Skip to main content

ලංකාවේ ආධුනික ගුවන් විදුලිය

ආධුනික ගුවන් විදුලිය ගැන පාඩම් මාලාවක් අද සිට මා ලියන්නට සූදානම්. ඇත්තෙන්ම විවිධ විෂයන් ගැන මා මෙතෙක් ලියූ ආකාරයට වඩා වෙනස්කමක් එහි ඇත. ඊට හේතුව මෙම පාඩම් මාලාව ප්‍රමුඛව මාගේ අධ්‍යනය සඳහාම මා විසින් සකස් කරන්නක් වීමයි. තවමත් මාද ආධුනික ගුවන් විදුලි ශිල්පයෙක් නොවේ. ඉංග්‍රිසි බසින් ඕනෑ තරම් මේ ගැන විස්තර අන්තර්ජාලයේ ඇත. සුපුරුදු ලෙසම අන් විෂයන්හි මෙන්ම, සිංහලෙන් මේ විෂය සම්බන්ධව යම් පමණකට හෝ ලියා තිබෙන්නේ එක් පුද්ගලයකු පමණි. ඔහු විජේරත්න මහාතායි. පළමුවෙන්ම ඔහුට මා ආචාර කරමි. ඉතිං, මා පුලුල් වශයෙන් මේ සම්බන්ධව මාගේ අධ්‍යනය සඳහා මවිසින්ම පිළියෙල කරගත් කරුණු මෙම විෂය ගැන හොඳ නිවැරදි දැනුමක් අනෙක් අයට ලබා ගත හැකි පරිදි ලියන්නට උත්සහ කරනවා.

ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur Radio) ගැන මුලුන්ම මා දැන ගත්තේ මා පාසලේ 8 වසරේ පමණ සිටින කාලයේදීය. ඒ මා එකල ආශාවෙන් නිතිපතා කියවූ විදුසර නම් විද්‍යා සඟරාවේ පළ වූ ලිපියකිනි (මා කුඩා කළ කියවූ විදුසර සඟරා සියල්ලම බන්ඩල් කර පොලිතින් කවරවලින් සීල් කර ආරක්ෂා සහිතව දැනටත් මා සතුව ඇති අතර, අදද මා ඉඳහිට විදුසර කියවන විට ඉතා හොඳින් දැනෙන්නේ අද පවතින විදුසරට වඩා ඉතා අනර්ඝ ලිපි හා අන්තරගතයන් එකල පැවතුණු බවයි). ඒ ගැන ඉතා දැඩි ආශාවක් ඇති වුවත්, ඉලෙක්ට්‍රෝනික්ස් හෝ රේඩියෝ තාක්ෂණය හෝ උසස් තාක්ෂණික ක්‍රමවේද ගැන කුඩා මට එතරම් දැනුමක් නොමැති නිසා, තව ලොකු වුණාම ඊට යොමු වීමට සිතා ගත්තා මට මතකයි. ඒ අනුව 2004 පමණ මා එම විභාගෙට ඉදිරිපත් වීමට අයදුම්පතක්ද සල්ලි දී ගත්තත් එය කිරීමට මට නොහැකි වූ අතර, එය ක්‍රමයෙන් අමතක වී ගියේය. එය යලි සිහිපත් වීමටද අවස්ථාවක් නොවූයේ මෙම විෂය සම්බන්ධව එදාත් මෙදා මෙන්ම එය කරලියට ගෙන මහජනයා අතර ප්‍රචලිත කිරීමට කිසිවෙක් උත්සහ නොකිරීම නිසා බව හැඟේ. එහෙත් හිටි හැටියේ මාස දෙකකට විතර පමණ උඩදී එය යලිත් සිහිපත් විය. එහි ප්‍රතිපලයක් ලෙස, මා මෙතෙක් ලියමින් සිටි පාඩම්ද මඳකට නවතා මෙය ගැන ලීමට තරම් උද්‍යෝගයක් ඇති විය.

ඒ ගැන ලිවීමට පෙර පෙරවදනක් ලෙස යම් යම් කාරණා කිහිපයක් ගැන මා හට ඇති වී තිබෙන අදහස් උදහස් කිහිපයක් ලිවීමටයි මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ. ආධුනික ගුවන් විදුලි ශිල්පය යනු ඉතා සිත්ගන්නාසුලු දෙයකි. මා මේ ගැන මිතුරන් කිහිප දෙනෙකු සමග කතා කළ විට, ඒ සියල්ලන්ම මීට පෙර අඩුම ගාණේ එම වචනවත් අසා නැති බවයි පැවසුවේ. එහෙත් එය ගැන මා කෙටියෙන් ඔවුන්ට විස්තර කළ විගස, ඉතා දැඩි උනන්දුවක් ඔවුනටද ඇති විය. මා කල්පනා කරන්නේ බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාරය එලෙසම වනු ඇති කියාය. එවැනි උද්‍යෝගයක් පැවතීමට හැකියාව තිබියදීත් මේ මොහොත වන විට පවා ලංකාවේ ආධුනික ගුවන් විදුලි ශිල්පින් සිටින්නේ 300ක් පමණය. අඩුම ගණනේ දැන් සිටිනා ප්‍රමාණය මෙන් දසගුණයක්වත් සිටිය යුතුව තිබුණා යැයි මා විශ්වාස කරනවා. ඒ කියන්නේ කොහේ හෝ ලොකු වරදක් පවතිනවා. ඒ ගැන විමසා බැලූ විට කදිමට වරදකරුවන් කවුරුන්දැයි පෙනෙනවා.

ලංකාව තුළ ආධුනික ගුවන් විදුලිය ප්‍රචලිත නොවීමට ප්‍රධානම හේතුව එම ක්ෂේත්‍රය තුළ සිටින අයට එය සෙසු අයට හඳුන්වා දීමට උනන්දුවක් නොතිබීමයි. ඔබ ඉන්ටර්නේට් එකේ මේ ගැන සොයා බැලුවොත් පෙනේවි වෙනත් රටවල තරුණ මහලු භේදයකින් තොරව මෙම විෂය ගැන දැනුම (නොමිලේම) බෙදා දෙන පිරිස කොතරම් සිටිනවාද කියා. විශේෂයෙන් "සීයලා" හරියට 16 කොල්ලන් වගේ ඉතා කඩිසරව හා ආශාවෙන් ඒ වැඩ සිදුකරනවා. නොමිලේ මෙන්ම මුදලට විශාල පොත් සංඛ්‍යාවක්ද ඔවුන් ලියා තිබේ. youtube වැනි අඩවිවල ඔවුන් අගනා පාඩම් එකතු කර ඇත. විජේරත්න මහතා හැරෙන්නට අපේ රටේ සිටිනා ශිල්පින්ගෙන් කී දෙනෙක් මේ ගැන අඩුම ගාණේ ලිපියක්වත් ලියා තිබේද? වචනයක් දෙකක් හෝ ලියා ඇත්නම් එයද ඉංග්‍රිසියෙනි.

කොහොමත් අපේ රටේ බොහෝ එවුන් සිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ ඉංග්‍රිසි කතා කරන සුද්දෝ කියාය. යමක් ගැන අසා දැනගන්නට කෝල් සෙන්ටර් එකකට ඇමතුවත් උන් ටෝක් කරන්නේද ඉංග්‍රිසියෙන් (ඒකත් කැඩිච්ච ඉංගිරිසි). ආධුනික ගුවන් විදුලි ශිල්පයට ඉංග්‍රිසි අත්‍යවශ්‍යම නොවේ. ඉංග්‍රිසි දැන සිටීම වාසියක් බව සැබෑවක් (ඉංග්‍රිසි බස අගනා වැඩගත හැකි උපකරණයක් බවද සිහිතබා ගත යුතුයි). රෙසිස්ටරයක්, ට්‍රාන්සිස්ටරයක්, රේඩියෝවක් ආදිය වැඩ කරන හැටි ඉංග්‍රිසියෙන් ඉගෙන ගත්තත් සිංහලෙන් ඉගෙන ගත්තත් වෙනසක් නැති බව බොහෝ හරක්ට නොතේරේ. වැදගත් වන්නේ දැනුම (හා පර්යේෂන) මිස එය ලබා ගත් ආකාරය හෝ මාධ්‍ය නොවේ. අපේ රටේදී ආධුනික ගුවන් විදුලි ශිල්පියෙකු වීමට සමත් විය යුතු විභාගය පවත්වන්නේද ඉංග්‍රිසියෙනි. සුද්දා එය උන්ගේ රටේදී ඉංග්‍රිසියෙන් පවත්වන්නේ උන් සිංහල නොදන්නා නිසාය. අපේ එවුන් එය ඉංගිසියෙන් පවත්වන්නේ අපි සිංහල නොදන්නා නිසාද? (උසස් අධ්‍යාපනයේදී ඉංග්‍රිසියෙන් උගන්වන්නේ වෙනත් අරමුණු නිසා බවද මතක් කර දිය යුතු අතර, එය මෙතැනට අදාල නොවේ).


මෙම විෂය ප්‍රචලිත නොවීමට අනෙක් කරුණ නම්, ඊට කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් හෝ සැලසුමක්  නොතිබීමයි. ඊට හේතුව තිස් අවුරුදු කාලකන්නි ත්‍රස්තවාදය යැයි කෙනෙකුට සිතීමට හැකි වුවත්, සත්‍ය කාරණාව නම් එය නොවේ. යුද්දෙට පෙරත්, යුධ සමයෙහිත්, යුද්දෙට පසුවත් කිසිදු වෙනසක් නැත. කොහොමත් අපේ රටේ දේශපාලකයන්ට වඩා සිටින්නේ දේශපාලුවන්ය. උන්ටම හරියන අමන පරිපාලක රොත්තක්ද ඇත. විදුලි සන්දේශ නියාමනය කරන උන් රාජපක්කගේ සමයෙහි කෝටි ගණනක මහජන මුදල් අපහරණය කර සිල් රෙදි බෙදා දුන්නේද එනිසාය. සමහරවිට එම මුදල්වලින්ම උන්ගේ ගැහැණුන්ට යට ඇදුම්ද අරගන්නට ඇති. එවැනි ශුද්‍ර කුලයේ එවුන්ගෙන් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පෙලපාලි නොගොස් උද්ඝෝෂණ නැතිව කිසිදු හොඳ දෙයක්/වැඩක් උන් විසින් කල්පනා කර ලබා දෙන්නේ නැති තරම්ය. එවැනි පසුබිමක මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්නන්වත් උනන්දු වී ක්ෂේත්‍රයේ දියුණුව ඇති කළ යුතුව තිබුණා නොවේද?

රේඩියෝ වැඩසටහන්, ටීවී වැඩසටහන්, පත්තර හා සඟරා ලිපි, අන්තර්ජාල ලිපි හා වීඩියෝ යන මහජන සන්නිවේදන මාර්ග ඔස්සේ මේ ගැන මහජනයා (විශේෂයෙන් විද්‍යා/තාක්ෂණ විෂයන් හදාරන හා ඒ ගැන උනන්දුවක් දක්වන තරුණ තරුණියන්) දැනුවත් කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම ඛේදජනකයි. අඩුම තරමේ දැන්වත් ආධුනික ගුවන් විදුලි ශිල්පින් ගණන දස ගුණයකින්වත් වැඩි කිරීමට මේ අය වැඩසටහන් සැලසුම් කළ යුතු නොවේද? elite group එකක් ලෙසම මෙම අගනා විනෝදජනක හා අධ්‍යාපනික වටිනාකමක් ඇති ශිල්පය ලංකාව තුළ තවදුරටත් පවත්වාගෙන යා යුතුද?

ඔබට මේ ගැන යම් හෝ උනන්දුවක් පවතී නම්, බය නැතිව ඉදිරියට විත් කටයුතු කරන්න. වයස 16 ට වැඩි ඕනෑම කෙනෙකුට මීට යොමු විය හැකියි. ඉලෙක්ට්‍රොනික්ස්, රේඩියෝ තාක්ෂණය, හා කුඩා නීති රෙගුලාසි ප්‍රමාණයක් ගැන දැනුමක් පමණයි අවශ්‍ය කරන්නේ. එම දැනුමද ඉතා ගැඹුරු වූවක් නොවේ. අවශ්‍ය සියලුම දැනුම මා සිංහලෙන් ඉදිරියේදී ලබා දෙනවා. වසරකට කිහිපවරක්ම පැවැත්විය හැකි විභාගයකට මුහුණ දීමට සිදු වෙනවා (එසේ පැවැත්විය හැකි වුවත්, කට්ටිය නැති නිසා විභාග පවත්වන්නට ඔවුන් දැන් උත්සහ දරන්නේ නැත). විභාග ගාස්තුව රුපියල් දෙතුන් සියයක් වැනි කුඩා ගණනක් පමණි. ඉතිං අසමත් වුවත් නැවත නැවත ඉදිරිපත් වියද හැකියි. මේ සියල්ලම ඔබට කිරීමට සිතෙන්නේ ආධුනික ගුවන් විදුලිය ගැන දැනුමක් ලබා ගත් පසුවයි. ඉතිං, ඒ ගැන ඉදිරි ලිපිවලින් කියවා දැනගන්න. ආධුනික ගුවන් විදුලිය යනු කුමක්දැයි කිසිදු දැනුමක් නැතිනම්, ඔබට ඒ ගැන ඉතා හොඳ විස්තර පසු ලිපිවලින් ලබා දීමට මා කටයුතු කරනවා. 73

Comments

  1. Obe uthsahaya itha ihalin agaya karami advanced level hondata karala campus ena apita ape talent penvanna tikak withara amaru wennet english prashne nisa thamai a unata passe passe english igena ganiddi thamai therenne english wala watinakama danenne amaruwen hari engilsh igena gattot yam tharamakata hari yanna puluwan dura bohoomai mat mage athdakeemen a de kiyanne sir aththatama sir karana me wade ekthara widiyaka nidahas adyapana kriyawaliyak thamai a pina athi sirta hama dema sarthaka wenna sthuthiy nawatha wathawak

    ReplyDelete
    Replies
    1. :) thank you Vimukthi. apita puluwan de api karamu. hamadama anith ayata banala witharak goda enna ba. karanna ona ewun kisith nokara inna ekata banina atharema apita puluwan de kaloth ekath tharamaka wisadumak boho prasna walata. hodin igena ganna...

      Delete
  2. Obe uthsahaya itha ihalin agaya karami advanced level hondata karala campus ena apita ape talent penvanna tikak withara amaru wennet english prashne nisa thamai a unata passe passe english igena ganiddi thamai therenne english wala watinakama danenne amaruwen hari engilsh igena gattot yam tharamakata hari yanna puluwan dura bohoomai mat mage athdakeemen a de kiyanne sir aththatama sir karana me wade ekthara widiyaka nidahas adyapana kriyawaliyak thamai a pina athi sirta hama dema sarthaka wenna sthuthiy nawatha wathawak

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

ඉරාන යුද්ධය හා ප්‍රවාද

සෑහෙන්න දවසක් තිස්සේ ලංකාවේ පවතින තත්වය ගැන ලිපියක් ලිවීමට සිතමින් සිටියත්, එය අරාබි නිසොල්ලාසය මෙන් ඉවරයක් නැති ඉතා දිගු ලිපියක් වීමට ඉඩ තිබුන බැවින් කල් දමමින් සිටියදි, ඇමරිකානු-ඊශ්‍රායල්-ඉරාන යුද්ධයද පැන නැඟීම නිසා, ඉතා කෙටි ලිපියක් ඒ ගැන ලිවීමට සිතුනි. විවිධ දෙස් විදෙස් ජනමාධ්‍ය හා විශේෂඥයන් හා අවශේෂ පුද්ගලයන් මෙම මැදපෙරදිග ගැටුම ගැන විවිධ අදහස් පල කරනවා. "මැදපෙරදිග" යන වචනයට අමතරව මෙම කලාපය හැඳින්වීමට "බටහිර ආසියා​ව"(Western Asia) යන වචනයද නිතර අසන්නට ලැබෙනවා (විශේෂයෙන් ඉංග්‍රිසි ජනමාධ්‍ය තුල). බොහෝ අය මෙම යුද්ධය ගැන විචාර කරන්න යොදාගන්නා මූලික ක්‍රමවේද දෙකක් පැහැදිලිවම ඉස්මතු වේ. 1. ලෝකයේ (විශේෂයෙන් ලංකාවේ) දැඩි ඇමරිකානු විරෝධි මිනිස් කොට්ඨාශයක් සිටී (මොහාන් සමරනායක වැනි). ඇමරිකාව ඍජුව හෝ ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහි කරන සියලු නූතන පහසුකම් හිරිකිතයකින් තොරව බුක්ති විඳිමින්, ඇමරිකාවට වෛර කිරීම ඔවුන්ගේ ජඩ පෞරුෂය වේ. ඇමරිකාව කුමක් කලත්, ඉන් ලෝකයට හොඳක් වුවත් විනාශයක් වුවත් ඇමරිකාවට සාප කිරීම ඔවුන්ගේ ලාක්ශනික ගතිගුනයයි. ඔවුන්ට අනුව ඇමරිකාව හා ඇමරිකන් ගැති ඊශ්‍රාලය තම...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...