අයිගන්දෛශික විද්‍යාව හා තාක්ෂණයේදී බහුලවම භාවිතා කෙරෙන ගණිත සංකල්පයකි අයිගන්දෛශික ( Eigenvector හෙවත් characteristic vector හෙවත් latent vector ) කියන්නේ . ඉතාම කෙටියෙන් අයිගන්දෛශිකයක් යනු දැනට පවතින යම් දෛශිකයක අගය පමණක් වෙනස් කර දිශාව වෙනස් නොකර සාදා ගන්නා දෛශිකවලට කියන නමකි . ඔබ දන්නවා යම් දෛශිකයක් ගත් විට ඊට විශාලත්වයක් හා දිශාවක් පවතිනවා . එනිසාම එය යම් ඛණ්ඩාංක පද්ධතියක් ඇසුරින් පිහිටුම් දෛශිකයක් ආකාරයට නිරූපණය කළ හැකියි ; ඊතලයේ දිගෙන් දෛශික විශාලත්වයත් එහි දිශාවෙන් දෛශික දිශාවත් නිරූපණය වේ . දැන් , එම පිහිටුම් දෛශිකය පෙන්වන ඊතලයේ දිග කොට හෝ දික් කළ විට ( එවිට දිශාව වෙනස් වන්නේ නැහැනෙ ) ලැබෙන්නේ අයිගන්දෛශිකයකි . ඉහත විස්තරය අනුව අයිගන්දෛශික යනු ඉතා සරල සංකල්පයක්නෙ . එම සංකල්පය අපට න්‍යාස සමඟ බද්ධ කළ හැකිය ( ඇත්තටම ගණනය කිරීම්වලදී න්‍යාස හා නිශ්චායක තමයි යොදා ගන්නේ ). මීට හේතුව සරලය . යම් දෛශිකයක් අප නිතරම න්‍යාස මඟින් නිරූපණය කරනවා . එය කරන හැටි බලමු . පලමුවෙන්ම , යම් දෛශිකයක් යම් ඛණ්ඩාංක පද්ධතියක ඒකක දෛශික ඇසුරින් දක්වනවා v = a 1 e 1 + a 2 e 2 + a 3 e 3 + ... +...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026