තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි. ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්
අතිරේකය 1 - පරිගණක හැඳින්වීම කොම්පියුටරයක් යනු දැනට ලොව මිනිසා විසින් සාදා තිබෙන දියුණුතම මෙන්ම ඉතාම ප්‍රයෝජනවත්ම ඉලෙක්ට්‍රොනික උපකරණය බව විවාදයක් නැහැ . එය මූලික කොටස් 3 කින් සැදුම් ලද්දකි . එම කොටස් 3 නම් , දෘඩාංග (hardware) , මෘදුකාංග (software) , හා ජීවාංග (liveware/humanware) වේ . පරිගනකය වාහනයකට උපමා කළොත් , වාහනයේ රෝද , එන්ජිම ආදී අතින් ඇල්ලිය හැකි කොටස් හාඩ්වෙයාර් ලෙසද , වාහනයට යොදන ඉන්දන සොෆ්ට්වෙයාර් ලෙසද , වාහනය එලවන රියදුරා ලයිව්වෙයාර් ලෙසද සැලකිය හැකියි . සෑම යන්ත්‍රයකින්ම යම් නිශ්චිත රාජකාරියක් කරගත හැකියි . ඔබ දන්නා යන්ත්‍ර / උපකරණ කිහිපයක් ගැන සිතා බලන්න ; ඒ එක් එක් උපකරණයෙන් කරන රාජකාරිය කුමක්ද ? සමහර යන්ත්‍රවලින් රාජකාරි කිහිපයක්ම කරගත හැකියි නේද ? ඒ අනුව පරිගණකයක රාජකාරිය කුමක්ද ? ඊට ලැබෙන පිළිතුර නම් හරිම විශාල විය හැකියි මොකද ඉන් කරගත හැකි දේවල් සිතාගත නොහැකි තරම්ය . කුඩා ළමයාගේ සිට විද්‍යාඥයා දක්වා විවිධ තරාතිරමේ අය එය විවිධාකාරයේ ප්‍රයෝජන සඳහා යොදා ගන්නවා . කුඩා ළමුන් ගේම් ප්ලේ කරන්නටත් , ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනේරුවකු අතිසංකීර්ණ අයිසී ඩ