Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

දේශපාලුව හා ව්‍යාප්තිවාදය එකට පරදමු

බියගුලු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලු  දෙස් විදෙස් අය ගැනත් ඉන් තුවාල ලැබූ අය ගැනත් දැඩි  ශෝකයක් අප සිත් සතන් තුල රඳවා ගනිමින් ඔවුන් වෙනුවෙන් සංවේගය පල කරමු.

තිබෙන තොරතුරු අනුව ඉතා පැහැදිලිවම මෙම දුක්කිත තත්වය සම්පූර්ණයෙන්ම වලක්වා ගත හැකිව තිබියදීත් එම සිදුවීම් දාමය සිදු වීමට හැර තිබෙන බවක් තිබේ. එහි පලමු වරදකරු පොලිස්පති වන අතර, ඌව නිකංම තනතුරින් පහනොකර අපරාධ චෝදනා එල්ල කරමින් දඬුවම්ද ලබා දිය යුතුය.

දෙවැනි වරදකරු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වන අතර, ඌගේ වගකීම් විරහිත ක්‍රියා කිරීමටද එරෙහිව අපරාධ චෝදනා ලබා දී දඬුවම් දිය යුතුය. හමුදා පමනක් නොව සිවිල් නීතිය මෙහෙවන පොලිසියද ඌ යටතේ තිබෙන බැවින් සිදු වී ඇති ව්‍යසනයේ බරපතලකම සලකා ඉදිරියේදී මෙවැනි වගකීම් විරහිත හැසිරීම් එවැනි රාජ්‍ය නිලදාරින්ගෙන් සිදු නොවනු පිනිසත් බරපතල දඬුවම් ලබා දිය යුතුමය.

මේ ව්‍යසනයත් සමඟම රාජ්‍ය පාලනයේ තිබෙන විසුලු ස්වභාවය මුලු ලොවටම ප්‍රදර්ශනය විය. මොන්ටිසෝරි ළමුන් මෙන් එවුන් හැසිරී ඇත. රටේ දෙවැනි පුරවැසියා හා ආරක්ෂක (රාජ්‍ය) ඇමති ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් ලෙස පත් කර ගෙනද නැත. ජනපති රටේ නැති විටකදී, අගමැතිට අවනත නොවන ආරක්ෂක අංශයක් රටක තිබිය හැකිද? අද පාර්ලිමේන්තුව සංවාද වෙනුවට ඉරිදා වෙලඳපොල මෙන් කෑ කෝ ගැනීමක් සිදු විය.

බොහෝ දෙනා පැසසුවත්, ලංකාවේ බුද්ධි අංශය ඇත්තටම එතරම් දියුනු මට්ටමක නැත. හැමදාමත් අපේ බුද්ධි අංශවලට වටිනා ඔත්තු ලැබෙන්නේ විදෙස් බුද්ධි අංශවලිනි. රටේ හොඳ බුද්ධි අංශ පවතී නම්, මේ තරම් පාතාලයක්, කුඩු ජාලයක්, අන්තවාදී කොට්ටාශ ලංකාවේ පැවතිය නොහැකිය. හැම පොඩි දේටම සමාජ ජාලා බ්ලොක් කිරීමට අවශ්‍ය නැත. අඩුම ගානේ රටේ බුද්ධි අංශවලට හැකියාවක් ලැබී නැත බුද්ධි අංශ කොට්ටාශ ගණනාවක් ලෙස නොව තනි ඒකාබද්ධ බුද්ධි අංශයක් ලෙස පැවතිය යුතු බව කල්පනා කර ඒ අනුව කටයුතු සලස්වා ගන්නට. තමන්ට වඩා යහපත් දේ සිදු කර ගන්නට බැරි බුද්ධි අංශයක් කෙලෙස අන් අයට යහපතක් සලසාවිද? බුද්ධි අංශයේ විශාල පිරිසක් ඒ කාලයේ සිටම කර ඇත්තේ අපරාධවලට උදව් කිරීමයි. එවැනි චෝදනා යටතේ අද බොහෝ දෙනා රිමාන්ඩ් කරද තිබේ. එවුන් කොතරම් දක්ෂ වුවත් අහිංසකයන්ට හිරිහැර කර ඇත්නම් ඒ හැම එකාටම තරාතිරම නොබලා දඬුවම්ද ලැබිය යුතුය.

තවද, පැහැදිලිවම අන්තවාදය හා ත්‍රස්තවාදය අන්තර්ජාලය හරහා පෝෂනය වන බවක් පෙනේ. එහෙත් ඊට විසඳුම අන්තර්ජාල සේවා අත්හිටුවීම නොවේ. එය ප්‍රායෝගිකද නැත. ඒ වෙනුවට රාජ්‍ය බුද්ධි හා ආරක්ෂක අංශ යොදා ගත යුත්තේ දියුණු ක්‍රමවේද වේ. නීතිය තදින් ක්‍රියාත්මක කිරීම වේ. පෞද්ගලිකත්ව නීති (privacy law), තොරතුරු නියාමන රෙගුලාසි ආදිය පැනවිය යුතුය. එයද හුදු දේශපාලන අභිමතාර්ත වෙනුවෙන් නොව, ප්‍රජාතන්ත්‍රවාදයට හා ප්‍රකාශනයේ නිදහසට බාධා නොවන අයුරින් විය යුතුය.

සමාජ ජාලාවල පලවන පුවත් සාවද්‍ය වුවත් නැතත් ඒවා පිලිගැනීමට ජනයා පෙලඹෙන්නේ එවුන්ට රටේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ගැන ඇති අල්ප විශ්වාසය නිසාය. සියලු ජනමාධ්‍ය නිදහස් යැයි කියා ගත්තාට ඒ හැම එකාටම දේශපාලන අරමුනු තිබෙන බව මිනිසුන්ට දැනෙන නිසාය. රාජ්‍ය යාන්ත්‍රනයේ විනිවිද බව නැති වීමද ඊට බලපෑ ඇත. එනිසා රාජ්‍ය පාලනයේ සිදුවන අක්‍රමිකතා එලිදරව් කිරීමට එම ක්‍රමවේද තුලම සිරවී සිටින යහපත් මිනිසුන්ට ඇති එකම විකල්පය සමාජ ජාලා වේ. එක අතකින් දේශපාලුවන්ට බලයට පත් වීමට උදව් වන සමාජ ජාලාම රජයට පත් වූ පසු වසක් විසක් මෙන් පත් වන්නේ එනිසාය. 

තවත් අතකින්, පොදු ජනයාට තර්කානුකූලව දේවල් තේරුම් ගැනීමට දැනුමක් හැකියාවක් අධ්‍යාපන ක්‍රමයෙන් ලබා දීද නැත. ක්‍රිකට් හැරෙන්නට වෙනත් ක්‍රීඩාවක නියැලෙන්නෙ නැති දන්නේ නැති, කොච්චර ගංගා ඇල දොල තිබ්බත් වටේම මුහද තිබ්බත් ගං වතුරකදී අවශ්‍යතාවකදී පිහිනන්නට දන්නෙ නැති, හදිසි අනතුරකදී ප්‍රථමාධාරයක් දෙන්නට දන්නෙ නැති නමුත් කටපාඩමින් පන්ඩිතයන් බිහි කරන අධ්‍යාපනයක් ලබා දෙන රටක, ලෝක නව ප්‍රවනතා දැන අනාගත ලෝකයට හැඩගස්සන අධ්‍යාපනයක් හුදෙක්ම සිහිනයක් පමනි.

අහවල් අහවල් දේවල් කරවන්නට පත් කර ගත් විධායක ජනපතිද දැන් ප්‍රශ්න කියන්නේ අපටය. ඌ රටේ දේවල් දැන ගන්නේද පත්තරෙනි. දේශපාලුවෝ සියල්ලන්ම අහවල් අහවල් දේ කරන්නට අවශ්‍යයි කියා කියන්නේ අප හටය. ඉතිං, ඒව කරන්නට පත් කරපු එවුන්ට ඒවා කරන්නට තරම් අවශ්‍යතාවක් හා බුද්ධියක් නැති බව දැන දැනම උන්ව ඡන්දෙන් නැවත නැවත පත් කර ගන්නේද කාලකන්නි ඡන්දදායකයාමය.

සිගරට්ටුවෙන් ලැබෙන බද්දෙන් ජීවත්වන ආණ්ඩුව මතට තිත තැබීම ගැන පම්පෝරි ගසයි. දේශපාලුවන් හා උන්ට සම්බන්ද අසම්ජ්ජිති හෙන්චයියන්ගේ බලා ඉන්දිද්දි වත්කම් ගොඩගැසේ. ඒවා සොයා බැලෙන්නේ නැත. වරදට දඬුවම් ලබා සිරභාරයට පත් කර තබන සිරගෙදර සිදු වන සිදුවීම් අසන විට හරියට ඒවා සුරංගනා කතාදැයි සිතෙන තරමට අවනීතික වේ. උගත් යැයි කියා ගන්නා එවුන් පිරිසක් සිටින රේගුව යනු පගාකරුවන්ගේ තිත්පොලකි. මේ සියල්ල රටේ උඩ සිට යටට කවුරුත් දනී. එහෙත් ඒවා නිවැරදි කිරීමට කිසිත් සිදු නොවේ. 

ජනමාධ්‍ය ඉදිරියේ මහා බෞද්ධ යැයි කියා ගන්නා උපාසක දේශපාලුවෝ හා දේශප්‍රේමි දේශපාලුවෝ එමට සිටී. උන් කලින් කලට රටද පාලනය කර තිබේ. උන්ව වර්ණනා කර උන්ට ගරු නම්බු නාම දෙන මුඩ්ඩ පබ්බජිතයෝද සිටී; ඒ වෙනුවෙන් දිව්‍ය බොජුන් දන් ලෙසද, බෙන්ස් කාර්ද, කම් සැපද ඕනෑතරම් උන්ට ලැබේ. අවසානයේ උන්ටම මනාපය පල කරන ජනතාවක්ද සිටී. වරද කර තිබෙන්නේ කවුරුන්ද? රටේ මේ දැන් ඇති වී තිබෙන තත්වයට අන් අයට අත දිකු කළත් අවසාන වශයෙන් මේ සිදුවීම්වලටත් අන් සිදුවීම්වලටත් වගකිව යුත්තේ මහජනයාමය.

දැන්වත් රටේ පොදු නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ෂරීයා නීතියද ඇතුලත්ව තේසවලාමේ හා උඩරට නීතිද අහෝසි කර පොදු නීතිය මුලු රටටම බලාත්මක කළ යුතුය.

අන් ජාතී පරයා තම ජාතිය පැතිර වීම සංවිධානාත්මකව සිදු වීම වැලැක්විය යුතුය. අඩුම ගානේ දශක කිහිපයකට හෝ ළමුන් දෙදෙනෙකුට වඩා වැදිය නොහැකි යැයි නීති ගෙන ආ යුතුය.

මුස්ලිම් ව්‍යාප්තිවාදය හා අන්තවාදය අනිවාර්යෙන්ම නතර කළ යුතුය. බිම් මට්ටමේදී සිටින්නේ අහිංසක මුසල්ලානුවෙකු විය හැකිය. එහෙත් උන් ක්‍රියාත්මක වන්නේ උන්ගේ පල්ලියේ හා ව්‍යාප්තිවාදය මෙහෙවන උසස් ස්ථරවලිනි. එනිසා, රජය මැදිහත්ව හෝ කාටත් දකින්නට තිබෙන මෙම තත්වයන් මැඬලිය යුතුය.

ජාති භේදය ගොඩනැඟෙන පරිදි උපදෙස් දීම මුස්ලිම් පල්ලි හරහා නිතර සිදු වන බව නොරහසකි. එවැනි ඉගැන්වීම් නැවැත්වීම නීතිය හරහාම සිදු විය යුතුය. එහෙම නැතිව සංහිඳියාව සිංහලයන්ට පමනක් රජය විසින් දේශනා කිරීම පල රහිත වනු ඇත.

කුඩ්ඩන්ට, ත්‍රස්ථයන්ට, හා මහා පරිමාන ජාවාරම්කරුවන්ට මරන දන්ඩනය දිය යුතුය. සිංහල අන්තවාදයක් සන්නද්දව මතු වුවොත් මුස්ලිම් ව්‍යාප්තවාදීන්ට දුවන්නට තැන්ද නැති වේවි.

මේ කිසිවක් සිදු නොවේ නම්, රටට හිතැති එඩිතර පිරිසක් අවි ගෙන සියලු විනාශකාරි පිරිස් සමූල විනාශයට පත් කළත් වරදක් නොවන බව දැන් කලක සිට දැනේ. පෑනට හුරු දෑත් ගිනි අවියකට හුරු නොවේවායි අපෙත් පැතුමයි...