පලාත් පාලන ඡන්දය ප්‍රසංසනීය මට්ටමින් අවසන් විය (නිල වශයෙන් නම් තවමත් ඡන්ද ප්‍රතිපල මැතිවරණ කොමිසම විසින් ලබා දීම අතීසාරයට හසු වී තිබෙන බව පෙනේ). සාර්ථක මැතිවරණයක් පැවැත් වූ අතරම, ඡන්ද ප්‍රතිපල වෙනුවට අපට රෑ පුරාත් එලිවන තුරු පට්ටගාපු චිත්‍රපට හා දේශපාලන "අ-විචාර" මැතිවරණ කොමසාරිස් විසින් සාර්ථකව පෙන්වන්නට සැලස්වීය ("මැතිවරණ හා ප්‍රසිද්ධ රැඟුම් කොමිසම" ලෙස මැතිවරණ කොමිසම නැවත ප්‍රතිස්ථාපනය කිරීමටද යෝජනා කරමි).
මාද තවත් බොහෝ දෙනෙකුද පුරෝකථනය කළ පරිදි ගංජ පෝට්ටුව පළමු ස්ථානයත්, අලියා දෙවැනියටත්, හප කළ බුලත් කොලය තෙවැනුවත්, සීනුව හතර වැනියටත් පත් විය. එසේ වුවත්, ගංජ පෝට්ටුවට ප්‍රතිශතාත්මකවත් ආසන වශයෙනුත් ආයතන වශයෙනුත් ඉතා ඉහල ජයග්‍රහණයක් ලැබේ යැයි සිතුවේ නැත. තවද, ජවිපෙට මීට වඩා විශාල ජයග්‍රහණයක් ලැබේවි යැයිද සිතිණි. එම තත්වයන් දෙක ඇත්තටම අපවත් දේශපාලනමය වශයෙන් යම් කලකිරීමකට පත් කර ඇත. එසේ තිබියදී, ලොලු රනිල්ගේ කොලු පක්ෂයට අන්ත පරාජයක් අත් වීම නම් අතිශය ආනන්දජනක විය (තවමත් නිදිබර ගතියෙන් සිටින නිසා මොන කුනුහරුප ලියවෙයිද දන්නෙ නැහැ).
මේ මැතිවරණයෙන් අපට ඉදිරියේදී දැකගත හැක්කේ මොන වගේ හැසිරීමක් වේවිදැයි මඳක් සිහිපත් කරගැනීම වටී. හතරෙන් එකක් කාන්තා නියෝජනය සභාව තුල අනිවාර්ය වීම නිසා ඉදිරියේදී පලාත් පාලන ආයතන යම් මට්ටමකින් සුමට හා මානුෂික මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේ. එය ධනාත්මකය. තවද, මන්ත්‍රින් සංඛ්‍යාව වැඩි වීම නිසා යම් මට්ටමකින් වංචා දූෂනවලට බාධාවක්ද ඇති විය හැකිය (එහෙත් ඉතිං, 8000 කට වැඩි නියෝජිත පිරිසක් රජයේ වරප්‍රසාද/පඩි/දීමනා ලබමින් පත් කර ගැනීම නම් ඛේදවාචකයකි; ගරු සේවයක් නම් මෙතරම් පිරිසක් සිටීම කිසිදු ගැටලුවක් නොවේ). කොට්ටාශයට නිත්‍ය නියෝජිතකයකු සිටීමත් විශාල ධනාත්මක පියවරකි. එහෙත් එම නියෝජිතයා ඇත්තටම ජනතා නියෝජිතයකු සේ පවත්වා ගෙන යෑමට කොට්ටාශයේ ඡන්ද දායකයන් වග බලා ගත යුතුය. මහත්මා හෝ ප්‍රභූ මානසිකත්වය නොව ගමේ හිතවතා යන මානසිකත්වය ඔවුන්ට ඇති විය යුතුය; ඔවුන්ට ඇති කළ යුතුය. ඌ කරන හැම වැඩක්ම හුරේ දමා පිලිනොගෙන, හරි වැරැද්ද මත ඔහුව මල් හා ගල් වලින් පිලිගත යුතුය.
බුලත් කොලයට හා අලියාට අත් වූ ඉරණම උන්ට ගැලපේ. වංචා දූෂන සිදු කිරීම, හා දුන් වැදගත් පොරොන්දු ඉටු නොකිරීම හෝ ඉටු කළැයි කියන ඒවාත් පොරොන්දු වුණු ඒවාට වඩා දියාරු කර ලබා දීම ඊට එක් හේතුවක් විය යුතුය. කොලු රනිල් "මල්ලිලා නංගිලාට" උගේ (හෝ හරේන් ෆර්නැන්ඩුගේ) වයිපයිය ලබා දී කොල්ලන්ට කෙල්ලන්ට ලව් කරන ෆැන්ටසි මැව්වේය. රටේ හර පද්ධති හා වැදගත් අත්‍යවශ්‍යතා ප්‍රමුඛතා ගත කිරීමට නොහැකි මෙවැනි සිපයි දේශපාලුවන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. එක් අතකින් එක්සත් ජාතික පාක්ෂිකයා ප්‍රජාතාන්ත්‍රිකව රනිල්ට දැන් ගෙදර ගොස් කොල්ලො ටිකක් වට කර ගෙන (කැමති නම් අකිලව, හරෙන්ව එහෙමත් දේශපාලනයෙන් ඉවත් කර ගෙන ගෙදර අරං ගිහින්) විනෝදෙන් විශ්‍රාම කිරීමට කාලය ඇවිල්ලා යැයි සංඥා කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය කට දෙපැත්තෙන් පෙරෙන හා වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ගැන අනෙක් අයට බණ කියන රනිල් මැතිවරණ 30ක් පැරදිලා තවමත් කූට විදියට පක්ෂ නායකත්වය දරන්නේ අවශ්‍යයෙන්ම පිරිමකම (හා ගැහැණුකම) නැති බව ඔප්පු කරමිනි.
ඇත්තෙන්ම මෛත්‍රීපාල අහිංසකයෙකි. එහෙත් කොන්දක් නැති ජනපතියෙකි. ඉතිරි නිල කාලය තුලදීවත් කොන්දක් කුලියට ගෙන හෝ රට හරි දිශාවකට ගෙන යෑමට විභවය තවමත් ඌට තිබේ. අනිවාර්යෙන්ම ඌට ඊළඟ ජනපතිවරණය අන්ත පරාජයක් අත් වේ. එනිසා තවත් ධූර කාලයක් ගැන නොසිතා, යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ සියලු වංචා දූෂකයන්ට තදින් කොන්දේසි විරහිතව දඬුවම් දිය යුතුය. සියඹලාපිටිය, දත් දොස්තරයා, ප්‍රේමජයන්ත්, ඩිලාන් වැනි රටට හිත නැති බඩගෝස්තරවාදී කාලකන්නින්ගෙන් දුරස්ව තමන්ගේම දේශපාලන පරිචය හා තමන්ගේ පිරිසිදු චරිතය (මෛත්‍රී පිරිසිදු චරිතයක් යන වග සැකයක් නැත; ගැටලුව ඌට කොන්ද නැතිකමයි) සිහිපත් කර පක්ෂයට හෝ පුද්ගලයන්ට නොව, රටට හිතැති ලෙස පාලනය මෙහෙය වීමට දැන්වත් තීරණය කළ යුතුය.
ජවිපෙට අත් වූ ඉරණම ගැනත් මඳක් සිතීම වටී. අපට වඩා එම පක්ෂයේ නායකයන් මේ ගැන ගැඹුරින් සිතිය යුතුය. ලංකාවේ ජනයා ප්‍රබුද්ධ නොවේ (දේශපාලනිකවත් මතවාදී වශයෙනුත්). උන්ගේ ඡන්ද රටාව බැලීමෙන්ම ඒ බැව් සනාථ වේ. පාවෙන ඡන්දය ගැනද වැඩි තක්සේරුවක් තැබිය යුතු නැත. පාවෙන ඡන්දය මෙවර හේත්තු වී තිබෙන්නේ ගංජ පෝට්ටුවටය. පාවෙන ඡන්දකරුවන් ඇත්තෙන්ම ප්‍රබුද්ධ වූවා නම් කිසිසේත් එය සිදු විය නොහැකිය. ජවිපෙ සම්බන්දයෙන් කරුණු කිහිපයක් ගැන ඔවුන් සැලකිලිමත් විය යුතුය.
1. වීථි සටන්, සත්‍යවාදි සටන් පමණක් ප්‍රමාණවත් නොවේ. සත්‍ය පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවේ. වැදගත් උගත් පරිනත පුද්ගල/චරිත පක්ෂය තුල බිහි විය යුතුය. ජාතික හා අන්තර්ජාතික වශයෙන් "පොෂ්" චරිත පක්ෂය තුල පෙනෙන්ට තිබිය යුතුය. විශ්ව විද්‍යාල ආචාර්වරුන් කිහිප දෙනෙකු ඔවුන් වෙනුවෙන් කතා කිරීම ප්‍රමාණවත් නොවේ. ජවිපෙ නායකයන්ට උපාධි තිබීම ප්‍රමාණවත් නොවේ. ශාස්ත්‍රිය උගතුන් නොව, ප්‍රායෝගික උගතුන් පක්ෂය තුල වගකීම් දරා ජනයා අතරට පැමිණිය යුතුය.
2. ජවිපෙයේ ආර්ථික, සමාජීය, පරිසර, අධ්‍යාපනික ප්‍රතිපත්ති ගැන පොදු ජනයාට කිසිදු හැඟීමක් නැත. පංති පරතරය, ශ්‍රමය සූරා කෑම වැනි සංකල්ප ඇත්ත (හෝ නැත්ත) වුවත්, ජනයා එවැනි පැහැදිලි කිරීම්වලට සංවේදී නැත (විශේෂයෙන් සිංහලයන් සංවේදී නැත). එනිසා ඔවුන්ට මාක්ස්වාදය අත් හැරිය නොහැකිම නම්, අඩුම ගණනේ ශාස්ත්‍රිය නොව ප්‍රායෝගික වදන් මාලාවකින් පැහැදිලි කිරීම් කළ යුතුය. ප්‍රාදේශික වශයෙන් සක්‍රියව තම සංකල්ප පොදු ජනයා සමඟ සාකච්ඡා කළ යුතුය. එවැනි සක්‍රිය බවක් පෙනෙන්නට නැත. උදාහරණයක් ලෙස, මා සිටින ප්‍රදේශයේ ජවිපෙ කාරයන් අඩුම ගණනේ එකෙක්වත් සිටීදැයි නොදැනේ.
3. ජන ජීවිතයට ළං විය හැකි ක්‍රම ඔවුන් නිර්මාණශීලීව සකසා ගත යුතුය. වෙනත් පක්ෂ විවිධ ඓතිහාසික හේතු නිසා ජන පදනමක් සකසා ගෙන ඇති නිසා, එවැනි පක්ෂවලට (දෙමල සංදානය, යූඑන්පිය, ශ්‍රීලනිපය) නැති අභියෝගයක් ජවිපෙට ඇත. ජවිපෙට ඇත්තටම ඇති විභවය ප්‍රායෝගික වශයෙන් එමඟින් ජනයාට ප්‍රත්‍යක්ෂ කර දිය හැකිය. උදාහරණ වශයෙන්, තරුණයන්ගේ ඉංග්‍රිසි භාෂා දැනුම, ඔවුන්ගේ තාක්ෂණික දැනුම, පුරවැසි අධ්‍යාපනය ආදිය වැඩි කිරීම ආදි ලෙස නොවිධි හා අවිධි අධ්‍යාපනික වැඩසටහන් ඔවුන්ට මහාපරිමාණ වශයෙන් ප්‍රාදේශිකව මුලු දිවයින පුරාම සිදු කළ හැකිය. තවද, අපනයන කෘෂිකාර්මික කටයුතු සඳහා (ගොවි) ජනතාව සංවිධානගත කර අවශ්‍ය ව්‍යාපාරික හා ප්‍රායෝගික දැනුම ලබා දීම, වෙළඳපොල අවස්ථාවලට ප්‍රවේශ වීමට පහසුකම් සැපයීම ආදිය සිදු කළ හැකිය ("ජනතා සමාගම්" බිහි කළ හැකිය). ඔවුන් සතු උගතුන්ගේ දැනුම මෙවැනි කටයුතුවලට යොදා ගත හැකිය.
රටේ පවතින දැඩි ගඳ ගහන තත්වයට ඇත්තටම මාගේ පෞද්ගලික අදහස නම් සන්නද්ධ විප්ලවයක් අවශ්‍ය බවයි. එහෙත් දැන් ජවිපෙය සන්නද්ධ විප්ලවය පිලි නොගන්නා බැවින් ආකල්ප හා දැනුම් විප්ලවයක් ඔවුන් විසින් ඇති කිරීමට ක්‍රියාත්මක විය යුතුය. බොරුවට පාරවල් දිගේ හැම රෙද්දකටම කෑ ගහන එකෙන් මිනිසුන්ට එපා වීමක් ඇති වේ. ජවිපෙය අවශ්‍යයෙන්ම යම් ප්‍රතිසංස්කරණයන් සිදු කළ යුතුය. අපත් ජවිපෙට ඡන්දය දෙන්නේ දැනට ඡන්දය දිය හැකි වෙනත් පක්ෂයක් නැති නිසාය (අනෙක් පක්ෂ හොරු නිසාය). එනිසා අපේ ඡන්දයද හැමදාම පිනට ජවිපෙයට ලබා නොදෙන බව එවුන් මතක තබා ගත යුතුය (අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු නොකළොත්). රෝයල් කොලිජයේ කලිසම් ගලවපු, කෙල්ලංගේ පස්ස අත ගාන ජිප්සිස් සුනිල්ලා හෝ ශාස්ත්‍රීයව සිතින් මවා ගත් ලෝකය තුල ජනතාවාදී යැයි කියා ගන්නා කලාකරුවන් රොත්තක් වට කර ගත් පලියට පලයක් නැති බව තේරුම් ගත යුතුය.

100% ම මමත් කියන්නේ ඕකමයි..අකුරක් නෑර මමත් එකගයි සහ මගේ අදහසුත් ඒකමයි නොලීවට.. ඒ වගේම ජෙවිපි එකට කවදාක හෝ ඔය ඉන්න තැනින් එලියට එන්නනම් අඩුම තරමේ පොශ් නැතත් එහෙම රගපන්න වත් ඕන..නැත්තන් සුද්දන් අතර වැද්දන් සේපෙනෙන නිසා කවුරුත් කැමති නෑ(කොච්චර ඇත්ත කීවත් උන් ටික).
ReplyDeleteමයිත්‍රි හොදයි ඇත්ත..ගේමක් ගහන්න තරම් හයියක් නෑ..බයයි..නැත්නම් කරන්න ඕන ගේමක් ගහන්න පුලුවන් ටීම් එකක් හොරෙන් හරි හදාගෙන(සුපිරි පුරොහිත සෙට් එකක්,වැඩකරුවන් සෙට් එකක්,රණ ශූරයන් සෙට් එකක්,හාමුදුරුවරු සෙට් එකක් ) ගෙමකට බැහැලා අවසාන සංග්‍රාමයක් වගේ දෙයක් කරන්න(යුද්ද නෙමෙයි,මොලෙන් ගේමක්,අලුත්ම කනපිට ගැහිල්ලක්).
ඊට අමතරම මයිත්‍රි නැවතත් ජනාධිපති වෙන්න කියලා පතනවා. මන් පොලොන්නරුවෙ උනත්,පොර ඇහැටවත් සැබෑලෙස දැකලාවත් නැති උනත්.මොකද හොද දැක්මක් තිබෙන බව දැනුනා ජනාධිපති උන දවසේ ඉදන්..අන්න ඒ දැනීම මත ආයේ මේ රට හොද විදියට හදනවානම් ඔහුට පුලුවන් කියන විශ්වාසයක් මට තිබෙනවා.අනික් හොර රැල නැතිව පිරිසිදු මිනිසුන් හිටියෝතින්.
අනිවාර්යෙන්ම නැවතත් මෛත්‍රී පත් වෙනවා නම් හොඳයි.. එහෙත් මේ විදියට පබයෙක් වගේ ඉඳල නම් ඒක කරන්න බැහැ...
Deleteසියල්ලන්ම අවුරුදු සිය ගණනකට උඩදී විවිධ න්‍යායාචාර්යවරුන් කියපු විවිධ දේශපාලන, ආර්ථික, සමාජීය න්‍යයායන් මත පමණක් කටයුතු කරන බවක් පේනවා... එනිසා අප විසින් සාදාගත් විවිධ රාමුවල විහින් සිර වී සිටිනවා... හරියට සද්දන්ත අලියකු උගේ කකුලේ බැදපු කුඩා දම්වැල කඩන්නට හදන්නේ නැතිව සිර වී සිටින්නාක් සේ... ඒවා බිඳින්නට කතා කරන විට, එම තියරි වනපොත් කරපු ඊනියා බුද්ධිමත් පප්පලා ඇන්ටිලා සෙට් එක එම තියරි දේව වාක්‍ය සේ පිලිපැදිය යුත්තේ ඇයි කියා කරුණු ටොන් පිටින් ඇද බානවා... විවිධ පැතිකඩ/විෂයන් ගැන පෘථුල දැනුමක් ඇති හා ඒවා එකිනෙකට සංසන්දනාත්මකව හා නිර්මාණාත්මකව සිතා අවස්ථාව හා තත්වයට හොබින විසඳුම් මොනවාදැයි එඩිතරව තීරණ ගත හැකි සාධාරණත්වය මත කටයුතු කරන එකකු රටක නායකයකු විය යුතුය. We need a visionary missionary inter-disciplinary bold just leader.
Me kehelmale sinhalen type kranna giyahama akuru painawa ehata mehata..😬😬 hammee chande ahawarawuna wele idan mn thonthuwen unne harihaman vicharayak kiyawaganna.hamoma J.V.P ekata unu alakalanchiya pahadaganna bariwa innakota(maa awata) matat terena de kyaganna bariwa unne eka eka baila kyawa kiyawa(godakma yana mathaya tamai chanda polata gihin kathire gahanawelawe manasa wenaswena eka) unna.metanin tamai hariyatama eka galapagatte..mokakda munta wenne hama parakama kyala.ahana ahana kena siinuwata chande denne kya kya idala antimata balanakota dipu ekek nati ganatama patwenne haba hetuwa oya kiyannak wage unge gaburu scene eka ape normal bahutarayata dirawaganna bari ekai.(dahranaya kraganna taram mole wedila na ho ema karaganna taram uwamanawak na) mokada pradana paksha ekkama ho janpriyama pudgalaya wataa ounge sukuruttan surangana kata ekka manasa sahallu karaganna minissu harima asai.dn balanna me para pottu pilen lankawa pura teruna boho aya kalayak tusse wadak karagena deshapalana gamanak hadagena apu unta wada kohenwat idan eka para pathwela pinata pradeshiya sabawata giya un.(godak aranchi walin saha ape patte tatwenam emai)puttalama patte manussayekta 6000k wagelu wiyadama epa mudalata amatarawa mulu chandetama..itn minissu chande use kale awabodekin torawai.eken terumganna puluwan lankawe minussunge manasika kriyakaritwe..J.V.P menna me points walin karunu analyze karagannona..bt un karaida? Waradi mathayak awada manda nawakayanta awastawa yana eka gana mn patu wdiyata dakinawa kya..na na mn eka udaharanayata gatte ape minissunge manasikatwaya gana kyannai.me es panapita game kaurut danna adunana kaget hitawatata epat natiwa (adamai dakket ahuwet type eke) alut ekek dinnama mta terune okai..(chande ganiddi mn etana ape piyala ehema tamai ganina ayata unne) mta kiyagena apu ekat amatakai e para.komahari ara qwat wage denna eka gobilekwat natikamatane j.v.p toragnne api.bt itn bahutarayak raskarganna unta etta kyana de ugura kadagena kagahala wadak na.minissu ikmanta gilaganne boruwa bawata patwechcha samaja kramayaka etta gana katakala kyala unta wadinnaha danena hagena dewal wennatiwa.oyalage yojana tika wage tawa practical dewal walin un diyunu wennatiwa kawadawat balayak gana hitana eka hinayak.
ReplyDeleteMe ahannamai unne, kumbiyo katawa balanawada unnahe?
ඡන්ද පොලේදී මනස වෙනස් වී ජවිපෙට ඡන්දය නොදී සිටිනවා යන්න මා නම් කිසිසේත් විශ්වාස කරන්නේ නැත... ඇත්තම තත්වය කුමක්දැයි තක්සේරු කර දැනගැනීමට ජවිපෙට තවමත් නොහැකි වී තිබීම නම් එම පක්ෂයේ විශාල පරාජයකි... සමීක්ෂණ ක්‍රමවේද මෙතරම් දියුණු කාලෙක එවැනි සමීක්ෂණයක් සිදු කර ඉතා නිරවද්‍ය ලෙස එය සොයා ගත හැකිය/යුතුය.
Deleteමහ මැතිවරණයකින් විශාල ජයග්‍රහණයක් අපේක්ෂා කරන්නට පෙර, පලාත් පාලන මැතිවරණයක් තීරණාත්මක ලෙස ජයග්‍රහණය කිරීම ගැන ඔවුන් පළමුව සිතිය යුතුය. රටක පාලනය බැරෑරුම් නිසා සමහරෙකුට සාධාරණ චකිතයක් තියෙන්නට පුලුවන් ජවිපෙට රට භාර දීමට. රටක් පාලනය කළ හැකි "පොෂ් පොරවල්" කැපී පෙනෙන ලෙස පක්ෂය තුල පෙනෙන්නට නැති නිසා එම ගැටලුව ත්‍රීව්‍ර වේ. එනිසා ප්‍රාදේශීය පාලනය ආදර්ශවත් හා ඵලදායි ලෙස සිදු කර පෙන්වා මිනිසුන් මතින් විශ්වාසය ගොඩ නැංවිය යුතුය. අප බොහෝ දෙනා ජවිපෙට ඡන්දය දීමට ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ පාලන විධික්‍රමවල සාර්ථක අසාර්ථක බව සලකා නොව, තිබෙන තට්ටු මාරු පාලන හා දූෂිත පාලන ක්‍රමයට විරුද්ධත්වය පෑමක් ලෙස නොවේද? එම හැඟීමෙන් ප්‍රබල ජන පදනමක් සාදා ගැනීමට සිතීම ලොලු අගමැති රනිල් පොදු පෙරමුණ දෙකඩ කඩා ඉන් අනියම් වාසියක් ලබා ගැනීමට සිතීමට දෙවැනි නොවේ. ජවිපෙ සමත් විය යුතුයි ඡන්ද දායකයන් සක්‍රිය පාක්ෂිකයන් (එනම් ජවිපෙ බලයට පත් වූ පසු කරන දේ හරිහැටි තේරුම් ගත් පිරිසක්) බවට පත් කර ගන්නට.
ලංකාවේ ප්‍රතිපත්තිමය දේශපාලනයක් පෙනෙන්ටද නැත. කවුරු කළත් කටපුරා හොඳ යැයි කියා ප්‍රසංසා කිරීමට තරම් කොන්දක් මේ එක පක්ෂයකටවත් නැත. රටක් වශයෙන් එම තත්වය ඉතා නරකට බලපා තිබේ මොකද එකිනෙකට වෙනස් පක්ෂ විසින් හැම දෙයක්ම ගැන කරන විවේචනවල ගල් පමණයි තිබෙන්නේ. කොතරම් නරක තත්වයක් තුල වුවද හොඳ දේවල් නැත්තේද නැත. මහින්ද යුද්ධය ඉවර කළ එකට අප ප්‍රසංසා කළ යුතුය. මෑත ඉතිහාසයේ ලංකාවට අත් වූ විශාලතම වටිනාකම/ජයග්‍රහනය එයයි. කොහේවත් යන පොට්ට අම්මන්ඩියෙක් මමයි හතරෙන් තුනක් යුද්දෙ ඉවර කළේ යැයි කියන්නේ නම් එය විහිලුවක් බව කවුරුත් දනී. දැන දැනත් එම බොරුව කියයි.
නැහැ... මං එය නරඹන්නේ නැත...
Mnnam eka qwe yam pamanaka samikshanayakin..ara chanda poledi manasa wenaswima gana..chande dawsta kalin wiwidakara mathimathaantara godanagagena unnu ayat ante puruddata kathire gahapu awasta 20kata wada ahanna labuna.mn hitana inne tech dunnu pahadili kirim tika tawat analyze karala ape patte inna j.v.p kriyakaruwa ekka sakachcha karannai kyalai..manda itn eke pala sahita rahita bawanam.balamuko..
DeleteTech mukutma dramas,films warga narabannatda?
හේතු හොයල ඊට පිලියම් ගැනත් නිර්මාණශීලිව සිතා ඔවුන්ට දන්වන්න...
Deleteටීවී එකේ බලන්න දේවල් තියේද? හාහා... හැම චැනල් එකේම ස්ටාර් වැඩසටහන්... මං හිතන්නේ ඉස්සර තිබ්බ ස්වදේශීය සේවය (රේඩියෝවෙ) වගේ චැනල් අහන්න මිනිසුන් පුරුදු වුණා නම් ගොඩක් හොඳයි... මං නවකතා කෙටි කතා කියවන්න ආස නැහැ... එහෙත් ස්වදේශීය සේවයේ ඉස්සර ගියා විශ්ව සාහිත්‍ය වගේ වැඩසටහන් (dan yanawada danne na)... සයිලස් මානර්, ඩොක්ටර් ශිවාගෝ වගේ ලස්සන රේඩියෝ කතා ගියා... ඒව කියවන්න ආස නැති වුවත් පැත්තකට වෙලා අඳුරේ ඉඳන් ප්ලේන්ටි එකක් බිබී අහන් ඉන්න කොට මාර ගතියක් තිබුණා...
මං ගාව තියෙනවා මං බලන චිත්‍රපට එහෙම... මං සැරින් සැරේට් ඒව බලනවා... mind you language, Tom Hanks' films (forrest gump, saving the private ryan, cast away, captain phillips, etc), lord of the ring, hobbit, police academy, the kingdom in the heaven, god must be crazy, Mr. Bean's films, john q, spirit: the stallion of cimmaron, Les miserables, Aradhana (hindi), 3 idiots, taare zameen par, Merlin, dr. zivago, Anna Karenina,........... ඒ වගේ චිත්‍රපට හා කතා දිග ලිස්ට් එකක් තියෙනවා...
DeletePlain tea parak gahana gaman rest eke inna weleka youtube eke tye koombiyo..episode 1 idan balanna..vinadi 17 wtara kaline..5k wtara balala wadak na wagenam atarala danna.
DeleteIssara giya radio wadasatahan gananam emata dannaha.radio scn eka henama meuwa ekk kyala mn danagattet ara Kurulu hadawata kyala sammana gatta nawakatawakinui..
Mn balannamko katakarala..mtat tyenawa hiniyata adahasak tawa aurudu 5kin chande illanna..hee..ane me mn me ahannamai unne 19 wiyawasta sanshodanaye hatiyata presidentta paralimentu wisarawime ho cabinet eka change kirime tani aitiyak natda pm permission nodi?
f.gump,Saving rhe private ryn,les miserable,hobbit, load of the rings,3 idiots,anna caroline ,john q,stallion of the cimmaron wge godak ewa mat balala tye..komada spirit eke songs ehema.mn itn techta recommend karanna taram parinata naha..but schindlers list ehemat mara film ekk.
Deleteඔව්... රේඩියෝව මරු (දැන් කොහොමද කියල නම් දන්නෙ නැහැ)... මට මතකයි අපේ අමම්ලා මුවන් පැලැස්ස කියල එකක් අහනවා අපි පොඩි කාලේ... අපිත් ඔහේ අහං හිටියා... සිපෙට්කෝ මහත්තය කියලත් වැඩසටහනක් කියා (මං හිතන්නේ වෙළඳ සේවයේ)... මහාචාර්ය චන්දන ජයරත්නගේ විද්‍යා සාකච්ඡා, වෛද්‍ය සාකච්ඡා එහෙම හරි ආසාවෙන් ඇහුවා... සිරසෙ ගියා ෂර්ලොක් හෝම්ස්... කරුණාරත්න අමරසිංහ, කමල් දේශප්‍රිය ආදී හඬනළුවන්ගේ හඬ අදටත් කන් ඇතුලෙ රැව් දෙනවා... පුදුම රසයක් අපි පොඩි කාලේ වින්දා... රෙද්දෙ ටීවී චැනල් තොගයක් ඇවිල්ලා හැන්දෑවේ සිට රෑ වෙනක් ගෙදර තියෙන සාමය සතුට නැති කරල දැම්මා...
Deleteමටත් මතක විදියට සම්මත වෙච්ච පනතේ එහෙම එකක් තිබෙනවා... මං ගාව දැනට තියෙන්නේ මං නීතිය ඉගෙන ගන්න කාලේ මිලට ගත්ත ආණුඩුක්‍රම ව්‍යවස්ථාව නිසා 19 සංශෝධනය ගැන විස්තර කියන්නට බැහැ ඒක බලලා... කෙසේ වෙතත්, ඉස්සර තිබුණු ජනපතිගෙ අභිමතය ඉවත් කරල තියෙනවා. අගමැතිට වුණත් මං හිතන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත නැතිව විසුරුවන්න බැහැ... ජනපතිට බලය ලැබෙනවා වසර හතරයි මාස හයකට පසු... මේකයි ප්‍රශ්නෙ.... මුං ඉදිරිපත් කළ සංශෝධන පනතේ තිබූ බොහෝ හොඳ දේවල් දියාරුකරල හලල තමයි ඕක සම්මත කර ගත්තේ. එනිසා ඔක්කොම ඔලුව ඇතුලෙ පැටලිලා...
bohoma hondai... chande illanna... wenasak athi karanna... :)
ඔව්... නිදහස ගැන අමුතු හැඟීමක් ඇත්තටම ඇති වෙනවා ස්පිරිට් ෆිල්ම් එකෙන්... ඒ සිංදුව නියමයි තමයි... schindlers list මං බලල නැහැ... හොයල බලන්නම් :) අපි කවුරුත් එක් එක් පැතිවලින් දුර්වල අතර තවත් පැතිවලින් ප්‍රබලයි පරිනතයි... ඒ ගැන එච්චර නොහිතන්න... කොළඹ සන්නිය, ඇර සොයිසා කියන පරණ සිංහල චිත්‍රපට දෙක මං කාලයක් තිස්සේ සොයනවා, නමුත් තාම හම්බ වුණේ නැහැ...
DeleteKomahari balanna araka eh..habai hora karanna baha..madin,agin balannat baha..mula sita agata..muwan palasda qwe ara vijeratna warakagoda mahattaya hitapu ekada?mta mataki tkk.
DeleteMa gawat tbuna 18 wenakan gana liyapu potak.mn 2015di interest wela igenaganna gatta potak.19 gana kisima na pahadili chitrayak..techge yojitha sanshodana mta tawama kiyawanna bari unane..
sirase sherlock qwe english ekakda natnam ara ravindra randeniya mahattaya act karapu ekada?
Mn eda ara post ehekadi techgen ahapu prasnekata uttarayak dunnaha tawama 😒
Ah...mmmm mta puluwan wei ekata help ekk denna.mn balannam mge resources use karala e film 2 hoyaganna.godak welawata hakiwei..horen gahana un kipadenek unna..
DeleteMetana itn private scn kyanna bahane.natnm mn katandarema kyanawa mn gana watahimak enna.mn hari kamati mehema sakachcha karanna.eka eka manasika mattam wala aya ekka karana sakachcha walin tamai api muhukura yanne..eyalage danuma aklpa bedagena..antgami wenna hida na..ahmben tech adunagena tamai mn antagamitwayen midenna gatte(e qwe mn ettatama antagami wela idala tyenawane nodanuwatwama kyala danagatte)
19 සංශෝධනය පීඩීඑෆ් ෆෝමැට් එකෙන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මං හිතන්නේ documents.gov.lk එකෙත් තිබෙනවා... ඒකෙ එච්චර දෙයක් නැහැ... 18 අහෝසි කරල තවත් කුඩා සංශෝධන කිහිපයක් ව්‍යවස්ථා කිහිපයක සිදු කර තිබෙනවා. තොරුතුරුවලට අයිතය මූලික අයිතිවාසිකමක් කරල තියෙනවා...
Deleteසිරස රේඩියෝවෙ ගියා සිංහලින් ෂර්ලොක් හෝම්... මොන ප්‍රශ්නයද?
Maths walin kollekwa A/l goda dala denna auruddakin..revision ekk wage karala..
DeleteMm sirasa radio ahalama na.ewa hoyaganna balannaona..asai oma kyaddi ahannat.. spirit matakwela dn hear am I mumunanna aran mat eka dgata.😊..
19 ara qwat wage diyaru karala neda sammata karagatte..mata matakai scn eka.
ආ... ඒ ප්‍රශ්නයද? මට ඒක කරන්න විදියක් නැහැ... :( ඔය වගේ ඉල්ලීම් බොහෝ ඇවිල්ල තිබෙනවා මගේ හිතවතුන්ගෙන් හා නෑයන්ගෙනුත්... දෙන්නෙක් විතර තරහත් වුණා මං බැහැ කිහපු නිසා (කරන්න වෙලාවක් නැහැ)...
Deleteranil kapatiya nisa uwa hira wena namuth rata hondak wena boho dewal eken iwath kalaa...
Dakkane gataluwa ahawarai..ema baha qwa kyala aulak na..possibility eka anuwane api yamak karanawada natda tiranaya karanne.mta uttarayak.ybbe nati handai apahu ahuwe 😊
DeleteAra qwat wage sannadda aragalayak ona mekatanam..mta bitcoins kipayak tbbotnam dark web eke hitman site ehekata gihin deshapalana ihalaputu wala inna kabasina yakshayo kipadenekwa eliminate karala danawa ettamai.
DVD tyenawalu kolamba sanniyenam.habai hena ganan weilu..mn tawa balannam
i appreciate your patience and understanding :)
Deleteහාහා... ඕකුන් නැති කරල දාන එක එතරම් ගේමක් නෙමේ... එහෙම කළත් ලංකාව හැදෙයිද? ඒ දේ කරපු එවුන්ව නිකං අපරාධකාරයකු බවට පත් කරල ඒ වගේ තවත් බල්ලො ටිකක් ඒ පුටුවලට ගෙන්න ගනී... එහෙත් සමූහයක් එකතු වෙලා රට පුරාම විප්ලවීය ස්වරූපයෙන් ඒ දේ කරන විට, ජන මනසට යම් බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා...
එහෙමද? මාත් ආයෙත් හොයල බලන්න ඕන එහෙනම්... :)
Na ehema newe..oya balala tyeda anniyan tamil film eka?ekat onnaha.dn miniha marenawa..uge waradi file ekama publish wenawa..oma 2k,3k wenakota minissu bayawenawa rahasinwat pau karanna.haha..hitman site wala unwa track karanna bahane.ahuwennaha itn.me janatawa parata bahinne oma dekatada?boru dewal walatanam yai..matanam pena mamayaka pennaha janatawata ehema akalpayak hadena kalayaknm..hmm
DeleteTorana videosla gawa tye..750i dvd.. 0777321640ta call karala balanna heta.. dannawane ara film gahala vikunana samagama..Torana video movies.. ara soyzat godak weleta eti..
Ah eka aulak na..dawasak free kalayak ennatai techta.😊
kamal hasange e wage film ekak balala thiyenawa... mathaka na dan... haha... man weda karanne free eke thamai... man weda thogayak daganne natthe e freedom eka nathi wena nisai...
DeleteKomada wede godada?film 2 gattada?tbba neda un gawa?
Deletekamalge newe vikramge..triple action film ekk..kamalge film eka mokakda kyala mn kyannada..ara eyage duwawa gas eka pupurla pichchila marila ekata rajya sewakayan(hospital ,police) nosalakilla hetu una kyala waradi karana ayata daduwam dena ekane.nama mataka na.kamalge puta hatiyatat kamalmai inne.wayasaka character ekkne main..ara egili 2n නිල walata ainne..eka neda?
Free eka natiwena handai wedi wada karanna noyanne kyala terenawoo
thama na (man asalwasi malli kenekta kiwwa genath denna kiyala). :) thanks
Deleteow... kamal hasange e film eka thamai man kiwwe... oya bohoma film balana kenek wage... honda chithrapata balana eka hondai...
haha... apata uganwanawa (apith uganwanawa) ithiri kirima aniwarya viyadamak kara ganna kiyala... mokada boho aya kiyana ekakne kochchara salli labunath satha pahak athe ithiri wenne na kiyala... eka awilla unge adaksakama... e wagema thamai man kaalaya genath hithanne... mage nidahasa man karyabahuwala weemak se salakanawa... ithin man free eke hitiyath man full busy thamai... haha...
මහින්දගේ පිපුනු පොහොට්ටුවල සුවද දසත හමන්නට ගත් පසු මහජනයා නැවතත් තේරුම් ගනීවි තමන් පරාද බව
ReplyDeleteබලාන ගියාම මිත්‍රයා ලංකාවේ දේශපාලනය මඩගොහුරක් කරගෙන තියෙන්නේ ජනතාවම තමයි.පරමාධිපත්‍යය වඳුරට දැලි පිහිය හම්බුනා වගේ ඔහේ වනන්න ගිහින් තමන්වම කපාකොටාගන්නවා දන්නෙම නැතිව..දැලි පිහියට කැපුනම ගානකුත් නෑනේ එච්චරම කොච්චර තුවාලේ ගැඹුරු උනත්..කතිරය ගහලා අන්තිමේ තමන්ටම කෙලවගන්නවා.ඇතුලාන්තය විශ්ලේෂණය කරනවට වඩා බාහිර පොත්තේ රතට,සුවඳටනේ බහුතර ඇල්ම..(මේ ටික ලියාගත්තෙත් වෙන app එහෙකට දාලා.අකුරු පොලාපයිනව)
Deleteහාහා... ගංජ පෝට්ටුව පිපිලා ගංජ දුමෙන් රටම මත් වෙයිද දන්නෙ නැහැ... බලාගෙන පුප්පන්න..
DeleteAi appa ekata ganja pottuwa kiyanne 😂😂😂?ettatama ganja mala pottuwak wageda e symbol eka 😒?mn dakala na habahin.
Deleteමම බුද්ධාගමේනෙ,
ReplyDeleteඒ නිසා පොහොට්ටුවට කතිරේ ගැහුවා
සන්තෝෂයි... ජාතිය, ආගම, පවුල් ලැදියාව වැනි කරුණු නිසා සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් ගැනීමට තිබෙන හැකියාව මොට වෙනවනෙ... හතරවරං ගාපු දූෂිතයා භීෂකයා යලි රජ වෙන කොට හතරවරං දෙයියන් ඇවිල්ලා ලංකාව බේර ගනියිනෙ... එතකොට කාටද ආඩම්බර...
Deleteමේක ආයෙත් දැක්කහම ගාථාවක් ලියන්න මතක් වුණා ඔයගොල්ලන්ට උදේ හවා කිව හැකි...
Deleteශ්‍රීනේක විරාජමාන ජනනන්දන සමන්තභද්‍ර ජාතිරංගමානික්‍ය ස්‍යෙය පර්සි මහේන්ද්‍ර රාජපක්ක අභිනන්දනය
පර්සි මහින්ද රාජපක්කං සරණං ගච්චාමි
දුතියම්පි මහින්ද රාජපක්කං සරණං ගච්ඡාමි
තතියම්පි මහින්ද රාජපක්කං සරණං ගච්ඡාමි
නමෝතස්ස ලෝකෝත්තරෝ රාජපක්කෝ