Sourcing හා Sinking යම් උපාංගයක ඇති අග්‍රයක් තුලින් විදුලි සංඥා / ධාරා ගමන් කිරීම ගැන සිතන විට , එය ආකාර 2 කින් පවතින බව පෙනේ . එකක් නම් , අග්‍රය තුලින් පිටත සිට එම උපාංගය තුලට ධාරාව ගමන් කිරීමයි . මෙය තමයි sinking ( එහි තේරුම “කිඳා බහිනවා” යන්නයි ) කියන්නේ . අනෙක් ආකාරය නම් , අග්‍රය තුලින් එම උපංගයේ සිට පිටතට ධාරාව ගමන් කිරීමයි . මෙය sourcing ( එහි තේරුම “සපයනවා” යන්නයි ) ලෙස හැඳින්වේ . ඉතිං ට්‍රාන්සිස්ටරයක අවුට්පුට් අග්‍රය මේ ආකාර දෙකෙන් එක් ආකාරයක් ගත යුතුයි . සින්කිං සිදු වන්නේ ට්‍රාන්සිස්ටර් අග්‍රය මත පවතින වෝල්ටියතාව එම අග්‍රය සම්බන්දව පවතින අනෙක් කොටසට වඩා වැඩි වන විටයි ; එවිටනෙ වැඩි වෝල්ටියතාවේ සිට අඩු වෝල්ටියතාව පවතින තැන දක්වා ධාරාව ගලන්නේ (“ ධාරාව සින්ක් වේ” ). එලෙසම , ට්‍රාන්සිස්ටර් අග්‍රය මත පවතින වෝල්ටියතාව එය සම්බන්ධිත අනෙක් තැනට වඩා වැඩි වන විට ට්‍රාන්සිස්ටරයේ සිට අනෙක් ස්ථානයට ධාරාව ගලයි (“ ධාරාව සෝස් වේ” ). උදාහරණයක් ලෙස , කොමන් එමිටර් වින්‍යාසය එන්පීඑන් ට්‍රාන්සිස්ටරයක් යොදා ගෙන භාවිතා කරන විට , ඉහත රූපයේ ( අ ) හි දැක්වෙන පරිදි ඉන්පුට් කරන සංඥා ධාරාවට...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026