ඩයෝඩ් ක්ලෑම්පිං පරිපථ (Clamping) මෙම පරිපථයෙන් කරන්නේ යම් ඒසී සංඥාවකට ඩීසී විදුලියක් එකතු කිරීමයි . එම එකතු කරන ඩීසී විදුලිය ධන හෝ ඍණ විය හැකියි . මෙම ඩීසී විදුලිය clamp voltage ලෙස හඳුන්වමු . එය ධන නම් , ඒසී සංඥාව x අක්ෂයෙන් ඉහලට එසවේ . එසේ එසවෙන ප්‍රමාණය තීරණය වන්නේ ක්ලෑම්ප් කරන ( එකතු කරන ) ඩීසී වෝල්ටියතාවේ අගය මතයි . මෙම පරිපථය එනිසා positive clamper ලෙස හැඳින්වේ . එසේම , ක්ලෑම්ප් කරන ඩීසී වෝල්ටියතාව ඍණ නම් , ඒසී සංඥාව x අක්ෂයෙන් යටට යයි . මෙය negative clamper වේ . මෙලෙස සංඥාව උඩට හෝ පහලට ( එනම් මට්ටම ) වෙනස් කරන නිසාම , මෙම පරිපථ level shifting circuit (level shifter) ලෙසද හැඳින්වේ . සංඥාවේ මට්ටම ඉහල පහල ගියත් , සංඥාවේ හැඩය වෙනස් නොවේ ( ක්ලිපර්වල නම් සංඥාවේ හැඩයයි වෙනස් වූයේ ). ඉහත රූපයේ (a) බලන්න . එය පොසිටිව් ක්ලෑම්පිං අවස්ථාවක් පෙන්නුම් කරයි . මෙහිදී ඉන්පුට් සංඥාවේ විස්තාරය V වේ . එම ඒසී සංඥාවේ විස්තාරය ධන පැත්තෙන් V දක්වාද ඍණ පැත්තෙන් -V දක්වාද පවතිනවා . දැන් මෙම සංඥාව V වෝල්ටියතාවක් සහිත ඩීසී විදුලියකින් ක්ලෑම් කළ පසු ලැබෙන සංඥාව එහි දකුණු පැත්තේ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025