තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්
මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි. මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද? ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු. එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ. කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගුලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ඉතාම හොඳි