මේ වන විට අනුකලනය (integration) කිරීමේ උපක්‍රම තුනක් අප සලකා බැලුවා . මීට අමතරව තවත් උපක්‍රම ගණනාවක්ම තිබෙනවා . මේ සෑම උපක්‍රමයකින්ම සිදු කරන්නේ දී ඇති සංකීර්ණ අනුකල ප්‍රකාශය පහසුවෙන් අනුකලනය කළ හැකි තත්වයකට පත් කිරීමයි . සමහරවිට එකම අනුකල ප්‍රකාශය විසඳීමට ක්‍රම කිහිපයක් වුවත් යෙදිය හැකියි . තවද , ඉන් සමහර ක්‍රම පහසු වන අතර , සමහර ක්‍රම ඉතා අපහසු වීමටද හැකියි . දී ඇති අනුකල ප්‍රකාශයට ඍජුවම යෙදිය හැකි අනුකල සාම්‍යයක් නොමැති විට , හා බැලූ බැල්මට ඔබ දන්නා වෙනත් උපක්‍රමයක් එකවර යෙදිය නොහැකි යැයි පෙනෙන විට , එම ප්‍රකාශය හැකි පමණ වීජීය වශයෙන් සරල කිරීමට උත්සහ දරන්න . ත්‍රිකෝණමිතික අනුපාත ඇති විට බොහෝ අවස්ථාවලදී මෙය කළ හැකියි . ත්‍රිකෝණමිතික අනුපාත යම් බලයකට නංවා ඇති විට , ඒවා පහසුවෙන්ම බලයකට නංවා නැති ස්වරූපයට පත් කළ හැකියි . ඒ සඳහා ත්‍රිකෝණමිතික පෛතගරස් සාම්‍යයන් හා වෙනත් සාම්‍යයන් යොදාගත හැකියි . උදාහරණයක් ලෙස , ∫ sin 2 (x) dx යන ප්‍රකාශයේ සයින් අනුපාතය තිබෙන්නේ වර්ග පදයක් ලෙසයි . ඉතිං මෙම වර්ගපදය වෙනුවට නිකංම ත්‍රිකෝණමිතික අනුපාතයක් ලබා ගත හැකි නම් , එය පහසුවෙන් අනුකලනය හැකි වෙනවා ....
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025