Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ජනපතිට කියන වග නම්...

කවුරුත් නොසිතූ දේවල් පලාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු වෙමින් පවතී. කවුරුත් බලන්නේ පෞද්ගලික වාසි බව පෙනේ; රට ගැන සිතන එවුන් නැත. රට යම් අරාජික තත්වයක පවතී. සෑම අඳුරු වලාවකම රිදී රේඛාවක් ඇත යන කියමන සනාථ කරමින් රටට හිතා සුභදායි ලෙස අවශ්‍ය නම් දැනට පවතින තත්වය පරිස්සමින් මෙහෙයවිය හැකිය. එය කළ හැකි එකම පුද්ගලයා ජනපති මෛත්‍රීපාලය.

අවශ්‍යයෙන්ම පැවති (තාමත් පවතින) ආණ්ඩුවට ජනතා විරෝධය පැහැදිලිවම ජනයා විසින් පෙන්වා ඇත. එහෙත් ප්‍රදේශීය සභා මැතිවරණයක් යනු කිසිසේත්ම ආණ්ඩු මාරු කරන මැතිවරණයක් නොවේ. එක එක අවස්ථාවාදීන් හැම දේශපාලන පාර්ශ්වයකින්ම කරලියට පැමිණිම නිසා කෘත්‍රිම අර්බුදයක් මේ වන විට ඇති වී තිබේ. කිසිසේත්ම මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වය කර ගත යුතු නොවේ නිල වශයෙන් හෝ නොනිල වශයෙන්. ජාතික මට්ටමින් ආණ්ඩුව තීරණය කරන ලද්දේ ජනපති හා මහා මැතිවරණ දෙකකිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය, හා සම්ප්‍රදාය නම් රට කිරීමේදී බැරෑරුම් ලෙස බලපාන්නේ, එවිට මෙතරම් අරාජික තත්වයක් ඇති වීමට කිසිදු හිඩකඩක් නැත.

එහෙත් පවතින ආණ්ඩුවට දක්වා තිබෙන ජනතා අප්‍රසාදයද සුලුපටු නොවේ. එනිසා මෛත්‍රීපාල හා යූඑන්පිය එම පණිවුඩය ඉතා බැරෑරුම්ව සැලකිය යුතුය. ඒ සඳහා රටට ජනතාවට දැනෙන ප්‍රතිසංස්කරණ වහම ඇති කළ යුතුය. ජනපතිවරණයේදී ලබා දුන් පොරොන්දු හා ඊට අමතරව තත්කාලීනව ඇති වී තිබෙන තත්වයන්ට විසඳුම්ද වහම ලබා දිය යුතුය. ඒ සඳහා අපට යෝජනා කිහිපයක් කළ හැකිය.

1. දැනට තිබෙන මෛත්‍රී රනිල් හවුල් ගිවිසුම අවලංගු කර, දින 100ක නව පරිවාස ආණ්ඩුවක් සඳහා නව ගිවිසුමක් කඩිනමින් සැකසිය යුතුය. එම දින 100  ආණ්ඩුව ඇතුලත පසුවට සඳහන් කරන කරුණු සිදු කළ යුතුය. එම කාලය අවසානයේදී මහා මැතිවරණය තෙක් තවදුරටත් ආණ්ඩුව ගෙන යන්නේද, වෙන් වන්නේද ආදි කරුණු තීරණය කළ යුතුය.



2. මෙම කාලය තුල, රටට වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් සිදු කළ යුතුය.

(අ) ස්වාධීන විගණන කොමෂම පිහිටුවිය යුතුය. තවද, රාජ්‍ය විගණන ක්‍රියාවලිය ශක්තිමත් කරන පොරොන්දු වූ විගණන පනත ගෙන ආ යුතුය.

සියලු රාජ්‍ය ප්‍රසම්පාදනයන්/ටෙන්ඩර් ක්‍රියාවලින් විගණන කොමිෂමේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ සිදු විය යුතුය (එහි සහතිකය අවශ්‍ය විය යුතුය).


(ආ) ස්වාධීන නීතිපති කොමිෂමක් පිහිටුවිය යුතුය. තනි පුද්ගලයකුට (නීතිපතිට පමණක්) එහි අභිමතය පරිදි නඩු පැවරීම පිළිබඳ තීරණ ගැනීම නැති කළ යුතුය (එනම් උසස් නිළධාරියකු නඩු පැවරීමට තීරණය කළ පසු, නීතිපතිට අභිමතය පරිදි එය වැලැක්වීමට නොහැකි විය යුතුය). තවද, විධායකය විසින් එම නිලධාරින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීමට ඇති බලය අහෝසි කළ යුතුය (එමඟින් දේශපාලකයන් විසින් එම නිලධාරින්ට කළ හැකි අයුතු බලපෑම අවම කළ හැකිය).


(ඇ) ස්වාධීන ජනමාධ්‍ය කොමිෂමක් පිහිටුවිය යුතුය. එහි සාමාජිකයන් ලෙස විද්‍යුත් මාධ්‍යවලින් (සාමාජිකයන් 2ක්), මුද්‍රිත මාධ්‍යවලින් (2ක්), අන්තර්ජාල මාධ්‍යයෙන් (1ක්), හා ව්‍යවස්ථා සභාවෙන් තවත් සාමාජිකයන් (3ක්) ලෙස කොමසාරිස්වරුන් පත් කළ යුතුය. ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය අවම සුදුසුකම්, ඔවුන්ව නීත්‍යානුකූලව මාධ්‍යවේදින් ලෙස පිලිගැනීම (හැඳුනුම්පත් ලබා දීම), ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම එමඟින් සිදු කළ යුතුය.

පැමිනිලි සඳහා මාධ්‍ය ආයතනවලින් ස්වයංව පිහිටුවා ගත් (රජයට බැඳීමක් නැති) ස්වාධීන ජනමාධ්‍ය පැමිනිලි කොමිෂමක් (දැනට එවැන්නක් පවතිනවා) මෙම ස්වාධීන ජනමාධ්‍ය කොමිෂම විසින් පිලිගැනීමට ලක් කළ යුතුය. එම පැමිනිලි කොමිෂමෙන් අභියාචනා ස්වාධීන කොමිෂමට ඉදිරිපත් කළ හැකි විය යුතුය. මාධ්‍යවේදීන් සතු තොරතුරුවල මූලාශ්‍ර හෙලි නොකර සිටීමේ පරම අයිතිය මාධ්‍යවේදින්ට තිබිය යුතුය.

පොදු හා රාජ්‍ය ආයතන තුල සිදුවන දේවල් වාර්තා කිරීමට සම්පූර්ණ බලය ඔවුන්ට දිය යුතුය. තවද, පාර්ලිමේන්තු සැසිවාර, එහි කාරක සභා සැසි, පාර්ලිමේන්තු තේරුම්කාරක සභා (කෝප් කමිටු වැනි) ආදියට ජනමාධ්‍යට විවෘත විය යුතුය. ඒවා තුල රාජ්‍ය රහස් ආදිය ගැන සාකච්ඡා කරන විට පමණක් මාධ්‍යට ඉඩ නොදී සිටිය යුතුය.

මාධ්‍යවේදින්ට ශාරීරිකව පීඩා ගෙන එන ඕනෑම රාජ්‍ය නිලධාරියකු වහම සේවයෙන් ඉවත් කළ යුතුය (ජනමාධ්‍ය කොමිෂමේ කඩිනම් නිර්දේශය මත). ඔවුන්ගේ උපකරණවලට හානි පමුණවන හෝ වාර්තාකරණයට ඇති ප්‍රවේශයට බාධා කිරීමකදී දැඩි දඩුවම් හෝ නැවත එවැන්නක් නොකරන බවට සහතිකය මත ප්‍රසිද්ධ සමාව ගැනීමකට එම වැරද්ද කරන රාජ්‍ය නිළධාරින්ව යටත් කළ යුතුය.

එසේම සාමාන්‍ය ජනයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ජනමාධ්‍යය නෛතික බැඳීමක් ඇති කළ යුතු අතර, එවැනි කඩ කිරීම්වලදී අවශ්‍ය නෛතික පියවර කඩිනමින් ගත යුතුය. ජනමාධ්‍ය ආචාර ධර්මවල එම නිර්ණායක පැහැදිලිව තිබිය යුතුය.


(ඈ) අමාත්‍යංශ ගණන නිශ්චිත (35 හෝ ඊටත් අඩුවෙන්) කළ යුතු අතර, එම අමාත්‍යංශවල විෂය පථයන්ද විද්‍යානුකූල පදනම මත නිශ්චිත කළ යුතුය. පලාත්සභාවලට බෙදා දුන් බලය මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක නොකළ යුතුය (අමාත්‍යංශ නොපිහිටුවමින්).

සෑම අමාත්‍යංශයකට එක් කැබිනට් අමාත්‍යවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු පමණක් පත් කළ හැකි විය යුතුය. ජනපති හා අගමැති විසින් යම් අමාත්‍යංශ දරන්නේ නම්, ඒවාට පමණක් රාජ්‍ය අමාත්‍යවරයකු බැඟින් පත් කළ හැකි විය යුතුය. ඒ හැරෙන්නට ව්‍යාපෘති ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, අධීක්ෂණ මන්ත්‍රින් ආදි ලෙස කිසිදු විධායක බලයක් සහිත අයවලුන් පත් කළ නොහැකි විය යුතුය. සභාග/ජාතික ආණ්ඩුවක් පිහිටුවන විටත්, මෙම අමාත්‍යංශ ගණන හෝ ඇමතිවරුන් ගණන වෙනස් නොවිය යුත්තේය.

(ඉ) අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය අදාල ඇමති විසින් සිදු කළ යුතු අතර, එම ලේකම්වරයා ඉවත් කිරීමේ බලය ජනපතිගේ හා කැබිනට් මණ්ඩලයේ ඒකමතිකත්වය අනුව විය යුතුය.

(ඊ) ඉතා විශාල ධනස්කන්ධයක් වැය කොට පාර්ලිමේන්තු සැසි පවත්වන නිසා, අවශ්‍යයෙන්ම එහි ගුණාත්මක බව ඉහල දැමිය යුතුය. එය ශීලාචාර බුද්ධිමත් සංවාද සිදුවන තැනක් බවට පත් විය යුතුය. ඒ සඳහා සියලු පාර්ලිමේන්තු සභිකයන්ට එකසේ බලපාන ආචාර ධර්ම පද්ධතියක් ගෙන ආ යුතුය. එය කඩ කරන මන්ත්‍රින්ගේ වරප්‍රසාද අඩු කළ යුතුය. දිගින් දිගටම එසේ හැසිරෙන්නේ නම්, මන්ත්‍රී දුරයද අහෝසි කළ හැකි විය යුතුය.

(උ) ලංකාවේ තනි පුරවැසිබව සහිත අයට පමණක් රාජ්‍යයේ ඕනෑම මට්ටමක තනතුරුවලට පත් වීමට හැකි විය යුතුය. තවද, ලංකාවේ තනි පුරවැසිබව සහිත අයට පමණක් පලාත්පාලන, පලාත්, පාර්ලිමේන්තු යන සියලු ආයතනවල මන්ත්‍රින් වීමට හැකි විය යුතුය.

(ඌ) පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත මන්ත්‍රීව ජනපති විසින් අනිවාර්යෙන්ම අගමැති ලෙස පත් කළ යුතුය (ජනපතිට එහිදී කිසිදු අභිමතයක් නොවිය යුතුය). එසේ පත් කළ අගමැතිව ජනපතිගේ අභිමතය පරිදි ඉවත් කළ නොහැකි විය යුතුය. අගමැතිගේ ස්වකැමැත්තෙන් හෝ පාර්ලිමේන්තුව තුල විශ්වාසභංගයකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් (රාජකාරි කිරීමට බැරි තරම් මානසික හෝ ශාරීරික දුබලතාවක් නිසා හෝ සුදුසු යම් අපරාධමය කටයුත්තකට වරදකරුවීම නිසා) හෝ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් වෙනත් අගමැතියෙකු පත් කර ගැනීමෙන් පමණක් අගමැති වෙනස් කළ හැකි විය යුතුය.

(එ) අගමැතිගේ උපදෙස් පිට ජනපතිට අයත් වන අමාත්‍යංශවල හැර අනෙක් අමාත්‍යංශ සඳහා ඇමතිවරුන් පත් කිරීම ජනපති විසින් නොපමාව සිදු කළ යුතුය. එහෙත් සාධාරණ හේතු මත ජනපතිට එම ඇමතිවරුන්ව ඉවත් කිරීම හා අවශ්‍ය නම් නැවත කිසිදු ඇමතිධුරයක් එසේ අස්කළ අයට නොදී සිටීමේ අභිමතය තිබිය යුතුය.

(ඒ) පාර්ලිමේන්තුව තුල බහුතරය ලබා ගත් තනි පක්ෂය හෝ පක්ෂ හෝ මන්ත්‍රී සමූහය (සන්ධානය) හැරුණු විට, ඉතිරි පක්ෂ හා තනි තනි මන්ත්‍රීන් පවා විපක්ෂය ලෙස සැලකිය යුතු අතර, එම විපක්ෂයේ බහුතර කැමැත්ත හිමි මන්ත්‍රී  විපක්ෂ නායක ලෙස පත් කළ යුතුය.

එහෙත් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂය තුල එකම පක්ෂයක/සන්ධානයක මන්ත්‍රී කොටස්වලට කැඩී එකවර සිටිය නොහැකිය. එසේ දෙපැත්තේම එකවර සිටීමට අවශ්‍ය නම්, එක් පාර්ශවයක් තමන් ස්වාධීන ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය (එවිට පෙර පක්ෂයේ රැස්වීම් ආදියට සහභාගී වීමට හෝ සාමාජිකත්වය දැරීමට නොහැකි විය යුතුය එසේ මන්ත්‍රී ධූර කාලය අවසන් වන තුරුම).

(ඔ) ඕනෑම මන්ත්‍රීවරයකුට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව තුල පැති/පිල් මාරු කිරීමට හැකි විය යුතුය. එහෙත් විපක්ෂ මන්ත්‍රියෙකු ආණ්ඩු පක්ෂයට සහය දීමට යන විට, ඔහු පළමුව ස්වාධීන මන්ත්‍රී කෙනෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශ කර, ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් නොදී ආණ්ඩුවට සහය දිය හැකි විය යුතුය. ආණ්ඩුපක්ෂයේ සිටි මන්ත්‍රියෙකුටද එලෙසම ස්වාධීන මන්ත්‍රියෙකු ලෙස විපක්ෂයට යා හැකි විය යුතුය කිසිදු තනතුරක් ලබා නොදෙමින්.

(ඕ) පොලිස් හා හමුදා නිලධාරින් සිවිල් වැසියන්ට ගරුසරු කළ යුතුය. රාජකාරී සිදු කිරීමේදී අත්අඩංගුවට පත් තැනැත්තා පැනයෑමට හෝ පොලියට පහර දීමට හෝ උත්සහ නොකර සිටින අවස්ථාවක පොලිස් නිලධාරින් විසින් ඔහුගේ දෑතින් පමණක් අල්ලාගත යුතු අතර, ඔහුට ශාරීරිකව පහර දීම, දෑත නොවන වෙනත් ශරීර අවයවයකින් (බෙල්ලෙන්) ඇල්ලීම, පරුෂ වචනයෙන් බැන වැදීම, ඔහුට අයත් වස්තුවකට අලාභ සිදු කිරීම ඍජු හෝ වීඩියෝ සාක්ෂි ජනමාධ්‍ය ඔස්සේ හෝ අන්‍යාකාරයකින් හෝ පවතින විට, ඒ ක්ෂණයේම ඔහුගේ සේවය අත්හිටුවා (පඩි/වරප්‍රසාද කිසිවක් නොදී), ඔහුට එරෙහිව ආයතනික මට්ටමේ පරීක්ෂණයක් සිදු කර සුදුසු දඩුවම් දිය යුතුය. ඊට අමතරව, එම නොනිසි පීඩාවට පත් තැනැත්තාට පොලිස් නිලධාරින්ට විරුද්ධව කඩිනමින් අවසන් වන නඩු පවරා අවශ්‍ය වන්දි ලබා ගැනීමට අයිතියද තිබිය යුතුය.

තවද, තමන් සම්බන්දව ඕනෑම පොලිස් හෝ රාජ්‍ය නිලධාරින් මැදිහත්වන ගැටලුවකදී තමන් විසින් හෝ තමන්ගේ ඥාති හෝ හිතවත් හෝ අය විසින් එම සිද්ධිය තමන් සිටින ඕනෑම ස්ථානයකදී (පොලිස් ස්ථානයක් තුල වුවද) ශබ්ද හා වීඩියෝ ලෙස පටිගත කර ගැනීමට හිමිකම තිබිය යුතු අතර එම හිමිකමට බාධා පැමිනවීමද අපරාධමය වැරැද්දක් ලෙස සැලකිය යුතුය. පෙර සේම ඊට සාක්ෂි ඇති විට, සේවය අත්හිටුවා පරීක්ෂන සිදු කර සුදුසු දඩුවම් දිය යුත්තේය.


(3) ඉහත යෝජනා ඉටු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස යම් ප්‍රමාණයකුත්, පොලිස් ආඥාපනත ආදී අනපනත් සංශෝධනය කිරීම ලෙස යම් ප්‍රමාණයකුත්, අලුත් පනත් ලෙස ගෙන ආ යුතු යම් ප්‍රමාණයකුත් ඇත. ඊට අමතරව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝගද අවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතුය. තවත් රෙගුලාසිද පැනවීමට සිදු වේ.



(4) නීති හා ව්‍යුහාත්මක වෙනස්කම් ඉහත ආකාරයට සිදු කරන අතරතුරදී, ජනපතිවරණයේදී පොරොන්දු වූ හොරු ඇල්ලීමද කඩිනම් කළ යුතුය. දැනට යෝජනා වී ඇති පරිදි අලුත් විශේෂිත මහාධිකරණ දෙකක් හෝ තුනක් පිහිටුවා බැඳුම්කර නඩුව හා රාජපක්ෂ යුගයේ දූෂන නඩුද කඩිනම්ව අසා දූෂිතයන්ට දැඩි දඩුවම් දිය යුතුය. අපයෝජිත සම්පත් නැවත රජයට ලබා ගැනීමට කටයුතු කළ යුතුය.


ඉහත සියලු කාරණා සිදු කිරීමට දින 100 ඉතා ප්‍රමාණවත් අතර, දැනට රටේ තිබෙන වාතාවරණය තුල එය කළ අභීතව කළ හැකි එකම නායකයා ජනපති පමණි. තමන් වටේ සිටින කේවට්ටයන්ගෙන් ඔහු මිදී ජනයාගේ අභිලාෂය හා රටට හිතැති දේ කිරීමට ඔහුට හැකි විය යුතුය. නැවත වතාවක් පෙර සේම දියාරු කර ප්‍රතිසංස්කරණ ලබා නොදිය යුතුය. මීට අමතරව, රටට ආදරේ කරන අගමැතියකු නම්, මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තෙන් ඉල්ලා අස් වී කරූ ජයසූරිය වැනි අයෙකුට අගමැතිකම ලබා දිය යුතුය. එසේ අස් නොවන්නේ නම්, බය මෙන්ම ලැජ්ජාවද නැති අගමැති එසේ සිටියදීම දින 100ක පරිවාසයකට ඔහුව යටත් කර ජනපතිගේ මූලිකත්වයෙන් සියල්ල සිදු කළ යුතුය. එසේ නොවී, ජනපතිවරණයකින්ද මහා මැතිවරණයකින්ද අන්ත පරාජයට ලක් කළ දූෂිතයන් යැයි පොදු පිලිගැනීමට පාත්‍රව සිටින මහින්ද ප්‍රමුඛ සොර කැලට අනියමින් හෝ ආණ්ඩු බලය ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධි බව සිහිපත් කළ යුතු වේ.