සන්නිවේදන ය ගැන පොදු කරුණු මෙතෙක් අප සන්නිවේදන ක්‍රමවේදයන්හි විකාශයත් , විවිධ සන්නිවේදන පද්ධති ගැනත් කෙටියෙන් හෝ හැඳින ගත්තා . මේ සියලු සන්නිවේදන ක්‍රමවේද සලකා බැලූ විට , පෙනෙන මූලික හා පොදු කරුණු ගණනාවක් තිබෙනවා . යම් සන්නිවේදන කාර්යක් සමස්ථයක් ලෙස ගත් විට , එම කාර්යට සම්බන්ද පාර්ශව / දේවල් කිහිපයක් තිබෙනවා . මේවා සන්නිවේදනයේ මූලිකාංග (elements of communication) ලෙස හඳුන්වනවා . පනිවුඩය යවන හෙවත් සන්නිවේදනය ආරම්භ කරන කෙනෙක් ( source/sender/transmitter ) සිටී ; එම පනිවුඩය ලබන කෙනෙකු ( receiver ) සිටී ; පනිවුඩයක් ( message ) තිබේ ; එම පනිවුඩය යවන කෙනා සිට ලබන කෙනා දක්වා සන්නිවේදන මාධ්‍යයක් ( transmission medium/ channel ) තිබේ . තවද , මෙම සම්ප්‍රේෂන මාධ්‍යය දිගේ පනිවුඩය ගලා යන විට , ඊට අනවශ්‍ය ඝෝෂා ( noise ) හා බාධා කිරීම් ( interference ) ඇති වේ . අවශ්‍යතාවේ හැටියට ඉහත කොටස් 5 ට අමතරව තවත් කොටස් කිහිපයක් ඇතුලත් කර ගත හැකියි . මෙහිදී වැදගත්ම දේ පනිවුඩයයි . පනිවුඩයක් ( සන්නිවේදනය කරන්නට දෙයක් ) නැතිනම් සන්නිවේදනයකුත් නැහැනෙ . එය ඔබේ සිතේ ඇති වන සිතුවිල්ලක් වචනයට රඟදැක්වීමක් බ...