අවුටර් කොරෝනා ප්‍රදේශයේදී සූර්ය සුලං (solar wind) තිබේ ( එනම් මුලු සූර්යග්රහ මණ්ඩලයම සූර්ය සුලංවලට හසුවේ ). සූර්ය සුලං යනු සූර්යාගෙන් සෑම නිමේෂයකදීම දසත විහිදෙන ආරෝපිත අංශු ( ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන හා හීලියම් න්‍යෂ්ටි ) වේගයෙන් සූර්යාගෙන් ඉවතට යෑමයි ( එය හරියට සුලං හැමීමක් වගෙයි ). තත්පරයට කිලෝමීටර් 400 ක පමණ වේගයකින් එම අංශු ගමන් කරයි ( සූර්ය සුළඟේ වේගය ); තත්පරයට කිලෝමීටර් දහස ඉක්මවන වේගයක් වුවද අත්කර ගත හැකිය . මෙම අංශු සෙල්සියස් අංශක මිලියනයක් තරම් උෂ්ණත්වයක් සහිතයි . සූර්යා භ්‍රමණය වන ගමන් එලෙස අංශු විමෝචනය කරන නිසා එම අංශු පිටතට ගමන් කරන්නේ කරකැවීය ( සර්පිලාකාරයටයි ). පහත රූපයෙන් දක්වන්නේ සූර්යාගේ උත්තර ධ්‍රැවයට ඉහල සිට බලන විට සූර්ය සුළං ( එක රැල්ලක් ) දිස්වන ආකාරයයි . එම වේගයෙන් සූර්යා ආසන්නයේ සිට අංශුවලට පොලොවට ළඟා වීමට , 150,000,000/400 = තත්පර 375,000 ක් හෙවත් දවස් 4 ක් පමණ ( හෝ ඊටත් කලින් ) ගත වේ . මෙම සූර්ය සුළඟ නිසා සූර්යාගේ චුම්භක ක්ෂේත්රය තවත් ඈතට විහිදුවනවා . සමහර අවස්ථාවලදී සූර්යාගේ සිට අවුටර් කොරෝනා දක්වා ආරෝපිත අංශු පහසුවෙන් ගමන් කරවන මාර්ග ඇති වේ . ම...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026