Skip to main content

සිහලුන් රාවනා බලු කළ වගයි...

රාවනා පුරාවෘත්තය සත්‍යද මනඃකල්පිතද යන්න පසෙක දමා, තමන් රාවනා පරපුරෙන් පැවත එන්නේය යනුවෙන් පැවසීමෙන් අභිමානයක් තමන්ට දැනෙනු ඇතැයි සිතිය හැක්කේ රාවනා යනු විද්‍යා කලා ආදී විෂයන්හි විශාරදයකු, ශූර බලගතු පාලකයකු ලෙස සැලකිය හැකි නිසාය. රාමායනය ඉංදියානු සංස්කරණයක් නිසා, එහි රාවනාව දුෂ්ඨයකු ලෙස සැලකීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණද විය හැකියි. රාවනා රාමාට පැරදී තිබෙන්නටද හැකියි මොකද ලොව කිසිම කෙනෙකු හැම මොහොතකම අනභිභවනීය වීම අනිවාර්ය නැත. එම රාමායනය තුලද රාවනාව නොයෙක් ආකාරයෙන් වර්ණනා කර තිබේ. ඒ කියන්නේ සතුරෙකු ලෙස දැක්කත්, රාවනාව වර්ණනා කිරීමට තරම් වටිනා පුද්ගලයක්ය.

ඉතිං එවැනි වටිනා පුරාවෘත්තයකට උරුමකම් කියන ජාතියක් එකවරම තමන් තිරිසනුන් පිරිසක් ලෙස උදම් අනන්නට පෙළඹුණේ කෙසේද? තත්කාලයෙහි බොහෝ පිරිසක් තමන් සිංහ ලේ යැයි පවසාගන්නා බවක් පේනවා. ඒවාට හොඳ තාර්කික පිළිතුරුද බුද්ධිමත් සිංහලයන් විසින් දෙන බවක්ද පේනවා. එහෙත් ඒ කිසිම ප්‍රතිචාරයකින් මුග්ද සිංහ ලේ සිහලුන් හැදෙන බවක් නොපෙනේ. පිස්සන්ගේ හා මන්ද බුද්ධිකයන්ගේ ස්වභාවය එබදුය. හොඳ දකින්නට අපොහොසත්ය. ඌරන් ගඳ ගහන අසූචි ප්‍රිය කරන්නාක් සේ, මෙවුන්ද ගඳ ගහන අසූචි සංකල්පවලින් නිති පෝෂණය ලබයි.

එනිසා මෙවැනි මානව දහමට නිගරු කරන, මුලු ජාතියක්ම නිගරුවට අවමානයට ලක් කරන තිරිසනුන්ව නීතියෙන් කොටු කළ යුතුය. තමන්ගේ බස, දෙස (රට), රැස (ජාතිය) උතුම් කොට සැලකීම පොදු මනුෂ්‍ය ගතියකි. එය වරදක් නොවේ. දහම් පතපොතෙහි සඳහන් වෙනවා "කිඹුල්වත් පුරයෙන් හමන සුළං පවා සැනසිලිදායකයි" කියා බුදුරදුන් වදාරා ඇති බව. තමන්ගේ දෙමාපියන්, ඥාතින් තමන්ට වටින්නාක් සේ තමන්ගේ ජාතිය, ආගම, රටද වටිනවා. එහෙත් එම වටිනාකම බාල්දු නොවන ලෙස, මිනිස් දහමට අගරු නොවන ලෙස ප්‍රදර්ශනය කළ යුතුය. සිංහ ලේ යනු එවැන්නක් නොවේ. ඍජුවමත් ව්‍යංගයෙනුත් ගුජුප්සාජනක තිරස්චීන ආක්‍රමණශීලි ස්වාභවයක් එහි ඇත. වහම මෙය නීතියෙන් හෝ දඬුවම් පමුණුවා මැඬලිය යුතුය.

Comments

  1. රාවණ රජුගේ චරිතය ගැන විමසීමේදී අපට රාවණ කල තිබු තාක්ෂණය ගැන කතා නොකරම බැරි තරම් ය. අවශ්‍ය තරම් තොරතුරු නොතිබීම හා රාවණ රජතුමාගේ පොත් ලියා තිබූ බාසාව මළ බාසාවක් වීම නිසා අපට රාවණ යුගයේ එතරම්ම දියුණු තාක්ෂණයක් තිබුණාද යන්න පිළිබඳ ව අපට සැකයක් ඇතිවීම සාධාරණයි. එම සැකය තව දුරටත් තහවුරු කරන්නේ පෞරාණික පොත් පත් වල තිබු කරුණු අතිශයෝක්තියක් දක්වා තිබීමයි. නමුත් මෙම සියලු තොරතුරු අපේ මිනිස්සුන් හොයාගෙන අත්තේ හුදෙක් පුරාවෘත හා ඉන්දියානු ජනකතා වලින් මිස රාවණා කල ලියු තාක්ෂණික ග්‍රන්ථ මත පදනම් ව නොවන බව අපට පෙනේ. පසුගිය කාලයේ රාවණ චරිතය ගැන කතා කිරීම රැල්ලක් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ වුවත් ඔවුන් විසින් තම සිතේ පවත්නා සියලු වල්භූත අදහස් එතුළ ට ඇතුලත් කිරීම නිසා රාවණ චරිතය ට පෙර නොතිබුණු බොහෝ දේ එක් වූ බව අපට නොරහසකි. රාවණ රජ චරිතය සමඟ සිංහබාහු කතාවෙන් උකහා ගත් වැරදි ආකල්පයක් වන සිංහ ලේ නිසා ජාතිවාදය අැවිස්සීමට තරම් මූඪ මිනිසුන් බිහිවූයේ කෙසේද යන්න පිළිබඳව අපට ගැටලුවක්. ඔබ පැවැසූ ආකාරයට අප රාවණ රජතුමාගෙන් පැවත ඒ යැයි අභිමානයෙන් පැවැසීය හැක්කේ එකල රාවණ රජතුමාගේ යුධ බලය හා තාක්ෂණය නිසා විනා තමන් තිරිසනුන්ගෙන් පැවැත එන්නක් නොවන බවත් එසේ පැවසීමෙන් අප මිනිසුන් සිදු කරන්නේ හුදු උතුම් රාවණ චරිතය තිරිසනුන් ට උපමා කොට තමගේ ඇගට ව්‍යාජ ගැම්මක් ගෙන ජාතිවාදය අවුස්සා අවසන තමන්ටත් අනුන්ටත් රටටත් වින කෙටීම පමනක් බව සියලු දෙනාට අවධාරණය කල යුතුය. ඇත්තෙන්ම ඔබතුමා මේ පිළිබඳව අදහස් පළ කළේ නැත්නම් හුග දෙනෙකුට මේ පිළිබඳව ඉබේම අමතක වි යනු ඇත. ජාතියට නරකක් වන්නට යන විට ඔබතුමා හඬ අවදි කිරීම පිළිබඳ ව ඇත්තෙන්ම හිස නමා ආචාර කල යුතුය.
    අවසන රාවණ රජතුමා මා ප්‍රිය කරන ගරු කරන චරිතයක් බව කියමි...

    ඔබතුමා රාවණ රජතුමා ගැන වැඩි විස්තර දැනගන්න කැමතියි නම් පහත වෙබ් අඩවි වලටත් ගිහින් බලන්න.
    sathsamudura.blogspot.com
    Webpage not available

    The webpage at https://www.blogger.com/comment-iframe.g?blogID=1599943617381126115&pageID=3597230712834113897&m=1&blogspotRpcToken=9037076&parentID=244372996008084810#%7B%22color%22%3A%22rgb(68%2C%2068%2C%2068)%22%2C%22backgroundColor%22%3A%22rgb(255%2C%20255%2C%20255)%22%2C%22unvisitedLinkColor%22%3A%22rgb(34%2C%20136%2C%20187)%22%2C%22fontFamily%22%3A%22Georgia%2C%20Utopia%2C%20'Palatino%20Linotype'%2C%20Palatino%2C%20serif%22%7D could not be loaded because:

    net::ERR_INTERNET_DISCONNECTED <>

    ReplyDelete
    Replies
    1. මනුස්සයන් ලෙස ජීවත් වෙනවා විනා විවිධ ලබ්ධිකයන්, වාර්ගිකයන් ආදි අනේකවිධ බෙදීම්වලින් යුතු ජීවින් ලෙස තම තමන්ව තේරුම් ගැනීම හා වැඩකටයුතු කිරීම මිනිස්කමට නිගාවකි. අපට සුන්දර ලොවක් ඇත. එහි සෑම බිම් අඟලක්ම ඉන්ද්‍රජාලිකය. එලෙසම මිනිසාට දියුණු මනසක් ඇත. නොතිබූ නව දේවල් නිර්මාණය කිරීම මිනිසාගේ පොදු උරුමය වේ. එහෙත් ඒ කිසිවක් එතරම් නොසිතා සමස්ථ ලෝකයම විනාශ කරමින් දූෂ්‍ය කරමින් එකිනෙකා ඇනකොටා ගැනීම දකින විට පිලිකුලක් ඇති වේ.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...