Skip to main content

Download

මෙම කොටසින් මා විසින් ලියන ලද පොත් (ඊබුක් ලෙස) ඩවුන්ලෝඩ් කර ගත හැකියි.

You can download books written by me from the following links.


මවිසින් ඉංග්‍රිසි බසින් ලියා ඇමසන් හි ප්‍රකාශයට පත් කළ මෝහනය මුල සිට ක්‍රමානුකූලව උගන්වන අත්පොත පහත ලින්ක් එක මත ක්ලික් කර දැන් නිවසටම ගෙන්වා ගත හැකිය.

https://www.amazon.com/dp/1983231568


ත්‍රිකෝණමිතිය

සංඛ්‍යා හා සංකීර්ණ සංඛ්‍යා

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත III

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත II

වින්ඩෝස් වෙනුවට ලිනක්ස්

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින්

 ඉංග්‍රිසි බසින් සිංහල බස ඉගෙන ගැනීම සඳහා මවිසින් රචිත පොත ඇමසන් වෙතින් ලබා ගත හැකිය.

https://www.amazon.com/dp/1983168858


මෝහනය හා මෝහන ප්‍රතිකර්ම

ඉලෙක්ට්‍රොනික්ස් අත්පොත I

අවකලනය

අනුකලනය

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය 1

ආධුනික ගුවන් විදුලිය හා සන්නිවේදන තාක්ෂණය 2

දෛශික

          

Comments

  1. මම ජීවිෙත්ටම දැක්ක වටිනාම බ්ලාෙග් ඒක තමයි මේක. අැත්තටම ඔබතුමා මේ කරන සමාජ සත්කාරය කියාගන්න බැරි තරම් වටිනවා .තමන් උගත් දේ අනුන්ට දීමත් ලොකු පිනක්.රුපියලට හැමෙද්ම විකිනෙන මේ කාලයේ මෙවැනි දැනුම දන් දීමක් අපි අගයනවා.ඔබතුමාට ගොඩක් ස්තූතියි ,බ්ලොග් ඒක දිගටම පවත්වාගෙන යාමට සුභපතමි .....

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි විමුක්ති... මිනිස් ජීවිතයේ නියම වටිනාකම ලැබෙන්නේ අධ්‍යාපනය තුලින් නිසා හැකි තරම් ඉගෙන ගන්න.

      Delete
  2. ගොඩක් වටිනවා මට. මන් නම් වැඩිය ඉගෙන ගෙන නෑ. එත් එහෙම උන කියලා දැනුම හොයන එක අත ඇරලා නෑ. මෙන්න මෙ ලින්ක් එකත් බලන්න මයික්‍රොකොන්ට්‍රොල් ගැන මෙකත් කම්පියුටර් එක වගේ
    https://en.wikipedia.org/wiki/Microcontroller

    ජෙසු පිහිටයි!!!!!
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඔයා මේ මොහොත වන විට වැඩිය දැනුමක් නැති වීමට හැකි වුවත්, ඔයා දැනුම නිති සොයන් යන කෙනෙකු නිසා, අනිවාර්යෙන්ම නුදුරේදී හොඳ දැනුමැත්තෙකු බවට පත් වේවි. දිගටම සොයන්න. ටිකෙන් ටික ඉගෙන ගන්න. :) ඉගෙන ගත් පසු හැකි පමණින් එය තව අයට ලබා දෙන්නට බලන්න.

      Delete
  3. ටික කාලෙකට පස්සේ ඔබතුමාගේ අඩවියට ආවෙ. මම මේකෙ ආරම්භයේ සිටම දැනුම ලබාගත්තා. දැන්ඔ තව තවත්බ දියුණු වෙලා. තුමාගෙන් මම ලබාගත්ත දැනුම මිල කරන්න බෑ. මේ කරන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුග මෙහෙවරක්.

    ඔබතුමාට ජයෙන් ජයම වේවා! මේ දැනුම් දානය චිරාත් කාලයක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. මට ඔයාව මතකයි රජිත් :) සතුටුයි නැවත ඔබ පැමිනීම ගැන...

      Delete
  4. oyage blog eka godak udawu unaa mata anukalanaya awakalanaya therum ganna,, bio lamayek unath me ganitha karma deka higher studies waladi onawenawa... oyata godak sthuthiii

    ReplyDelete
    Replies
    1. :) ඔව්... කලනය කියන්නේ සෙක්සි විෂයක්... (බොහෝ ගැඹුරට ගියහම ඔලුවත් අවුල් වෙනවා හැබැයි... එනිසා මා ඒ තරම් ගැඹුරට ගොස් නැත... හාහාහා) හොඳින් ඉගෙන ගන්න.

      Delete
  5. ඔබතුමාට පුළුවන් නම් 4 stroke, 2 stroke එන්ජින් ගැන කියාදෙන්න.

    ReplyDelete
    Replies
    1. වාහන එන්ජින් හා ඒ ආශ්‍රිත තාක්ෂණය ගැන මටත් තිබෙන්නේ දළ අවබෝධයක් පමණි. එහෙත් ඔබ පැවසූ 4 ස්ට්‍රෝක් හා 2 ස්ට්‍රෝක් එන්ජින් ගැන තියරිය නම් පහසුයි. ඒ ගැන සිංහලෙන් ලියූ හොඳ පොත් කිහිපයක්ම ඇත (මාද මිලට ගෙන ඇත). එම්.ඩී.එල් ගුණරත්නගේ මෝටර් යාන්ත්‍රික විද්‍යාව 1 කොටස හා 2 කොටස කියවා බලන්න. යූටියුබ්හි ඉතාම කදිම වීඩියෝද ඇත. ඒවාත් බලන්න.

      Delete
    2. ගොඩක් වටින දේවල් තියනවා.ඒත් ප්‍රශ්නය තියෙන්නෙ මේකෙ ප්‍රයෝජන ගන්නෙ අල්ප පිරිසක්. මගේ නොදන්නකම වෙන්න ඇති මේ බ්ලොග් එක ටිකක් අමාරුයි පරිශීලනය කරන්න. වැදගත්ම දේ මෙහි පලවන ලිපි facebook හරහා share කරන්න පුළුවන්ද? එහෙම උනොත් ලොකු දෙයක්.මොකද facebook වල share වෙන්නෙ කාටවත් වැඩක් නැති අනුන්ගේ කුනු කන්දල් මිසක් වැඩක් ඇති දේවල් නෙවෙයි. මේ වගේ දෙයක් share කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

      Delete
    3. මගේ අත්දැකීම අනුව පොත් කියවන අය ලංකාවේ අල්පයි. කියවන අය අතරිනුත් අතිශය බහුතරය නවකතා, කෙටිකතා වැනි නිර්මාණාත්මක දේවල් කියවනවා මිස විවිධ විෂයන් උගන්වන පතපොත කියවනවා අඩුය. පාසල් ළමුන්ගේ සිට විශ්ව විද්‍යාල ශීෂ්‍යන් දක්වා වූ විධිමත් අධ්‍යාපනයක් ලබන අයගේ සිට අවිධිමත් ලෙස ඉගෙන ගන්නා අය දක්වා සෑම තලයකම අය අල්ප වශයෙන් කියවන බව මා ඕනෑ තරම් අත්දැක තිබෙනවා. නලුනිලියකු හෝ ගණිකාවක ගැන ඕපදූපයක් කියවීමට, ඒ ගැන වරු ගණන් කතා කිරීමට හා ෂෙයාර් කිරීමට තිබෙන උනන්දුව නම් අතිවිශිෂ්ටයි. කොතරම් කයිවාරු ගැහුවත් ලංකා සමාජය ඉතා නොදියුණු හා උදේ සිට රෑ වෙනතුරුත් රෑ සිට උදේ වෙන තුරුත් වංශය කබල් ගාන ජන කොට්ටාශයකි.

      පරිශීලනය කරන්න අමාරු යැයි අදහස් කළේ කුමක්ද?

      මාගේ ෆේස්බුක් පිටු හරහා, ට්විටර් හරහා මා ලියන සෑම ලිපියක්ම ෂෙයාර් කරනවා. එහෙත් වෙනත් අය විසින් ඉඳහිට ලිපියක් දෙකක් ෂෙයාර් වෙනවා විතරයි (ඊට මට කළ හැක්කක් නැත). පෙරත් කීවා සේ අධ්‍යාපනික දෙයක් සිංහල ජන කොට්ටාශය අතරේ ෂෙයාර් කිරීම ඉතාම ඉතාම ඉතා අපහසුය. එම අවබෝධයෙන් යුතුව වැඩ කරන නිසා මා බ්ලොග් එක ලියන්නට පටන් ගත් මුල් දවසේ සිටම මාගේ බ්ලොගය ප්‍රමෝට් කිරීමට වැඩි උනන්දුවක් දැක් වූයේ නැති අතර, අවශ්‍ය කෙනෙකු කොහොමත් දැනුම සොයන නිසා, අන්න එවැනි අය සඳහා මා මේ ලියන දේවල් ප්‍රයෝජනවත් වේවි.

      Delete
  6. ගොඩක් වටිනවා.මම හොයපු නෝට් ටිකක් ලැබුනා. Combine Math & Physics Books තියෙනම් දාන්න. ජය වේවා !

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...