපිත කළ යුතුය හොඳ ගුණාත්මක තත්වයක් හෝ පුහුණුවීම් සමඟම. තවත් එවැනි වෛද්‍ය පීඨද එම ආකෘතියෙන්ම බිහි කළ යුතුය. ඉන්පසු වෙනත් ක්ෂේත්‍රයන්හි පෞද්ගලික විශ්ව විද්‍යාලද ලාභ නොලබන තත්වයට පත් කිරීමට කවුරුත් උද්ඝෝෂනය කළ යුතුය. එවන් උද්ඝෝෂනවලට අපද ඉතා කැමැත්තෙන් සහභාගී වීමට කැමතිය.

Comments

  1. හඃහඃහා.. කතාව නම් සහතික ඇත්ත. ඒත් ප්‍රශ්නෙ මම දකින්නෙ අපේ දේශපාලුවන්ගේ කපටි කම. උන්ට ඕන්නම් ඔය සයිටමේ වහලා විශ්වවිද්‍යාල වල සාමාන්‍ය පරිදි වැඩ කටයුතු සිදු කරගෙන යන්න පුලුවන්. හැබැයි පාස් වෙච්ච සිසුන්ට දෙන්න රැකියා නැහැ. අපේ දේශපාලුවන්ගේ සුඛ විහරණයට මේ රටේ සල්ලි කනකොට රජයේ වෛද්‍යවරුන්ට ගෙවන්න කොහෙන්ද රටට සල්ලි. ඒ නිසයි සයිටම් සයිටම් ගගා අහිංසක විශ්වවිද්‍යල සිසුන් මැරීගෙන උත්ඝේාෂන කරද්දී අපේ දේශපාලුවන් එ දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නේ. එතකොට සිසුන්ට පත්වීම් දෙන්න අවුරුදු ගනන් පහු වෙනවානේ. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයිනුත් අැම ගිලගෙන උත්ඝේාෂන කරනවා ; හිතන් ඉන්නේ හර්තාලය වගේ කියා, උන්ගේ පාඩුවෙ පොතපතක් බලාගන්නැතුව. මන් දකින විදිහට ඒ හින්දයි ඔය සයිටමේ දිගට ඇදිලා යන්නේ. අනික අවුරුදු ගනන් ගියත් රටේම ප්‍රශ්නයක් විසදන්න බැරි තරමට රටේ විධායක හා අධිකරණ ක්ෂේත්‍ර දුර්වල වෙන්න විදිහක් නැනේ. එ්කටම හරියන අතිගරු ජනාධිපතිගේ බලයෙනුත් කළ හැක්කේ ඉස්කොලෙක පැලයක් සිටුවීම හෝ දියවැඩියාව පිළිබඳ පා ගමනක් යාම පමණි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේශපාලුවන් කපටි පමණක් නොව, උන් අවජාතකයෝද වෙත්. ඊටම හරියන හරක් විජ්ජවිජ්ජාල බාප්පොච්චිලා හා අම්මණ්ඩිලා ටිකකුත් ඉන්නවානෙ.

      Delete
  2. යම්කිසි සිදුවීමක සම්භාවිතාවය සඳහා සංකීර්ණ සංඛ්‍යාවක් හෝ ඍණ සංඛ්‍යාවක් ලැබුනුවිට එය අර්ථ දක්වන ක්‍රමයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. ඔබ මාව අමාරුවේ දාන ප්‍රශ්නයකුයි මේ ඇහුවේ... :(

      සම්මත ගණිතය තුල සාමාන්‍යයෙන් සම්භාවිතා අගය හැමවිටම තථ්‍ය (real) වේ. ඍන සම්භාවිතා අගයක් හෝ සංකීර්ණ/අතථ්‍ය සම්භාවිතා අගයක් යනු කුමක්දැයි මට නම් පහසුවෙන් වැටහෙන්නේ නැත.

      එහෙත්, යම් සංගත තර්ක මත රැඳේ නම්, කෙනෙකුට ගණිතයේ වියුක්ත ස්වභාවය ප්‍රයෝජනයට ගෙන එවන් අගයන් සහිතවද සම්භාවිතා නැවත අර්ථ දැක්විය හැකි වීමටද පුලුවන.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he ...

මෝහනය / mohanaya (hypnosis) - 1

මෝහනය (mohanaya - Hypnosis) ගැන සිංහල බසින් ලියවී නොමැති අතර, එය ගැන උනන්දුවක් දක්වන අයට පහසුවෙනුත් නිවැරදිවත් ඉගෙන එය වගකීම් සහගතව භාවිතා කිරීමට හැකිවන පරිදි එම විෂය පිළිබඳ ඉතා සවිස්තරාත්මකව මෙම පොතෙන් ඉදිරිපත් කිරීම අරමුණ වේ. එම පොතේ කරුණු කුඩා කොටස් වශයෙන් මෙම බ්ලොග් එකෙහි පළ කිරීම සිදු වේ. හැඳින්වීම දියුණු යැයි සම්මත බටහිර සමාජයෙත් “ මෝහනය ” ගැන තවමත් උගත් නූගත් බොහෝ දෙනා අතර පවතින්නේද වැරදි අවබෝධයක් වන අතර, එම තත්වය ශ්‍රී ලංකාව තුළ ඊටත් වඩා බරපතල ලෙස දක්නට ලැබෙනවා. මේ සෑම සමාජයකම මෝහනය ගැන යම් හෝ දැනුමක් ඔවුන් බොහෝ විට ලබා ගෙන ඇත්තේ සමහර චිත්‍රපට හා ටෙලිනාට්‍යවල ඇති මෝහනය ඇතුළත් දර්ශනවලිනි. අවාසනාවකට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලින් පෙන්වන්නේ කිසිසේත් මෝහනයෙන් කළ නොහැකි එහෙත් එම කලාත්මක නිර්මාණයේ රස උත්පාදනය සඳහාම ඇති තවත් ප්‍රබන්ධයන් පමණි. ඔබම සිතා බලන්න මෝහනය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබා ඇතිනම්, ඊට කොතරම් චිත්‍රපට දර්ශන ආදිය බලපා ඇතිද කියා. සෑම ක්ෂේත්‍රයකම මෙන්ම මෝහනයද නිවැරදිව අවබෝධ කර හා නොකර එහි නියැළෙන අය සිටී. කෙනෙකු මෝහනය කිරීමට පැයක් වැනි කුඩා කාලයකින් වුවද අවශ්‍ය නම්...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...