Skip to main content

පට්ට ගවේසි

කුනු හරුප ගීත හා ශෘංගාරාත්මක කලා නිර්මාන අතර වෙනස ගැන ලියන්න කියල ගත්තට ලියලත් වැඩක් නැහැ වගේ හිතෙනවා.  ජාතියේ හැම පැතිකඩක්ම කඩා වැටෙද්දි, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලුවන් විවිධ ක්‍රම ඔස්සේ රට දූෂ්‍ය කරද්දි එක එක පක්ෂවලට තාමත් හුරේ දමන මරි මෝඩ ජනතාවට කුනුහරුප සිංදු හැර ප්‍රබුද්ධ හෝ සරල රස වින්දන සිංදු දැනේවිද! තම මෑනි, මනුස්සයා යුද්ධ කරද්දි, තමන්ව අවජාතන කල දුකට ශිෂ්නයේ සයිස් එක ගැන සිංදු කීමට දෛර්ය ගත් යොහානිට පට්ට (ග)වේසි නිල නාමය ලබා දුන්නත් අපේ නම් කිසි මෙව්ව එකක් නැක. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ලංකාවේ දේශපාළුව

වර්තමානය වන විට, සෑම රටකටම පාහේ එම රටේ මූලික බල ව්‍යුහය හා රටේ ස්වභාවය නිශ්චිත කරන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය රටක මූලික නීතිය ලෙසද සැලකෙනවා. රට තුල ඇති අනෙක් සියලුම නීති රීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය (නීතියේ ආධිපත්‍යය යනු සියල්ලන්ම නීතියට යටත් බවයි) හොඳින් තිබෙන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට දේව වාක්‍ය සේ ගරුත්වයක් සහිතව පිලිගැනීමට ලක් කෙරේ. කලින් කලට එය සංශෝධනයද කළ හැකිය. දැනට ශ්‍රී ලංකාවේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ 1978දී පමන ජේ.ආර්. ජයවර්ධන ජනපති මූලිකත්වයෙන් ගෙන ආ ව්‍යවස්ථාව වන අතර, මේ වන විට 19 වතාවක් එය සංශෝධනය කෙරී ඇත. සියලු සංශෝධන සහිත සිංහල බසින් සකසා ඇති ව්‍යවස්ථාව අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි.

මෙම ලිපිය ලිවීමේ මූලික කාරණය වූයේ ජනපති විසින් ආණ්ඩුව විසුරුවනවා යැයි පැතිරී යන ආරංචිය නිසාය. ඇත්තටම ජනපතිට එවැනි බලතලයක් ඇත්ද? ඊටත් කලින් විමසිය යුත්තේ ජනපතිට අගමැතිව ඉවත් කළ හැකිද යන්නයි. මේ ගැන විවිධ මතවාද ඇත. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්බන්දව යම් ගැටලුකාරී ස්වභාවයක් සමහරවිට ඇති විය හැකි අතර, එවැනි අවස්ථාවලදී ඊට නිශ්චිත විසඳුම් දිය හැකි එකම බල අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයයි (එයද එසේ පනවා තිබෙන්නේ ව්‍යවස්ථාව විසින්මයි). එහෙත් නීතිය ගැන දන්නා සෑම කෙනාටම ඒ ගැන උගත් මතයක් දැරීමට ශුද්ධ වූ අයිතියක් ඇත.

දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, "ජාතික ආණ්ඩුවක්" තිබී, ඉන් ප්‍රධාන පාර්ශ්වයක් ඉවත්ව යන විට ඉබේම එම "ජාතික ආණ්ඩුව" අහෝසි වීම හේතුවෙන් ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලය විසිරී යයි. ව්‍යවස්ථාවේම 46(2) ප්‍රතිපාදනයේ තිබෙන්නේ අගමැති පවතින්නේ අමාත්‍ය  මණ්ඩලය තිබෙන තාක් කල් නිසා, ඉබේම සිටි අගමැතිද ඉවත් වේ. එය ඉතා පැහැදිලිය. එවිට එම හිස් වූ අගමැති ධූරයට නව අගමැතිවරයෙකු පත් කර ගත යුතුය. ගැටලුව ඇති වන්නේ මෙතැනය.

ජාතික ආණ්ඩුව යන්න නිශ්චිත නැති නිසා එම අවිනිශ්චිතතාවේ වාසිය ජනපති විසින් භාවිතා කර තිබේ. එයද රනිල්ට සිදු වූ දෛවයේ සරදමකි මොකද ආණ්ඩු කර ගෙන යෑමේදී එක එක දේශපාලුවන්ට දොල පිදේනි දෙමින් වංක ලෙසත් නිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද අනුගමනය නොකරමින් ජාතික ආණ්ඩු යන්නට නිශ්චිත අර්ථකථනයක් ලබා ගැනීමට කටයුතු නොකළේය. ඇත්තටම ලංකාවේ ජාතික ආණ්ඩුවක් තිබ්බේම නැත. ඇමති ධූර ගණන වැඩි කර ගැනීමට එය පලිහක් කර ගත්තා පමණි. එය නිශ්චිත වූයේ නම්, ශ්‍රීලනිපයේ සුලු පිරිස නිල වශයෙන් (ජාතික) ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව කඩා නොවැටේ. එවිට අමාත්‍ය මණ්ඩලය අහෝසී නොවී අගමැතිද අහෝසි නොවන්නට ඉඩ තිබේ. අන්තිමට අපට කොකා පෙන්වන්නට ගිහින් උන්ම කෙලව ගෙන ඇත.

අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනපති විසිනි. එහෙත් ඔහුට එම පත් කිරීමේ හැකියාව කොන්දේසියකට යටත් කර ඇත. එනම්, පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය ලබා ගන්නා පුද්ගලයා අහවලා යැයි ජනපතිට හැඟෙන්නේ නම්, අන්න එම පුද්ගලයාව ජනපති විසින් අගමැති බවට පත් කළ යුත්තේය. මෙම ප්‍රතිපාදනය තමයි විවිධ අය විවිධ විදියට තර්ක විතර්ක කරන්නේ. මගේ මතය මෙයයි.

පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් තිබෙනවා යනු හරි පැහැදිලිව එක් එක් මන්ත්‍රීගේ කැමැත්ත වේ. ඒ කියන්නේ උපරිම විශ්වාසය යනු පාර්ලිමේන්තුව තුල මන්ත්‍රින්ගේ ඔළු ගෙඩි ගණන වේ. එවිට ප්‍රශ්නය වන්නේ ඔලුගෙඩි කීයක් කැමති වීමට අවශ්‍යද යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව, එහි සරල බහුතරයද, විශේෂ බහුතරයද යන්නක් සඳහන් කර නැති නිසා විශේෂ බහුතරය (එනම් තුනෙන් දෙකක බහුතරය) යන සංකල්පය ඉබේම අහෝසි වේ. එවිට පාර්ලිමේන්තුවේ 225ක මන්ත්‍රින් ගණනක් සිටින නිසා ඉන් අඩක් වන 113ක් පක්ෂ නම් එය සරල බහුතරය වේ. මේ අනුව, 113ක් අහවලාව අගමැති ලෙස පත් කිරීමට කැමැති යැයි ඡන්දය පළ කළොත් එය ජනපති විසින් "පාර්ලිමේන්තුව තුල උපරිම විශ්වාසය" ලෙස සැලකීමට බැඳී සිටිය යුතු බව පැහැදිලිය.

තවත් කෙනෙකු මෙසේද තර්ක කරයි. එනම්, අගමැති කවුරුදැයි පාර්ලිමේන්තුව තුල ඡන්දයක් විමසන විට, කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම්, ඉන් වැඩි ඡන්ද ගණනක් ගැනීමද බහුතරය වේ කියා ඔවුන් කියනවා. එයද පිලිගත හැකි තත්වයකි. ඒ අනුව රනිල්ට ඡන්ද 100කුත්, මහින්දට ඡන්ද 101 කුත් ලැබෙන්නේ නම්, එවිට මහින්දට බහුතරය තිබේ යැයි පිලිගැනීමට සිදු වේ. එහෙත් ඉහත ව්‍යවස්ථාව තුල බහුතරය (එනම්, උපරිම විශ්වාසය) යන්න නිශ්චිත නැති නම්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය විවරණය කර ගත හැකියි. එහෙත් කිසිවෙකු එය කරන බවක් නොපෙනේ.

42(4) වගන්තිය මෙසේය, "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරලු ලැබිය යුත්තේ ය."

එම වගන්තිය අනුව කෙනෙකු තර්ක කරන්නේ අගමැති පත් කිරීමේ අභිමතය (නීතියේදී අභිමතය යනු තමන්ට කැමති දෙයක් කළ හැකිය යන්නයි) ජනපති සතු බවයි. ඊට හේතුව "ජනාධිපතිවරයාගේ මතය අනුව" යනුවෙන් කොටසක් එහි තිබීමයි. ඇත්තටම එම වාක්‍ය අපභ්‍රංසයකි. එය හරියට "මගේ පෙම්වතිය උසයි කොටයි" කියන්නා සේය. යම් කෙනෙකු එකවර උස හා කොට යන එකිනෙකට පරස්පර පද දෙකින් විස්තර කළ නොහැකිය. එසේම, 42(4) වගන්තිය තුල උපරිම විශ්වාසය ලබා ගන්නා කෙනා අගමැති විය යුතුය යන නිශ්චිත තාර්කික අදහස තිබෙන අතරම, ජනපතිගේ මතය අනුව යනුවෙන් තවත් රෙද්දක් දමා ඇත. මේවා ලියපු මහා නීති ඔස්තාර්ලාගේ දෙමාපියන් මෙහිදී සිහි කිරීම වටී.

මෙහිදීත් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය අර්ථ නිරූපණය කර ගත යුතුය. එහෙත් බැලූබැල්ම එතැන වඩා සීමාකාරී නිශ්චිත අදහස ලබා ගත යුතුය යන්න මගේ හැඟීමයි. තවද, එම නීතිය සාදන කාලයේ නීති සම්පාදකයන්ගේද අවංක අදහස වී තිබෙන්නේ ජනපතිගෙන් (19 සංශෝධනයට පෙර තිබූ) අගමැති පත් කිරීමේ අභිමතය ඉවත් කිරීමයි. මේ කාරණා දෙකම ගත් විට, මා සිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නම් බොහෝවිට ජනපතිට අභිමතය නැති බව තීරණය වීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් ජනපතිට මෙම අවස්ථාවේදී රනිල්ව ඉවත් කර මහින්ද පත් කිරීමට ඇති හැකියාව නැති වන්නේ නැත. ඊට හේතුව පෙර කියූ කරුණු නිසා (එනම් ජාතික ආණ්ඩුව බිඳ වැටීම නිසා), හිටපු අගමැතිව ඉබේම ඉවත් වේ. එවිට, ජනපතිට ක්ෂණිකව තීරණය කළ හැකියි මහින්ද උපරිම විශ්වාසය ඇතැයි කියා. එහෙත් එය නිශ්චිතවම ඔප්පු කළ හැක්කේ හා යුත්තේ පාර්ලිමේන්තුව තුලයි. ඉතිං පාර්ලිමේන්තුව යලි කැඳවන තුරු මහින්ද අගමැති වේ. පාර්ලිමේන්තුව තුල රනිල් බහුතරය පෙන්නුවොත් ජනපතිට අනිවාර්යෙන්ම නැවත රනිල්ව අගමැති කිරීමට සිදු වේ. කවුරු මොන බේගල් කිව්වත් පාර්ලිමේන්තුව ජනපති විසින් කල් තැබුවේ එම ගැටලුව නිසාමයි.

ජනපතිට පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ඇත. එය ඇමරිකාව හෝ යුරෝපයේ හෝ හිඟන ඉංදියාවේ සිටින බල්ලන්ට බැල්ලියන්ට ඕන විදියට නොව ලංකාවේ නීතිය අනුවයි සිදු විය යුත්තේ. පෞද්ගලිකව පාර්ලිමේන්තුව ජනපතිටත් අධිකරණයටත් ඉහලින් සිටිය යුතු යැයි විශ්වාස කරන මට නම්, ජනපති සතුව පවතින එම බලයත් ඉවත් කළ යුතු යැයි යෝජනා කරමි. එය කවදා හෝ ඉවත් කරන තෙක්, ජනපතිට එය නීත්‍යානුකූලව සිදු කිරීමට සම්පූර්ණ අධිකාරි බලය ඇත.

කෙසේ වෙතත් බොහෝ දෙනා සිතූ ලෙස මහින්දටත් මෛත්‍රීටත් බහුතරය සාදා ගැනීමට නොහැකි බව දැන් පෙනේ. කුමන පැත්තේ සල්ලි හා බලය බලවත් වීමෙන් එය වූවාදැයි මා නොදනී. එහෙත් පාර්ලිමේන්තුවේ දැන් සිටින කාලකන්නින් ටික බැලුවහම මුන් ප්‍රතිපත්ති මත නොව විවිධ බලපෑම් මත එසේ හැසිරෙන්නේ යැයි ඉතා විශ්වාසදායි වේ. මේ අනුව පාර්ලිමේන්තුව කැඳ වූ විට බොහෝවිට රනිල්ට බහුතරය ලැබෙන බව පෙනේ. කතානායකගේ බලයද මෙහිදී කැපී පෙනේ.

බොහෝ දෙනා කතානායකට දොස් කියන බවක් පෙනේ. එහෙත් ඔහු මේ අවස්ථාවේ හැසිරෙන විදිය නිවැරදිය. කතානායක යනු ජනපතිගේ කක්කුස්සි හෝදන එකා නොවේ. පාර්ලිමේන්තුව තුල ලොක්කා ඔහුය. ජනපතිට ඔහුගේ රාජකාරී හා බලතන තිබෙන්නා සේ කතානායකටත් ඔහුගේම බලතල හා රාජකාරී තිබේ. ඔහුටත් අභිමතය තිබේ. බහුතරයකගේ සහය තිබෙන කතානායක කෙනෙකු බලවත්ය.

පාර්ලිමේන්තුව තුල රාජකාරී සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග අනුවයි සිදු වන්නේ. එහෙත් මේ දෙකෙහිම නීතිමය බලපෑමක් නැත. ස්ථාවර නියෝග යනු බලාත්මක කළ හැකි නීති නොවේ. අවශ්‍ය නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරයකගේ කැමැත්ත මත ස්ථාවර නියෝග තාවකාලිකව අහෝසි කළ හැකියි (ස්ථාවර නියෝග අත්හිටුවීම). එවිට, බහුතරයගේ කැමැත්ත මත කතානායකට සම්පූර්ණ බලතල තිබේ පාර්ලිමේන්තුව තුල කුමක් සිදු විය යුතුද යන්න පෙල ගැස්වීමට.

තත්වය මෙසේ හෙයින් ජනපති විසින් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව යලි කැඳෙව්වේ නම්, රනිල්ගේ බහුතරයේ ආශිර්වාදයෙන් කතානායක ස්ථාවර නියෝග අත්හිටුවා මහින්දට එරෙහිව විශ්වස භංගයක් එදින්ම ගෙන ඒම හෝ රනිල්ට පක්ෂව විශ්වාසය පළ කිරීමක් එදින සිදු කර, නැවත රනිල්ව අගමැති කිරීමට සිදු වන තැනට වැඩ කටයුතු සිදු වෙන්නට ඉඩ තිබේ. එම අනතුර නිසාමයි ජනපති විසින් අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ. එහි සැකයක් නැත. මේවා දේශපාලන සූදු වේ. එහෙත් ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය කියන්නේ ජනපතිට "පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට කැඳවීමට සහා විසුරුවා හැරීමට බලය ඇත්තේය" යනුවෙනි. එහෙත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේම 70(1) වගන්තිය මෙසේය "ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසානය කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය: එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිනි මන්ත්‍රීවරයන්ද ඇතුලුව මුලු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරයක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය."

70(1) වගන්තියෙන් ඉතාම පැහැදිලිව කියන්නේ ජනපතිට පාර්ලිමේන්තුව තම අභිමතය පරිදි කිසිසේත් කුමන තත්වයක් යටතේ වුවද විසුරුවිය නොහැකිය කියාය. ජනපතිගේ අත්තනෝමතික බලතල කප්පාදුවේ ප්‍රතිපලයක් ලෙසයි 19 වැනි සංශෝධනය ඔස්සේ මෙම වගනිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු වී තිබෙන්නේ. එය ඉතා හොඳ තත්වයකි. එහෙත් නැවතත් සුපුරුදු පරිදි මහාලොකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරද යැයි කියා ගන්නා පට්ට මෝඩයින්ගේ නොසැලකිල්ල නිසා එම වගන්තිය 33(2)(ඇ) වගන්තිය සමඟ ගැටෙන බව දැක නැත. කළ යුතුව තිබුණේ 70(1) වගන්තිය 33(2)(ඇ) වගන්තියට ආදේශ කිරීමයි.

ගම්මන්පිල කියන බහුබූතයද මෙතැන නැත. ඔහු කියන්නේ අර්බුදකාරී අවස්ථාවකදී 33(2)(ඇ) වගන්තිය බලාත්මක කළ හැකි බවකුයි. එවැන්නක් කොතැනවත් සඳහන්ව නැත. තමන්ගේ සිතේ තිබෙන දේවල් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගැලපිය නොහැකිය. මෙය හුදෙක්ම දරුණු අත්වැරදීමකි. එසේ වුවත් එය එතරම් ගැටලුවක් නොවන බවද පෙනේ.

වරදක් පැහැදිලිව පෙනනුත් මෙයද අවංකව හා ශාස්ත්‍රිය ලෙස විමසුවොත් ජනපතිට අභිමතය පරිදි විසුරුවා හැරිය නොහැකි බව පෙනේ. නීති සම්පාදකයන් එම නීති ගෙනෙන විට ඔවුන්ගේ අවංක උවමනාව වූයේ ඇත්තටම ජනපතිගේ එම අභිමතය ඉවත් කිරීම බව අප කවුරුත් දන්නවා. ඒ ගැන හැමෝම හැම තැනම කතා කරපුවා අදටත් පත්තර හා වීඩියෝවල ඇත. වඩා සීමාකාරී අවස්ථාව තෝරා ගැනීමද යුක්තියුක්තය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අරමුණක් වන්නේද ඒ ඒ බල අධිකාරින්ට සීමා පැනවීමයි. එනිසා මෙයද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නිරාකරණය කර ගත යුතු කාරණයක් වුවත්, දේශපාලන වාසි තකා වෙනත් ක්‍රම අනුගමනය කරන බව පෙනේ.

බොහෝවිට මේ වන විට ආණ්ඩුව විසුරුවා හැරීමේ නියෝගය ජනපති විසින් මේ වන විට නිකුත් කර ඇති. එය සම්පූර්නයෙන්ම නීති විරෝධි වේ. මා සිතන පරිදි ඡන්ද කොමසාරිස් එම නියෝගය පිලි නොගෙන ශේෂ්ඨාධිකරණයට යා යුතුය. ඔහු එසේ නොකර ඡන්දය තබන්නට කටයුතු  කිරීමට ගියොත් ඔහුද නීති විරෝධි වැඩක යෙදේ. මේ මොහොතෙ කවුරුන් හෝ අධිකරණයට යෑම අනිවාර්යෙන්ම කළ යුතුය.

රටක විවිධ අර්බුධ ඇති වීම නොවැලැක්විය හැකිය. කොහොමත් ලංකාවේ වැඩියෙන්ම අර්බුද සාදන්නේ කාලකන්නි වනචර දේශපාලුවන්මය. එක් එක් පුද්ගල බද්ධ කරුණු නිසා මූලික නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවීමට ඉඩ නොදිය යුතුය. රට විකුනන සමනල රනිල්ව ඉවත් කිරීමට අවශ්‍ය වූයේ නම් ජනපතිට ඊට වඩා ශිෂ්ට පියවර ගණනාවක්ම ගත හැකිව තිබුණි. ඔහුට ඒ සඳහා කොන්දක් තිබුණේ නැත. දැනුදු ඔහු කරන්නේ රාජපක්කගේ සාටකයේ එල්ලීමයි.

නැවත රනිල්ට රට නොදෙන හා නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපනය වන කාලයක් වහා උදා වේවා කියා පතනවා. මා නීති විශාරදයකු නොවුවද, කලක් නීති උපාධියක් හදාරා විවිධ (පෞද්ගලික නොවන) හේතු නිසා මඟදී එය නතර කර දැමූවෙකි. මා වැඩියෙන්ම ආශ කළේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. ඒ නිසා ඇම්මට ලියූ ලිපියකි මෙය.

Comments

  1. ලංකාවේ ලොකුම ප්‍රශ්ණය තමයි මේ රටේ ප්‍රධාන සංස්කාතිය කුමක්වියයුතුද කියන කාරනාවයි. අනෙක් හැම දෙයක්ම ද්විතීකයි.
    1815 සිට මෙරට ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අනෙක් හැම සංස්කෘතියකටම තිබුනේ දෙවැනි තැන. තෙවැනි තැනක් තිබුනේ නෑ. මේ ගැන ඩිම්පල්තුමා අනාවැකියකුත් කීවා.
    තොපි දැනගනියවු, දෙමලා, හම්බයා, මරක්කලයා, බෝරාකාරයා උං ඔක්කොම එක සමානයි. උං හැමෝටම මේ රට අයිතියි කියන දවසක් එයි. කියලා

    ReplyDelete
    Replies
    1. මා නම් ඔබේ අදහසට කිසිසේත් එකඟ නැත... ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සංස්කෘතික ගැටලු විය නොහැකිය. සංස්කෘතිය යනු සමූහයක් වට මේසයක් වටා සාකච්ඡා කර තීරණය කරනු ලබන්නක් නොවේ. එය සජීවි සමස්ථ මානවයාගේ ක්‍රියාකාරිත්වයෙන් උපන් හා ඊටම බලපෑම්ද එල්ල කරමින් පවතින්නක් සේ මා දකිනවා.

      රටකට අවශ්‍ය කුමක්ද යන්න නිශ්චය කිරීම අතිශය සංකීර්ණ කරුණකි. ඔබට ඒ ගැන විවිධ අදහස් තිබිය හැකියි; මටත් එසේය; තවෙකුට වෙනම අදහස් පවතීවි. එහෙත් කිසිවෙකුට දූෂනය භීෂනය අවශ්‍ය නැත; රැවටීම අවශ්‍ය නැත; අසමාන සැලකීම් අවශ්‍ය නැත; තම දරුවන් මෝඩයින් කිරීමට අවශ්‍ය නැත. මේ ආදී ලෙස අතට හසුවන සාධාරණ මිනිස් අවශ්‍යතා සමූහයක් තිබේ. ඒවා ඵලදායි ලෙස ළඟා කර ගත හැකි පරිසරයකුයි අවශ්‍ය වන්නේ.

      ඩිම්පල්තුමාගේ අනාවැකි, අයින්ස්ටයින්ගේ අනැවැකි, හෝ පාරක් පාරක් ගානේ ඉන්න හොර තක්කඩි කට්ටඩියන්ගේ අනාවැකි සියල්ල හුදු ප්‍රලාප පමනි. පුද්ගල මත වැදගත් වුවද ඒවා දේව වාක්‍ය නොවන බවද මතක තබා ගැනීම වටී.

      මේ පෘථිවි තලයේ කොතැනක හෝ උපන් සෑම එකාම මට නම් සමානය. එක් එක් එකාට වැඩිපුර හෝ අඩුවෙන් ළැඳියාවක් ඇති විය හැකිය. මවකට තමන්ගේ දරුවාට තිබෙන ආදරයේ තරමට තවත් දරුවෙකුට ඇති වන්නේ නැහැ වගේ. මේ රටේ උපන් සෑම එකෙකුටම මේ රට අයිතිය. ඌ දෙමලෙක් වුවද, සිහලයෙක් වුවද, වෙනත් ඕනම පරයෙක් වුවද... වසලයා ක්‍රියාවෙන් තේරුම් ගත යුතු!

      Delete
    2. //ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සංස්කෘතික ගැටලු විය නොහැකිය.
      ඒක ඇත්ත මම කිව්වේ ලංකාව ගැන.

      //මේ රටේ උපන් සෑම එකෙකුටම මේ රට අයිතිය. ඌ දෙමලෙක් වුවද, සිහලයෙක් වුවද, වෙනත් ඕනම පරයෙක් වුවද

      ඒකත් හරි මෙතැන කිව්වේ පුද්ගල සමානත්වය ගැන නෙමෙයි සංස්කෘතික සමානත්වය ගැනයි
      පුද්ගල සමානත්වය හොඳයි නමුත් සංස්කෘතික සමානත්වය හානිකරයි.


      මට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටළුවක් තිබෙනවා.
      නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේදී කෙරෙන්නේ ජනතාව වෙනුවට ජනතාව නියෝජනය කෙරෙන යම් සභාවක් හරහා වැඩිදෙනාගේ කැමැත්තෙන් තින්දු ගැනිමයි.

      මෙම සභාවට නියෝජිතයන් පත්කිරීමේදි ඍජුවම ජනතා චන්දයෙන් වැඩියෙන් චන්ද ලැබෙන නියෝජිතයන් පත්කර ගැනිමත්;
      කාන්තාවන් මෙපමන ප්‍රමානයක්, සංක්‍රාන්තික සමාජභාවි පුද්ගලයන් මෙපමණ ප්‍රමාණයක්, වැද්දන් මෙපමණ ගනනක්, නයිපනික්කි මෙපමණක්, දෙමළු මෙච්චරක්, පදු මිනිස්සු මෙච්චරක්, තම්බි ගෑණු මෙච්චරක් ආදී ලෙස සමාජයේ සියළු කොටස් නියෝජනයවනපරිදි ටෙම්ප්ලේට් එකක් තුලට නියෝජිතයන් පත්කර ගැනීමත්
      යන ක්‍රම දෙකෙන් නිවැරදි ක්‍රමය කුමක්ද. මට හිතෙන හැටියට දෙපැත්තටම කරුනු තියෙනවා.

      Delete
    3. ලංකාවේද සංස්කෘතික ගැටුම් ඇතිවාට කිසිදු සැකයක් නැත... සංස්කෘතිය යනුම නිරන්තරයෙන්ම ගැටුම්වලට ලක්වන දෙයක්මයි. එහෙත් එම ගැටුම් ලංකාවේ දියුනුවට ඇති ප්‍රබල බාධාවක් යැයි මට නම් නොපෙනේ...

      සංස්කෘතික සමානත්වය ගැන නම් ගැටලුවක් තිබෙනවා තමයි... ඊට හේතුව ඓතිහාසික වශයෙන් අපේ විවිධ ජනවර්ගවල නිසි මුසු වීමක් නොවීම විය හැකිය. ක්‍රිස්තියානි අය හා බෞද්ධ අය අතර නම් ඉතා හොඳ මුසු වීමක් තිබුණත් අනෙක් ජනවර්ග අතර එවැන්නක් එතරම් කැපී පෙනෙන ලෙස නැති බව පෙනේ. වැරැද්ද බොහෝ සෙයින් සිංහලයාට වඩා දෙමල හා මුස්ලිම් අය අතරේ තිබෙන බවක්ද පෙනේ...

      ජාතිවාදී ස්වරූපයකින් නොබලා ප්‍රායෝගික පැත්තෙන් බලන විට, සිංහල බස ලංකාවේ එකම රාජ්‍ය/ප්‍රමුඛ බස (lingua franca) බව ප්‍රකාශ කළ යුතුය. දෙමල හා මුස්ලිම් අයට සිංහලත්, සිංහලයාට දෙමලත් ඉගෙනීමට බල කිරීමම මුග්ධ වැඩකි.

      නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් මටත් ගැටලු තිබේ. අද තාක්ෂණයේ (විශේෂයෙන්ම සන්නිවේදන තාක්ෂනයේ) දියුණුවක් තිබෙන නිසා, එක්තරා මට්ටමකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වුවද පවත්වා ගෙන යා හැකි තත්වයක් ලෝකයේ තිබේ. එහෙත් පාලකයන්ට ඉන් විශාල පාඩු සිදු වන නිසා එය පහසුවෙන් අපට ලබා නොදේවි. ජනතාවගේ දැඩි පරිශ්‍රමයකින් නැවත තම පාලනය ජනතාව ඉල්ලා සිටිය යුතුය.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

මෙම පොත (පාඩම් මාලාව) පරිශීලනය කිරීමට ඔබට එදිනෙදා සිංහල භාෂාව භාවිතා කිරීමේ හැකියාව හා සාමාන්‍ය බුද්ධිය පමණක් තිබීම අවම සුදුසුකම ලෙස මා සලකනවා.  තවද, ඇසෙන පරිදි ඉංග්‍රීසි අකුරින් ලිවීමට හැකිවීම හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවීමට හැකි නම්, ඔබට මෙතැන් සිට මෙම පාඩම් මාලාව කියවා ඉගෙන ගත හැකිය.  ඔබට එසේ ඉංග්‍රීසි කියවීම හා ලිවීම ගැන දැනීමක් දැනටමත් නොමැත්තේ නම්, කරුණාකර මෙ‍ම පොතෙහි “අතිරේකය - 1 ”  බලා පළමුව එම හැකියාව ඇති කරගන්න.  තවද, හැකි පමණ ඉංග්‍රීසි වචනද පාඩම් කරගන්න. ඔබ හිතවතෙකුගේ නිවසකට හෝ වෙනත් පිටස්තර තැනකට යන විටෙක හැසිරෙන්නේ ඔබට අවශ්‍ය විදියටම නෙමේ නේද?  එනම්, පිට නිවසකට ගිය විට අහවල් පුටුව තිබෙන තැන හරි නැහැ, අහවල් එක මෙහෙම තිබෙන්නට ඕනෑ ආදී ලෙස ඔවුනට පවසන්නේ නැහැ, මොකද අප සිටින්නේ අනුන්ගේ තැනක නිසා.  එලෙසම, ඉංග්‍රීසි භාෂාව යනු සිංහල නොවේ.  ඔබ කැමැති වුවත් නැතත් ඉංග්‍රීසි ඉගෙනීමේදීද අප ඉංග්‍රීසි ව්‍යාකරණ රීති හා රටා එපරිද්දෙන්ම උගත යුතුය.  එනම්, සෑම සිංහල වගන්ති රටාවක්ම ඉංග්‍රීසියට ඔබ්බන්නට නොව, ඉංග්‍රීසියේ ඇති රටා ඔබ දන්නා සිංහල භාෂාව තුළින් ඉගෙනීමට උත්සහ කළ යුතුය. 

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අකුරු 26 පහත දක්වා ඇත.  ඉංග්‍රීසියේදී සෑම අකුරක්ම “සිම්පල්” හා “කැපිටල්” ලෙස දෙයාකාර

කතාවක් කර පොරක් වන්න...

කෙනෙකුගේ ජීවිතය තුල අඩුම වශයෙන් එක් වතාවක් හෝ කතාවක් පිරිසක් ඉදිරියේ කර තිබෙනවාට කිසිදු සැකයක් නැත. පාසැලේදී බලෙන් හෝ යම් සංගම් සැසියක හෝ රැස්වීමක හෝ එම කතාව සමහරවිට සිදු කර ඇති. පාසලේදී කතා මඟ හැරීමට ටොයිලට් එකේ සැඟවුනු අවස්ථාද මට දැන් සිහිපත් වේ. එහෙත් එදා එසේ කතා මඟ හැරීම ගැන අපරාදේ එහෙම කළේ යැයි අද සිතේ. යහලුවන් ඉදිරියේ "පොර" වෙන්න තිබූ අවස්ථා මඟ හැරුණේ යැයි දුකක් සිතට නැඟේ. ඇත්තටම කතාවක් කිරීම "පොර" කමකි. දක්ෂ කතිකයන්ට සමාජයේ ඉහල වටිනාකමක් හිමි වේ. පාසැලේදී වේවා, මඟුලක් අවමඟුලක් හෝ වෙනත් ඕනෑම සමාජ අවස්ථාවකදී වේවා දේශපාලන වේදිකාව මත වේවා කතාවක් කිරීමේදී පිලිපැදිය යුත්තේ සරල පිලිවෙතකි. එහෙත් එම සරල පිලිවෙත තුල වුවද, තමන්ගේ අනන්‍යතාව රඳවන කතාවක් කිරීමට කාටත් හැකිය. පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වේ. එම වෙනස ප්‍රසිද්ධ කතා (public speaking) තුලද පවත්වාගත හැකිය. මේ ගැන මට ලිපියක් ලියන්නට සිතුනේ මාගේ මිතුරෙකුට ප්‍රසිද්ධ කතාවක් කිරීමට අවශ්‍ය වී, ඒ ගැන මේ ළඟ දවසක අප පැයක් පමණ සිදු කළ සංවාදයක් නිසාය. මා ප්‍රසිද්ධ දේශකයකු නොවුණත් මේ විෂය සම්බන්දයෙන් පාසැල් කාලයේ සිටම පත

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

ඉංග්‍රිසි බස ඉගැනීමේදී වචන කොපමණ උගත යුතුද, එම වචන මොනවාදැයි බොහෝ දෙනෙකුට මතුවන ගැටලුවක් වන අතර, බොහෝ දෙනා ඊට විවිධ පිලිතුරුද සපයා ඇත. මේ ගැන හොඳින් පරීක්ෂණය කර ඇමරිකානු ආයතනයක් විසින් වචන 5000ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත. එම ලැයිස්තුව මා කෙටස් දෙකකට (දිගු වැඩි නිසා) සිංහල තේරුම්ද සහිතව ඉදිරිපත් කර ඇත. (මේවා සැකසුවත් සෝදුපත් බලා නැති නිසා සුලු සුලු දෝෂ සමහරවිට තිබිය හැකිය). පහත ලැයිස්තුවේ වචන 2500ක් ඇත.    Word    තේරුම        be    ඉන්නවා    and    හා    of    ගේ    in    තුල    to    ට    have    තියෙනවා    to    ට    it    ඒක, ඌ    I    මම    that    ... කියලා, ඒ/අර, ඒක/අරක    for    සඳහා    you    ඔබ, ඔබලා    he    ඔහු    with    සමඟ    on    මත    do    කරනවා, "මෙව්ව කරනවා"    say    කියනවා    this    මේ, මේක    they    උන්, ඒවා, ඒගොල්ලෝ    at    දෙස, අසල    but    නමුත්    we    අපි    his    ඔහුගේ    from    සිට, ගෙන්    not    නැහැ    by    විසින්, මඟින්    she    ඇය    or    හෝ, හෙවත්    as    විට, නිසා, වශයෙන්    what    මොකක්ද,