දවස් ගණනකින් බ්ලොග් පෝස්ට් දමන්නටත් බැරිවුණා. සති දෙකක් පමණ පරිගනකය කැඩී තිබීම නිසාත්, මේ දිනවල ආධුනික ගුවන් විදුලි ශිල්පය (amateur radio or ham) ගැන කියවමින් එම විභාගයට සූදානම් වෙමින් සිටින නිසාත් ඊට කාලය සොයා ගත නොහැකිකමක් තිබේ. ආධුනික ගුවන් විදුලි ශිල්පය ගැන උනන්දුවක් දක්වන අයට ළඟදීම මා විසින් ලියන ඒ සම්බන්ද පාඩම් මාලාවක් බලාපොරොත්තු විය හැකියි. දැනට සිංහල බසින් මේ සම්බන්ද එච්චර පාඩම් හෝ පොතක් නොමැත.
ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත. Word තේරුම be ඉන්නවා and හා of ගේ in තුල to ට have තියෙනවා to ට it ඒක, ඌ I මම that ... කියලා, ඒ/අර, ඒක/අරක for සඳහා you ඔබ, ඔබලා he ...
හැකිනම් පරිගණක දෝෂ නිරාකරණය වැනි පාඩම් මාලාවකුත් කරන්න
ReplyDeletehaha... ඉස්සර වගේ නෙමෙයි දැන් ඔපරේටිං සිස්ටම් හා කොම්පියුටර් එහෙම පහසුවෙන් දෝෂ නිරාකරණය කළ හැකි ලෙසටයි නිර්මාණය වන්නේ. ඉස්සර වගේ IRQ, IO වගේ ඒවා හදන්න ඕනත් නැහැ. ඉස්කෝල යන කාලේ මට මතකයි පන දාගෙන ඉස්සර ඕව හැදුවා. මට මතකයි ආචාර්ය අශෝක කරුණානන්ද (මං හිතන්නේ නම හරි) හෙට ලොවට පරිගණක වගේ නමකින් පොතක් ලිව්වා. මං හිතන්නෙ නැහැ ඒක දැන් බුක්ෂොප්වල ඇති කියලා. පුලුවන් නම් හොයාගෙන කියවන්න. මගේ තවත් පොතක් තියෙනවා පරිගණක ගැන (තවම පබ්ලිෂ් කරල නම් නැහැ).
Delete