දේශපාලුව හා ව්‍යාප්තිවාදය එකට පරදමු

බියගුලු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලු  දෙස් විදෙස් අය ගැනත් ඉන් තුවාල ලැබූ අය ගැනත් දැඩි  ශෝකයක් අප සිත් සතන් තුල රඳවා ගනිමින් ඔවුන් වෙනුවෙන් සංවේගය පල කරමු.

තිබෙන තොරතුරු අනුව ඉතා පැහැදිලිවම මෙම දුක්කිත තත්වය සම්පූර්ණයෙන්ම වලක්වා ගත හැකිව තිබියදීත් එම සිදුවීම් දාමය සිදු වීමට හැර තිබෙන බවක් තිබේ. එහි පලමු වරදකරු පොලිස්පති වන අතර, ඌව නිකංම තනතුරින් පහනොකර අපරාධ චෝදනා එල්ල කරමින් දඬුවම්ද ලබා දිය යුතුය.

දෙවැනි වරදකරු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වන අතර, ඌගේ වගකීම් විරහිත ක්‍රියා කිරීමටද එරෙහිව අපරාධ චෝදනා ලබා දී දඬුවම් දිය යුතුය. හමුදා පමනක් නොව සිවිල් නීතිය මෙහෙවන පොලිසියද ඌ යටතේ තිබෙන බැවින් සිදු වී ඇති ව්‍යසනයේ බරපතලකම සලකා ඉදිරියේදී මෙවැනි වගකීම් විරහිත හැසිරීම් එවැනි රාජ්‍ය නිලදාරින්ගෙන් සිදු නොවනු පිනිසත් බරපතල දඬුවම් ලබා දිය යුතුමය.

මේ ව්‍යසනයත් සමඟම රාජ්‍ය පාලනයේ තිබෙන විසුලු ස්වභාවය මුලු ලොවටම ප්‍රදර්ශනය විය. මොන්ටිසෝරි ළමුන් මෙන් එවුන් හැසිරී ඇත. රටේ දෙවැනි පුරවැසියා හා ආරක්ෂක (රාජ්‍ය) ඇමති ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් ලෙස පත් කර ගෙනද නැත. ජනපති රටේ නැති විටකදී, අගමැතිට අවනත නොවන ආරක්ෂක අංශයක් රටක තිබිය හැකිද? අද පාර්ලිමේන්තුව සංවාද වෙනුවට ඉරිදා වෙලඳපොල මෙන් කෑ කෝ ගැනීමක් සිදු විය.

බොහෝ දෙනා පැසසුවත්, ලංකාවේ බුද්ධි අංශය ඇත්තටම එතරම් දියුනු මට්ටමක නැත. හැමදාමත් අපේ බුද්ධි අංශවලට වටිනා ඔත්තු ලැබෙන්නේ විදෙස් බුද්ධි අංශවලිනි. රටේ හොඳ බුද්ධි අංශ පවතී නම්, මේ තරම් පාතාලයක්, කුඩු ජාලයක්, අන්තවාදී කොට්ටාශ ලංකාවේ පැවතිය නොහැකිය. හැම පොඩි දේටම සමාජ ජාලා බ්ලොක් කිරීමට අවශ්‍ය නැත. අඩුම ගානේ රටේ බුද්ධි අංශවලට හැකියාවක් ලැබී නැත බුද්ධි අංශ කොට්ටාශ ගණනාවක් ලෙස නොව තනි ඒකාබද්ධ බුද්ධි අංශයක් ලෙස පැවතිය යුතු බව කල්පනා කර ඒ අනුව කටයුතු සලස්වා ගන්නට. තමන්ට වඩා යහපත් දේ සිදු කර ගන්නට බැරි බුද්ධි අංශයක් කෙලෙස අන් අයට යහපතක් සලසාවිද? බුද්ධි අංශයේ විශාල පිරිසක් ඒ කාලයේ සිටම කර ඇත්තේ අපරාධවලට උදව් කිරීමයි. එවැනි චෝදනා යටතේ අද බොහෝ දෙනා රිමාන්ඩ් කරද තිබේ. එවුන් කොතරම් දක්ෂ වුවත් අහිංසකයන්ට හිරිහැර කර ඇත්නම් ඒ හැම එකාටම තරාතිරම නොබලා දඬුවම්ද ලැබිය යුතුය.

තවද, පැහැදිලිවම අන්තවාදය හා ත්‍රස්තවාදය අන්තර්ජාලය හරහා පෝෂනය වන බවක් පෙනේ. එහෙත් ඊට විසඳුම අන්තර්ජාල සේවා අත්හිටුවීම නොවේ. එය ප්‍රායෝගිකද නැත. ඒ වෙනුවට රාජ්‍ය බුද්ධි හා ආරක්ෂක අංශ යොදා ගත යුත්තේ දියුණු ක්‍රමවේද වේ. නීතිය තදින් ක්‍රියාත්මක කිරීම වේ. පෞද්ගලිකත්ව නීති (privacy law), තොරතුරු නියාමන රෙගුලාසි ආදිය පැනවිය යුතුය. එයද හුදු දේශපාලන අභිමතාර්ත වෙනුවෙන් නොව, ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රකාශනයේ නිදහසට බාධා නොවන අයුරින් විය යුතුය.

සමාජ ජාලාවල පලවන පුවත් සාවද්‍ය වුවත් නැතත් ඒවා පිලිගැනීමට ජනයා පෙලඹෙන්නේ එවුන්ට රටේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ගැන ඇති අල්ප විශ්වාසය නිසාය. සියලු ජනමාධ්‍ය නිදහස් යැයි කියා ගත්තාට ඒ හැම එකාටම දේශපාලන අරමුනු තිබෙන බව මිනිසුන්ට දැනෙන නිසාය. රාජ්‍ය යාන්ත්‍රනයේ විනිවිද බව නැති වීමද ඊට බලපෑ ඇත. එනිසා රාජ්‍ය පාලනයේ සිදුවන අක්‍රමිකතා එලිදරව් කිරීමට එම ක්‍රමවේද තුලම සිරවී සිටින යහපත් මිනිසුන්ට ඇති එකම විකල්පය සමාජ ජාලා වේ. එක අතකින් දේශපාලුවන්ට බලයට පත් වීමට උදව් වන සමාජ ජාලාම රජයට පත් වූ පසු වසක් විසක් මෙන් පත් වන්නේ එනිසාය. 

තවත් අතකින්, පොදු ජනයාට තර්කානුකූලව දේවල් තේරුම් ගැනීමට දැනුමක් හැකියාවක් අධ්‍යාපන ක්‍රමයෙන් ලබා දීද නැත. ක්‍රිකට් හැරෙන්නට වෙනත් ක්‍රීඩාවක නියැලෙන්නෙ නැති දන්නේ නැති, කොච්චර ගංගා ඇල දොල තිබ්බත් වටේම මුහද තිබ්බත් ගං වතුරකදී අවශ්‍යතාවකදී පිහිනන්නට දන්නෙ නැති, හදිසි අනතුරකදී ප්‍රථමාධාරයක් දෙන්නට දන්නෙ නැති නමුත් කටපාඩමින් පන්ඩිතයන් බිහි කරන අධ්‍යාපනයක් ලබා දෙන රටක, ලෝක නව ප්‍රවනතා දැන අනාගත ලෝකයට හැඩගස්සන අධ්‍යාපනයක් හුදෙක්ම සිහිනයක් පමනි.

අහවල් අහවල් දේවල් කරවන්නට පත් කර ගත් විධායක ජනපතිද දැන් ප්‍රශ්න කියන්නේ අපටය. ඌ රටේ දේවල් දැන ගන්නේද පත්තරෙනි. දේශපාලුවෝ සියල්ලන්ම අහවල් අහවල් දේ කරන්නට අවශ්‍යයි කියා කියන්නේ අප හටය. ඉතිං, ඒව කරන්නට පත් කරපු එවුන්ට ඒවා කරන්නට තරම් අවශ්‍යතාවක් හා බුද්ධියක් නැති බව දැන දැනම උන්ව ඡන්දෙන් නැවත නැවත පත් කර ගන්නේද කාලකන්නි ඡන්දදායකයාමය.

සිගරට්ටුවෙන් ලැබෙන බද්දෙන් ජීවත්වන ආණ්ඩුව මතට තිත තැබීම ගැන පම්පෝරි ගසයි. දේශපාලුවන් හා උන්ට සම්බන්ද අසම්ජ්ජිති හෙන්චයියන්ගේ බලා ඉන්දිද්දි වත්කම් ගොඩගැසේ. ඒවා සොයා බැලෙන්නේ නැත. වරදට දඬුවම් ලබා සිරභාරයට පත් කර තබන සිරගෙදර සිදු වන සිදුවීම් අසන විට හරියට ඒවා සුරංගනා කතාදැයි සිතෙන තරමට අවනීතික වේ. උගත් යැයි කියා ගන්නා එවුන් පිරිසක් සිටින රේගුව යනු පගාකරුවන්ගේ තිත්පොලකි. මේ සියල්ල රටේ උඩ සිට යටට කවුරුත් දනී. එහෙත් ඒවා නිවැරදි කිරීමට කිසිත් සිදු නොවේ. 

ජනමාධ්‍ය ඉදිරියේ මහා බෞද්ධ යැයි කියා ගන්නා උපාසක දේශපාලුවෝ හා දේශප්‍රේමි දේශපාලුවෝ එමට සිටී. උන් කලින් කලට රටද පාලනය කර තිබේ. උන්ව වර්ණනා කර උන්ට ගරු නම්බු නාම දෙන මුඩ්ඩ පබ්බජිතයෝද සිටී; ඒ වෙනුවෙන් දිව්‍ය බොජුන් දන් ලෙසද, බෙන්ස් කාර්ද, කම් සැපද ඕනෑතරම් උන්ට ලැබේ. අවසානයේ උන්ටම මනාපය පල කරන ජනතාවක්ද සිටී. වරද කර තිබෙන්නේ කවුරුන්ද? රටේ මේ දැන් ඇති වී තිබෙන තත්වයට අන් අයට අත දිකු කළත් අවසාන වශයෙන් මේ සිදුවීම්වලටත් අන් සිදුවීම්වලටත් වගකිව යුත්තේ මහජනයාමය.

දැන්වත් රටේ පොදු නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ෂරීයා නීතියද ඇතුලත්ව තේසවලාමේ හා උඩරට නීතිද අහෝසි කර පොදු නීතිය මුලු රටටම බලාත්මක කළ යුතුය.

අන් ජාතී පරයා තම ජාතිය පැතිර වීම සංවිධානාත්මකව සිදු වීම වැලැක්විය යුතුය. අඩුම ගානේ දශක කිහිපයකට හෝ ළමුන් දෙදෙනෙකුට වඩා වැදිය නොහැකි යැයි නීති ගෙන ආ යුතුය.

මුස්ලිම් ව්‍යාප්තිවාදය හා අන්තවාදය අනිවාර්යෙන්ම නතර කළ යුතුය. බිම් මට්ටමේදී සිටින්නේ අහිංසක මුසල්ලානුවෙකු විය හැකිය. එහෙත් උන් ක්‍රියාත්මක වන්නේ උන්ගේ පල්ලියේ හා ව්‍යාප්තිවාදය මෙහෙවන උසස් ස්ථරවලිනි. එනිසා, රජය මැදිහත්ව හෝ කාටත් දකින්නට තිබෙන මෙම තත්වයන් මැඬලිය යුතුය.

ජාති භේදය ගොඩනැඟෙන පරිදි උපදෙස් දීම මුස්ලිම් පල්ලි හරහා නිතර සිදු වන බව නොරහසකි. එවැනි ඉගැන්වීම් නැවැත්වීම නීතිය හරහාම සිදු විය යුතුය. එහෙම නැතිව සංහිඳියාව සිංහලයන්ට පමනක් රජය විසින් දේශනා කිරීම පල රහිත වනු ඇත.

කුඩ්ඩන්ට, ත්‍රස්ථයන්ට, හා මහා පරිමාන ජාවාරම්කරුවන්ට මරන දන්ඩනය දිය යුතුය. සිංහල අන්තවාදයක් සන්නද්දව මතු වුවොත් මුස්ලිම් ව්‍යාප්තවාදීන්ට දුවන්නට තැන්ද නැති වේවි.

මේ කිසිවක් සිදු නොවේ නම්, රටට හිතැති එඩිතර පිරිසක් අවි ගෙන සියලු විනාශකාරි පිරිස් සමූල විනාශයට පත් කළත් වරදක් නොවන බව දැන් කලක සිට දැනේ. පෑනට හුරු දෑත් ගිනි අවියකට හුරු නොවේවායි අපෙත් පැතුමයි...

Comments

  1. මුහම්මද් මුලින් විවාහවුනේ කදීජා කියලා නෙනෙක්. එයාලා ක්‍රිස්තියානි. වරකා ඉබන් නව්ෆල් කියලා කදීජාගේ ඥාති සහෝදරයෙක් ඉන්නවා. එයා ක්‍රිස්තියානි පූජකයෙක් මුහම්මද් වුනත් මුලින් හිටියේ ක්‍රිස්තියානි කාරයෙක් වගේ එයා මුලදී ඉස්ලාම් ආගම කියලා දේශනාකලේ බයිබල් කොටස්. ඉස්ලාම් ආගම බිහිවෙලා අවුරුදු 10කට පසු කදිජා මැරෙනවා. ඉන්පසු මුහම්මද් තමන්ට කැමති විදියට අන්තවාදී අදහස් දේශනා කරනවා.
    ඔබ මුස්ලිම් මිනිහෙක්ගෙන් ආගම ගැන ඇහුවොත් ඔහු ඔබට කියලා දෙන්නේ කදීජා ජීවත් වෙලා ඉන්න කාලේ මුහම්මද් කියපු දේව වාක්‍ය කියන දේවල්.
    නමුත් ISIS හැසිරෙන්නේ මුහම්මද් අන්තිම කාලේ කියපු දේව වාක්‍ය අනුව.
    ඉස්ලාම් ආගමට අනුව වඩාක් වැදගත් දේව වාක්‍ය වන්නේ අන්තාම කාලේ කියපුවා. ඒවා කරන්න බැරිවිට පමණක් මුල් කාලයේ දේව වාක්‍ය පිලිපැදිය යුතුයි.
    එමනිසා කිසිම මුස්ලිම් මිනිහෙක් විශ්වාස කරන්න එපා. හොඳ මුස්ලිම් මිනිහා කියන්නේ ex-muslim මිනිහා විතරයි.

    ReplyDelete
  2. තමුන් ත්‍රස්තවාදයට විරුද්ධයි කියලා කියන, facebookවල දාන මුස්ලිම් කෙනෙක් දැක්කොත් මෙහෙම කරන්න.

    කුරානයේ සහ හදීත්වල ත්‍රස්තවාදයට අනුබලදෙන එක වාක්‍යයක්වත් නැතිබව අල්ලාගේ නාමයෙන් දිවුරන්න කියන්න. දිවුරන්න බැරිනම් ආගම අතහරින්න කියන්න.
    ඒත් බැරිනම් ඔහු ඔබේ සතුරෙක්.
    මේ පනිවිඩය හැමෝටම බෙදා හරින්න.

    ReplyDelete
  3. මුස්ලිම් ත්‍රස්තයන් මැරුනු විට උන්ගේ මෘත ශරීරවලට ඌරු තෙල් දැමීම සමහරවිට හොඳ උපක්‍රමයක් විය හැකියි. කුමන්ත්‍රනකාරි මුස්ලිම් ව්‍යාප්තිය වැලැක්වීමටත් එය යොදා ගත හැකිය.

    ReplyDelete
  4. ත්‍රස්තවාදීන්ට විරුද්ධ මුස්ලිම්වරු හොඳ අය කියලා හිතන්න එපා. හොඳ මුස්ලිම් මිනිහා කියන්නේ ex-muslim මිනිහා විතරයි.
    පුළුවන්නම් මුස්ලිම් අය ක්‍රිස්තියානි ආගමට හරවන්න උත්සාහ කරන්න. මුස්ලිම් කෙනෙක් නිර් ආගමිකයෙක්/ බෞද්ධයෙක් කිරිමට උත්සාහ ගැනීම ප්‍රායෝගික නෑ. නමුත් ඔවුන්ට ක්‍රිස්තියානි විශ්වාසය ඇතිකල හැකියි.
    මම උසස්පෙල කරන කාලේ මුස්ලිම් ළමයි දෙන්නෙක්ට ඕක කලා.එතනදී එබ ක්‍රිස්තියානි කාරයෙක් හැටියට රඟපෑ යුතුයි. මේ පණිවිඩය බෙදා හරින්න.

    ReplyDelete
    Replies
    1. මට පේන විදියට ආගම කියන්නේ වෛරසයක්... නොදියුනු මිනිසාට එදා ආගම අවශ්‍යතාවක් විය හැකි වුවත්, අද වන විට ඒවා මානවයාට අවශ්‍ය යැයි නොසිතේ. ආගම නාමයෙන් එකිනෙකා ඇන කොටා ගැනීම වැලැක්විය නොහැකියි මුලු ලියවිලි තුල කොතරම් අවිහිංසාවාදී සංකල්ප හා ඉගැන්වීම් තිබුණත්...

      Delete
    2. නිවැරදි කිරීමක් - "මුල් ලියවිලි"

      Delete
    3. Sahatika atta. Buddagame unath wishwasa Kala nohaki fantasy Katha godak tynwa. Namuth ma dakina widihata anik agam walata wafa buddagama hodai. Minissu apaye yai kiyala Hari baye naraka (yayi sammata) wada nokara innawane.

      Anika niragamika minissu kiyamne saththu maran kana milechchayo nweine. Ugath wadak karanna puluwn ayane.

      Saama agamakama anthawadin sitinawa. Kumana agamakin unath Kuda Kala patan minissunge olu brainwash karala tiyena bawa ha gatum walata mula ee bawa apa piligatha yuthuyi.

      Delete
  5. Tekcroach, oba .top domain eka gaththe kothaninda? Paid da free da?

    ReplyDelete
  6. විසදුම බොහොම සරළය අවශ්‍ය වන්නේ රටේ සියළුම ජනයා එකම නීති රාමුවකට ගෙන ඒමයි.ආගමික කටයුතු සම්බන්දව අමාත්‍යංශ 4ක් 5ක් අවශ්‍ය නොවේ සියළුම ආගම්වලට පොදු ආගමික කටයුතු අමාත්‍යංශයක් තිබුනාම හොදටම ඇතිය.රටේ පවතින සියළු ආගම් වලින් උගත් පිරිසක් ආගමික කටයුතු අමාත්‍යංශ උපදේශකයන් විදිහට පත්කල හැකිය.ආගමානුබද්ධ සියළු පාසල් රජයේ පාලනයට ගත යුතුය මිශ්‍ර පාසල් හැකිතාක් වැඩිවීම හොදය එමගින් විවිධ ජනවර්ගයන් ළමා කාලයේ සිට එකට ගැටීම තුල අනෙකාගේ සාමාජීය හා සංස්කෘතිය සිරිත් විරිත් තේරුම් ගැනීමටත් ඒවාට ගරු කිරීමටත් අවස්ථාවක් ලැබෙනු ඇත.වැදගත්ම දේ රටේ සියළු පුරවැසියන් ජාති ආගම් භේදයකින් තොරව රටේ මූලික නීතියට අනුගත පිරිසක් බවට පතිකීරීමයි කොළඹ එකා හෙල්මට් නැතිව බයිසිකල් පදින විට දඩ කන්නටත් කලමුණේ එකාට එසේ නොවන්නටත් අවස්ථාවක් නොසෑදිය යුතුය.

    ReplyDelete
    Replies
    1. බොහෝ එඩිතර ප්‍රතිසංස්කරණ අවශ්‍යයි ලංකාව හදන්නට නම්... මා නම් කියන්නේ එක් එක් ආගමකට වෙන වෙනම හෝ සියලුම ආගම්වලට එක අමාත්‍යංශයක් වත් අවශ්‍ය නැත... ආගමකට ඇමති කෙනෙකු පත් කර බම්බු ගහන්නද? ඕනෑම ආගමිකයෙකු තම ආගමෙන් අවශ්‍ය නම් ස්වයංවම හික්මීමකට පත් වීමට ඉඩ හැර ඔබ කිව්වා සේ එක් සාධාරණ නීති රාමුවකට සියල්ලන්ම යටත් කළ යුතුය. සංස්කෘතික කටයුතු පලාත්පාලන ආයතනවලට විමධ්‍යගත කර, ජාතික උරුම විෂය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය හා බද්ධ කළ හැකිය (මා මීට අවුරුදු ගණනාවකට පෙර මේ ගැන ලිඛිතවද රජයට ඉදිරිපත් කර තිබේ).

      ලංකාවේ බොහෝ ගැටලු මැද පොලිසියේ ඉහලතම තනතුරේ සිට පහලතම තනතුර දක්වා සිටින (පිරිමි) ගනිකාවන් විසින් නීතිය සාධාරණව බලාත්මක නොකිරීමේ පාප කර්මයද අප විසින් විඳිමින් සිටිමු. වලත්ත දේශපාලුවන් සේම වලත්ත පොලිසියද එක සේ මේවාට වග කිව යුතුය.

      Delete
    2. උපුටා ගතිමි ඔබේ පිළිතුරෙන්ආ “ගමකට ඇමති කෙනෙකු පත් කර බම්බු ගහන්නද? “ ඒකත් ඇත්තය ආගමකට ඕනෑ එකී ආගම ප්‍රචාරයට ධර්ම ප්‍රචාරකයන් හා එකී ආගමේ පැවැත්ම තහවුරු කරනුවස් අනුගාමිකයන් පිරිසකුත් පමණි.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1