Skip to main content

Posts

c හා c++ ප්‍රෝග්‍රැමිං - 1

හැඳින්වීම කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං යනු සරල විනෝදාංශයක සිට අතිසංකීර්ණ ඉංජිනේරුමය කටයුත්තක් දක්වා විශාල පරාසයක විහිදී පවතින්නකි . එනිසාම පාසල් ළමුන්ගේ සිට මෘදුකාංග ඉංජිනේරුවන් දක්වා විවිධ වයස් හා බුද්ධි මට්ටම්වල අය ප්‍රෝග්‍රැමිං කරනවා . කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං මේ වන විට මෘදුකාංග ඉංජිනේරුවේදය (software engineering) යන නමින් ඉංජිනේරුමය ක්ෂේත්‍රයක් බවටද පත්ව තිබෙනවා . මෙම පාඩම් මාලාවේ අරමුණ C හා C++ යන ප්‍රෝග්‍රැමිං ලැංවේජ් දෙක ඉගැන්වීමයි . එකක් දැන සිටි විට , අනෙක ඉතා පහසුවෙන් උගත හැකියි . ඊට හේතුව C++ යන්න සාදා තිබෙන්නේ C පදනම් කරගෙනයි . සටහන සොෆ්ට්වෙයාර් ඉංජිනියරිං වේවා වෙනත් ඉංජිනේරු ක්ෂේත්‍රයක් වේවා , යම් අධ්‍යන ක්ෂේත්‍රයක් ඉංජිනේරුවේදයක් මට්ටමට සැලකීමට යම් යම් කොන්දේසි ගණනාවක් සැපිරිය යුතු වෙනවා . පළමුව එම අධ්‍යන ක්ෂේත්‍රය විද්‍යාත්මක ක්‍රමවේදයක් විය යුතුය ( ඒ කියන්නේ කිසිදු කලා ක්ෂේත්‍රයක් හෝ විද්‍යා / ගණිතය මත පදනම් නොවූ කිසිවක් ඉංජිනේරුවේදයක් බවට පත් විය නොහැකියි ). මෙහිදී , යමක් කිරීමට පියවරින් පියවර දැක්විය හැකි ක්‍රමවේද මිස පුද්ගලයාගේ නිර්මාණශීලිබවින් ලබා ගන්නා...

කලු නික සෙවීම

මේ පහත දැක්වෙන්නෙ මං ලියපු දෙයක් නම් නොවෙයි. අකුරක් නෑර කොපි කිරීමක්. එහෙත් එය මට අමතක කර දැමිය නොහැකි තරම් කා වැදුණු නිසා, මගේ බ්ලොග් එකෙහි පළ කරන්නට සිතුණා. කාටහරි මෙහෙම කෙල්ලක් හමු වුණොත් මං නම් කියන්නෙ ලෝකයේ තිබෙණ වටිනාම සම්පත තමන්ට ලැබුණ කියල හිතල වැඩ කරන්න ඕන. boy - මං ඔයාට ආදරෙයි. girl - මං දන්නවා. boy- විහිලු නෙවේ. 😕 girl - දන්නවා මැට්ටෝ. උත්තරේ මොකක් උනත් අපි හැමදාටම හොඳම යාලුවො. එකඟඳ ? boy- ඒ කිව්වෙ බෑ කියලනෙ නේද ? girl - නැහැ. මගේ කොන්දේසි තියෙනවා. 😇 boy - කියන්න බලන්න. girl - වෙඩිමක් ගන්න බෑ. නැකැත් හොයන්න බෑ. ගෙදරට සංඝරත්නය වඩම්මලා දානයක් දීලා , මාව ඔයාගෙ කරගන්නෝනෙ. දානෙ ගෙදර මත්පැන් නැහැ. මුලින් පුතෙක් ඕන. ඊ ගාවට දුවෙක්. දරුවො දෙන්නයි. ඊට වඩා බැහැ. දුවයි පුතයි නොලැබුණොත් තුන්වෙනියෙක් අරං හදාගන්න ඕනෙ. ඊළඟට වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදර ගේන්න බෑ. වැඩ කරන තැන ගැහැණු අය එක්ක එළියට යන්න , කතා කරන්න තහංචි නෑ. වැරදි හැඟීමක් ඇති උනොත් 'මං ඔයාට හුඟක් ආදරෙයි' කියල විතරක් මතක තියාගන්න. මට අම්මා තාත්තා බලන්න යන්න ඕනෙ. ඔයාම තමයි එක්කං යන්නෝනෙ. එයාල...

සුභ නව වසරක් වේවා!

තවත් අලුත් අවුරුද්දක් ඇවිල්ලා. විශේෂයෙන් පොඩ්ඩන්ට නම් මේ කාලය ඉතාම සැහැල්ලු හා ප්‍රීතිමත් දවස් කිහිපයක්. එක පැත්තකින් පාසල් නිවාඩුවනෙ. එවැනිම සතුටක් වැඩිහිටියන්ටත් තියෙනවාද යන්න නම් සැක සහිතයි මොකද සම"හරක්ට" අරක්කු බෝතලය අන් සියල්ලටම වඩා වැදගත් වන කාලයක් බවට සෑම උත්සව කාලයක්ම දැන් පත්ව තිබෙන නිසාය. එලෙස අරක්කු බෝතලය හා සිගරට් සමාජය රෝගී කරන අතරේ එම දහජරාව නොබොන අයට පැනි බීම පෙවීමට කොම්පැනි කාරයන් උත්සහ කරමින් සිටිනවා. සිතිමේ කිසි විනයක් නැති අපේ මහ ලොකු බෞද්ධ සමාජයත් පහසුවෙන්ම ඊට සීඝ්‍රයෙන් යට වෙමින් තිබෙනවා. සුපුරුදු ලෙසම මේවා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති රීති සෑදීමේ වගකීම පැවරී ඇති එවුන්ටද වගේ වගක් නැත. බඩ ගින්නට කන බත් එකත් වහ කන තත්වයට පත් කළ මීහරක් වැනි ගොවියන් බහුල රටක එක අතකින් සල්ලි වියදම් කර ලෙඩ රෝග සාදා ගැනීමේ කලාව නුහුරු නුපුරුදු එකකුත් නොවේ. කාලාන්තරයක් තිසේසේ විකෘති වෙච්ච සමාජයක් තුළ සිංහල අවුරුද්ද වැනි වටිනා සතුට ඉතිරී යා යුතු කාලයද බොහෝ විට නාස්ති වෙන බවක් පෙනේ. තමන්ට දැරිය හැකි ප්‍රමාණයෙන් ඔබ්බට ගොස් අනුන්ට පේන්නට එය සමරන්නට ගොස් අවුරුද්ද යනු ණය වන කාලයක්...

අනුකලනය ඊපොත ඩවුන්ලෝඩ් කර ගැනීමට

අනුකලනය ගැන මෙතෙක් කොටස් වශයෙන් බ්ලොග් එකේ පළ කළ පාඩම් දැන් pdf ෆයිල් එකක් වශයෙන් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකියි. අනුකලනය ඊපොත් ඩවුන්ලෝඩ් ලින්ක්

අනුකලනය (integration) - 11

ශ්‍රිත දෙකක වෙනසෙහි වර්ගඵලය සෙවීම සාමාන්‍ය නිශ්චිත අනුකලයෙන් (integration) එම ශ්‍රිතය විසින් x අක්ෂය මත සාදන වර්ගඵලය ලැබෙන බව ඔබ දන්නවා . යම් ශ්‍රිත දෙකක ප්‍රස්ථාර වක්‍ර දෙකකින් ලැබෙන වර්ගඵලයත් එම ශ්‍රිත දෙකෙහි වෙනස නිශ්චිත අනුකලනය කිරීමෙන් ලැබෙන බවත් මොහොතකට පෙර ඔබ දැක්කා . එනම් පහත ආකාරයේ ශ්‍රිත දෙකක වෙනසක් නිශ්චිත අනුකලය කළ විට එම ශ්‍රිත දෙකෙහි වක්‍ර අතර තිබෙන වර්ගඵලය සෙවිය හැකියි . ඉහත ශ්‍රිත දෙක හා ඒ අතරමැද නිර්මාණය කරන වර්ගඵලය පහත රූපයෙන් පෙනේ . ස්වායත්ත විචල්‍ය හරහාට හෙවත් x අක්ෂය දිගේ නිරූපණය කරන විට හා සිරස්ව හෙවත් y අක්ෂය දිගේ නිරූපණය කරන විට යන අවස්ථා දෙක සඳහාම වර්ගඵලයන් දක්වා ඇත . එනම් x විෂයෙන් අනුකලනය කරන විට පළමු රූපයේ ආකාරයෙනුත් , y විෂයෙන් අනුකලනය කරන විට දෙවන රූපයේ ආකාරයෙනුත් පෙනේවි . දෙකෙන්ම අවසානයේ ලැබෙන්නේ එකම වර්ගඵලය වේ . උදාහරණයක් ලෙස , y = 4x + 16 හා y = 2x 2 + 10 යන ශ්‍රිත දෙක x අගය පරාසය -1 හා 3 අතර තුර සාදන වර්ගඵලය සොයමු . පහත එම ප්‍රස්ථාර දෙකම එකට ඇඳ ඇති අතර , සෙවීමට යන වර්ගඵලය තමයි කොල පාටින් දිස්වන්නේ .   ...