Wavelength Division Multiplexing (WDM) ප්‍රකාශ තන්තු ඔස්සේ සන්නිවේදනය කරන විට , එකම තන්තුව ඔස්සේ ලේසර් ආලෝක කිහිපයක්ම යැවිය හැකිය . මෙවිට , ඒ විවිධ ආලෝකයන්ගේ තරංග ආයාමයන් විවිධ විය යුතුය . එය හරියට එකම වයරයක් හරහා සංඛ්‍යාතය වෙනස් විදුලි තරංග ගමන් කරනවා වැනිමය . එනිසා , එම මල්ටිප්ලෙක්සිං ක්‍රමය WDM වේ . මෙමඟින් දත්ත යැවීමේ ධාරිතාව කිහිප ගුණයකින් වැඩි කර ගත හැකියි . එය අතිවිශාල ලාභයකි . ඇත්තටම WDM යනුද තාක්ෂණිකව බැලුවොත් FDM ම තමයි . ඊට හේතුව ආලෝකයේ ( හෝ ඕනෑම විද්‍යුත්චුම්භක තරංග වර්ගයක ) තරංග ආයාමය හා සංඛ්‍යාතය එකිනෙකට බැඳුණු ඒකක දෙකකි ; එකක් දන්නේ නම් පහසුවෙන්ම අනෙක සෙවිය හැකියි c = 3x10 8 ms -1 =f λ යන සූත්‍රයට අනුව (c යනු ආලෝකයේ වේගය වන අතර , f යනු සංඛ්‍යාතද , λ යනු තරංග ආයාමයද වන බව මීට පෙර අප ඉගෙන ගත්තනෙ ). විවිධ තරංග ආයාමයන්ගෙන් යුතු ආලෝකය යනු විවිධ සංඛ්‍යාතයන්ගෙන් යුතු ආලෝකය කියන එකමයි ( එම ආලෝකයන්ගේ සංඛ්‍යාත / තරංග ආයාම පවතින්නේ දෘෂ්‍යාලෝක කලාපයේ නම් , විවිධ තරංග ආයාම අපට පෙනෙනු ඇත්තේ විවිධ වර්ණ ලෙසයි ). එය සංඛේතවත් කිරීමටයි සාමාන්‍යයෙන් ඉහත ආකාරයේ රූපවල එක් එක...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025