Skip to main content

අව් කන්නාඩියක් (sunglass) තෝර ගන්නා හැටි

මෑතකදී මා මිල දී ගත් අව් කන්නාඩියේ ප්‍රමිතිය ගැන මට ගැටලුවක් ඇති විය. දැන් මා එම ගැටලුව මුලු මනින්ම විසඳා ගත් අතර, එහි ඇති වැදගත්කම නිසා ඒ ගැන කෙටි ලිපියක් ලියන්නට සිතුනා.

සමහර අය සිතන්නේ අව් කන්නාඩි පලදින්නේ සෝබනේට බවයි. ඔව්, සෝබනේටත් එය පැලදිය හැකි අතර මා සිතන්නේ ලංකාවේ බොහෝ අය එය පලදින්නේ ඇත්තටම සෝබනේට තමයි මොකද ඔවුන් මිල දී ගන්නා අව් කන්නාඩියේ තිබිය යුතු වැදගත් අංග මොනවාද යන්න ගැන අවබෝධයක් නැති අතර, හුදෙක්ම එහි හැඩය ගැන පමනයි සලකන්නේ.

පලමුව කිව යුත්තේ ප්‍රමිතිගත අව්කන්නාඩි පැලදීම ඇත්තටම ඉතාම හොඳ සෞඛ්‍යසම්පන්න පුරුද්දක් බව. ඊට හේතු කිහිපයක් තිබේ.

එලිමහනේ යද්දී හෝ සිටිද්දී අපේ ඇසට සාමාන්‍ය ආලෝකයට පමනක් නොව පාරජම්බූල කිරන (ultraviolet rays - UV rays) පවා ඇතුලු වේ. පාරජම්බූල කිරන යනු ඇසට පමනක් නොව, බොහෝ දේවලට අහිතකර කිරණ විශේෂයකි (හරියට එක්ස්රේ වගේ දරුනුයි යැයි සිතන්න). ඉතිං, එක්ස් කිරණ මෙන්ම පාරජම්බූල කිරණද අපේ ඇසට කොතරම් ඇතුලු වුවත් අපට එය තේරෙන්නේ නැත (ඇස සංවේදී නැත). ඉතිං, පාරජම්බූල කිරණ ඇසට ඇතුලු වූ විට ඇසේ සුද මතු වේ. අද එය සුලභ රෝගයකි (බොහෝ අය කාච දමන්නේ එම රෝගය නිසාය). 

ඉතිං, අප එලිමහනේ සිටින විට මෙම යූවී කිරණ වලක්වන ඇස්කන්නාඩියක් පලදින්නේ නම්, ඇස ඉන් ආරක්ෂා වේ. එවැනි කන්නාඩි ගන්නා විට, uv protection, uv protected, uv resistant, UV400 වැනි කෙටි යෙදුමක් කන්නාඩියේ විස්තරය තුල තිබිය යුතුය.

එලිමහනේ සිටින විට, විශේෂයෙන් වාහනයනක් එලවාගෙන යන විට ඇති වන තවත් කරදරකාරි තත්වයක් වන්නේ ඉදිරිපස වාහනවලින් පරාවර්තනය වී එන ආලෝකය සැර වැඩි වීමයි. එවිට අපට ඇස් පුංචි කර බැලීමට සිදු වේ. එම තත්වය හරිහැරයකි. සමහරවිට, අහස බලන විට, වලාකුලු දකින විට, ජලාශයක් දෙස බලන විටත්, එම ඉතා අපහසු තත්වයට මුහුන දීමට සිදු වේ. ඇස්වලින් කඳුලු පවා එන අවස්ථා තිබේ. එය අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත මොකද අප සැමටම එම තත්වය නිතර අත් විඳින්නට සිදුව තිබේ.

ඉතිං, එම හිරිහැරයටත් විසඳුම සන්ග්ලාස් පැලඳීමයි. සන්ග්ලාස්වල වීදුරු කලු හෝ තද අඳුරු පැහැයෙන් යුක්ත වන්නේ එම නිසාය. එයත් දැඩි ආලෝකය වැලක්වීමට හොඳ උපක්‍රමයක් තමයි. ඊටත් වඩා හොඳ උපක්‍රමයක් වන්නේ ධ්‍රවීකරණය කරපු (polarized) අව්කන්නාඩියක් ගැනීමයි. එවැනි අව්කන්නාඩිවල විස්තරය තුල polarized හෝ polarization වැනි වචනයක් තිබේ.

පොලරයිසේෂන් යන්න ලස්සන විද්‍යාත්මක සංසිද්ධියක් වන අතර, එය විස්තර කිරීමට ගියොත් බොහෝ දෑ ලීමට සිදු වන බැවින් ඒ ගැන විස්තර නොකර සිටිමි. එහෙත් පෙනෙන දර්ශනයේ කොලිටිය අඩු නොකර නමුත් ඇසට දරා ගත නොහැකි තරම් දිලිසෙන ගතිය නැති කර දැමීමට එය සමත් බව මතක තබා ගන්න.

ඉතිං, ඔබ මිල දී ගන්නා අව්කන්නාඩිය ඉහත කියූ යූවී ප්‍රොටෙක්ෂන් හා පොලරයිසේෂන් යන ගුනාංග දෙකම පවතින එකක් බවට ඔබ අනිවාර්යෙන්ම වග බලා ගත යුතුයි. 

ඒ දෙක නොමැති අව්කන්නාඩි පැලදීම අනිවාර්යෙන්ම නතර කල යුතුයි මොකද ඉන් ඔබේ ඇස් පොට්ට විය හැකියි. එය බොරුවක් නොවේ. ඊට හේතුව මේකයි. 

ඔබ කිසිදු කන්නාඩියක් පලදින්නේ නැතිව ආලෝකය දෙස බලන විට, එම ආලෝකයේ සැර වැඩි නම් ඔබ ඇස් පුංචි කර ගන්නවා. එවිට, ඇස තුලට ඇතුලු වන ආලෝක ප්‍රමානය අඩු වෙනවා. ආලෝකය සැර වැඩියි කියන්නේ ඇසට පෙනෙන සාමාන්‍ය ආලෝකය (අපි ඊට "සුදු ආලෝකය" කියා සාමාන්‍යයෙන් පවසනවා) පමනක් නොව පාරජම්බූල කිරණත් එහි වැඩිපුර තිබෙන බව සිහිතබා ගන්න. ඉතිං, ඔබ ඇස පුංචි කරන විට, ඇසට ඇතුලුවන අහිතකර කිරණත් ඇස තුලට ඇතුලු වීම අවම වේ. එමගින් යම් ආරක්ෂාවක් ඇසට ලැබේ.

එහෙත් අහිතකරන කිරන වලක්වන්නේ නැති කන්නාඩියක් නම් පැලද සිටින්නේ තත්වය නරක ඇතට හැරේ. ඇයි? ඔබේ එම කලු කන්නාඩිය විසින් සුදු ආලෝකය බොහෝ කපා දමයි. එවිට ඔබගේ ඇසට සුදු ආලෝකය ඇතුලු වන්නේ අඩුවෙන්. එනිසා ඔබට සැරක් නොදැනෙන නිසා ඇස පුංචි කර ගන්නේ නැත. ඔබට සහනයක් දැනේ. එසේ වුවත්, කන්නාඩියෙන් අහිතකර කිරණ එලෙස දැන් කපා දමන්නේ නැත. ඒ කියන්නේ ඔබ ඇස් පුංචි නොකරගෙන සිටින නිසා අහිතකර කිරන ඇස තුලට හොදට ඇතුලු වී ඇසට හානි සිද්ද කරයි. ඇස් නරක් වී යන තුරු ඔබට එය තේරෙන්නේද නැත.

එනිසා, කිසිදුවිටක ප්‍රමිතියට නැති අව්කන්නාඩි පලදින්න එපා ඇස් ඔබට වැදගත් නම්.

ඔබේ මුහුනට ගැලපෙන රාමුවක් හා හැඩයක් සහිතව අර කියූ ගුනාංග දෙක අනිවාර්යෙන්ම ඇති සන්ග්ලාස් දෙකක් ගන්න. ඉස්සර නම්, එවැනි කන්නාඩි රුපියල්ද දහස් ගනන් මිල විය. එහෙත් දැන් රුපියල් හය හත් සියටද එවැනි ඉතා ඉහල කොලිටිය සහිත අව්කන්නාඩි තිබේ. මා මිල දී ගත් කන්නාඩියද රුපියල් 700ක් පමන විය. බොරුවට සෝබනේට ලොකු ලොකු බ්‍රෑන්ඩ් පස්සේ යන්න එපා.

මෙච්චර ලාබ නිසා මටත් සැකයක් ඇති වුනා ඇත්තටම ඒ කියන ගතිගුන මං ගත් කන්නාඩි කුට්ටමේ තියෙනවාද කියා. ඉතිං මා එය චෙක් කර බැලුවා.

පොලරයිසේෂන් තිබේද යන්න සොයා බැලීම නම් හරිම පහසුයි. පරිගනක තිරයක් ඉදිරියෙන් කන්නාඩිය තබා ගෙන හෙමින් කන්නාඩිය කරකවාගෙන යන්න. එවිට කන්නාඩිය තුලින් තිරය බලා ගෙන සිටින විට, එම තිරය සෙමින් අඳුරු වී තිරය කලු වී යනවා නම්, එම කන්නාඩියේ පොලරයිසේෂන් තිබේ. පරිගනක තිරය LCD විය යුතුයි (ඊට තාක්ෂණික හේතුවක් තිබෙන අතර, මා එය විස්තර කරන්නට යන්නේ නැත). පහත වීඩියෝව බලන්න.


යූවී ප්‍රොටෙක්ෂන් තිබේද යන්න සොයා බැලීමට යූවී ආලෝකය නිකුත් කරන ලේසර් හෝ එල්ඊඩී බල්බයක් හෝ වෙනත් යූවී බල්බයක් තිබිය යුතුය. කන්නාඩියට එම ආලෝකය එල්ල කර, සුදු කොලයක් මතුපිටට එම ආලෝකය වට්ටා බලන්න. කන්නාඩියෙන් යූවී කිරන ෆිල්ටර් වෙනවා නම්, සුදු කොලය මතට වැටෙන දම් පාට ආලෝක ලපය ඉතා අඩු දීප්තියකින් යුක්ත වේ. පහත වීඩියෝව බලන්න.






Comments

  1. වටිනා ලිපියක්.....

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල...

ශ්‍රී ලංකා ජාතික ගීය හා කොඩිය (National Anthem and Flag of Sri Lanka)

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ දිගට පලල අනුපාතය හා වර්ණ පිලිවිතර පහත ආකාරයට තිබිය යුතුය. (The heigh to width aspect ratio and color specification of the National Flag (the Lion Flag) of Sri Lanka are as follows:) Height to Width Ratio – 1:2 Number of Colors – 4 (Golden Yellow, Green, Orange, Maroon) Color Specification – Golden Yellow                               hex: #FFBE29                               CMYK:   0, 0.254, 0.839, 0                                RGB: (255, 190, 41)           ...

ත්‍රිකෝණමිතිය (trigonometry) - 1

හැඳින්වීම ත්‍රිකෝණමිතිය (trigonometry) යනු ගණිතයේ තිබෙන ඉතාම වැදගත් හා ප්‍රයෝජනවත් කොටසකි . මූලිකවම ත්‍රිකෝණයක් ආශ්‍රයෙන් මෙම ගණිත කර්ම හා සිද්ධාන්ත ගොඩනඟා ඇති නිසයි මෙම නම ඊට ලැබී තිබෙන්නේ (" ත්‍රිකෝණ ආශ්‍රිත මැනීම " යන තේරුම එහි ඇත ). එනිසා පළමුව ත්‍රිකෝණ ගැන කෙටියෙන් සලකා බලමු . ත්‍රිකෝණයක් (triangle) යනු කෝණ තුනක් සහිත සංවෘත ජ්‍යාමිතික රූපයකි . කෝණ ගණනට සමාන පාද ගණනක්ද තිබෙන බැවින් ත්‍රිකෝණයක පාද 3 ක්ද ඇත . ජ්‍යාමිතියේදී සරලතම ( එනම් අඩුම පාද ගණනකින් ඇඳිය හැකි ) සංවෘත තල රූපය වන්නේද ත්‍රිකෝණයයි . ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව අංශක 180 කි . ඕනෑම ත්‍රිකෝණයක එක් අභ්‍යන්තර කෝණයක් තෝරා ගන්න . එම කෝණය සෑදීමට පාද දෙකක් අවශ්‍ය කෙරෙනවා ( කෝණයක් සෑදීමට සරල රේඛා දෙකක් අවශ්‍ය කරනවානෙ ). මෙම පාද බද්ධ පාද (adjacent sides) ලෙස හැඳින්වේ . ත්‍රිකෝණයක පාද 3 න් දෙකක් මේ අනුව බද්ධ පාද ලෙස සලකන විට , ඉතිරි පාදය ( එනම් අදාල කෝණය සෑදීමට හවුල් නොවූ පාදය ) සම්මුඛ පාදය (opposite side) ලෙස හැඳින්වෙනවා . සලකා බලනු ලබන කෝණයට මුහුනලා හෙවත් සම්මුඛව එය පාදය තිබෙන න...