Skip to main content

අලුත් සිංහල ප්‍රස්ථාව පිරුළු අංක 1


ලංකාවේ දේශපාලනය තනිකරම රඟදැක්වීමකි. දේශපාලුවෝ හොඳ නළුවො වන අතර, අපි හොඳ ප්‍රේක්ෂකයන්ය. මෙවුන්ගේ රඟදැක්වීම් ප්‍රේක්ෂකයන් වන අපට දැනෙන්නේද විවිධාකාරයෙනි. සමහර ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ රඟදැක්වීම වීරකම් සේ පෙනේ. සමහරෙකුට කවටයන් සේද, සමහරෙකුට දුෂ්ඨයන් සේද ආදී වශයෙන් පෙනේ. අපේ වියදමින් සැපසේ ජීවත් වන මෙවුන්, එම සැපය මදි කොට, හොරෙන්ද කෝටි ප්‍රකෝටි ගණන් වලින් ගසා කමින් කුබේරයන් සේ සැප විඳිති. අපි අත්පොලොසන් දෙමු. බලා හිඳිමු. උන්ට වන්දිභට්ටකම් කරමු. උන්ගේ හොරකම් අහුවෙන කොට ඊට දඬුවම් ලැබෙන්න යන විට උද්ඝෝෂණය කර උන්ව බේරා ගමු. සිංහ ලේ තියෙන අපට මේවා කිරීම කජ්ජක් නොවේ.

ලංකාවේ හාස්‍යජනක (හා වරෙක ගුජුප්සාජනක) දේශපාලුවන් හා උන්ගේ බත් බැලයන් කිහිප දෙනෙකුගේ හැසිරීම් ඇසුරින් අලුත් ප්‍රස්ථාව පිරුළු විශාල ප්‍රමාණයක් සාදා ගත හැකිය. ඔබත් සිතා බලන්න. කැමැති නම් ඔබේ සිතට ආ එවැනි දේශපාලන පිරුළු කමෙන්ට් එකේ ලියන්න.

  • ලැජ්ජාවට වඩා සුනිල් හඳුන්නෙත්තිගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම ලොකුයි
  • නම උඩුවේ ධම්මාලෝක වුණාට කරන්නේ අලි හොර
  • බන්දුල ගුණවර්ධනට අධ්‍යාපන ඇමතිකම භාර දුන්නා වාගේ
  • කට හින්දලු එස්බී හිරේ ගියේ
  • විජේදාස රාජපක්ෂට අධිකරණ ඇමතිකම දුන්නා වාගේ
  • නඩුත් ගෝඨාගේ බඩුත් ගෝඨාගේ
  • සුමංගලගේ හක්කේ බුදුරැස් වත්තේ හොර අලි
  • මහින්දව එලෝලා මෛත්‍රීව පත් කර ගත්තා වාගේ
  • මෛත්‍රීව පෙන්නලා රනිල් බලය ගත්තා වාගේ
  • ජීඑල් පීරිස්ගේ නීති උපදෙස් වගේ
  • ටීඑන් එකේ නැට්ටෙ එල්ලිලා ජවිපෙට සංවිධායකකම ලැබුණා වාගේ
  • රජ ගෙදර හිටවපු මෛත්‍රී වාගේ (= වෙළේ හිටවපු පඹය වගේ)
  • මහින්ද හදපු ආර්ථිකය වාගේ (= අලියා ගිලපු දිවුල් ගෙඩිය වාගේ)
  • හිරුණිකාට ඇප ලැබුණා වාගේ ඉක්මනින්
  • විජේදාස ඇවන්ගාඩ් ආරක්ෂා කරන්නා සේ (=හුණුහපුලු මව තමන්ගේ පැටව් ආරක්ෂා කරන්නා සේ)
  • විලමැද මැඳුරේ වීරවංශ වාගේ (=රජ ගෙදර කවටයා වාගේ)
  • මෛත්‍රී රනිල් ප්‍රේමය වාගේ (=රාමා සීතා ප්‍රේමය වාගේ)

Comments

  1. HikZz.. :-) මරු කතාව. මම දේශපාලනයට අකැමැති වුණත් මේ කතා ටිකට නම් බඩ පැලෙන්න හිනා යනවා. සුපිරි...

    ReplyDelete
    Replies
    1. දේශපාලනය ශුද්ධවන්ත දෙයක්. එහෙත් ලංකාවේ සිටින බලු කැරපොතු අවජාතක දේශපාලුවන් නිසා දේශපාලනය එකම අසූචි ගොඩක් බවට පත්ව ඇත.

      Delete
    2. ???
      Dan pawatina tatwayen rata goda ganiimata obatuma dakina widihata karanna puluwan dewal monada

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...