ප්‍රෝග්‍රෑම් එකක් යනු දත්ත මත යම් යම් කර්මයන් සිදු කිරීම බව ඔබ දැන් දන්නවා . බහුලවම භාවිතා වන කර්මයන් තමයි එකතු කිරීම , බෙදීම ආදී ගණිත කර්මයන් . දැන් අපි බලමු කොහොමද ඒවා සිදු කරන්නේ කියා . ඔබ සාමාන්‍යයෙන් " එකතු කිරීම " නම් ගණිත කර්මය සිදු කරන්නේ දත්තයන් දෙකක් සමගයි . එය "x + y” වැනි ක්‍රමයකට නේද සංඛේතාත්මකවත් කෙටියෙනුත් නිවැරදිවත් ලියන්නේ ? “ අඩු කිරීම " නම් කර්මය "a – b” ආකාරයටනෙ ලියන්නේ . ඇත්තටම සී හිදිත් අප දත්තයන් සමග ගණිත කර්මයන් සිදු කරන විට , එවැනිම +, - වැනි සංඛේතමයි භාවිතා කරන්නේ . මෙවැනි +, / වැනි ගණිත කර්ම සඳහා යොදන සංඛේත ගණිත කාරක (mathematical operators) ලෙස හැඳින්වෙනවා . පහත දැක්වෙන්නේ සී හිදී යොදා ගන්නා ගණිත කර්මයි . කාරකය තේරුම / කර්මය උදාහරණය + එකතු කිරීම intVar1 + intVar2 - අඩු කිරීම intVar3 – intVar4 * ගුණ කිරීම intVar5 * intVar6 / බෙදීම ...
සිංහල භාෂාවෙන් අධ්‍යාපනික කරුණු ලබා දීම ප්රමුඛ අරමුණ වේ. This blog is dedicated for my personal views on politics, science, and educational stuff. ©Copyrighted 2026