Skip to main content

Posts

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 73

අවුටර් කොරෝනා ප්‍රදේශයේදී සූර්ය සුලං (solar wind) තිබේ ( එනම් මුලු සූර්යග්‍රහ මණ්ඩලයම සූර්ය සුලංවලට හසුවේ ). සූර්ය සුලං යනු සූර්යාගෙන් සෑම නිමේෂයකදීම දසත විහිදෙන ආරෝපිත අංශු ( ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන හා හීලියම් න්‍යෂ්ටි ) වේගයෙන් සූර්යාගෙන් ඉවතට යෑමයි ( එය හරියට සුලං හැමීමක් වගෙයි ). තත්පරයට කිලෝමීටර් 400 ක පමණ වේගයකින් එම අංශු ගමන් කරයි ( සූර්ය සුළඟේ වේගය ); තත්පරයට කිලෝමීටර් දහස ඉක්මවන වේගයක් වුවද අත්කර ගත හැකිය . මෙම අංශු සෙල්සියස් අංශක මිලියනයක් තරම් උෂ්ණත්වයක් සහිතයි . සූර්යා භ්‍රමණය වන ගමන් එලෙස අංශු විමෝචනය කරන නිසා එම අංශු පිටතට ගමන් කරන්නේ කරකැවීය ( සර්පිලාකාරයටයි ). පහත රූපයෙන් දක්වන්නේ සූර්යාගේ උත්තර ධ්‍රැවයට ඉහල සිට බලන විට සූර්ය සුළං ( එක රැල්ලක් ) දිස්වන ආකාරයයි . එම වේගයෙන් සූර්යා ආසන්නයේ සිට අංශුවලට පොලොවට ළඟා වීමට , 150,000,000/400 = තත්පර 375,000 ක් හෙවත් දවස් 4 ක් පමණ ( හෝ ඊටත් කලින් ) ගත වේ . මෙම සූර්ය සුළඟ නිසා සූර්යාගේ චුම්භක ක්ෂේත්‍රය තවත් ඈතට විහිදුවනවා . සමහර අවස්ථාවලදී සූර්යාගේ සිට අවුටර් කොරෝනා දක්වා ආරෝපිත අංශු පහසුවෙන් ගමන් කරවන මාර්ග ඇති වේ . ම...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 72

රේඩියෝ සන්නිවේදනයට සූර්යාගේ බලපෑම රේඩියෝ තරංගවල අයනගෝලයේ විවිධ ස්ථරවලින් ඇති වන බලපෑම ඉහතදී අප සලකා බැලුවා . එම සියලු බලපෑම්වලට හේතුව සූර්යාය . ඇත්තටම රේඩියෝ තරංගවලට පමණක් නොව , පෘථිවිය මත සෑම දේටම හේතුව සූර්යාය . සූර්යාගෙන් ලැබෙන ආලෝකය හා තාපය නිසා ඒ සියල්ල සිදු වේ . ශාක හා සත්වයන් හට ගත්තේද ඉදිරියටත් පවතින්නේද සූර්යා නිසාය . සූර්යා එසේ වුවත් , සූර්යා යනු සෑම තත්පරයකදීම ගතිගුණ වෙනස්වන පෘථිවියට ආසන්නතම තරුවයි ( තරුවක් යනු තම ජීවිත කාලයේ යම් වකවානුවක න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා මඟින් තමන්ගේම ශක්තිය නිපදවන ආකාශ වස්තුවකි ). වර්ෂ 1600 වන තුරුත් මිනිසා දැනන් සිටියේ නැහැ සූර්යා තරුවක් බව . සූර්යා ගැන තවමත් විද්‍යාඥයන් දන්න දේට වඩා තිබෙන්නේ නොදන්නා දේය . මීට හේතුව සූර්යාට ළං වීමට හා එහි අභ්‍යන්තරය ඉතා ගැඹුරින් සොයා බැලීමට තවමත් තාක්ෂණය දියුණු නැති වීමයි . කෙසේ වෙතත් දන්නා දේද සුලුපටු නැත . මේ අතරින් ඍජුවම රේඩියෝ තරංගවලට බලපෑම් කරන දැනට සොයාගෙන තිබෙන සූර්ය සාධක ගැන බලමු . ඊට පළමුව කෙටියෙන් සූර්යා ගැන විස්තර ටිකක් බලමු . සූර්යා (the Sun) යනු මධ්‍යම ප්‍රමාණයේ තරුවකි ( මීට වඩා ක...

නීතිය, වෛශ්‍යා වෘත්තිය, හා පයිත්තියංගරස්

නීතිය හා වෛශ්‍යා වෘත්තිය යන වචන දෙක ගැන කියැවෙන කොට එකවරම මේ දෙකෙහි තිබෙන පොදු ලක්ෂණය ලෙස මතක් වෙන්නේ මානවයා සතු පැරණිතම "වෘත්තින්" දෙක මේ බවයි. මේ ඊයෙ පෙරේදා බාර් ඇසෝසියේෂන් එකේ අභිනව සභාපති උදය සිල්වාගේ පදවි ප්‍රාප්ති උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අගමැත්තාද මේ බව ප්‍රහර්ෂණාත්මකව ඉඟි කළේය. ලංකාවේ අද නීතිය ක්‍රියාත්මක වන හැටි දැක්කහම මට නම් සිතෙන්නේ දැන් කාලයක සිට එම වචන දෙකෙන් වෘත්තින් දෙකක් නොව එක වෘත්තියක් ගැන කියැවෙන බවයි. නීතිය සාදන ඊනියා ව්‍යවස්ථාදායකයත්, එම නීති වනචාරි විධායකය විසින් බලාත්මක කරන විට සිදුවන තත්වයන් සාධාරණ අයුරින් සිදුවීම තහවුරු කිරීමට සිටින ඊනියා අධිකරණයත් යන දෙකම ගනිකා මඩම් හා සමාන තත්වයන් මෑත ඉතිහාසය පුරාව අපට නැවත නැවත පෙන්වා දේ. මුන් දෙගොල්ලන්ම වනචර විධායකය සන්තර්පණය කරයි. මොහාන් පීරිස් සිටියේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙස නම් (නිල වාර්තාවල/මහාවංශයේ ඌ එවැනි නිලයක් දැරුවේද නැද්ද යන්න කෙසේ තිබේදැයි සොයා බැලිය යුතුය), උගේ අමන ක්‍රියාකලාපයන් අධිකරණයේ දෝෂ නොවේද? ගැහැනුන්නට බලහත්කාරකම් කරපු ආබෲ සිටියේද ශ්‍රේෂ්ඨාධිකරණයේය. මහින්දට හා ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 71

දැන් අපි බලමු අයනගෝලය රේඩියෝ තරංගවලට කෙසේ බලපානවාද කියා . මීට පෙරත් පැවසූ ලෙසම සංඛ්‍යාතය අඩු වන විටත් , සංඛ්‍යාතය වැඩිවන විටත් වායුගෝලයෙන් අපට අමතර වාසියක් නැහැ . දළ වශයෙන් HF කලාපයේ සංඛ්‍යාතවලටයි වායුගෝලයෙන් වාසි ලැබෙන්නේ . ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වෙනස්කම හා එක් එක් ස්ථරවලදී අයණීකරණය වන පරමාණුවල විවිධත්වය ආදී කරුණු නිසා , මෙම එක් එක් ස්ථර විවිධ රේඩියෝ සංඛ්‍යාතයන්ට වෙනස් වෙනස් බලපෑම් ඇති කරනවා ( එනම් සියලු ස්ථරවල ක්‍රියාකාරිත්වය එක සමාන නැත ). අයනගෝලය තුල සෑම දෙයක්ම තීරණය කරන්නේ “අයන” විසිනි . පහත දැක්වෙන්නේ සූර්යාගේ බලපෑම අයනගෝලයට බලපාන අයුරු කැටිකොට දක්වන රූපයකි . D ස්ථරයේ විශේෂත්වය වන්නේ MF කලාපයේ සිට අඩු සංඛ්‍යාතයන්ගෙන් යුතු රේඩියෝ තරංග අවශෝෂණය කර ගැනීමයි . අයනගෝලය සම්බන්ද පොදුවේ මීට පෙර දැක්වූ කාරණා 4 අනුව මෙහි ක්‍රියාකාරිත්වය සිතා ගන්න . එනම් , සූර්යා මුදුන්වී තිබෙන වෙලාවලදී D ස්ථරය උපරිම ක්‍රියාකාරිත්වයට පත් වන නිසා එම වෙලාවලදී පහල සංඛ්‍යාත තරංග අවශෝෂණයද උපරිම වේ . එහෙත් රාත්‍රී වන විට ක්‍රමයෙන් ස්ථරය අක්‍රිය වෙමින් යන විට අවශෝෂණයද ක්‍රමයෙන් අවම වෙමින් යයි . එනම් රාත්‍රී කාලය...