Skip to main content

නව සිංහල අක්ෂර මාලාව


ටීසී ක්‍රියාකාරී සිංහල සම්මතය 2016 (අක්ෂර මාලාව)

සිංහල භාෂාව සඳහා කාලාන්තරයක් තිස්සේ හෝඩි තුනක් සම්මත කොට ගෙන තිබෙනවා ශුද්ධ සිංහල, මිශ්‍ර සිංහල, හා සම්මත සිංහල ලෙස. මේ අතරින් අක්ෂර 60ක් සහිත සම්මත සිංහල හෝඩියයි දැනට භාවිතා කෙරෙන්නේ. තවද, පරිගණක යුනිකෝඩ සම්මතයද මෙම සම්මත සිංහල හෝඩිය භාවිතා කරනවා. දැනට භාවිතා කෙරෙන එම අක්ෂර/සංඛේත හා යුනිකෝඩ කේත පහත රූපයේ දැක්වේ.


මෙම අක්ෂර බොහෝමයක්ම හෝඩිය තුල රඳවාගෙන ඇත්තේ ප්‍රායෝගික හෝ විද්‍යාත්මක කාරණා අනුව නොව, නොයෙක් ඓතිහාසික හා අවිද්‍යාත්මක කරුණු රැසක් මතයි (මේ ගැන මීට පෙර මවිසින් ලියන ලද http://tekcroach.blogspot.com/2015/07/blog-post_22.htmlයන ලිපියෙහි කෙටියෙන් සටහන් කර ඇත). අනවශ්‍ය අක්ෂර වින්‍යාසයක් බස තුළ රඳවාගෙන තිබීම නිසාම එම බස පරිහරණය කරන සිංහල බසෙහි සත්‍ය උරුමක්කරුවන්ට සිංහල බස කරුමයක් බවට පත්ව ඇත.

මේ සියල්ල සැලකිල්ලට ගෙන, මවිසින්ම ඉතා විද්‍යාත්මක හා සරල අක්ෂර මාලාවක් ඉදිරිපත් කර ඇත. මෙම අක්ෂර මාලාවෙහි අනවශ්‍ය අක්ෂර නොමැත. තවද, “'ර්" (sir) වැනි තැන්හි පවතින "රන්ත අයනු ස්වරයට" නව අක්ෂරයකුත් ඒ සඳහා අනර්ඝ පිල්ලමකුත් හඳුන්වා දී ඇත. කිසිදු දුරවබෝධයකින් තොරව පහසුවෙන් සිංහලය ලිවිය හැකි වනු පිණිස මෙම අක්ෂර මාලාව සකස් කර ඇත. එම සම්පූර්ණ අක්ෂර මාලාව "ටීසී ක්‍රියාකාරී සිංහල සම්මතය 2016 (අක්ෂර මාලාව)” (TC Working Sinhala Standard 2016 (Alphabet)) යනුවෙන් ඉදිරිපත් කර ඇත. එම අක්ෂර මාලාව (40) පහත දැක්වේ.

ස්වර (13)
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ r (රන්ත අයන්න)

ව්‍යංජන (27)
ක ග ඟ ච ජ ඤ ට ඩ ඬ ත ද න ඳ ප බ ම ඹ ය ර ල ව ශ ස හ ෆ ං ඃ

මෙම අක්ෂරයන් දැනට පවතින යුනිකෝඩ් සම්මතය මතම අධිස්ථාපනය කළ හැකියි පහසුවෙන්ම. ඇත්තටම සිංහල අක්ෂර සඳහා වෙන් කළ යුනිකෝඩ කේතයන්හි විශාල අක්ෂර සංඛ්‍යාවක් සඳහා කෝඩ් පොයින්ට් තිබෙන බැවින්, අතීතයේ සිට මේ දක්වා තිබෙන සියලු අක්ෂරයන් එතුළ නියෝජනය කිරීම යෝග්‍ය වේ. එනිසා මෙම නව සිංහල අක්ෂර සම්මතය සමග දැනට පවතින යුනිකෝඩ් එකෙන් මවිසින් ඉවත් කරන ලද අක්ෂර ඉවත් කිරීමට අවශ්‍ය නැත. එහෙත් රන්ත අයන්න එම කේතය තුළට ඇතුලු කළ යුතුය. ඒ අනුව දැනට පවතින සම්මතයට කළ යුතු එකම වෙනස නම් මෙම රන්ත අයන්නට යුනිකෝඩ් කේතයක් ලබා ගැනීම පමණි. (සංවෘත අයන්න යනුවෙන් ස්වරයක් ඊට ඇතුලක් කළ යුතු යැයි සමහරෙකු තර්ක කරන අතර, එය අනවශ්‍ය වැඩකි; අක්ෂර සරල කරනවා වෙනුවට තවත් සංකීර්ණ කිරීමක් පමණක් ඉන් සිදු වේවි.)

යුනිකෝඩ් කේතයට සිදු කළ යුතු සුලු වෙනස්කම එය වුවත්, ෆොන්ට් සෑදීමේදී, ලිපිලේකන සැකසීමේදී හා බස ඉගැන්වීමේදී ක්‍රියාකාරී සිංහල අක්ෂර මාලාව (එනම් ටීසී සම්මතය) පමණක් භාවිතා කිරීමට උත්සහ කළ යුතුය. මෙම සම්මතය අනුව ෆොන්ට් සෑදූවිට, ඉබේම මෙම ක්‍රමයට අක්ෂර සංයෝජනය කිරීමට ඉන් දැඩ් පෙලඹවීමක් ඇති වේ. ඒ අරමුණින් නුදුරේදීම මෙම ටීසී සම්මතයට අනුව සැකසූ නව සිංහල ෆොන්ට් කිහිපයක්ම මවිසින්ම සකසා ඉදිරිපත් කිරීමට නියමිතය (දැනට එම ෆොන්ට් සැකසෙමින් පවතී).

ප්‍රායෝගිකව මෙම සම්මතය යුනිකෝඩ් සම්මතය සමග මුසු කරන්නේ මෙසේය.

1. ටීසී සම්මතය තුල පවතින අක්ෂර එලෙසම යුනිකෝඩ්වලද පවත්වා ගෙන යනවා. එනම් එම අක්ෂරවල යුනිකෝඩ් පොයින්ට් මෙන්ම glyph (මූලික හැඩතලය) වෙනස් නොවේ. (පහත රූපයේ කොල පැහැයෙන් දැක්වෙන කොටු තුළ ඇති අක්ෂර)

2. ටීසී සම්මතය තුල ඉදිරියට නොපවතින (එනම් ඉවත් කළ) අක්ෂරවල යුනිකෝඩ් පොයින්ට් එලෙසම යුනිකෝඩය තුළ පවත්වාගෙන යන අතර, ඒවායේ කිසිදු ග්ලිෆ් එකක් ටයිප් කිරීමට නොහැකි වනු ඇත (එම අක්ෂර ග්ලිෆ් දර්ශනය කිරීමටද බැරි විය යුතුය). මෙම අක්ෂර ටයිප් කරන විට (හෝ දර්ශනය කරන විට), ඒ වෙනුවට වෙනත් සුදුසු අක්ෂර අදේශ වේ (ටීසී සම්මතයට අනුව). උදාහරණයක් ලෙස, සියලු මහප්‍රාණ අක්ෂර ඉවත් කර ඇති අතර, එවැනි මහප්‍රාණයක් ටයිප් කරන විට, කෝඩ් පොයින්ට් එක එම මහප්‍රාණයට නියමිත කෝඩ් පොයින්ට් එක ලෙසම පවත්වාගෙන ගියත්, ග්ලිෆ් එක වන්නේ අදාල මහප්‍රාණයේ අල්පප්‍රාණ අක්ෂරයම වනු ඇත. , , ඍෘ, ඖ වැනි සංයුක්ත ස්වරද ඉවත් කර ඇති නිසා ඒවායෙ රූපයන්ද (ග්ලිෆ්) ඉවත් කොට ඇති අතර ඒ වෙනුවට සුදුසු ආදේශයන් සිදු කෙරේ. එම ස්වර ව්‍යංජන අකුරුවලට යෙදීමේදී යොදන පිල්ලම්ද ඉවත් කොට ඇත. ඒ වෙනුවට සුදුසු විද්‍යාත්මක ශබ්ද/අක්ෂර ආදේශයන් සිදු කොට ඇත. (පහත රූපයේ මෙම අක්ෂර සියල්ල දුඹුරු පැහැයෙන් දැක්වේ)

3. අලුතින් රන්ත අයන්න හා පිල්ලම යුනිකෝඩයට ඇතුලත් කර ඇත. (පහත රූපයේ සුදු පැහැයෙන් දිස් වේ)

මේ සියලු වෙනස්කම් ටීසී සම්මතයට අනුව සැකසූ නව යුනිකෝඩ් සම්මතය පෙන්වන පහත රූපයේ පැහැදිලිව සටහන් වේ.


 මෙම සම්මතයටම සැකසූ ෆොන්ට් දැනට සාදා තිබුණත් නැතත්, අවශ්‍ය ඕනෑම මොහොතක සිට මෙම ටීසී සම්මතයට අනුව අක්ෂර සංයෝජනය කළ හැකියි දැනට තිබෙන සිංහල ෆොන්ට්වලින්ම.
මවිසින් යෝජිත රන්ත අයන්න හා එහි පිල්ලම එලෙසම ඉක්මනින්ම යුනිකෝඩ් සම්මතයක් බවට පත් වනු ඇතැයි සිතනවා (එම ස්වරයේ අවශ්‍යතාව බොහෝ විද්වතුන් විසින් කලක සිටම යෝජනා කෙරෙමින් පවතිනවා).

සැ.යු. ඉතා නුදුරේදී සිටම මා පෞද්ගලිකව මෙම ක්‍රමයෙන් බ්ලොග් එක ලියනු ඇත.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...