අද ජවිපෙ නායක අනුර කුමාරගේ (පැරනි හෝ අලුත්) සම්මුඛ සාකාච්ඡාවක කොටසක් දුටුවා. එහිදී ඔහු හිඟි කරන්නේ ලංකාවට වැඩි වැඩියෙන් ඩොලර් රැගෙන ආ යුතු බවයි. දකුනු කොරියාව සැම්සුන් හරහා එය කරපු විදියත් ඔහු පවසනවා. අප්‍රිකානු රටවල් සමග නව තානාපති සබඳතා ඇති කර ගත යුතු බවට යෝජනාද ඔහු කරනවා මොකද එම රටවල්ද ආර්ථික වශයෙන් ඉදිරියට එමින් සිටින නිසා. ඉන්පසු (එකවරම), වැඩසටහන මෙහෙයවන පුද්ගලයාගේ එක් පැනයකින්/හිඟියකින් ගෝලීය ආර්ථික නව ප්‍රවනතාව වන එක් භාන්ඩයක් නිපදවීම රවටල්/ඒකක ගනනාවක දාමයකින් සිදු කරන වැඩපිලිවෙලෙහි වැදගත් පුරුකක් වීමේ අවශ්‍යතාවද ඕනෑකමින් පෙන්වා දුන්නා. මේ ජවිපෙ මතයදැයි එකවර පුදුමයට පත් වුවත්, හනමිටි පැරනි පුද්ගල මතවාද (මාක්ස් ආදීන්ගේ) අත්හැර අඩුම ගානේ මේ විදියට හෝ ආර්ථික මතමාද වෙනස් කර ගැනීම තරමක සතුටට කරුනක් ලෙස සැලකිය හැකියි. ලංකාව ගත හොත්, එය විශාල මානව සම්පතක් තිබෙන රටකි. රට තුල වගා කල හැකි බිමද, ජලයද, තවත් සම්පත් බොහොමයක්ද තිබේ. එහෙත් හැමෝම කතා කරන්නේ රට තුලට ඩොලර් තොග පිටින් ගෙන ඒමට වැඩපිලිවෙල්ය. එවිට රටේ ආර්ථිකය සුඛිත මුදිත වේද? එය තඩිම තඩි (ඊනියා සාර්ව ආර්ථික) මුලාවකි. එම ඩොලර්වලින...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2025