Customs Declaration (CusDec) ශ්‍රී ලංකාව තුලට ගෙන එන (import) සියලු භාන්ඩ හා ලංකාවෙන් පිට කරන (export) සියලු භාන්ඩ රේගුවේ මැදිහත් වීම හරහා විය යුතුය. ශ්‍රී ලංකා රේගුව යනු රේගු ආඥාපනත (Customs Ordinance) නම් පාර්ලිමේන්තු පනතකින් පිහිටුවා තිබෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. ශ්‍රී ලංකා රේගුවට විශාල වගකීම් ප්‍රමානයක් තිබේ. ඒ අතර, ආනයන අපනයන භාන්ඩ මත පනවා ඇති විවිධ බදු වර්ග අය කර ගැනීම, තහනම් කර ඇති හෝ සීමාකර ඇති භාන්ඩ නිසි ලෙස පාලනය කිරීම ප්‍රමුක කටයුතු වේ. රේගු නිලධාරින් (customs officers) විවිධ මට්ටම්වලින් (ranks) සිටිනවා. සහකාර රේගු අධිකාරි ( Assistant Superintendent of Customs – ASC), නියෝජ්‍ය රේගු අධිකාරි (Deputy Superintendent of Customs – DSC), රේගු අධිකාරි (Superintendent of Customs – SC), නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (Deputy Director of Customs – DDC), රේගු අධ්‍යක්ෂක (Director of Customs – DC), අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ( Additional Director General of Customs ), රේගු අධ්‍යක්ෂක ජනරාල් (Director General of Customs ) යනු එම ප්‍රධාන තනතුරුයි. රේගුව සමඟ වැඩ කරන විට, මෙම තනතුරු නාම ඔ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025