තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්...
මෙවරත් කාලගුණ විපර්යාසය නිසා සිදු වූ ව්‍යසනය තදින්ම ලංකාවට දැනුනි. කාලගුණ හා දේශගුණික කාරණාවලින් වන බලපෑම ලෝකයේ කිසිදු රටකට වැලැක්වීමට හෝ ඉතා හොඳින් පාලනය කිරීමට නොහැකිය මන්ද එවැනි සංසිද්ධි ඉදිරියේ කොතරම් කයිවාරු කටමැත දොඩවන මහා උසස් යැයි කියන ඊනියා මානවයා අඟුටුමිට්ටෙකු නොව ක්ෂුද්‍ර ජීවියෙකු තරම්වත් නොවන හෙයිනි.
එනිසා දැන්වත් පරිසරය සමග යුද නොවැදී ඒ සමග සංහිඳියාවෙන් වැඩ කිරීමට කවුරුත් සිතා ගත යුතුය. ස්වාභාවිකව ඇතිවන එම සංසිද්ධි භයංකර තත්වයකට පත් කර තිබෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසාමය. ලංකාවේ මේ දිනවල තත්වය එසේ තිබියදී ඊයේ ඇමරිකානු ගොන් ජනපති ට්‍රම්ප් පැරිස් සමුලුවෙන් ඇති කර ගත් සම්මුතින්ගෙන් ඉවත් වී ඇත්තේ ලෝකය තව තවත් අපායකට කැන්දා යෑමේ කොන්ත්‍රාත්තුව අත්සන් කරමිනි.
ඇත්තෙන්ම මා නම් පරිසර හා කාලගුණික ව්‍යසනයන්වලින් සිදුවන විපත්වලින් කම්පා වන්නේ අහිංසක සතුන් හා කුඩා ළමුන්ට ඇති වන දුක් කරදර දැකීමෙන් පමණි. අර කැබිනෙට්ටුවේ සාමූහික වගකීම මෙන්ම පාරිසරික දූෂනය සිදු කරන මුග්ධ ("නාකි") මානවයාගේ ජඩකම්වල වගකීම අප කවුරුත් බාර ගෙන වන්දි ගෙවිය යුතුය; එය දේපලවලින් පමණක් නොව, ජීවිතවලින් වුවද සිදු වුවත් යුක්ති සහගතය.
එම සටහන තබමින් මා මාධ්‍යයේ භාවිතාව ගැනයි මූලිකව ලියන්නට සිතුවේ. සිරස, හිරු, දෙරණ (අනෙක් චැනල් බැලෙන්නේ නැති තරම් නිසා ඒ ගැන යමක් කිව නොහැකිය) නාලිකා ජනසන්නිවේදන මාධ්‍යද සහනාධාර සේවා හෝ දේශපාලනික අධිකාරින්ද යන්න දැන් කලක සිට වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි තරමට අවුල්සහගතය. මනුසත් දෙරණ, ගම්මැද්ද ආදී ව්‍යාපාර කිරීමට මාධ්‍යයකට ඇති අවශ්‍යතාව හෝ අමුතු වගකීම කුමක්ද?
ඕනෑම කෙනෙකුට නීතිවිරෝධි හෝ සදාචාර විරෝධි නොවන ඕනෑම කටයුත්තක නියැලීමට අයිතියක් ඇතත් ආයතනයන්ට එවැනිම අයිතියක් ඇත්ද? එසේ ඇත්නම්, මහින්ද රාජපක්කයාගේ කාලයේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් බිලියන භාගයක සිල් රෙදි බෙදීමත් අනුමත කළ හැකිය. විමල් වීරවංශ පයිත්තියංගරස්ගේ අමාත්‍යංශයෙන් රුපියල් කෝටි ගණනක ලිත් අච්චු ගැසීමට අනුමත කළ හැකිය.
ඉස්සර සමාගම් ලියාපදිංචි කිරීමේදී memorandum of association නම් ලේඛනයක්ද ඉදිරිපත් කළ යුතු අතර, එහිදී නීතිමය පුද්ගලභාවය ලබා ගන්නට යන ආයතනය විසින් සිදු කරන ප්‍රමුඛ රාජකාරි, ද්විතියික, හා අවශේෂ රාජකාරි සටහන් කළ යුතුය. එහි අරමුණ වූයේ ආයතනය සතු වගකීම්වලට නීත්‍යානුකූලභාවයක් ලබා දී ඉන් බැහැර කටයුතු කිරීම වැලැක්වීම විය යුතුය. 2007 සමාගම් පනත අනුව එම ලේඛනය අවශ්‍ය නොවූවත් එම සංකල්පය තවමත් වලංගුය.
සිරස, හිරු, දෙරණ ආදී විද්‍යුත් ජනමාධ්‍ය නිරන්තරයෙන්ම විධායකයේ, ව්‍යස්ථාදායකයේ අනිසි ක්‍රියාකාරිත්වයන්, වගකීම් විරහිතවීම්, බලාතික්‍රමණ ආදිය ගැන විවේචනාත්මකව පුවත් වාර්තා කරයි. අධිකරණය නීතියේ අධිපත්‍යයට යටත් නොවන අවලම් වරප්‍රසාදයක් භුක්ති විඳින හෙයින් අධිකරණයේ තත්වයන් විවේචනය නොකිරීමට ඔවුන් වගබලා ගනී (නැතහොත් ඒ දෙකටම වඩා අධිකරණයේ තත්වය ජරාජීරණ වී ඇත). රාජ්‍ය ආයතන ගැනද එලෙස වාර්තා කරයි. එය ඉතාම හොඳ තත්වයකි. විමර්ෂනාත්මක හා ගවේශනාත්මක පුවත් වාර්තාකරණය නිර්භවයව අපක්ෂපාතීව සිදු කිරීම එම මාධ්‍යවල වගකීමයි. මාධ්‍යයකින් සිදුවිය යුතු අත්‍යන්ත වගකීම නිවැරදි අපක්ෂපාති පුවත් (තමන්ගේ මත හෝ තමන්ගේ දේශපාලනික ලැදියාවන්ගෙන් පුවත් විචාරය නොකර) වාර්තා කිරීමයි. එයත් ලංකාවේ (සහ පොදුවේ ලෝකයෙත්) හරිහැටි සිදු නොවේ (එවැනි මාධ්‍ය හැසිරීම අයිඩියල් එකකි). ඉබේම සමාජය මෙහෙයවීමක්ද මාධ්‍යයෙන් සිදු වේ. එතැනින් එහාට මාධ්‍යයට කළ මනා දෙයක් නැත.
දැන් සිවිල් සමාජයට සිදු වී තිබෙන්නේ ජනමාධ්‍යයේ අනිසි හැසිරීම ගැන වාද විවාද කිරීමටයි. උවදුරකට පත් වූවන්ට උදව් කිරීම මානුෂීය ගුණාංගයක් වුවද, රටක් නිසියාකාරව පවත්වාගෙන යෑමට සම්මුතින් හා කොන්දේසින් හා සීමාවන් හා බලාධිකාරක ව්‍යුහයන් පවතී. ලංකාව ද්‍රව්‍යමය වශයෙන් මෙන්ම මානසිකවත් ඉතාම දරිද්‍ර සමාජයකි. නිකං යමක් දෙනවා නම් ඕනෑම අවජාතකයෙකුට වැද කොන්ද නමා පෝලිමේ සිට ඒවා ලබා ගැනීමට හුරකර ඇති ජාතියකි. ඉතිං, මාධ්‍යයක් විසින් සීනි බෝල පැකට්ටුවක් දුන්නත් අකනිටා බඹ ලොවට යෑමට පිං දීමට වුවත් සූදානම් පිරිසකගේ වොයිස්කට් ලබා ගැනීම මහා ලොකු කජ්ජක් නොවේ. මාධ්‍ය මේ සිදු කරන්නේ ගනිකා ව්‍යාපාරයකි.
මාධ්‍යයේ මෙම අනිසි වගකීම් විරහිත හැසිරීම ඔවුන්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීමම අභාග්‍යයකි. ඔවුන්ගේ වාර්තාකරණයෙන් සිදු කළව යුත්තේ ආපදා තත්වයක පොදුවේ රටවැසියාටත් ආණ්ඩුවටත් වාර්තා කිරීමයි. සහනාධාර නිසියාකාරව බෙදී යනවාද නැද්ද කියා සොයා එය වාර්තා කිරීමයි. ආපාදා කළමණාකරණය ගැන ආපදාවට ලක්ව ඇති අවස්ථාවේදීම විද්‍යාත්මකව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරීමයි.
මේ කිසිවක් හරිහැටි සිදු නොකොට, තමන් දැන් හෙලිකොප්ටරයෙන් උඩින් ගොස් වාර්තා කරනවා යන්න මුන්ට හයිලයිට් කිරීමට තරම් මානසික දිළින්දන් සේ ක්‍රියා කරනු පෙනිනි. එය හරියට ඉතාම දුප්පත් ළමයෙකුට ෆුට් සයිකලයක් මොහොතකට පදින්නට ලැබුණහම දැනෙන සතුටක් මෙනි. තමන්ගේ වරුණය උජාරුව කීමට පුවත් කාලයෙන් භාගයක්ම වෙන් කෙරී තිබුණි. මිනිසුන් දෙන ද්‍රව්‍ය තමන්ගේ මහා ලොකු පුවරු අලවා බෙදා දුනි. මේවා මන්දමානසික තත්වයන්ය. කැමරාව ඉදිරියේ පෞරුෂයන් මවාපා ලොකු මීඩියා පර්සනැලිටීස් ලෙස දක්වන්නට වලිකෑවත් සැබෑ ජීවිතවල අනේක මානසික හා භෞතික ව්‍යාධින්ගෙන් පෙළෙන වුන් ටිකක් යැයි සිතුනු වාර ගණන අනන්තය. වටිනා ගුවන් කාලය නිකංම දර්ශන හා හිස් වචන ගොඩකින් පිරී ගියේය.
අවසානයේ ටීවී එක දෙක කට ඇරගෙන බලා සිටි කිසිවෙකුට ඉදිරියේදීවත් ආපදා අවම කිරීමට, ඊට මුහුන දීමට ලබා දුන් අධ්‍යාපනික දැනුමක් වටිනාකමක් නොවීය.
ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබුණි. දැන් බාලාංශයේ ළමයා දක්වා මුදල් ගෙවා ටියුෂන් යවා රජය එම වගකීමෙන් බැහැර කිරීමට අනියමින් පොළඹවමින් සිටී. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබුණි. හෙම්බිරිසාවටත් මුදල් ගෙවා පෞද්ගලික ක්ලිනික් එකෙන් බෙහෙත් ලබා ගෙන, රජය එම වගකීමෙන්ද ඉවත් කරවමින් සිටී. හදිසි ආපදා කළමණාකරණය හා සහන සැලසීම ලංකා රජයේ වගකීමකි. එහෙත් රජය එම වගකීමෙන්ද අප මුදා හරිමින් තිබේ. එතකොට ඇත්තටම රජයට තිබෙන ප්‍රමුඛතව වගකීම වන්නේ අවජාතක ඇමතියන්ට කෝටි ගණන්වල වාහන ලබා දීම වැනි වැදගත් රාජකාරි පමණි.
දත් දොස්තර කැබිනට් බොරු ප්‍රකාශක ගොබෙල්ස් න්‍යායාචාර්ය කයිවාරු කපිතාන් පරාජිත සුපුරුදු ලෙසම ලොඹු දත් ඉස්සරහට දාගෙන රජයේ නොහැකියාව සාධාරණීකරණයද කරනු පෙනින. ඇමරිකාවේ ආපාදාවන්ට මෙතරම් රජය සහය දක්වන්නේ නැතිලු. ආපදා කළමනාකරන ඒකකයේ ගොඩනැඟිල්ලේ බඩු ගබඩා කරගෙන සිටියොත් ආපදා ඇමති ඉන්නේ කොහිදැයි ඇසීය. උගේ ළාමක ටිං ටිං කතාවලට උත්තර දිය හැක්කේ උගේ වදාපු අම්මාවද මතක් කරමිනි. එතැනට යන්නට අවශ්‍ය නැති නිසා ඉන් එහාට දෙයක් ඒ ගැන නොලියමි. වෙස්ගත් හරකෙක් වුවත් උම්බෑ නොගා සිටියා නම් ඌ හරකෙක් බව අඩුම ගානේ අනිත් අයට නොදැනෙන්නට සිටීමට පළමුවෙන්ම ඌ උගත යුතුය. මේ වගේ දේශපාලු කබ්බන් ෆෝම් කර තිබෙන්නේද මාධ්‍ය විසින්මය.
සිරස ගැන රටේ මහජනයා මීට වඩා විචාරශීලි විය යුතුය. පලාත් සභාවට, පාර්ලිමේන්තුවට මන්ත්‍රින් පත් කර ගැනීම සිරසේ අනුග්‍රහය යටතේ සිදු වූයේ ඇයි? රනිල්ම කියනා පරිදි මහාරාජා රනිල්ගේ පක්ෂයෙන් අච්චර මන්ත්‍රී ආසන ගණනක් ඉල්ලා සිටියේ ඇයි? එය නොදුන් නිසා ගජමිතුරු රනිල්ව හතුරෙකු වීමට තරම් එම කාරණය වැදගත් වූයේ ඇයි? මධ්‍යම රජය හෝ පලාත්පාලන රාජ්‍ය දේශපාලනික ව්‍යුහයන් විසින් සිදු කළ යුතු තරමේ රාජකාරි ගම්මැද්ද හෝ වෙනත් ස්වරූපයකින් සිරස සිදු කරන්නේ ඇයි? සහේතුකව සිරසේ මෙවැනි ක්‍රියාකාරිත්වයන් ගැන විවේචනාත්මකව කතා කරන බුද්ධිමතුන්ට ප්‍රාමාණික දැනුමැත්තන්ට සිරස පිස්සු බල්ලෙකු සේ සපා කන්නේ (පුවත් මවා පාන්නේ) ඇයි? දෙරණේ හා හිරු හි දේශපාලනය ඕනම පොඩි එකෙකුට තේරෙන තරමේ ඕලාරික වුවත්, සිරසේ දේශපාලනය සියුම් ලෙස සිදු කරයි. මේ ගැන වහම ජාතික කතිකාවතක් අවශ්‍ය වේ.