Skip to main content

විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ...

අද මා බසයේ යද්දී බොහෝ කාලයකට පසු ඇසුනු ඉතා රසවත් ගීතයකින් හද කුල්මත් වූයේද වල්මත් වූයේද හරිහැටි වටහගැනීමට නොහැකි තරමට සිත වෛකල්‍ය විය. එක් අතකින් එහි ගේයපදවල තිබූ අපූර්වත්වයත්, තවත් පසෙකින් එහි කියවෙන කතාව පෞද්ගලිකව අත් විඳ තිබීම ඊට හේතුව විය හැකියි. වරක් නොව දෙතුන් වරක්ම (තව ඉදිරියටත් සමහරවිට) එම එකම අත්දැකීම ලබා ඇත්තෙමි.

"
අසුරු සැනින් එක මොහොතක දී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා


යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
"
https://www.youtube.com/watch?v=uTZvsXE7jXQ

පසුව එම ගීතයේ අක්මුල් සොයා යන විට අන්තර්ජාලයේ ඒ ගැන තිබූ විස්තරයක් සොයා ගත හැකි විය. ඉන් කොටසක් උපුටා දැක්වීමටද සිත් වේ.


"

ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.

පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.

තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.

ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා. පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා....
"
( http://helageepada.blogspot.com/2012_05_01_archive.html න් උපුටා ගන්නා ලදි)

අප්‍රකාශිත ප්‍රේමය පරාජිත ප්‍රේමයක්ද?

Comments

  1. මමත් මේ ලගදි වෙනමම හොයාගෙන අහුවා ..දෙතුන් වතාවක් නෙමෙයි..බොහෝ වතාවන්.. :)

    ReplyDelete
    Replies
    1. මාත් බොහෝ වාර ගණනක් දැන් ඇහුවා... දුකකුත් නොවන සතුටකුත් නොවන වචනයෙන් කියා ගන්න බැරි හැඟීමක් එනවා...

      Delete
    2. MATATH EHEMA THAMAYI DALO! අයියෝ, අයියෝ! ඔයා තාමත් ඔයාගේ කාර් එකට තෙල් ගහනවද? එහෙම නැතිනම් ඔයාගේ කාර් එක චාර්ජ් කරන්න විදුලිබල මණ්ඩලේට අම්බාණට හැම මාසෙම ගෙවනවද? ඔයානම් මාරයි මෙයා! පාන් ගෙඩියක් රුපියලකින් හරි සත පණහකින් හරි වැඩිවුනොත් ඔයා ගිණිතියාගනී කොටුවෙ රේල්වේ ස්ටෙෂණ් එක ගාව. ඒත් ඔයාගේ සියලු ශක්ති අවශ්‍යයතා නොමිලේ සපුරාගන්න ඉන්දියාව අත වනද්දී ඔයා තාම සත පණහටයි නැහෙන්නේ. ඉන්දියාව ෆ්‍රී එනර්ජි (ශක්තිය නොමිලේ) ලබාදෙන විදුලිජනකයක් ඔයාගේ ගෙදර ගැරෙජ් එකට බලෙන් රිංගල හයිකරල දෙනකන්ද ඔයා බකන්නිලාගෙන ඉන්නේ? ඔයාට සතපණහක් ඉතුරු කරනතරම් මේක වටින්නේ නැති හින්දද පේටන්ට් සහතිකය සහිත තාක්ෂණයක් නොසලකා හරින්නේ? ඔයානම් මාර ගොංපාර්ට් පොරක් තමයි ඩලෝ! www.tewari.org

      Delete
    3. තිවාරිටත් නැති ඇම්මක්නේ ඔයාට තියෙන්නේ... හාහාහා... ඔයා දන්නෙ නැති වුණාට ඕන තරම් පේටන්ට් තියෙනවා කිසිදා නොසාදපු නිර්මාණ හා කිසිදා සෑදිය නොහැකි නිර්මාණ සඳහාත්... පේටන්ට් එකක් ලබා දෙන්නේ විද්‍යාඥයන් නොවේ; අනික එය ලබා දෙන්නේ වැඩ කරන ප්‍රොටෝටයිප් එකක් බලලත් නොවේ; එනිසා බැලූබැල්මට කළ හැකි යැයි කෙනෙකු කියා සිටින ඕනෑම නව නිර්මාණයකට පේටන්ට් ගත හැකියි මුදල් ගෙවා හා අවුරුදු කිහිපයක් බලාගෙන සිටිය හැකි නම්...

      ඔයා මේ කතාව දැන් කිහිප පාරක්ම කියපු නිසා ඔයාගෙ දැනගැනීම උදෙසා මා දෙයක් කියන්නම්... ක්වන්ටම් විද්‍යාව අනුව හිස් අවකාශයෙත් ශක්තියක් තිබෙනවා (zero point energy). එය ඔය කියන විදියට භාවිතා කළ හැකි ක්‍රමවේද ඉදිරියේදී බිහිවිය හැකියි. ඒ ගැන මට අනාවැකි කියන්නට බැහැ. එනිසා තිවාරි ඕවර්-යුනිටි තාක්ෂණයක්/ක්‍රමවේදයක් සොයා ගත්තා නම්, එය මානව සංහතියේ යෝධ පිම්මක් වේවි. ඉතිං ඔබලා සියල්ලම එකතුව ඒ දේ ලොවට හේත්තු ගන්වන්න එය ප්‍රායෝගිකව යොදා ගනිමින්. බොරුවට කයිවාරු ගහන්න එපා වෙබ් පිටුවක දෙකක තිබෙන ලිපි කියවා. නිකරුනේ අපට කරදර කරන්නත් එපා ගොං පාට් දාලා.

      කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කරන එක අත් හරින්න බැරි කුඩු ගැහුව වගේ ඇබ්බැහියක්... ඊට මට කළ හැකි කිසිත් නැත. කරන මඟුලක් අපට ප්‍රායෝගිකව පෙන්නලා හැකි නම් පොරවල් වෙන්න.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...