දවස් ගණනකින් බ්ලොග් පෝස්ට් දමන්නටත් බැරිවුණා. සති දෙකක් පමණ පරිගනකය කැඩී තිබීම නිසාත්, මේ දිනවල ආධුනික ගුවන් විදුලි ශිල්පය (amateur radio or ham) ගැන කියවමින් එම විභාගයට සූදානම් වෙමින් සිටින නිසාත් ඊට කාලය සොයා ගත නොහැකිකමක් තිබේ. ආධුනික ගුවන් විදුලි ශිල්පය ගැන උනන්දුවක් දක්වන අයට ළඟදීම මා විසින් ලියන ඒ සම්බන්ද පාඩම් මාලාවක් බලාපොරොත්තු විය හැකියි. දැනට සිංහල බසින් මේ සම්බන්ද එච්චර පාඩම් හෝ පොතක් නොමැත.
එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...
හැකිනම් පරිගණක දෝෂ නිරාකරණය වැනි පාඩම් මාලාවකුත් කරන්න
ReplyDeletehaha... ඉස්සර වගේ නෙමෙයි දැන් ඔපරේටිං සිස්ටම් හා කොම්පියුටර් එහෙම පහසුවෙන් දෝෂ නිරාකරණය කළ හැකි ලෙසටයි නිර්මාණය වන්නේ. ඉස්සර වගේ IRQ, IO වගේ ඒවා හදන්න ඕනත් නැහැ. ඉස්කෝල යන කාලේ මට මතකයි පන දාගෙන ඉස්සර ඕව හැදුවා. මට මතකයි ආචාර්ය අශෝක කරුණානන්ද (මං හිතන්නේ නම හරි) හෙට ලොවට පරිගණක වගේ නමකින් පොතක් ලිව්වා. මං හිතන්නෙ නැහැ ඒක දැන් බුක්ෂොප්වල ඇති කියලා. පුලුවන් නම් හොයාගෙන කියවන්න. මගේ තවත් පොතක් තියෙනවා පරිගණක ගැන (තවම පබ්ලිෂ් කරල නම් නැහැ).
Delete