Skip to main content

Posts

Showing posts from April, 2018

සිර අඩස්සියට ගත් ළමා නිදහස

නිදහස යනු අහිමි වූ විට පමනක් අන් කිසිවකටත් වඩා වටිනා ලෙස දැනෙන , ජීවිතයට අත්‍යවශ්‍යම දෙයකි . ඊට අභියෝග නොවන විට එහි අගය නොදැනෙනවා පමනක් නොව , අසීමාන්තික ලෙස වගකීම් විරහිතව එය බුක්ති විඳින්නටත් පෙළඹේ ( මීට ශ්‍රීමත් අනගාරික ධම්මපාල තුමන් පැවසුවේ “වල්බූරු නිදහස” කියාය ). නිදහස යනු අයිතියකි ; නිදහස සමඟම වගකීමද ගැටගැසී ඇත . මිනිසුන්ට පමනක් නොව , සතා සිවුපාවාටත් ගස්වැල්වලටත් නිදහස අවශ්‍ය වේ ; නමුත් ඒ ඒ දේට එහි ස්වරූපය විවිධ විය හැකිය . ජීවියා හා බැඳුණු වටපිටාව තුල එහි යහපැවැත්මට බාධා ඇති නොවන පරිදි ඕනෑම අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට ඇති අයිතිය ලෙස නිදහස අර්ථ දැක්විය හැකිය . ඕනෑම අන්තර්ක්‍රියාවක් සිදු කිරීමට හැකියාව ලැබීම අයිතිය වන අතර , වටපිටාවට බාධා නොවන පරිදි ඒවා සිදු කිරීම තමයි ඒ හා බැඳුණු වගකීම වන්නේ . එහෙත් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ළමුන්ගේ නිදහස පිළිබඳ කතා කිරීම පමනි . ළමුන්ගෙන් කිසිවෙකු සමාජ මෙහෙවරක් හෝ ආර්ථිකමය සහභාගිත්වයක් හෝ අපෙක්ෂා නොකරයි . තවද , විද්‍යාත්මකවත් සංස්කෘතික වශයෙනුත් ළමුන්ගෙන් ක්‍රියාවන්වල වැරදි තිබුණත් එහි බැරෑරුම්කම අඩුවෙන් තක්සේරු කෙරේ . එනිසයි ළමයකු අති...

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 13

Input Resistor – R IN සමහර පරිපථවල ඔබ දැක ඇති මයික් එක ඉන්පුට් කැපෑසිටරයට සවි වන්නට පෙර ශ්‍රේණිගත රෙසිස්ටරයකට සම්බන්ද කරනවා . මයික් එක කන්ඩෙන්සර් වුවත් ඩයිනමික් වුවත් ඊට වෙනසක් නැත . මා ඇඳ ඇති පරිපථවල එවැන්නක් යොදා නැත . ඇත්තටම මයික් පමණක් නොව , පරිපථයට සංඥා ඇතුලු කරන ඕනෑම සෙන්සරයක් / උපාංගයක් ඇති අවස්ථාවක් වුවද ගත හැකිය . මෙම රෙසිස්ටරය සාමාන්‍යයෙන් input resistor (R IN ) ලෙස නම් කරනවා . මෙම රෙසිස්ටරය සංඛේතවත් කරන්නේ කැපිටල් අකුරිනි . r in ලෙස සිම්පල් අකුරින්ද යම් ඉන්පුට් රෙසිස්ටරයක් අපට හමු විය . මේ දෙක එකිනෙකට වෙනස් දෙකක්ය . ( කැපිටල් සිම්පල් භේදයේ වැදගත්කම නිතරම නිතර මතු වෙනවා නේද ?) r in යනු පසුඅධියරයක ඉන්පුට් රෙසිස්ටන්ස් / ඉම්පීඩන්ස් අගය වේ . එයම අවශ්‍ය නම් z in ලෙසද දැක්විය හැකිය ( සම්බාදකය හෙවත් ඉම්පිඩන්ස් සංකේතවත් කරන්නේ ඉංග්‍රිසි ඉසෙඩ් අකුරිනි ). සාමාන්‍යයෙන් මෙම r in /z in යනු සූත්‍රයක් සුලු කිරීමෙන් ගණනය කර ලබා ගන්නා අගයක් වේ . එහෙත් R IN යනු අප විසින් පිටින් යොදන නිෂ්චිතවම / ඇත්තටම අපට ස්පර්ශ කළ හැකි රෙසිස්ටරයකි . මෙවැනි රෙසිස්ටරයක් සවි කිරීමට හේතුව කු...

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 12

ක ැපෑසිටර් මයික් පෙරවර්ධකයට සවි කිරීම ඉ හත පරිපථය සඳහා ඩයිනමික් මයික් එකක් යොදා ගත යුතු බව මා අවධාරණය කළ හේතුවක් තිබේ . එවන් මයික් එකක් ක්‍රියා කිරීමට පිටතින් සැපයුම් විදුලියක් අවශ්‍ය කරන්නේ නැත . මයික් එකෙන්ම යම් කුඩා විදුලියක් අමුතුවෙන්ම නිපදවෙන අතර , එම විදුලිය තමයි කෙලින්ම අප වර්ධනය කරන්නේ . එහෙත් බහුලවම භාවිතා කෙරෙන මයික් වර්ගයක් වන්නේ කන්ඩෙන්සර් මයික් (condenser microphone) හෙවත් ධාරිත්‍රක මයික්‍රෆෝන් (capacitor microphone) වේ . ඒවා ක්‍රියාත්මක වීමට පිටතින් විදුලි සැපයුමක් අවශ්‍ය කෙරේ . ඩයිනමික් මයික් වර්ගය යටතේ රිබන් මයික් තිබුණා සේ , කන්ඩෙන්සර් මයික් වර්ගය යටතේ electret microphone කියා උපවර්ගයක් ඇත . ඉලෙක්ට්‍රෙට් මයික් ඉතා කුඩාවට , ලාභෙට නිපදවිය හැකිය . ඊට පිටතින් ලබා දිය යුතු විදුලිය කුඩාය . කුඩා ශබ්දයකින් විශාල විදුලි සංඥාවක් ලබා ගත හැකිය ( එනම් මයික් එකේ සංවේදිතාව ඉහලය ). ෆෝන් , සාමාන්‍ය ඩිජිටල් වීඩියෝ කැමරා , හෙඩ්සෙට් , හා කුඩා විදුලියකින් ක්‍රියාත්මක වන ශබ්දය පටිගත කරන උපකරණ ආදි සියල්ලෙහිම පාහේ ඇති ඉතා කුඩා මයික් එක වන්නේ මෙම ඉලෙක්ට්‍රෙට් මයික් එකයි . මෙතැන...