Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7


අධ්‍යාපනික අරමුනකින් මෙම ලිපි පෙල ලියනු ලැබේ (This series of posts on how to watch satellite TV for free is prepared for educational purpose only).
 
දැනට (මා දන්නා පරිදි) ශ්‍රී ලංකාවේ දේශීය ටිවී චැනල් ලබා ගත හැක්කේ ඩයලොග් ටීවී හා ඩිෂ් ටීවී ලංකා යන සේවා දෙක ඔස්සේය. මා මෙතෙක් විස්තර කළ කාඩ්ෂෙයාරිං ක්‍රමයෙන් ඔවුන්ගේ චන්ද්‍රිකා ටීවී චැනල් පහසුවෙන්ම අල්ලා ගත හැකියි. දේශීය චැනල්වලට අමතරව වටිනා ඉංග්‍රිසි චැනල්ද මේ අතර වේ (බීබීසී, ඩිස්කවරි, නැෂනල් ජියෝග්‍රෆි වැනි). තවද, ලංකාවට සංඥා ලබා ගත හැකි තවත් චන්ද්‍රිකා කිහිපයක්ම ඇති අතර ඒවායේ බහුතර චැනල් ප්‍රමානයක් සිංහල හෝ ඉංග්‍රිසි නොවන වෙනත් භාෂාවලින් ඇති නිසා ඒවායෙන් එතරම් වැඩක් නැත. හොඳ චැනල් ටිකක් ඩයලොග් ටීවී වෙතින් ලැබෙන නිසා මා මෙතැන් සිට ප්‍රායෝගික ක්‍රියාකාරම සඳහා පාදක කර ගන්නේ ඩයලොග් සැටලයිට් ටීවී සේවාවයි. එක් චන්ද්‍රිකාවක් සමඟ වැඩ කළ පසු, වෙනත් ඕනෑම චන්ද්‍රිකාවක් සඳහාද කළ යුතු වන්නේ එම දේමයි.
 
ඩයලොග් සමාගම මේ සඳහා Azerspace2 හෙවත් Intelsat38 යන චන්ද්‍රිකාවේ සේවය “කුලියට” අරං ඇත. මෙම චන්ද්‍රිකාව ගැන වැදගත් විස්තර සංක්ෂිප්තව https://www.satbeams.com/satellites?norad=43632 යන වෙබ් අඩවි ලින්ක් එකෙන් බලා ගත හැකිය. මෙම චන්ද්‍රිකාව නැගෙනහිර දේශාංශක 45 යන පිහිටුමේ ඇත. එම චන්ද්‍රිකාවෙන් එක බීම් එකක් ලංකාව සඳහාම එල්ල කර ඇත. එනිසා ප්‍රබල සංඥා අපට ඉන් ලැබෙන අතර, අඩි 2ක් පමන විශාලත්වයක් ඇති සාමාන්‍ය ඩිෂ් එකක් ඒ සඳහා ප්‍රමානවත්ය (ඩයලොග් සමාගමෙන් සවි කරන්නේද අඩි 2ක ඩිෂ් එකකි).




මේ වන විට එම චන්ද්‍රිකාවෙන් ලංකාවට වැටෙන බීම් එකෙන් ටීවී චැනල් එකසිය තිස් ගණනක් ලැබේ (කාලයත් සමඟ මේවා අඩු හෝ වැඩි විය හැකිය). එම චැනල් ටික ලබා දීමට ටීපී 6ක් පමණ මේ වන විට යෙදවේ. එම චැනල් Irdeta 2 යන සම්මතයෙන් ස්ක්‍රැම්බල් කර ඇත. 
 
රූප හා ශබ්ද සඳහා වැයවන බිට් ප්‍රමාණය අඩු කිරීම සඳහා (කොලිටිය අඩු නොකර ගනිමින්) එම දත්ත ප්‍රමාණය කුඩා කිරීමට (හැකිලවීමට) උපක්‍රම භාවිතා වේ. එවැනි රූප-ශබ්ද දත්ත හැකිලවීමේ සම්මතයන් දෙකක් වන්නේ MPEG-2 හා MPEG-4 වේ (MPEG යනු Motion Picture Experts Group යන ආයතනයයි). ඩයලොග් විසින්  රූප හා ශබ්ද හැකිලවීමට MPEG-2 යන දත්ත හැකිලීමේ (data compression) සම්මතය යොදා ගනී. 
 
සෑම ටීපී එකකම එකිනෙකට වෙනස් සංඛ්‍යාතයක් ඇත. තවද, සෑම ටීපී එකක් එක්කෝ සිරස් නැතහොත් තිරස් ධ්‍රැවීයතාව යොදා ගත යුතුය. ඩයලොග් සේවාවේදී මේ සියලු චැනල් සිරස් ධ්‍රැවීයතාවක් (vertical polarization) ඇති ඒවාය
 
සෑම ටීපී එකකම Symbol rate එකක් ඇත. Symbol rate යනු ටීපී එකෙන් දත්ත/සංඥා/බිට් සම්ප්‍රේෂනය කරන වේගයයි. සංඥාවට අදාල දත්ත හැකි තරම් හකුලුවා එවීමට උත්සහ කරනවා. එහිදී රූප හා ශබ්දවලට අදාල විදුලි සංඥාව විශ්ලේෂනය කරමින් හැකිලවීම සිදු වේ (mpeg2, mpeg4 ආදි සම්මතයන් ඒ සඳහා අනුගමනය කෙරේ). ඊටත් අමතරව, සංඥාව විදුලි හෝ රේඩියෝ තරංග මඟින් එවන විටත්, “යම්කිසි ක්‍රමයක දත්ත හැකිලීමක්” සිදු කෙරේ; එනම්, සංඥා කිහිපයක් (බිට් කිහිපයක්) “එකට ඈඳා” සංයුක්ත තනි සංඥාවක් වශයෙන් එවයි; මෙන්න මෙවිට එම තනි සංයුක්ත සංඥාව symbol යනුවෙන් හඳුන්වයි (මේ සඳහා PSK, QAM යන නම්වලින් හැඳින්වෙන යම් සම්මතයක් යොදා ගනී). උදාහරණ ලෙස, ඩයලොග් සමාගමෙන් ලබා දෙන සැටලයිට් සංඥා 8PSK භාවිතා කරන අතර, එවිට එක් සිම්බලයක් තුල බිට් 3ක් ගබඩා කෙරේ” (8 = 23 නිසා). ඩයලොග් සේවාවේ බොහෝ ටීපීවල සිම්බල් රේට් එක තත්පරයට සිම්බල් 32,000,000 වන අතර, satbeams.com වෙබ්අඩවියේ හා බොහෝ තැන්වල එම අගය 32,000 ලෙස දක්වා තිබේ. ඊට හේතුව තත්පරයට සිම්බල් නොව තත්පරයට කිලෝසිම්බල් යන ඒකකයෙන් ඒවා දැක්වීමයි.
 
තවද, සංඥා විශාල දුරක් ගෙවා යන විට ඊට විවිධ ඉන්ටර්ෆරන්ස් (බාධා)/නොයිස් ඇති වීමෙන් සංඥාව යම් පමනකට විකෘති විය හැකිය. තනි තනි දත්ත/බිට් නොයවා බිට් කිහිපයක් එකතු කර සිම්බල් බවට පත් කර යවන විට මෙම බාධා තවත් බරපතල ලෙස දැනේ. එනිසා හැමවිටම එම බාධාවන්ට ඔරොත්තු දීමට හැකි පරිදි එම සංඥා සකසා එවිය යුතුය. බාධාවන්ට ඔරොත්තු දෙන පරිදි සංඥා සැකසීමේ ක්‍රම error correction ලෙස පොදුවේ හැඳින්වේ. මේ සඳහා ඉතා ප්‍රචලිත ක්‍රමය වන්නේ FEC (Forward Error Correction) වේ. 
 
FEC හිදී සංඥා දත්ත/බිට්වලට අමතරව, වැඩිපුර “වැරදි නිවැරදි කිරීමේ” දත්ත/බිට්ද යැවේ. සෑම දත්ත බිට් එකක් හෝ කිහිපයක් සඳහා “වැරදි නිවැරදි කිරීමේ” බිට් එකක් බැගින් යැවේ. 1/2, 2/3 ආදි ලෙස ඔබ FEC සෙටිංස් සකසන විට ලබා දෙන්නේ එයයි. මෙලෙස භාග සංඛ්‍යාවක් ලෙස දැක්වීමේදී පලමු ඉලක්කමින් කියන්නේ දත්ත බිට් ගණන වන අතර, දෙවැනි ඉලක්කමින් කියන්නේ එම දත්ත/සංඥා බිට් ගණන යැවීමේදී යොදා ගන්නා මුලු බිට් ගණනයි. උදාහරණ ලෙස, 1/2 යනු යම් සංඥා බිට් එකක් සඳහා බිට් දෙකක් යැවිය යුතු බව කියයි (මෙවිට එම බිට් දෙකෙන් එක බිට් එකක් ඇත්තටම සංඥා බිට් එක වන අතර, අනෙක් බිට් එක වැරදි නිවැරදි කිරීමේ බිට් එකයි). එලෙසම, 2/3 යනු, සෑම සංඥා බිට් 2ක් යැවීමට බිට් 3ක් අවශ්‍ය බවයි (මෙවිට එම බිට් 3න් 2ක් සංඥා සඳහා වන අතර, අනෙක් බිට් එක වැරදි නිවැරදි කිරීමේ බිට් එකයි). ඩයලොග් සේවාව යොදා ගන්නේ 3/5 FEC ක්‍රමයයි; එනම්, සංඥා බිට් 3ක් යැවීමට බිට් 5ක් යොදා ගත යුතු බවයි (මින් ඇත්තටම සංඥා බිට් ගණන 3 වන අතර, ඉතිරි බිට් දෙක “වැරදි නිවැරදි කිරීමේ” බිට් වේ).
 
සාමාන්‍යයෙන් සිම්බල් රේට් එකක් දක්වන විට, ඉහත කතා කළ FEC ද ඊට ඇතුලත් කර ගෙනයි කතා කරන්නේ.  ඩිජිටල් දත්ත සම්ප්‍රේෂනයේදී දත්ත සම්ප්‍රේෂන වේගය තත්පරයට බිට්ස් යන ඒකකයෙනුත් දක්වනවා. සිම්බල් රේට් එකක් තත්පරයට බිට් යන ඒකකයට දල වශයෙන් පෙරලීමේදී සිම්බල් එකකට තිබෙන බිට් ගණනින් හා FEC අගයෙන් සිම්බල් රේට් එක වැඩි කළ යුතුය. තත්පරයට බිට් (bps) අගයක් බවට පත් කර ගැනීමට 
 
“සිම්බල් රේට්” x “සිම්බල් එකකට ඇති බිට් ගණන” x “FEC අගය” 
  
යන සූත්‍රය යොදන්න. ඒ අනුව, 32,000,000ක සිම්බල් රේට් එකක් යනු ඩයලොග් සේවාවේදී දළ වශයෙන් 32,000,000 x 3 x (3/5) = 57,600,000bps = 57,600kbps = 57.6Mbps වේ.
 
ඉහත විස්තර සමඟ දැන් අපි බලමු ඩයලොග් සේවාවෙන් අපට ලැබෙන ටීපී හා ඒ එක් එක් ටීපී එකකින් විසුරුවා හරින චැනල් මොනවාද කියා. පහත විස්තර දැන් පහසුවෙන්ම ඔබට තේරුම් ගත හැකියි.

Frequency: 11477 Polarization: Vertical Symbol rate: 32000
Select HD 1
Select HD
2
Star Sports HD1
AXN HD
NatGeo HD

SONY TEN
2 HD
Animal Planet HD
Middleware
16 (Data)
TLC HD World
Setanta HD
Discovery HD World

Frequency: 11513 Pol: V Symbol rate: 23700
Animal Planet
Discovery KIDS
Nat Geo People
Travel XP
TLC
Sony Ten
1
Baby TV
Middleware
3 (Data)
Nickelodeon
Ten Cricket
FOX Life
Sony Ten
2
Cartoon Network
POGO
Disney Junior
History TV
18
Eurosport
Nat Geo

NGC Wild
A Plus Kids TV
Discovery
Discovery Science
Discovery Turbo

Frequency: 11554 Pol: V Symbol rate: 27690
Fashion TV
Zee TV
Middleware
15 (Data)
Zee Cinema
Sun TV
SET Max
HGTV
UTV Movies
Sirippoli TV
TVN
Celestial Classic Movies
B
4U Movies
Colombo Television
Kalaignar TV
E!
Star Vijay
Star Plus
KTV
Star Gold
Zee Tamil
Wakuwaku
Hi TV
Colors

Nick JR
Sony SET

Frequency: 11593 Pol: V Symbol rate: 27690
TV Derana
TV Didula
Ridee TV
Siyatha TV
Swarnavahini

UTV
Code Download
4 (Data)
Code Download
1 (Data)
Code Download
2 (Data)
City Hitz
Hiru TV

Channel EYE
Middelware
1 (Data)
Vasantham TV
Sirasa TV
TV
1
Dialog Now
AdaDerana
24X7

Revision TV

Code Download
3 (Data)
ITN

7th Circuit
ART Television
Nenasa Grade
10
Rangiri Sri Lanka
TNL
Rupavahini

Shakthi TV

Frequency: 11634 Pol: V Symbol rate: 27690
Warner TV
Sony SIX
&flix


Test – CinemaWorld
Star World
Star Sports Select
1
Food Network
Zee Café
Star Sports
1
Sony PIX
Outdoor Channel

Sony ESPN
CineMax
Comedy Central
HBO Hits
Sony Channel
HBO
Colors Infinity
HBO Family
Nameless
11634_1400 (Data)
D Sports
HBO Signature
AXN
DIVA Universal
NDTV Good Times
Star Sports
2

Frequency: 11675 Pol: V Symbol rate: 27689
Trace TV
Code Download
5 (Data)
Shraddha TV
MTV Music
ABC Australia
Sun Music
France
24×7
VH
1
God TV/Swarga TV
Russia Today
Zoom
Buddhist TV
Bloomberg
Davinci
BBC World
CGTN

CNBC
Channel C
Damsathara TV
NDTV
Middleware
2 (Data)
CNN
Nenasa Grade
11
Al Jazeera

Peace TV
EWTN / Verbum 
 
දැන් බලමු ඩයලොග් සැටලයිට් එකේ චැනල් ලබා ගන්නා විදිය. පලමුවෙන්ම, තමන්ගේ ඩිෂ් එක සවි කිරීමට ස්ථානයක් නිශ්චය කළ යුතුය. සාමාන්‍ය ඇන්ටනාවක් නම්, හැකිතරම් ඉහලින් සවි කිරීමෙන් රූප පැහැදිලි වේ. එහෙත් සැටලයිට් ඩිෂ්වලට එය අදාල නොවේ. රේඩියෝ තරංග එන්නේ කිලෝමීටර් තිස් හතලිස් දහක් ඈත සිටය; ඔබ ඩිෂ් එක අඩි දහයක් විස්සක් ඉස්සුවාය කියා වෙනසක් ඇති නොවේ. එහෙත් තමන් සිටින්නේ ගස් කොලං හෝ ගොඩනැඟිලිවලින් කවර් වෙලා නම්, ඩිෂ් එක උස තැනක රැඳවීම සුදුසුය; එනම්, තමන් එල්ල කරන චන්ද්‍රිකාව හා ඩිෂ් එක අතර කිසිම බාධාවක් (ගහස අත්තක්, බිල්ඩිමක් ආදිය) නොතිබිය යුතුය. ඩිෂ් එක බිම හෝ බිමට ඉතාම ආසන්න තැනක රැඳවීමද සුදුසු නොවේ මොකද කුඩා ළමුන්, බල්ලන් වැනි සතුන් හෝ වැඩිහිටියන් පවා ඩිෂ් එක ස්පර්ශ කරනු ඇත; එවිට ඩිෂ් එක එල්ල කර ඇති දිශාව වෙනස් වේවි. එනිසා අඩුම ගානේ අඩි හය හතක උසකින්වත් එය රැඳවිය යුතුය.
 
සාමාන්‍යයෙන් ඔබට කිසිදු අහස අවහිරයක් නැති නම් (එතරම් වාසනාවන්ත නම්), ඔබ සිටින තැන සිට නැගෙනහිර දිශාවට අංශක 85ක් හා බටහිර දිශාවට අංශක 85ක් දක්වා වූ විශාල අහසක් පුරා සමකයට සමාන්තරව ඉහලින් (ක්ලාර්ක් බෙල්ට් එකේ) පැතිර තිබෙන ටීවී චන්ද්‍රිකා සමූහයකින්ම සංඥා ලබා ගැනීමට හැකියි. කඳු මුදුනක සිටී නම් මෙවැනි අවස්ථාවක් පහසුවෙන්ම ලබා ගත හැකියි.



එසේ වුවත්, ඉතා ඈතින් තිබෙන චන්ද්‍රිකාවලින් සංඥා ඔබ සිටින ස්ථානයට එන්නේ නැති වීමට හැකියි මොකද ඒවායේ ටීපී ඔබ සිටින තැනට සංඥා එවීමට හැකි වන පරිදි කරකවා/එල්ල කර නැති වීමට හැකියි; එසේත්නැතිනම් එම ටීපීවලින් එන සංඥා ඉතාම දුර්වල වී තිබියද හැකියි. එනිසා, දේශාංශක (අංශක) අගය බලා, යම් චන්ද්‍රිකාවක් ඔබට දර්ශනය වේ යැයි සැලකුවාට මදිය; එම චන්ද්‍රිකාවේ ෆුට්ප්‍රින්ට් පරීක්ෂා කිරීමට සිදු වේ ඉන් සංඥා ඔබ සිටින ස්ථානයට ඇත්තටම පවතීද යන්න සොයා ගැනීමට.
 
යම් චන්ද්‍රිකාවක් හරියටම ඔබ සිටින දේශාංශකයට සමාන දේශාංශකයක පිහිටියොත් (එනම්, ශ්‍රී ලංකාවේ කුමන තැනක ඔබ සිටිය වුවද දළ වශයෙන් නැගෙනහිර අංශක 80 ලෙස සැලකිය හැකි නිසා, චන්ද්‍රිකාව 80E හි පිහිටියොත්), එවිට ඔබේ දීසිය කෙලින්ම ඉහලට එල්ල කළ යුතුය. එවිට, ඔබ අවට කුමන ආකාරයේ බාධාවක් තිබුණත් කමක් නැත මොකද දීසිය එක එල්ලේ ඉහල බලාගෙන සිටින නිසා. එහෙත් ඩයලොග් චන්ද්‍රිකාව තිබෙන්නේ නැගෙනහිර අංශක 45 නිසා, ලංකාව දළ වශයෙන් නැගෙනහිර අංශක 80 නිසා, එම චන්ද්‍රිකාව තිබෙන්නේ ලංකාවට බටහිර දෙසට වන්නටයි (එනම් ඔබ බටහිර අහස දෙස බැලිය යුතුයි එම චන්ද්‍රිකාව බැලීමට). එනිසා ඩිෂ් එක බස්නාහිර පැත්තට එල්ල කරන්නට සිදු වෙනවා (ඒකයි ඩයලොග් ඩිෂ් සියල්ලම ලංකාවේ කොහේ සවි කළත් බස්නාහිර පැත්තට සවි වන්නේ; ඩයලොග් ඩිෂ් එකක් මඟින් රෑකට වුවත් දිශාව සොයා ගැනීමට හැකියි). ඩයලොග් චන්ද්‍රිකාව දළ වශයෙන් ඔබ සිටින තැන සිට අංශක (80 – 45 =) 35 ක් බස්නාහිර අහස දෙසට එල්ල කළ යුතු වෙනවා. 
 
එලෙස ඇන්ටනාව සවි කිරීමට සුදුසු තැනක් නිශ්චය කළ පසුව, එතැන සිට ඔබේ රිසීවරය තිබෙන තැනට කොතරම් දිග කේබලයක් අවශ්‍යදැයි නිශ්චය කළ යුතු වෙනවා. කේබල් සාමාන්‍යයෙන් වත්තේ රෙදි වැල් අදින ආකාරයට නොවෙයි අදින්නේ. කාමර හෝ සාලයේ රෙදි වැලක් සේ දිස් නොවන ආකාරයට එය ඇදිය යුතු නිසා, හිතනවාට වඩා වැඩි දිගක් ඒ සඳහා අවශ්‍ය වේ (අස්සෙන් මුල්ලෙන් හරව හරවා යවන නිසා). හැමවිටම එසේ අවශ්‍ය තරම් දුර මැනගත් පසුව, තවත් අඩි තුන හතරක් පමන වැඩිපුර දිගක් ගන්න. බිම දිගේ නම් කේබල් අදින්න එපා මොකද පහසුවෙන්ම කේබලයට හානි වේ (අතු ගෑමෙන්, පෑගීමෙන් ආදිය). තවද, සීලිං උඩින් යවන විට, මීයන්ගෙන් එය පරිස්සම් කළ යුතු වේ. එනිසා, සීලිම උඩින් යන කොටස කොන්ඩුයිට් බටයක් ඇතුලෙන් යවන්න.
 
දැන් අපි බලමු සැටලයිට් ටීවී (හොරෙන්) බැලීමට අවශ්‍ය කරන්නේ මොනාද කියා.
 
   1.      සුදුසු සයිස් එකේ ඩිෂ් එකක් (ඩයලොග් ටීවී සඳහා අඩි 2ක එකක් ප්‍රමාණවත්ය)
   2.      Universal LNBF එකක්
   3.      අවශ්‍ය තරම් දිග RG6 හෝ ඊට වඩා කොලිටි තනි කේබලයක් (මූට්ටු නැති)
   4.      Male F connector 2ක්
   5.      IKS පහසුකම ඇති DVB-S1/DVB-S2 සැටලයිට් රිසීවරයක් (තමන්ගේ ටීවී එකට ගැලපෙන සේ AV cable මඟින් හෝ HDMI cable මඟින් කනෙක්ට් කළ හැකි); අන්තර්ජාලයට සම්බන්ද වීමට රිසීවරය විසින් සපෝට් කරන wifi stick එකකුත් (හෝ මීට පෙර විස්තර කළ වෙනත් උපක්‍රමයක්) රිසීවරය සමඟම ගත යුතුය.
   6.      AV cable හෝ HDMI cable (මේ දෙකම හෝ දෙකින් ටීවී එක හා රිසීවරය යන දෙකම සපෝට් කරන එකක්)
   7.      අන්තර්ජාල පහසුකම (SLT මඟින් ADSL හෝ SLT/Dialog/Lankabel මඟින් දෙන 4G හෝ); වයිෆයි රවුටරයක් අවශ්‍ය වේ (සාමාන්‍යයෙන් රවුටරය ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් සමඟම නොමිලේම ලැබේ).
  
අනිවාර්යෙන්ම ටීවී එකක් තිබිය යුතුයිනෙ. ඊට අමතරව, ඩිෂ් එක එල්ල කරන දිශාව හා කෝණය නිශ්චය කර ගැනීමට ස්මාට් ෆෝන් එකක්ද අවශ්‍ය වේ (iphone, samsung හෝ වෙනත් android phone එකක්); මෙම ස්මාට් ෆෝන් එකේ GNSS (GPS) පහසුකමද තිබිය යුතුය. මේ හැරෙන්නට වෙනත් උපාංගවල අවශ්‍යතාවක් නැතිවම, ඉතා පහසුවෙන් අපට අවශ්‍ය වැඩේ කර ගත හැකිය. එහෙත් තදියමේ (කලබලේ) මෙය කළ නොහැකිය. අත් උදව්වට පොඩ් එකෙක් (හෝ වැඩිහිටියෙක්) සිටීම පහසුවකි.
 
වැඩේ පටන් ගන්නට පෙර දෙයක් කිව යුතුය. ඔබ මෙය කරන්නට යන්නේ පලමු වරට නම් ලොකු සැකයක් ඇති වේ. එනම්, සැටලයිට් රිසීවරය, කේබලය, එල්එන්බී එක යන සියල්ල පලමු වරට භාවිතා කරන්නට යන බැවින් ඒවා වැඩ කරනවාද නැද්ද යන්න ගැන ඔබට 100% ෂුවර් කරන්නට බැරිය ඒවා කොච්චර අලුත් වුවත්. ටීවී එක ඉතිං දැනටමත් පාවිච්චි කරමින් සිටින එකක් නිසා හා ඩිෂ් එක ඇද වී හානී වී නැතිනම් එහිද පිච්චෙන්නට දෙයක් නැති නිසා එම උපකරණ දෙක ගැන ෂුවර් කළ හැකියි. එමනිසා තරමක් වැඩේ කරමින් ඉන්න අතරේ චැනල් අහුවෙන්නේ නැති කොට එම සැකය තවත් වැඩි වේ (මොකක් උපාංගයක් පිච්චී ඇතැයි කියා සිතෙනු ඇති). මේ සඳහාද යම් විසඳුම් තිබේ; නමුත් බොහෝවිට මෙම සැකය වැරදිය; එනිසා ධෛර්යෙන් වැඩේ හරියට ඉදිරියට කරගෙන යන්න. කෙසේ වෙතත් මා එම විසඳුම් කෙටියෙන් දක්වන්නම්.
 
ඔබගේ කේබලය සමහරවිට මැදින් කැඩී තිබෙන්නට හැකියි ඔබට පිටින් නොපෙනුනත්. එය පහසුවෙන්ම චෙක් කර ගන්නට පුලුවන් ඔබ සතුව මල්ටිමීටරයක් තිබේ නම්. මල්ටිමීටරයේ ඕම් පරාසයේ අඩුම පැත්තට කරකවා කේබලයේ මැද කම්බියේ දෙපැත්තට මල්ටිමීටරයේ අග්‍ර (test probe) දෙක තබා බලන්න කුඩා ඕම් අගයක් පෙන්වනවාද කියා. එසේ නොපෙන්වයි නම් හෝ ඉතා විශාල ඕම් අගයක් පෙන්වයි නම් කේබලයේ දෝෂයක් ඇත. මල්ටිමීටරයක් තමන් සතුව හෝ හිතවතකු ළඟවත් නැතිනම් තවත් ක්‍රමයක් ඇත. බැහැපු නැති පෙන්ටෝච් බැටරි දෙකකුයි පත්තු වෙන එල්ඊඩී බල්බයකුයි මේ සඳහා අවශ්‍ය කෙරේ. බැටරි දෙක එකට තබා, එහි ධන අග්‍රය කේබලයේ මැද කම්බියේ එක් කෙලවරකට සෙට් කරන්න. මැද කම්බියේ අනෙක් කෙලවර එල්ඊඩී එකේ ඇනෝඩයට (දිග කූරට) සවි කර, එල්ඊඩියේ කැතෝඩය (කොට කූර) බැටරියේ ඍණ අග්‍රයට සවි කරන්න. එවිට බල්බය දැල්වේ නම්, කේබලය හොඳය.

 

රිසීවරය වැඩ කරනවාද කියා බැලීමට දැනටමත් කුමන හෝ චන්ද්‍රිකා සේවයක් නරඹන හිතවතකු අවශ්‍ය වේ. ඔහුගේ නිවසේ ඇති රිසීවරය ඉවත් කර, එතැනට ඔබේ රිසීවරය සවි කර, blind scan කර බලන්න ටීපී හා ඒවායේ චැනල් ටික ටියුන් වෙනවාද කියා (චැනල් නොපෙනුනාට අවුලක් නැත; ටීපී හසුවෙනවාද යන්න සොයා බැලීම ප්රමානවත්ය). මොහොතකින් කියා දෙන්නම් මොකක්ද මේ බ්ලයින්ඩ් ස්කෑන් කියන්නේ හා එය සිදු කරන්නේ කෙසේද කියා. එසේ හසු වේ නම් රිසීවරය හොඳය.
 
ඔබගේ එල්එන්බී එක වැඩ කරනවාද කියා බැලීමටත් එම හිතවතාගේ සහය අවශ්‍ය වේ. හිතවතාගේ ඩිෂ් එකට සවි කර තිබෙන එල්එන්බී එක ඉවත් කර ඔබගේ එල්එන්බී එක එතැනට සවි කරන්න; එසේ සවි කරන විට, ඔහුගේ එල්එන්බී එක තිබුණු විදියට ඔබේ එකත් සවි කරන්න (එනම් හිතවතාගේ එල්එන්බී එක කරකවා තිබෙන ප්‍රමානය හොඳින් සලකුනු කර ගෙන එම ප්‍රමානයට ඔබේ එකත් කරකවන්න). එවිට ඔහුගේ ටීවී එකෙන් චැනල් පෙනේ නම්, ඒ කියන්නේ ඔබේ එල්එන්බී එක වැඩ කරයි.
 
ඉහත ක්‍රම හැර වෙනත් ක්‍රමද තිබෙනවා ඒවා චෙක් කර ගැනීමට. ඇත්තටම ඉහත ආකාරයට ඔබේ උපාංග චෙක් කිරීමට අවශ්‍ය නොවේ. වරුවක් දීසිය එහේ මෙහේ කරකවමින් සිටියත් චැනල් හසු නොවන්නේ ඔබ අතින් සිදුවන සරල අත්වැරද්දක් නිසාය.
 
හරි... දැන් ඔබේ ටීවී එකට ආසන්නෙයන් සැටලයිට් රිසීවරය තබන්න. සාමාන්‍යයෙන් ඕනෑම උපකරණයක් වගේම මෙයත් වැස්සට තෙමෙන හෝ හිරිකඩ වැටෙන තැනක හෝ ඉරු එලිය කෙලින්ම වැටෙන තැනක හෝ දූවිලි අධික තැනක හෝ නොතැබිය යුතුය. තවද, හැමවිටම පැතිලි දෘඩ/තද මතුපිටක් මත එය තබන්න; රෙදි හෝ එවැනි එබෙන දෙයක් මත නොතබන්න (මෙවිට උපකරණයේ යට ඇති වාතය යෑමට යොදා ඇති සිඳුරු බ්ලොක් වී උපකරණය රත් වී පිලිස්සී යා හැකිය). ටීවී එක හෝ රිසීවරය හෝ වෙනත් විදුලි උපකරණයක් හෝ ක්‍රියාත්මකව පවතින කාලය තුල ඒ මතට කිසිදු ආවරණයක්/රෙද්දක් දමා දූවිල්ලෙන් එහෙම ආරක්ෂා කරන්නට එපා; උපකරණය සිසිල් වීමට ඉඩ තැබිය යුතුය.
 
දැන් රිසීවරය හා ටීවී එක කනෙක්ට් කරන්න. ටීවී එකෙහි HDMI පෝට් ඇත් නම්, HDMI පෝට් තිබෙන රිසීවරයක් මිලදී ගන්න. මෙවිට, HDMI cable එකකින් ඒ දෙක කනෙක්ට් කරන්න. එහෙත් ටීවී එකේ ඇත්තේ AV පෝට් නම්, ඒවී පෝට් තිබෙන රිසීවරයක් ගත යුතුය (ඇත්තටම hdmi හා av port දෙකම තිබෙන රිසීවරයක් ගැනීම සුදුසුය). ඒවී පෝට් එකේ කනෙක්ටර් 3ක් සවි කිරීමට තිබේ. එනිසා, වීඩියෝ කනෙක්ටරයත්, ඕඩියෝ කනෙක්ටර් දෙකත් පිලිවෙලට නිවැරදිව සවි කරන්න (බොහෝ විට කනෙක්ටර්වල මෙන්ම කේබලයේද රතු, කහ, සුදු යන කලර් යොදා ඇති අතර එම වර්ණවලට ගැලපෙන සේ කනෙක්ට් කරන්න).
 
රිසීවරය බොහෝවිට වෝල්ට් 12කින් ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා පවර් ඇඩැප්ටර් එකක්ද ලැබේ. මෙහිදීද යමක් කිව යුතුය. විවිධ වෝල්ට් අගයන්ගෙන් යුතු පවර් ඇඩැප්ටර් අප අවට තිබිය හැකිය. සමහර අය සිතන්නේ නැතිව අහුවෙන ඇඩැප්ටරයක් සවි කරනවා උපකරණයට එය සවි කළ හැකි නම්. අහුවෙන ඇඩැප්ටරයක් සවි කළ හැකියි කොන්දේසි දෙකක් සැපිරේ නම් (සැටලයිට් රිසීවරයට පමනක් නොව, පවර් ඇඩැප්ටර් භාවිතා කරන ඕනෑම අවස්ථාවකදී මෙම කතාව වලංගු වේ). එක කොන්දේසියක් වන්නේ උපකරණයට අවශ්‍ය කරන වෝල්ට් ගණනට හරියටම සමාන (අඩුත් නැති වැඩිත් නැති) වෝල්ට් ගණනක් පවර් ඇඩැප්ටරය සැපයිය යුතුය. දෙවැනි කොන්දේසිය වන්නේ උපකරණයට අවශ්‍ය කරන ධාරාවට (ඇම්පියර් හෝ මිලිඇම්පියර් ගණන) සමාන හෝ වැඩි ධාරාවක් පවර් ඇඩැප්ටරය විසින් සැපයිය යුතු වේ.
සමහර උපකරණවල ධාරාව වෙනුවට වොට් අගයක් තිබිය හැකිය. මෙවිට එම වොට් අගය එම උපකරණයේ වෝල්ට් අගයෙන් බෙදූ විට ලැබෙන්නේ ධාරාව වේ (වොට් ගණන = ධාරාව x වෝල්ටියතාව නිසා). උදාහරණයක් ලෙස, මගේ රිසීවරයේ වෝල්ට් ගණන 12 හා වොට් ගණන 24W නම්, ඊට අවශ්‍ය ධාරාව වන්නේ 24/12 = 2A (ඇම්පියර් 2) වේ.
 
ටීවී එක, රිසීවරය, හා තවත් උපකරණ එක ළඟ තිබෙන නිසා, බිත්තියේ ඇති තනි පවර් සොකට් එකකට මේ සියල්ල කනෙක්ට් කරන්න බැරි නිසා, හැමවිටම වාගේ මල්ටිප්ලග් එකක් හෝ පවර් එක්ස්ටෙන්ෂන් එකක් මෙහිදී භාවිතා කෙරේ. මෙහිදිත් කිව යුතු දෙයක් තිබේ. එනම්, කිසිම විදුලි උපකරණයක ප්ලග් එක බුරුල්ව කනෙක්ට් නොකළ යුතුය. එය ගිනි ගැනීමකට හෝ උපකරණය පිලිස්සී යෑමකට මඟ පාදයි. එනිසා, ප්ලග් එක සවි කරන විට, ඉතා තදින් සවි විය යුතුය. අවශ්‍ය නම් මල්ටිප්ලග් එක හෝ පවර් එක්ටෙන්ෂන් එක ගලවා, ප්ලග් එකේ කූරු රිංගවන එහි ඇතුලත ඇති තඹ පතුරු ඉස්කුරුප්පු නියනකින් තද කර ලූස් ගතිය නැති කරන්න (කාලයකට සැරයක් මෙය කිරීමට සිදු වේ).
 
දැන් කේබලය ගෙන සැටලයිට් රිසීවරය ළඟ සිට ඩිෂ් එක සවි කරන තැන දක්වා කේබලය අදින්න. පෙර විස්තර කළ පරිදිම එම කේබලය ආරක්ෂිත අයුරින් කල් පවතින අයුරින් නිවසේ අලංකාරයට බාධා නොවන අයුරින් අදින්න. සීලිං උඩින් යන විට, එම කොටස අනිවාර්යෙන්ම කොන්ඩියුට් බටයක් තුලින් යවන්න; නැතිනම් මීයන් අනිවාර්යෙන්ම එය කපනු ඇත. හැකි තරම් මෙම කේබලය තනි කේබලයක් ලෙස පැවතිය යුතුය; ජොයින්ට් නැති විය යුතුය. 
 
සංඥා ගමන් කරන කේබලයක ජොයින්ට් ඇති විට, සංඥා දුර්වල වීමක් අනිවාර්යෙන්ම සිදු වේ. ජොයින්ට් ඇති විට පමනක් නොව, කනෙක්ටර් සවි කරන විටත්, ඕනෑම අතරමැදි උපාංග සවි කරන විටත් සංඥා එසේ දුර්වල වේ. එහෙත් ඉතිං, අපට කනෙක්ටර් නම් අනිවාර්යෙන්ම සම්බන්ද කරන්න සිදු වෙනවානෙ.
 
දැන් සිදු වෙනවා කේබලයේ දෙපසට එෆ් කනෙක්ටර් දෙකක් සවි කරන්නට. එය නිවැරදිව සිදු කරන හැටි බලමු. මේ සඳහා විශේෂිත උපකරණ අඬුපඬු අවශ්‍ය නැත; හොඳින් කැපෙන තලයක් (පේපර් කටරයක්) තිබුණොත් ඇති. කේබලයේ එක් කෙලවරක් ගෙන, එහි සෙන්ටිමීටර් 2 ක ප්‍රමාණයක පිටත පීවීසී ආවරණය ඉවත් කරන්න. කැපෙන තලය ගෙන, පිටත පීවීසී ආවරණය වටේට ඇදගෙන යන්න ආවරණ කොටස පමනක් කැපෙන සේ. විශාල පීඩනයන් යොදන්න එපා මොකද එවිට ඊටත් ඇතුලතින් ඇති කොටස් කැපී යන්නට හැකියි. මුලින්ම පීඩනය ඉතා අඩුවෙන් එය සිදු කර කොතරම් පීඩනයක් යෙදිය යුතුදැයි දළ අවබෝධයක් ලබා ගත හැකියි. අවශ්‍ය තරම් ගැඹුරට කැපුනේ නම්, එසේ කපා වෙන් කළ පීවීසී කොටස අතින් කරකවමින් එලියට අදින්න. හරියට කැපුනේ නම්, තඹ දැලට කිසිදු හානියක් සිදු නොවී තිබිය යුතුය. 


කිසිම විටක තඹ දැල සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ කපා ඉවත් කරන්නට එපා; එම සම්පූර්ණ දැල කනෙක්ටරයේ බඳට සවි වීම අත්‍යවශ්‍යයි. එම දැලෙන් සංඥාවලට ඇතිවන බාධාව ඉවත් කරන බව අප මුලින් දැනගත්තා. ඉතිං, එම ආරක්ෂාව දිගටම පැවතීමට නම්, කේබලයේ දෙපැත්තේ සවි වන කනෙක්ටර් බඳට එම දැල ඉතා හොඳින් සම්බන්ද විය යුතුය. එම පිටත තඹ දැල දැන් සෙමින් පහලට අදින්න පහත රූපයේ ආකාරයට.
 
ඉන්පසු, නැවතත් කෙලවරේ සිට සෙන්ටිමීටර් 1.7 හෝ 1.5 ක් ඇතුලට යටින් ඇති සුදුපාට පරිවාරක කොටසත් කපා ඉවත් කර ගත යුතුයි මැද කම්බිය පමනක් ඉතිරි වන විදියට. පෙර සේම මෙයත් සිදු කළ හැකියි. තඹ දැල මෙන් නොව, මැද කම්බිය ඉතාම පරිස්සමින් රැක ගත යුතුය. එහි නැමීම් නැති විය යුතුය. කැපෙන තලයෙන් පතුරු ගැසී හෝ හානි වී නොතිබිය යුතුය. නැතහොත් සංඥාව ඉතාම දුර්වල වේවි එතැනින් ගමන් කරන විට. එනිසා හදිසියක් නැතිව ඉතාම පරිස්සමින් ඉවසීමෙන් මෙම කනෙක්ටර් සවි කිරීම සිදු කළ යුතුය. 



නිකමට හෝ මේ විස්තර කළ විදියට කොටස් කපා ඉවත් කර ගැනීමට බැරි වූයේ නම්, එම වැරදියට කැපුනු මුලු කොටසම කේබලයෙන් කපා ඉවත් කර, හරි විදියට නැවත සුද්ද කර ගන්න.
 
ඉන්පසු එෆ් කනෙක්ටරය ගෙන සෙමින් කෙලවරින් ඇතුලු කරන්න එහි මැද කම්බිය කනෙක්ටරය මැදින් එලියට එන තෙක් හා මැද කම්බියට පිටින් ඇති සුදු පරිවාරක කොටස කනෙක්ටරය ඇතුලේ ඉදිරි කොටසට විත් වදින තෙක්ම. තවද, කම්බි දැල කනෙක්ටරයේ බඳට ඇතුලතින් හොඳින් ස්පර්ශ විය යුතුය. එනිසා, කලබලයෙන් කනෙක්ටරය කේබලය තුලට රිංගවන්න හදන්න එපා. සෙමින් සෙමින් කරකවමින් එය සිදු කරන්න. එසේ රිංගුවාට පසුව අඬුවක් ගෙන කනෙක්ටරයේ බඳ තද කරන්නට හදන්න එපා තවත් හොඳින් සවි වන්නට කියා.



ඉහත සම්පූර්ණ ක්‍රියාව පහත රූපයෙන් දැක්වේ  


ඒ පරිද්දෙන්ම එල්එන්බී එක පැත්තට සවි වන එෆ් කනෙක්ටරයද සවි කරන්න. මෙම පැත්තේ කනෙක්ටරය සවි කිරීමට පෙර රබර් බූට් එකක් (rubber boot හෝ weather boot) වයරය තුලට ඇතුලු කරන්නට සිදු වෙනවා. මෙම කනෙක්ටරය එල්එන්බී එකට සවි වී ඉලිමහනේ තිබෙන විට, වැස්සට, පින්නට, අව්වට හසු වෙනවා. ඉන් කනෙක්ටරය බේරා ගැනීමට තමයි මෙම රබර් බූට් එක තිබෙන්නේ.
 





දැන් රිසීවරය පැත්තේ කනෙක්ටරය රිසීවරයට සවි කරන්න. මෙහිදී මැද කම්බිය රිසීවරයේ ඇති ෆීමේල් කනෙක්ටරයේ සිඳුරට සෙමින් බස්සන්න; එසේ බස්සන ගමන් කනෙක්ටරයේ ඇති ඉස්කුරුප්පු පියන කරකවා කනෙක්ටර් දෙක හොඳින් සවි වන සේ සම්බන්ද කරන්න. එකක් හොඳින් මතක තබා ගන්න. ඇන්ටනා වයරය වේවා ටීවී එකට සම්බන්ද වන වයරය වේවා, මේ සෑම දෙයක්ම සිදු කරන විට රිසීවරයට විදුලිය සපයා නොතිබිය යුතුය. සමහරවිට උපකරණ පිලිස්සී යෑමට හැකියි ඒවාට පවර් දී තිබියදී කනෙක්ටර්/කේබල් ගලවන්නට සවි කරන්නට හැදුවොත්.
 
දැන් ඩිෂ් එකට සවි වී තිබෙන ආර්ම් එකට එල්එන්බී එක ඇතුලු කරන්න. එසේ ඇතුලු කර තරමක් තදට ඇන තද කරන්න; පසුව නැවත මෙම ඇන බුරුල් කර කරකැවීමට සිදු වෙනවා. ඉන්පසු කේබලයේ කනෙක්ටරය එල්එන්බී එකට සෙට් කරන්න. ඉන්පසු රබර් බූට් එකද කරකවා එල්එන්බී එකට සෙට් කරන්න. රබර් බූට් එකක් නැති නම්, කනෙක්ටරය පිටතින් හොඳින් ආවරණය වන සේ ඉන්ස්‍යුලේෂන් ටේප් එකක් ඔතන්න. කාලයත් සමඟ ටේප් ඉබේම ගැලවෙන නිසා, එසේ ටේප් එතූ පසු අවශ්‍ය නම් සිහින් කම්බියකින් ටේප් එකටත් උඩින් වටයක් දෙකක් කරකවා ගැටගසන්න.



මීළඟට තිබෙන්නේ ඩිෂ් එක හරියට සවි කරගන්නයි. මෙය තමයි තරමක් වෙලාව ගත වන කාර්ය වන්නේ. මුලින්ම කාගෙන්වත් උදව්වක් නැතිව තනියම කරන විට, සමහරවිට දවසක් වුවද ගත වීමට හැකියි. ඇත්තටම එලෙස “කට්ටක් කන” එකත් හොඳය. එකම දේ සිය පාරක් විතර නැවත නැවත සිදු කරන්නට සිදු වීමෙන් හොඳ අධ්‍යාපනික අත්දැකීමක් ඉබේම ලැබේ. මා මෙය පලමු වරට සිදු කරන විට දවස් තුනක්ම ගත වුණා සංඥා අල්ල ගන්න (පොඩි පොඩි අතපසුවීම් වුවද ප්‍රමානවත් වෙනවා සංඥා හසු නොවීමට).
 
දැන් ඩිෂ් එක තිබෙන්නේ එය සවි කිරීමට නිශ්චිත කරගත ස්ථානයේය. එය වහලය උඩ හෝ වතුර ටැංකිය තබා ඇති කොන්ක්‍රිට් කැබැල්ල උඩ විය හැකිය. ජනේලයේ බීරලුවල විය හැකිය (මුලින්ම මා ඩිෂ් එක සවි කළේ ජනේලයේ උඩම ඇති බීරලු කොටසේය). එහෙමත් නැතිනම් තවත් කදිම පහසු ස්ථානයක් වන්නේ සාමාන්‍ය ඇන්ටනාව සවි කිරීමට යොදා ගත් ඇන්ටනා බටයයි (මා දැන් සවි කර තිබෙන්නේ එසේය). එහෙත් ඇන්ටනා බටයේ තිබෙන දුර්වලතාව වන්නේ එය සුළඟට පැද්දීමට ඇති ඉඩකඩයි. එසේ සුළඟට සියුම්ව හරි පැද්දුනොත් ඩිෂ් එක සියුම්ව එහා මෙහා යයි. ඩිෂ් එකේ කුඩා ප්‍රමානයකින් හෝ එහා මෙහා යෑම සංඥා ග්‍රහනයට විශාල බාධාවකි. මා ඊට යෙදූ සරලම උපක්‍රමය වන්නේ ඇන්ටනා බටයේ මැද හරිය වහලේ පියස්සට තදින් ස්පර්ශ වන පරිදි පොලොවට සවි කිරීමයි. මෙවිට ඇන්ටනාව යටින් පොලොවටත් මැදකින් වහලටත් තදින් සවි වී හා ස්පර්ශ වී තිබේ. දැන් එය සුලඟට වැනෙන්නේ නැත.