Skip to main content

නව සිංහල අක්ෂර මාලාව


ටීසී ක්‍රියාකාරී සිංහල සම්මතය 2016 (අක්ෂර මාලාව)

සිංහල භාෂාව සඳහා කාලාන්තරයක් තිස්සේ හෝඩි තුනක් සම්මත කොට ගෙන තිබෙනවා ශුද්ධ සිංහල, මිශ්‍ර සිංහල, හා සම්මත සිංහල ලෙස. මේ අතරින් අක්ෂර 60ක් සහිත සම්මත සිංහල හෝඩියයි දැනට භාවිතා කෙරෙන්නේ. තවද, පරිගණක යුනිකෝඩ සම්මතයද මෙම සම්මත සිංහල හෝඩිය භාවිතා කරනවා. දැනට භාවිතා කෙරෙන එම අක්ෂර/සංඛේත හා යුනිකෝඩ කේත පහත රූපයේ දැක්වේ.


මෙම අක්ෂර බොහෝමයක්ම හෝඩිය තුල රඳවාගෙන ඇත්තේ ප්‍රායෝගික හෝ විද්‍යාත්මක කාරණා අනුව නොව, නොයෙක් ඓතිහාසික හා අවිද්‍යාත්මක කරුණු රැසක් මතයි (මේ ගැන මීට පෙර මවිසින් ලියන ලද http://tekcroach.blogspot.com/2015/07/blog-post_22.htmlයන ලිපියෙහි කෙටියෙන් සටහන් කර ඇත). අනවශ්‍ය අක්ෂර වින්‍යාසයක් බස තුළ රඳවාගෙන තිබීම නිසාම එම බස පරිහරණය කරන සිංහල බසෙහි සත්‍ය උරුමක්කරුවන්ට සිංහල බස කරුමයක් බවට පත්ව ඇත.

මේ සියල්ල සැලකිල්ලට ගෙන, මවිසින්ම ඉතා විද්‍යාත්මක හා සරල අක්ෂර මාලාවක් ඉදිරිපත් කර ඇත. මෙම අක්ෂර මාලාවෙහි අනවශ්‍ය අක්ෂර නොමැත. තවද, “'ර්" (sir) වැනි තැන්හි පවතින "රන්ත අයනු ස්වරයට" නව අක්ෂරයකුත් ඒ සඳහා අනර්ඝ පිල්ලමකුත් හඳුන්වා දී ඇත. කිසිදු දුරවබෝධයකින් තොරව පහසුවෙන් සිංහලය ලිවිය හැකි වනු පිණිස මෙම අක්ෂර මාලාව සකස් කර ඇත. එම සම්පූර්ණ අක්ෂර මාලාව "ටීසී ක්‍රියාකාරී සිංහල සම්මතය 2016 (අක්ෂර මාලාව)” (TC Working Sinhala Standard 2016 (Alphabet)) යනුවෙන් ඉදිරිපත් කර ඇත. එම අක්ෂර මාලාව (40) පහත දැක්වේ.

ස්වර (13)
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ r (රන්ත අයන්න)

ව්‍යංජන (27)
ක ග ඟ ච ජ ඤ ට ඩ ඬ ත ද න ඳ ප බ ම ඹ ය ර ල ව ශ ස හ ෆ ං ඃ

මෙම අක්ෂරයන් දැනට පවතින යුනිකෝඩ් සම්මතය මතම අධිස්ථාපනය කළ හැකියි පහසුවෙන්ම. ඇත්තටම සිංහල අක්ෂර සඳහා වෙන් කළ යුනිකෝඩ කේතයන්හි විශාල අක්ෂර සංඛ්‍යාවක් සඳහා කෝඩ් පොයින්ට් තිබෙන බැවින්, අතීතයේ සිට මේ දක්වා තිබෙන සියලු අක්ෂරයන් එතුළ නියෝජනය කිරීම යෝග්‍ය වේ. එනිසා මෙම නව සිංහල අක්ෂර සම්මතය සමග දැනට පවතින යුනිකෝඩ් එකෙන් මවිසින් ඉවත් කරන ලද අක්ෂර ඉවත් කිරීමට අවශ්‍ය නැත. එහෙත් රන්ත අයන්න එම කේතය තුළට ඇතුලු කළ යුතුය. ඒ අනුව දැනට පවතින සම්මතයට කළ යුතු එකම වෙනස නම් මෙම රන්ත අයන්නට යුනිකෝඩ් කේතයක් ලබා ගැනීම පමණි. (සංවෘත අයන්න යනුවෙන් ස්වරයක් ඊට ඇතුලක් කළ යුතු යැයි සමහරෙකු තර්ක කරන අතර, එය අනවශ්‍ය වැඩකි; අක්ෂර සරල කරනවා වෙනුවට තවත් සංකීර්ණ කිරීමක් පමණක් ඉන් සිදු වේවි.)

යුනිකෝඩ් කේතයට සිදු කළ යුතු සුලු වෙනස්කම එය වුවත්, ෆොන්ට් සෑදීමේදී, ලිපිලේකන සැකසීමේදී හා බස ඉගැන්වීමේදී ක්‍රියාකාරී සිංහල අක්ෂර මාලාව (එනම් ටීසී සම්මතය) පමණක් භාවිතා කිරීමට උත්සහ කළ යුතුය. මෙම සම්මතය අනුව ෆොන්ට් සෑදූවිට, ඉබේම මෙම ක්‍රමයට අක්ෂර සංයෝජනය කිරීමට ඉන් දැඩ් පෙලඹවීමක් ඇති වේ. ඒ අරමුණින් නුදුරේදීම මෙම ටීසී සම්මතයට අනුව සැකසූ නව සිංහල ෆොන්ට් කිහිපයක්ම මවිසින්ම සකසා ඉදිරිපත් කිරීමට නියමිතය (දැනට එම ෆොන්ට් සැකසෙමින් පවතී).

ප්‍රායෝගිකව මෙම සම්මතය යුනිකෝඩ් සම්මතය සමග මුසු කරන්නේ මෙසේය.

1. ටීසී සම්මතය තුල පවතින අක්ෂර එලෙසම යුනිකෝඩ්වලද පවත්වා ගෙන යනවා. එනම් එම අක්ෂරවල යුනිකෝඩ් පොයින්ට් මෙන්ම glyph (මූලික හැඩතලය) වෙනස් නොවේ. (පහත රූපයේ කොල පැහැයෙන් දැක්වෙන කොටු තුළ ඇති අක්ෂර)

2. ටීසී සම්මතය තුල ඉදිරියට නොපවතින (එනම් ඉවත් කළ) අක්ෂරවල යුනිකෝඩ් පොයින්ට් එලෙසම යුනිකෝඩය තුළ පවත්වාගෙන යන අතර, ඒවායේ කිසිදු ග්ලිෆ් එකක් ටයිප් කිරීමට නොහැකි වනු ඇත (එම අක්ෂර ග්ලිෆ් දර්ශනය කිරීමටද බැරි විය යුතුය). මෙම අක්ෂර ටයිප් කරන විට (හෝ දර්ශනය කරන විට), ඒ වෙනුවට වෙනත් සුදුසු අක්ෂර අදේශ වේ (ටීසී සම්මතයට අනුව). උදාහරණයක් ලෙස, සියලු මහප්‍රාණ අක්ෂර ඉවත් කර ඇති අතර, එවැනි මහප්‍රාණයක් ටයිප් කරන විට, කෝඩ් පොයින්ට් එක එම මහප්‍රාණයට නියමිත කෝඩ් පොයින්ට් එක ලෙසම පවත්වාගෙන ගියත්, ග්ලිෆ් එක වන්නේ අදාල මහප්‍රාණයේ අල්පප්‍රාණ අක්ෂරයම වනු ඇත. , , ඍෘ, ඖ වැනි සංයුක්ත ස්වරද ඉවත් කර ඇති නිසා ඒවායෙ රූපයන්ද (ග්ලිෆ්) ඉවත් කොට ඇති අතර ඒ වෙනුවට සුදුසු ආදේශයන් සිදු කෙරේ. එම ස්වර ව්‍යංජන අකුරුවලට යෙදීමේදී යොදන පිල්ලම්ද ඉවත් කොට ඇත. ඒ වෙනුවට සුදුසු විද්‍යාත්මක ශබ්ද/අක්ෂර ආදේශයන් සිදු කොට ඇත. (පහත රූපයේ මෙම අක්ෂර සියල්ල දුඹුරු පැහැයෙන් දැක්වේ)

3. අලුතින් රන්ත අයන්න හා පිල්ලම යුනිකෝඩයට ඇතුලත් කර ඇත. (පහත රූපයේ සුදු පැහැයෙන් දිස් වේ)

මේ සියලු වෙනස්කම් ටීසී සම්මතයට අනුව සැකසූ නව යුනිකෝඩ් සම්මතය පෙන්වන පහත රූපයේ පැහැදිලිව සටහන් වේ.


 මෙම සම්මතයටම සැකසූ ෆොන්ට් දැනට සාදා තිබුණත් නැතත්, අවශ්‍ය ඕනෑම මොහොතක සිට මෙම ටීසී සම්මතයට අනුව අක්ෂර සංයෝජනය කළ හැකියි දැනට තිබෙන සිංහල ෆොන්ට්වලින්ම.
මවිසින් යෝජිත රන්ත අයන්න හා එහි පිල්ලම එලෙසම ඉක්මනින්ම යුනිකෝඩ් සම්මතයක් බවට පත් වනු ඇතැයි සිතනවා (එම ස්වරයේ අවශ්‍යතාව බොහෝ විද්වතුන් විසින් කලක සිටම යෝජනා කෙරෙමින් පවතිනවා).

සැ.යු. ඉතා නුදුරේදී සිටම මා පෞද්ගලිකව මෙම ක්‍රමයෙන් බ්ලොග් එක ලියනු ඇත.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

ලංකාවේ දේශපාලන පවුල්

තරමක ඕපාදූපයක් ගැන ලියන්නට හිතුනා. මේක දේශපාලන ඔපාදූපයක්. ලංකා දේශපාලනය හැඩගැස්වීමට (හොඳට නරකට) මූලික වූ දේශපාලන චරිත හා පරම්පරා කිහිපයක තොරතුරු ටිකක් ගැනයි මේ සටහන. ඔවුන් එකිනෙකා නෑයෝ. අන්න ඒ නෑදෑකම් ගැන පමනයි මා මෙහිදි සටහන් කරන්නට සිතන්නේ. සේනානායක, බණ්ඩාරනායක, ඔබේසේකර, විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල ආදී පරම්පරා අතර තිබෙන නෑ සබඳතා ගැනයි මේ විමසුම. එහෙත් ඒ ගැන ලිවීමට පෙර මේ මොහොතේ සමාජ මාධ්‍ය තුල පක්ෂ විපක්ෂව කතා කෙරෙන ජනපති අනුර හා පිරිසගේ විදෙස් සංචාර වියදම හා ඊට සාපේක්ෂව හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාරක වියදම ගැනත් කෙටියෙන් සටහනක් තැබීමට කැමතියි. හිටපු ජනපතිවරුන්ගේ, විශේෂයෙන් මහින්ද රාජපක්කගේ විදෙස් සංචාර ගැන අපට ඇත්තටම ඇත්තේ පිලිකුලකි. උන් රටේ දුප්පත් ජනයාගේ වියදමින් එම ගමන් බිමන් ගියේ හා විනෝද වුනේ ධනවත් කුවේරයන් මෙනි. ඒ ගැන තිබෙන පිලිකුල එලෙසම නොවෙනස්ව තිබේ. ඊට සාපේක්ෂව අනුර කුමාරගේ වියදම රුපියල් ලක්ෂ 18ක් බව පැවසේ. මේ ගැන චාමර මන්ත්‍රී වරයා පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කලා. අනුරට බාගේ ටිකට් කඩලද දන්නේ නැහැ යනුවෙන් ඔහු කල හාස්‍යජනක ප්‍රකාශය ඇත්තටම ඇසිය යුතු ඉතාම නිවැරදි ප්‍රකාශයය...

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි.  මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු.  එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ...

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...