IKS යටතේ ක්‍රම කිහිපයක්ම ඇත. CCCAM යනු ඉන් ප්‍රචලිතම ක්‍රමයක් වන අතර, mgcamd, newcamd, ආදි ලෙස තවත් ක්‍රම ගණනාවක්ම ඇත. මේ ක්‍රමවලින් එකක් හෝ කිහිපයක් ඔබේ රිසීවරය සපෝට් කරයි. මේ සෑම ක්‍රමයකදීම, එම සේවාව සපයන සර්වර් පරිගනකයකට ඇතුලු වීමට (access) අවශ්‍ය විස්තර අප සතු විය යුතුය ( username, password, port number, ip address හෝ domain name). මේ සෑම සේවයක්ම නොමිලේ මෙන්ම මුදල් ගෙවාද ලබා ගත හැකිය. මා යෝජනා කරන්නේ අත්දැකීමක් ලබාගැනීම සඳහා නොමිලේ දෙන සේවයක් (මේවා ටෙස්ට් ලයින් ලෙස හැඳින්වෙනවා) පලමුව යොදා ගන්නා ලෙසයි. එසේ නොමිලේ දෙන එක සේවයක් නොව, සේවා ගණනාවක්ම භාවිතා කර බලන්න. අන්තර්ජාලයේ මෙම සේවා සපයන තැන් සිය ගණනක් ඇත. cccam ගැන බලමු . කොකිට් රිසීවරයක ඉහත සෙටිංස් පිටුවේ Sharecam Settings තෝරන්න . ඉන්පසු එහිම ඇති Cccam Settings මතට ගොස් ok ඔබන්න. එවිට, පහත රූපයේ ආකාරයට cccam දත්ත / පරාමිතින් ඇතුලු කිරීමට අලුත් පිටුවක් එනු ඇත . එහි එක් එක් කොටුවට (field) ගොස් අදාල පරාමිතින් පුරවන්න . ඇත්තටම එක් සීසීකෑම් සර්වරයක්/එකවුන්ට් එකක් නොව, සර්වර් 16ක් දක්වා ඇතුල් කර තබා ගත හැකි...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025