Skip to main content

Posts

c හා c++ ප්‍රෝග්‍රැමිං - 8

ප්‍රෝග්‍රෑම් එකක් යනු දත්ත මත යම් යම් කර්මයන් සිදු කිරීම බව ඔබ දැන් දන්නවා . බහුලවම භාවිතා වන කර්මයන් තමයි එකතු කිරීම , බෙදීම ආදී ගණිත කර්මයන් . දැන් අපි බලමු කොහොමද ඒවා සිදු කරන්නේ කියා . ඔබ සාමාන්‍යයෙන් " එකතු කිරීම " නම් ගණිත කර්මය සිදු කරන්නේ දත්තයන් දෙකක් සමගයි . එය "x + y” වැනි ක්‍රමයකට නේද සංඛේතාත්මකවත් කෙටියෙනුත් නිවැරදිවත් ලියන්නේ ? “ අඩු කිරීම " නම් කර්මය "a – b” ආකාරයටනෙ ලියන්නේ . ඇත්තටම සී හිදිත් අප දත්තයන් සමග ගණිත කර්මයන් සිදු කරන විට , එවැනිම +, - වැනි සංඛේතමයි භාවිතා කරන්නේ . මෙවැනි +, / වැනි ගණිත කර්ම සඳහා යොදන සංඛේත ගණිත කාරක (mathematical operators) ලෙස හැඳින්වෙනවා . පහත දැක්වෙන්නේ සී හිදී යොදා ගන්නා ගණිත කර්මයි . කාරකය තේරුම / කර්මය උදාහරණය + එකතු කිරීම intVar1 + intVar2 - අඩු කිරීම intVar3 – intVar4 * ගුණ කිරීම intVar5 * intVar6 / බෙදීම ...

The Greatest The Mohammed Ali

No doubt you were the Greatest in the boxing ring. And no doubt you are one of the greatest humans in the entire human race too. No matter how many games and medals you won; no matter how fast and how strong you were, but it does matter (to me) how you stood firm against racism, colorism, and inhumanity.   In a pimpish society where one would do any mean thing to retain one's position and benefit oneself, departure from life of rare Humans like Ali is an irreplaceable loss. It's really sad why the education systems and mass media wouldn't talk about and let the newer generations learn about great personalities like Ali. May you rest in peace!

c හා c++ ප්‍රෝග්‍රැමිං - 7

ඉහත සාකච්ඡා කළ කරුණු ඉදිරියේදී උදාහරණවලදී ප්‍රායෝගිකවම ඔබට සිදුකර බලාගත හැකියි . දැන් අප සලකා බලමු උදාහරණවල නිතරම දක්නට ලැබෙන printf() හා scanf() යන කමාන්ඩ් දෙක ගැන කෙටියෙන් . ඇත්තටම මෙම කමාන්ඩ් දෙක ප්‍රායෝගික " සත්‍ය " GUI ප්‍රෝග්‍රෑම්වලදී එතරම්ම වැදගත් නොවුණත් , කොන්සෝල් ප්‍රෝග්‍රෑම්වලදී නැතිවම බැරිය . මෙම කමාන්ඩ් දෙක ෆන්ක්ෂන් (function) ලෙසයි හැඳින්විය යුත්තේ ( තව මොහොතකින් ෆන්ක්ෂන් ගැන කතා සාකච්ඡා කෙරේ ). printf() යන ෆන්ක්ෂන් එකෙන් කරන්නේ එහි වරහන තුළ ලියා ඇති යමක් තිරයේ දිස් කිරීම බව ඔබට දැනටමත් අවබෝධවී ඇති . එහි සරලතම ආකාරය නම් , ඔබ යම් ප්‍රකාශනයක් වරහන තුළ උදෘත ඇතුලේ ලිවීමයි ( පහත ස්ටේට්මන්ට් එක බලන්න ). printf(“This is just a sample text.”); නිකංම ප්‍රකාශයක් සමග එස්කේප් කෝඩ් / සීක්වන්ස් අවශ්‍ය නම් ලිවිය හැකියි . ඔබ මීට පෙර දැක්කා \n යන එස්කේප් කෝඩ් එක . ඊට අමතරව තවත් එස්කේප් කෝඩ් කිහිපයක් ඇති අතර ඒවා පහත දැක්වේ . එස්කේප් කෝඩ් එක එහි තේරුම \f Form feed - ඊළඟ පිටුවට යෑම ...

බ්ලොගර් කෙනෙකුගේ දොලදුක (හෝ විලාපය) ...

මා මෙම බ්ලොග් එක පටන් ගෙන දැනට වසර ගණනාවක් වුවත්, එහි නිතිපතා බ්ලොග් පෝස්ට් පළ කරමින් සක්‍රිය වන්නට පටන් ගත්තේ ගිය අවුරුද්දේ සිටයි. මේ වෙන විට ඉතා දිගු ලිපි 200කට අධික ප්‍රමාණයක් මා මෙහි පළ කර ඇත. ඒ අතරින් සාතිශය බහුතරය මාගේ පොත්වල අන්තර්ගතයන්මයි. තවද, ඒ සියලු ලිපි මා pdf ෆෝමැට් එකෙන්ද ඊ-බුක් වශයෙන් ඉදිරිපත් කර ඇත. මේ සියලු වැඩකටයුතුවලට මා විශාල වෙහෙසක් මෙන්ම කාලයක්ද වැය කර ඇත. කොතරම් අපහසුතා ආවද ඉදිරියටද මා සිතාගෙන සිටින සියල්ලම නිමවෙන තෙක් මෙම බ්ලොග් එක දිගටම කරගෙන යනවා. එහෙත් මා පසුගිය දවස්වල මාගේ බ්ලොග් එකේ හැසිරීම ගැන විශ්ලේෂණයක් සිදු කළා (ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් හා ගූගල් ඇනලිටික්ස් සහයෙන්). එහිදී මට දකින්නට ලැබුණේ සාමාන්‍යයෙන් බ්ලොගර් කෙනෙකු විසින් නොකළ යුතු දේවල් මා කර ඇති බවයි. ඉන් එකක් නම් බ්ලොග් පෝස්ට් ගණනාවකට පසු එය ඊපොතක් වශයෙන් pdf ෆයිල් එකක් සාදා ඩවුන්ලෝඩ් කර ගැනීමට සැලැස්සීම නිසා විසිටර් කෙනෙකු විසින් බ්ලොග් පිටුවල රැඳී සිටින කාලය ඉතා අඩුය (මොකද අවසාන pdf ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්නට සිටින නිසා). එනිසාම, ලිපිවල අන්තර්ගතය පිළිබඳ වැඩිපුර සාකච්ඡාවක් (කමෙන්ට් කිරීම්) පවා ...

c හා c++ ප්‍රෝග්‍රැමිං - 6

වේරියබල් නේම් ( හා වෙනත් ඕනෑම අයිඩෙන්ටිෆයර් ) එකක් සඳහා නමක් ලිවීමේදී ඉහත රීති අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු අතර , ඊට අමතරව අනිවාර්ය නොවූවත් පිළිපැදීමට සුදුසු හොඳ පුරුදුද ඇත . නමක් දීමේදී අර්ථවත් නමක් ලබා දෙන්නට උත්සහ කරන්න . උදාහරණයක් ලෙස , වයස , උස , බර යන දත්තයන් සඳහා වේරියබල් 3 ක් ඩික්ලෙයාර් කිරීමට අවශ්‍ය යැයි සිතමු . එය පහත ආකාරයට කළ හැකියි . int var1, var2, var3; ඉහත ඩික්ලරේෂන් ස්ටේට්මන්ට් එක නිවැරදියි මොකද ඉහත කොන්දේසි සියල්ල සපුරා ඇත . එහෙත් , එම වේරියබල්වලට දී තිබෙන්නේ පොදු නම් 3 කි . කුමන වේරියබල් එකෙන් කුමන දත්තය ගබඩා කරන්නේද යන්න ඉන් දිස් වන්නේ නැත . ප්‍රායෝගිකව මෙවැනි වේරියබල් නේම් සමග වැඩ කරන විට , පැටලීම් හා අවුල් වියවුල් ඇතිවීම නිතර සිදු වේවි . එහෙත් ඉහත නම් වෙනුවට අර්ථවත් ලේබල් / නාමයන් යෙදිය හැකි නම් සියල්ල එකවරම පැහැදිලි වේ . int age, weight, height; සමහරවිට ඔබට සිතේවි වඩා අර්ථාන්විත වීම සඳහා තනි වචනයක් සහිත නමක් වෙනුවට වචන කිහිපයකින් යුතු නමක් ලියන්නට . එවැනි නමක් ලියන විට , මූලික ක්‍රම දෙකක් ඇත . එකක් නම් , එක් එක් වචනය අන්ඩර්ස්...